මෙන්න අකුරු හා සංකේත වලින් සැදුනු ඔබේ පරිගණකයේ සැගවී තිබෙන Film එකක්


ඔන්න යාලුවනේ අදත් අරන් ආවා පොඩි වැඩ කෑල්ලක්, පොඩියි කිව්වට මේක film එකක්, පහල පියවර අනුගමනය කරලා ඔබේ පරිගණකයේ සැගවී තිබෙන මෙම film එක බලන්නකො.

මුලින්ම Control Panel\Programs යන්නකෝ,
ඒකෙ Turn Windows Feature On or Off window එක ගන්න,

 telnet check boxes 2 select කරලා ok කරන්න.


දැන් Start වල telnet කියලා search කරන්න, එතනින් කියන එක කරන්න.

දැන් එන window එකේ o කියලා කරලා enter කරලා 

  towel.blinkenlights.nl කියලත් කරලා enter කරන්න


ඔන්න film එක පටන් ගත්තා දැන් ඉතින් බලන්නයි තියෙන්නේ.

 මතක ඇතුව comment එකකුත් දාලම යන්න


11:14 PM by Unknown · 0

ඔයයි එයයි ගැලපෙනවද බලන්න මෙන්න මගෙන් Love Meter එකක්


ඔන්න යාලුවන්ට මම හදපු තවත් software එකක් ගෙනාවා.
මේක Love meter එකක්.
ඔබේ ආදරවන්තයගේ හෝ ආදරවන්තියගේ අදරය කෙතරම්දැයි මැනගන්න සුපිරි tool එකක් තමා මේ.
ඉතින් අරන්ම බලන්නකෝ
Download (365KB) - http://www6.zippyshare.com/v/64468237/file.html

(මෙය හුදෙක් විනෝදවීමට පමණක් සැකසූවකි,මෙතනදි එන්නෙ සරල Algorithm එකකින් එන ප්‍රතිඵලයකි)

10:52 AM by Unknown · 0

පේලි දෙකෙන් භයානක Hacker කෙනෙක් වෙන්න කෑමතිද?


මේක ඇත්තෙන්ම කියනවානම් DOS Commands වලින් දෙන ගේමක්,
වැඩි දෙයක් නෑ 
Start > All programs > Accessories > Command Prompt 
 එක open කරලා..

මුලින් COLOR 2 ලෙස type කර Enter ඔබන්න.
පසුව එලෙසම tree ලෙස type කර Enter ඔබන්න.

 කස්ටියව බය කරන්න කෑමති අය Command Prompt කිහිපයක්ම open කරන් තමන්ගේ හෑකින් කර පෙන්වන්න.

2:06 AM by Unknown · 7

කාලය හරහා ගමන් කරමුද?


ඉඳලා හිටලා මේ වගේ දේවලුත් බ්ලොග් එකේ ලියනවනෙ මං.ඇත්තෙන්ම මං අද කියන්න යන්නෙ කාලය හරහා ගමන් කරන හැටි නොවුනත් මේක කියෙව්වාම තේරෙයි අයින්ස්ටයින් මහතා විසින් පැවසූ ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිනම් කෙසේද මෙය කළ හැකි වන්නෙ කියලා.

Sir Albert Einstein

 බයත් හිතෙනවා නේද දැක්කම...
ඔව් ඔය තියෙන්නෙ පෘථිවියේ ඦායාරූපයක් වුනත් ගොඩ දෙනක් දන්නැතිව ඇති ඒක අරන් තියෙන හැටි,ඒ ගැන පසුව කියන්නම්කෝ,මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ අපි දකින දේ ඇත්තක්ද කියලා..
කොහොමද ඉතින් ආලෝකයට වඩා වේගෙන් ගියොත් කාලය හරහා යන්නෙ??
මේකනෙ සීන් එක, ශබ්දය වුවත් ගමන් කරන වේගයක් තියෙනවා..
තත්පරයකට මීටර් 332ක්(332ms-1)
ඉතින් ඔය වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට තරම් තාක්ෂනයක්නම් දැනට තියෙනවා...
 ඒත් අර කීව ආලෝකයට වඩා වේගයෙන් නම් මේවාට යන්න හැකියාවක් නෑ..
මොකද...තත්පරයක් ඇතුලත..
299 792 458 m ක් 
ගමන් කිරීම දැනට ඇති තාක්ශණය අනුව අපහසු දෙයක් බව ඔබටද වැටහෙන්ය් ඇත.
ඉතින් කොහොමද ඔය වේගෙන් ගියොත් කාලය හරහා යන්න පුලුවන්??
ඉතින් අපි කියමුකො ගහකින් ගෙඩියක් වැටෙන හැටි අපි දකිනවා කියලා,නමුත් එය අපේ ඇසට ලඟාවීමට යම් කාලයක් ගත වෙනවා,මොකද ආලෝකයටත් වේගයක් තිබෙන නිසා,
   ඒ නිසානෙ හිරුගෙන් ලැබෙන ආලෝකය පෘතිවියට වැටීමටත් යම් කාලයක් ගත වෙන්නෙ,
මේ ගැන කියද්දි තමයි ආලෝක වර්ෂ ගැන කියවෙන්නෙ, ආලෝක වර්ශයක් කියන්නෙ දුරකකේ කියන්නෙ ආලෝකයේ වේගයෙන් වසරක් තුලදි ගමන් කළ හැකි දුර..

එහෙනම් අපි කියමුකො ආලෝක වර්ශ 10ක් ඈතින් තියෙන තාරකාවක් විනාෂ වෙනවා කියලා මේ අවස්ථාවේදී..

අපිට ඒදෙස බැලුවොත් (දුරේක්ශයක් හෝ ආධාරයෙන්) එය දැක ගැනීමටද හැක.

ඒත්....

ඇත්තටම ඕක විනාශ වෙන්න අපි බලන් ඉන්න වෙලාවෙදිද??

අපෝ නෑ...

ඇත්තම කීවොත් වසර 10කට කලින් සිදු වූ දෙක තමා මේ අවස්ථාවේදී අපි දකින්නෙ..

මොකද ඒක තියෙන්නෙ ආලෝක වර්ශ 10ක් ඈතින්නෙ..

ඉතින් ඕක විනාශ වෙන හැටි අපි දකින්නෙත් වර්ශ 10කට පසුවයි..

හරි තව උදාහරණයක්..

පෘතිවියට ආලෝක වර්ශ 2600ක් ඈතින් තිබෙන ග්‍රහලොවක ජීවියෙක් (පිටසක්වල ජීවියෙක් ;) දුරේක්ශයක් අරන් පෲතිවිය දෙස බැලුවොත් ඔහුට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දැක ගැනීමටද හැකිවනු ඇත..

ඒ විතරද අපට වඩා ආලෝක වර්ශ ගණනාවක් ඈතින් ඇති තාරකාවන් රාතී අහසේ දැක ගැනීමට හැකිවුවත්...

කවුද දන්නෙ ඕවා මේ වෙනකොට විනාශ වෙලා තියෙන ඒවාද කියල..

ආ අර උඩ පින්තූරෙ තියෙන්නෙ පෘථිවියෙ ඡායාරූපයක් නෙවේ..

Nonstick pan එකක්...

ඉතින් ඒක දකින් බොහෝ දෙනෙක් සිතන්නෙ නෑ සැබැවින්ම ඒ කුමක්ද කියලා..

ඉතින් අපිටත් පුලුවන්නම් ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්න...

වෙන ග්‍රහලොවකට ගිහින් හරි අතීතයට යන්න බැරියැ..

අවසානයෙන් කියන්න කැමතියි තමන් දකින දෙය සැබෑවක්ද කියලා තමාම සිතා බලන්න කියලා..

යතාර්ථය තේරුම්ගන්න..

තේරුමක් නැති ලිපියක් වුනත් කියෙවාට ස්තූතියි.

3:53 AM by Unknown · 17

Garfield කෘතිම බුද්ධිය



 ඔන්න යාලුවනේ මං හදපු පොඩි Software එකක් ගෙනාවා..කස්ටිය කැමති ඇතිනෙ කෘතිම බුද්ධියක් එහෙමත් නැත්නම් Artificial Intelligence එකක් එක්ක වැඩ කරන්න...
Downlaod  : - https://drive.google.com/file/d/0B2m6VEFcOQ34NnZrU3MwaE9tODA/view?usp=sharing

මෙහි අලුතෙන් එක් වුණ විශේශාංගය නම්, Garfield දන්නෙ නැති දේවල් එයාට කියලා දෙන්න පුලුවන් වීමයි...ඉතින් යාලුවනේ අරන් බලලා යුතුකමක් විදියට Comment එකකුත් දාලම යන්න..

11:23 AM by Unknown · 5

ලොව ඈති විශාලම කුහර (ඡායාරූප සමග)


This summary is not available. Please click here to view the post.

2:05 AM by Unknown · 1

ගෙවූ වසර 100 තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ වෙනස්කම් බලාගන්න...(Transformation of last 100 years in sri lanka)


මෙහි ඇති ඦායාරූප මාගේ නොවන අතර Jayanath Athukorala හට එම අයිතිය හිමි වේ...
හැමදාම එක එක වැඩ කෑලි ගේන එකේ මට ලැබුනූ මෙම වටිනා ඦායාරූප ඔයාලටත් බලන්න පුලුවන්..
1800.....බර ගනන් වල සිට අද වන තුරු ලංකාව කෙතරම් වෙනස් වූවාද කියලා බලන්නකෝ.......
 Sinhalese women - 1890
 Sinhalese women - 2010
 Polonnaruwa Lankatilaka temple - 1890
 Polonnaruwa Lankatilaka temple - 2010
aukana Buddha Anuradhapura - 1910
Aukana Buddha Anuradhapura - 2000
bike advertisement - 1935
bike advertisement - 2011
Colombo harbor - 1900
Colombo harbor - 2011
 Gal Wihara, Pollonnaruwa 1890
Gal Wihara, Pollonnaruwa 2001
 Galle Road Near Colombo-Sri Lanka 1870
 Galle Road Near Colombo-Sri Lanka 2010
 Galle-Face - 1910
Galle-Face - 2010
Galle-Face hotel - 1890
 Galle-Face hotel - 1998
General Post Office, Colombo 1885
New General Post Office, Colombo 2010
 lighthouse clock tower Colombo-1910s
 lighthouse clock tower Colombo-2010s
 Main Street, Pettah - 1890
Main Street, Pettah - 2007
 bathing beach mount lavinia hotel 1910
 Mount Lavinia Hotel pool - 2011
 mount-lavinia beach (1900)
 mount-lavinia beach (2000)
Negombo Dutch Canal 1900
Negombo Dutch Canal 2000
Peradeniya Garden Entrance (1880)
 Peradeniya Garden Entrance (2010)
Polonnaruwa watadageya (1880)
Polonnaruwa watadageya (2009)
Taxi service in Colombo - 1890
Taxi service in Colombo - 2010
 Tea transporting in 1890
Tea transporting in 2010
 The National Museum in Colombo-Sri-Lanka - 1900
The National Museum in Colombo-Sri-Lanka - 2010

ඉතින් Comment එකක් දාලා යාලුවන්ටත් කියන්න මේ ගැන..

7:38 PM by Unknown · 3

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.