ලැබුවා වූ නව වසර ලොකයේ විවිධ රටවල් සැමරූ ආකාරය බලමු



එහෙනම් යාලුවනේ අලුත් අවුරුද්දෙ පලවෙනි Post එක පටන් ගනිමින් ඔයාලට ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! . එහෙනම් වැඩි කතා මොකද මෙන්න බලන්න.
Video එක වගේම මෙන්න පින්තුර ගොන්නකුත් බලන්නකෝ http://www.buzzfeed.com/franciswhittaker/the-world-begins-to-welcome-2015#.fdnZ318BmQ

11:17 PM by Unknown · 4

රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන ස්ව්‍යංක්‍රීය විදුලි බල්බයක් හදමු


මේ සරළ පරිපථය හදාගත්තොත් රෑ වෙද්දි Auto දැල්වෙන Light එක උදේට Auto නිවෙනවා. අඩු මුදලකින් ලොකු දෙයක් කරගන්න පුලුවන්නම් වටිනාකමක් තියෙනවානෙ.ඉතින් මේකත් ඒ වගේ වටිනා දෙයක්, ගොඩක්ම කම්මැලි අයට. අනික Light එක off කරන්න අමතක වෙන එකෙන් නාස්ති වෙන විදුලියත් ඉතුරුයි, ගමනක් ගියත් රෑට light වැඩ කරන නිසා සතුරු උවදුරු වලිනුත් බේරෙන්න ගොඩක් හොඳයි.
අපි සරළ පරිපථයේ සිට පටන් ගමු.
ඉහත පරිපථයේ ඇති LED බල්බය ක්‍රියාත්මක වෙන්නෙ රාත්‍රී වූ විට පමණයි, ඒ කියන්නෙ මේ LDR සංවේදකයට ලැබෙන ආලෝකය අඩු වූ විට පරිපථය ක්‍රියාත්මක වෙනවා. අපිට ගෙදර විදුලි පහණක් ක්‍රියාත්මක කරවන්න ඕනෙ නම්, ඔය 330ohm resistor එකයි LED එකයි ඉවත් කරලා ඒ වෙනුවට Relay එකක් සම්බන්ද කරගන්න.
පහත තියෙන්නෙ ඒ විදියට හදපු පරිපථයක්, මේකෙ සංවේදීතාව වැඩි කරන්න අමතර Transistor එකකුත් භාවිතා වෙලා තියෙනවා.
Photo-resistor කියන්නෙත් LDR එකටමයි.
ඔය Realy, power pack එහෙම දාන එක කරදරයි නේද? එහෙනම් ප්‍රධාන විදුලි මර්ගය හරහා වැඩ කරන පරිපථයක් හදමු.
හැබැයි මේකට විදුලිය සම්බන්ධ කරලා තියෙද්දි පරිපථයෙ කිසිම උපාංගයක් අල්ලන්න එපා, විදුලි සැර වදින්න ඉඩ තිබෙනවා.

ඇයි රෑට විතරද, දවල්ට විතරක් වැඩ කරන්නත් මේක හදන්න පුලුවන්. බලන්න පහත පරිපථය.
LDR ඔයිට වඩා වැඩ දාන්න පුලුවන් Arduino එකත් එක්ක, ඒ ගැන දැනගන්න මෙතනින් arduinotutes.blogspot.com

9:09 PM by Unknown · 13

Sub එකේ Setup එකේ Beat එකට නටන LED හදමු


මෙන්න යාලුවනේ ඔයාලට අත්හදා බලන්න සුපිරි නිර්මාණයක්.හරිම ලේසියි. මේ වැඩේට ඕනෙ කරන්නෙ Amp එකක් එක්ක තියෙන Speaker System එකක්. Computer එකට එන Speakers වගේ.නැත්නම් Sub-woofer හෝ Setup එකක්. තව LED කිහිපයක්.
දැන් මොකද කරන්නෙ? ඔය Sound system එකේ එක් එක් Speaker එකට යන වයර් දෙකක් තියෙනවා නේද? අන්න ඒ වයර් දෙකකට LED එකක් අමුනලා ඕකෙන් සින්දුවක් Play කරලා බලන්න. LED දැල්වෙන්නෙ නැත්නම් Volume වැඩි කරලා බලන්න. නියමයි නේද? Beat එකට LED දැල්වෙන්නෙ. හැබැයි පොඩි අවුලක් තියෙනවා, Sub woofer , Setup කියන්නෙ ලොකු ප්‍රතිදාන බලයක් දෙන Amp තියෙන උපාංග නිසා ඒවගෙ Output එකෙන් එන විදුලියෙන් LED ප්‍රවේසම් කරගන්න LED එකේ එක pin එකක් Amp එකෙන් එන එක වයර් එකකට අමුනන්න.අනිත් එකට Resistor එකක් අරගෙන ඒකෙ එක පැත්තක් අමුනන්න, Resistor එකේ අනිත් පැත්ත ඉතුරු වයර් එකට අමුනන්න.Amp එකේ watt ගාන වැඩි වෙනවානම් Resistor එකේ ohms ගාන වැඩි වෙන්න ඕනෙ. Subwoofer එකකට නම් 470ohm - 1k පමණ. Setup වලටනම් 1K - 5k පමණ භාවිතා කරන්න. පරිගණකයේ Speakers එතරම් බලවත් නැති බැවින් Resistors අවශ්‍ය නැත.
පහත තියෙන්නෙ මම අතහදා බලපු එකක්.
පහල තියෙනවා ටිකක් දියුණු කරපු එකක්.බ්ලොග් එකේ Electronics වල තියෙනවා ඒක හදපු හැටි.

6:52 AM by Unknown · 10

Olympic වලටත් Video Games?


E-Sports නොහොත් තරඟකාරී  Video Games ඔලිම්පික් ක්‍රීඩා වලටත් ඇතුලත් විය යුතු බව Warcraft පරිගණක ක්‍රීඩාවේ නිර්මාතෘ විසින් BBC පුවත් සේවය වෙත පවසා ඇත.
Blizzard Entertainment හී ප්‍රධාන නිර්මාණ නිලධාරී වන Rob Pardo පවසා සිටින්නේ "ක්‍රීඩාව" යන්නට පුළුල් අරුතක් ඇති බව හා මෙම Video Games පවා හොඳ ක්‍රීඩාවක ස්වරූපය ගන්නා අතර,
ඔලිම්පික් වෙනුවෙන් e-sports සඳහා වැඩි එකඟතාවක් පවතින බව සැබෑවක් වන බවයි.මොහු යුධමය පරිගණක ක්‍රීඩාවක් වන Starcraft හී නිර්මාතෘද වේ.
e-sports ක්‍රීඩා ලෝලීන් මිලියන ගනන් මෙලෙසින් පවත්වන Video Games නැරඹීමට පැමිණේ. මෙලෙසින් විශාල ජනකායක් එක් රැස් කරන e-sports ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත් වේද?
වැඩිදුරටත් අදහස් දක්වමින් Pardo  මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් ක්‍රීඩා පරිගණක Graphics සමඟ රිසිසේ නිපදවිය හැකි නිසා එහි තරඟකාරී බවත් ත්‍රාසයජනක බවත් ඉහල තැනකට පැමිණෙන වගයි.

9:52 PM by Unknown · 3

Arduino #2 පලවෙනි Code එක ලියමු



සුභ දවසක් යාලුවනේ. එහෙනම් ඉතින් හොඳ වෙලාවක් බලලා Arduino එකට මංගල කේතනය පටන් ගමු.ලොකු ලොකු Circuit වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක හොඳ නිසා අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි.

7:33 PM by Unknown · 3

බොරු කියන අයව අඳුනාගන්නෙ මෙහෙමයි



මෙන්න ඔයාලට ගොඩක් වටින ලිපියක්, කවුරුත් කැමති නැහැනෙ තව කෙනෙක්ට රැවටෙන්න. ඉතින් කියවලම බලන්නකො මේ කරුණු ටික.

10:12 PM by Unknown · 2

Arduino #1 වැඩ ඇල්ලීම



වැඩේ මෙතන ඉඳන්ම අල්ල ගත්තොත් අමාරු වෙන්නෙ නෑ. ඊයෙ ලිපියෙන් Arduino ගැන හැඳින්වීමක් හා එය ලබා ගන්නෙ කොහොමද කියලත් කිව්වා. බලපු නැති අය මෙතනින් යන්න http://sadeepa01.blogspot.com/2014/12/arduino-programming.html
දැන් අපිට තියෙන්නෙ අරගත්ත Arduino Board එකේ Drivers Install කර්ගන්න එක. 

9:08 PM by Unknown · 4

Arduino Programming මුල සිට සරළව


Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB(වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැම්දේම කරන්න තියෙන්නෙ.

WHAT IS ARDUINO?

Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It's intended for anyone making interactive projects.
 ARDUINO යනු? 
Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික වේදිකාවකි.මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවකි.
 එතකොට ඔය Arduino කියන්නෙත් අර PIC කියන Program කරන්න පුළුවන් IC එකක්ද?
බැලූ බැල්මටම පේනවානෙ යාලුවනේ මෙතන IC එකකට වඩා යමක් තියෙනවා කියලා. PIC කියන්නෙ Microcontroller එකක් විතරයි.ඒත් Arduino කියන්නෙ prototyping platform එකක්. ඉතින් Arduino එකේ Microcontroller එකක් වගේම බල සැපයුමක් (Power Supply) හා පරිගණකය සමඟ USB හරහා සම්බන්ධවීමට USB-Serial පරිවර්ථකයක්ද අන්තර්ගත වෙලා තියෙනවා.ඉතින් USB එකෙන් Arduino එකට Code එක දාලා USB නැතුව වෙනම භාවිතා කරන්න.

http://www.arduino.cc/ තවත් තොරතුරු අවශ්‍ය නම් වෙබ් අඩවියෙ තියෙනවා. ඒ වගේම වෙළඳපොලේ විවිධ වර්ගයේ Arduino Board තියෙනවා. කොහොම වුනත් අලුතෙන්ම මේ වැඩේ කරන්න යන කෙනෙක්ට වඩාත් සුදුසුම හා ලබදායිම Board එක තමයි Arduino UNO කියන්නෙ.

එතකොට ඔය Board එක ගන්න තියෙන්නෙ කොහෙද?
ලංකාවෙ නම් මේවා ගන්න තියෙන ස්ථාන අඩුයි.බ්ලොග් පාරාදීසය කියන බ්ලොග් එකේ දාලා තිබ්බා රු.1550/-ට කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන් කියලා.කෙසේ නමුත් පහතින් ලබා දෙන වෙබ් අඩවි හරහා මෙය ඔබේ නිවසටම ගෙන්වාගන්න පුළුවන්.
ලංකාවෙ වෙබ් අඩවි - www.lankatronics.com/lakduino.html
http://shop.techkatha.com/
http://shop.techkatha.com/product/techduino-v1-fully-assambled-usb/
ඒ වගේම http://www.ebay.com/ හරහාද ඔබට මෙය මිළදීගත හැකියි.
2014 Dec. 1වනදා Ebay වලින් Order කරපු මේ Board එක http://www.ebay.com/itm/281399903526 අද තමයි මගෙ අතට ලැබුණෙ.
දැන් නම් ඔය වගේ China board 5$ සිට ඉහළට තියෙනවා. හොඳම එකක් නම් 20$ පමණ වෙනවා.
E-bay ගැන දන්නෙ නැත්නම් මෙන්න ඒ ගැන සම්පූර්ණ විස්තරයක් - http://softpedialk.blogspot.com/2013/10/ebay.html

Arduino වල තියෙන Programming Language එක ගැන කිව්වොත්?
මෙහිදී භාවිතා වන්නේ C Language එකට සමාන භාශාවකි. නමුත් අපිට මේ ආකාරයෙන් Program කරපු Arduino එක VB, C# වගේ Program එකක් සමඟද සම්බන්ද කරන්න පුලුවන්.
Arduino එකෙන් පාලනය වන කුඩා Robot කෙනෙක්
Arduino එකෙන් පාලනය වන Quadcoptor එකක්
Arduino සමඟ LCD
ඔය Board එකෙන් පුලුවන්ද රොබෝ කෙනෙක්ව හදන්න?
ඔව් ඒත් Board එක විතරක් තිබුණට මදි, මොකද අපි කරන්න යන නිර්මාණයෙදි විවිධ ආදාන හා ප්‍රතිදාන (Input/output) ලබාදෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ Board එකට සම්බන්ධ කරන විවිධ Sensors එහෙම තියෙනවා.
උදා:- උශ්ණත්වයට අනුව ක්‍රියාකරන පරිපථයක් සාදන්නේ නම් උශ්ණත්ව සංවේදකයක් අවශ්‍ය වෙනවා.
යමක් Display කිරීමට් අවශ්‍යනම් කුඩා LCD එකක් අවශ්‍ය වෙනවා.
අන්තර්ජලය හරහා යමක් පාලනය කරනවානම් Ethernet Shield එකක් අවශ්‍ය වෙනවා.
දුර මැනීමක් කරන්න වෙනවානම් Ultrasonic Sensor එකක් ගන්න පුළුවන්.
මම පළවෙනි Code එක සාර්ථකව Arduino එක හරහා අත්හදා බැලුවා.
ඉදිරි ළිපි වලදි Sensors ගැන වැඩි විස්තර කියන්නම්.ඉදිරියට arduinotutes.blogspot.com හරහා මෙම පාඩම් මාලාව ලබා දෙන්නෙමි.

2:42 AM by Unknown · 6

Remote එකෙන් ගෙදර තියෙන Lights On / Off කරමු


කවුද අකමැති තමන්ගෙ ගෙදර තියෙන විදුලි බුබුලු Remote එකෙන් On / Off කරන්න. ඉතින් අද කියලා දෙන්න යන්නෙ ඒක කරන්නෙ කොහොමද කියලා.මම කලින් ළිපියකදි හොඳට කියලා දුන්නනෙ Remote ගැන. ඒ දැනුම ගොඩක් වටිනවා මේ ළිපියට.
හරි දැන් බලමු වැඩේට මොනවද ඕනෙ කියලා.
  • දුරස්ථ පාලක පරිපථයක්, ලිපියෙ තියෙනවා හදන හැටි.
  • Relay එකක්. (6v හෝ ඊට අඩු විදුලියකින් ක්‍රියාත්මක වන, 230V සමඟ භාවිතා කළ හැකි)
  • කුඩා විදුලි උපකරණයක්.(විදුලි බල්බයක් - 5W පමණ)
  • වයර් හා දුරස්ථ පාලක පරිපථ සඳහා බැටරි හෝ power pack.

මෙම ළිපියේදී 230v - අධි වෝල්ටීයතාවක් සමඟ ක්‍රියාත්මක වන පරිපථයක් විස්තර කරන බැවින් මෙය අත්හදා බලන්නේනම් 230v විදුලිය ගැන දැනුමක් ඇති අයෙකුගේ සහය ඇතුව එය සිදු කරන්න. එමෙන්ම පරිපථය ක්‍රියාත්මක වන විට Receiver කොටසට අදාල කිසිඳු කොටසක් ස්පර්ශ කිරීමෙන් වළකින්න.Relay එකේ වයර් වැරදියට සවි කිරීමෙන් මුළු පරිපථයම අධි විදුලියට පිලිස්සීයාමට ඉඩ ඇති බැවින් Relay එක මිළදීගන්නා විට එහි වයර් සම්බන්ද විය යුතු ආකාරය ගැන විමසා සිටින්න.
මම නම් මෙතනදි දුරස්ථ පාලක පරිපථය විදියට භාවිතා කළේ Remote Car එකක Circuit එකක්. ඒත් Remote Car එකක Circuit එකක් හොයාගන්න බැරි අයට පුළුවන් ගෙදර තියෙන TV හෝ DVD එකේ Remote එක හරහා පහත පරිපථය භාවිතා කරන්න.
Remote Car එකක Circuit එකක්නම් එහි Car එකේ තිබෙන පරිපථයෙහි එක් මෝටරයකට යන වයර් දෙකක් Relay එකට සම්බන්ධ කරගන්න පුළුවන්.
මේ තියෙන්නෙ මම භාවිතා කරපු Remote Car එකේ Circuit එක. (පින්තූර අපැහැදිලිනම් එය මත click කර විශාල කරගන්න)
ඉතින් මම Remote Car එකේ පිටුපස මෝටරයට සම්බන්ද වන වයර් දෙක Relay එකට සම්බන්ධ කරා. ඒකෙ ස්විචයක් ලෙස ක්‍රියා කරන කොටසට 230v විදුලියෙන් ක්‍රියාත්මක වන බල්බය සම්බන්ධ කරා.
ප්‍රධාන විදුලි මාර්ගයට (230v - නිවසේ විදුලිය) සම්බන්ධ කිරීමට පෙර පරිපථයේ Remote හා Receiver වලට බැටරි/power pack සම්බන්ධ කොට, Remote එකෙන් පරිපථය ක්‍රියා කරවන්න. එවිට Relay එකෙක් "ටික්" යන ශබ්දය ඇසේ. එසේ නොවන්නේ නම් නිවැරදිව Relay හා අනෙකුත් උපාංග වල වයර් සම්බන්ධව ඇත්දැයි බලන්න.
එහෙනම් දැන් තියෙන්නෙ Light එක 230v විදුලියට සම්බන්ධ කිරීම. (මෙය අත්හදා බලන්නේනම් 230v විදුලිය ගැන දැනුමක් ඇති අයෙකුගේ සහය ඇතුව එය සිදු කරන්න.)
 එහෙනම් ඔන්න ප්‍රධාන විදුලි මාර්ගයට සම්බන්ධ කරා
 හුරේ එලටටම වැඩ :)
දැන් ඉතින් මේ ක්‍රමේ පාවිච්චි කරලා ගෙදර ඕනෙම විදුලි උපකරණයක් ක්‍රියාත්මක ක්‍ර්වන්න පුළුවන්. හැබැයි Fan වගේ Watt ගාන වැඩි උපකරණ භාවිතා කරනවානම් ඒවටම ගැලපෙන Relays ගන්න.
මෙන්න Video එක.
අද උදේ තමා සේරම කරේ, මතක ඇතුව Comment එකකුත් දාන්න.

11:40 PM by Unknown · 5

Super Man ඇඩ් එක හදපු හැටි බලන්න යමු


මෑතකදී අපට රූපවාහිනියෙන් දක්නට ලැබුණු ලංකාවේ Super Man ඉන්න වෙළඳ දැන්වීම හදපු හැටි තමයි මේ ළිපියෙන් පෙන්වන්නෙ. ඇඩ් එක බලපු නැති අය පහතින් තියෙනවා බලාගන්නකෝ.
මේ තියෙන්නෙ හදපු හැටි


































මේ පිංතූරවල අයිතිය හිමිවෙන්නෙ http://119gossiplanka.com/ වෙතටයි.

9:22 PM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.