Laptop Battery එක වැඩි කාලයක් භාවිතා කරන්න




Laptop තියෙන අයට ඉතින් ඒකෙ Battery එක පරෙස්සම් කරගෙන එය වැඩි කාලයක් භාවිතා කරන එක වැදගත් දෙයක්. ඉතින් පහත උපදෙස් ටික අනුගමනය කරලා බලන්න වැඩේ සාර්ථක වෙයි.
  1. සතියකට වතාවක්වත් Hard Disk එක Defrag කරන්න.(Battery එකෙන් Laptop එක වැඩ කරන වෙලාවට නෙවේ) එවිට Hard Disk එක වේගයෙන් වැඩ කරාවි.එවිට Hard එක මඟින් battery එකට සිදුවන බලපෑම අඩු වේ.
  2. Screen එකේ Brightness එක හැකිතාක් අඩු කරන්න. මෙය keyboard එකේ fn key එක ඔබාගෙන Brightness එක අඩු කරන button එක ඔබන්න.
  3. Background එකේ අවම Programs ප්‍රමාණයක් තබාගන්න. එවිට Processor / RAM සඳහා අඩු වෙහෙසකින් වැඩ කළ හැක.
  4. බාහිරව සම්භන්ද කර ඇති උපාංග විසංධි කරන්න. Dongle , Mouse , Keyboard වගේ දේවල්. අවශ්‍යනම් පමණක් මේවා භාවිතා කරන්න.
  5. RAM එකෙහි ධාරිතාව වැඩි කරන්න. (අවම වශයෙන් 2GBවත් තිබේනම් හොඳය) එවිට Virtual Memory භාවිතා කිරීම අවම වන නිසා Hard Disk එක අවම වශයෙන් භාවිතා වේ.
  6. CD/DVD Rom Drives භාවිතය අවම කරන්න. එක් Drive එකක් තිබීම සෑහේ. මේවාට Hard Drive එකටත් වඩා විදුලිය වැය වේ. නිතරම භාවිතා කරන CD වල Backup එකක් පරිගණකයේ තබා ගැනීම වඩා උචිතය.
  7. Battery එක භාවිතයෙන් තොරව තබන්න එපා, අවම වශයෙන් සති 2කට වරක්වත් එය භාවිතා විය යුතුය.
  8. මාසයකට වරක් Laptop Battery එක සම්පූර්ණ වශයෙන් discharge  වන තුරු භාවිතා කරන්න.කෙසේවෙතත් Li-On battery සම්පූර්ණයෙන්ම discharge වන තුරු භාවිතා කිරීම සුදුසු නැත.
  9. Standby කිරීමෙන් වැළකී Hibernate කරන්න. එවිට පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වේ.
  10. හැකි උපරිම වශයෙන් Laptop එක උණුසුම් වීමෙන් වළක්වන්න. වායු ඇතුලුවන පිටවන කොටස් වැසෙන ලෙස භාවිතා කරන්න එපා. නිවැරදිව සිසිල් වූ Laptop එක වේගවත්ව ක්‍රියාත්මක වේ.
  11. Control Panel හී Power Option මඟින් Maximum Battery ලෙස සකසන්න.
  12. Multitask කිරීමෙන් වළකින්න. උදා : - එකවර අන්තර්ජාලය භවිතා කරමින් විට සංගීතයට සවන් දෙමින් Virus Scan කරමින් තවත් Application භාවිතා කරමින් සිටීම Multitask තත්වය බරපතල කරන අතර මෙය Battery එකත් ඉක්මනින් ක්ශය වීමට බලපායි.
  13. සරල වැඩසටහන් භාවිතා කරන්න,නිතරම සංකීර්ණ කටයුතු වලට යොමු වන්න එපා.උදා : - MS Word වැනි වැඩසටහනකට් වඩා පරිගණක ක්‍රීඩාවකට වැඩි විදුලි නාස්තියක් සිදු වේ.
  14. කාර්‍යක්ශමතාවයෙන් උසස් Laptop එකක් භාවිතා කරන්න. අඩු කාලයකින් ඔබේ කටයුතු කරගැනීමේදී අඩු ඉතිරිවන Battery Charge එක වෙනත් අවස්ථාවකදී යොදාගත හැක.
  15. Memory Effect එක වළකන්න. මෙය බොහෝවිට බලපාන්නේ පරණ Laptops වලටය. Battery එක Full Charge කිරීමත් සතියකට වරක් එය සම්පූර්ණයෙන්ම discharge කිරීම වැදගත්ය.
  16. Graphic Use එක අඩු කරන්න. Desktop එකේ right Click කර හෝ Control Panel මඟින් හෝ Task bar එකේ Notification area එකෙහි ඇති Graphic settings මඟින් මෙය සිදු කරන්න.

7:16 AM by Unknown · 0

Facebook එකට Bye කියලා එන්න Second Life ලෝකයට



2003 ජුනි 23 වන දින ලෝකයාට දායාද වූ Second Life යනු හුදෙක් සමාජ ජාලයක් හෝ Game එකක් නම් නෙවේ , ඒකාකාරී බවින් මිදුනු සැබෑ ආස්වාදයක් ලබාගතහැකි 3D තාක්ශණයෙන් සමන්විත වූ ලෝකයකි. හැබයි තවත් දෙයක් මේ ලෝකය හැදිලා තියෙන්නෙ ඒක භාවිතා කරන අයගෙන්මයි.
එයට ඇතුලුවන ඔබට ඔබ කැමති ස්වරූපයකින් පෙනී සිටිය හැක.ඔබ කැමති යමන් නිර්මාණය කර එය විකිනීමටත් පුලුවනනේ වගේම මෙහි සිටින වෙනත් Usersලා සමඟ සබෑ ලෝකයේ මෙන්ම සබඳතා පවත්වා ගැනීමටත් සංගීතය, විනෝද ක්‍රීඩා හා ලොව විශාලතම Virtual Market එකෙහි සාප්පු සවාරි යන්නත් පුලුවන්කම ලැබේ. 
අන ඒ නිසයි කිව්වෙ මෙය හුදෙක් Social Network එකක්ම නොවන බව. මෙය සැබැවින්ම කෘතිම ලෝකයකි. බලන්න පහත Video එක.

තවත් කරුණක් නම්, ඇමරිකාව වැනි රටවල Facebook වලටත් වඩා  Second Life වලට ඇබ්බැහි වූවන්ද ඇත. සැබැවින්ම මෙම කෘතිම ලෝකය ඔබටත් නව අත්දැකීමක් ගෙන එන බව නිසැකයි.



හරි එහෙනම් වැඩ පටන් ගමු :) යන්න Second Life වෙබ් අඩවියට - Secondlife.com (Click Skip ad after 5 seconds)
එතනින් Play for Free ඔබන්න.
ඔයාට ගැලපෙන Avatar කෙනෙක්ව තෝරගන්න, පස්සෙ එයාව Edit කරගන්න පුලුවන්.
දැන් Choose Avatar වලින් ගිහින් ඔයා මේ වෙබ් අඩවියෙ Register වෙන්න.

ඊලඟට ඔයාට පුලුවන් එයාලා දෙන Software එක හරහා Second Life භාවිතා කරන්න. Second Life එකේ DJSadeepa කියන්නෙ මම :3 එහෙනම් යාලුවනේ මම කැපුනා. Post වලට Comment එකක්වත් නැති උනාම බ්ලොග් ලියන එකත් එපා වෙනවනෙ ඉතින්. ;) සැම විටම කර්තෘ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.

Second Life Online Virtual World Official Facebook Group Sri Lanka. Share Your Interesting Moments of Second Life Here.
Second Life ලෝකයේ ඔබ කැමති අවස්ථාවක් යාලුවන් සමඟ බෙදාගන්න ශ්‍රී ලංකාවේ නිල Facebook සමූහය. https://www.facebook.com/groups/753556761384440/

9:05 AM by Unknown · 2

Phone එකට පරිගණකයට Bass Boost කරන්න මෙන්න බඩු


යාලුවනේ ඔයාලගෙ සංගීත රසාස්වාදය වැඩි කරන දෙයක්නෙ Bass කියන්නෙ , නමුත් අප සවන් දෙන ගීත බොහොමයක ඇති Bass හඬ මදි බව අපට තේරෙන දෙයකි.ඉතින් මෙයට හොඳම විසඳුම Bass Booster එකක් භාවිතා කිරීමයි. එහෙනම් මෙන්න ඔබ කැමති මෙහෙයුම් පද්ධතියකට අදාල Bass Booster එකක් ගන්න Links.

Windows සඳහා Download



Android සඳහා Download



IOS සඳහා Download



Ubuntu සඳහා - Download

Link එකට ගිහින් Skip Ad ඔබන්න.

9:39 AM by Unknown · 0

ශක්තියක් පදාර්ථයක් බවට පත් කිරීම


E=mc2 කියන සමීකරණය බොහෝ දෙනක් අහලා තියෙන එකක් වුවත් ඇත්තටම මේකෙන් කියන්නෙ මොකක්ද? අයින්ස්ටයින් මහතා හොයාගත්ත සමීකරණය නේද ඔය? ඔව් ඔව් ඒක තමා. හැබැයි මේකෙ ගැඹුරු අදහසක් තියෙනවා. මේ ගැන හොයන්න මම උනන්දු උනේ "Charlie and the Chocolate  Factory" කියන චිත්‍රපටයෙදි මේ ගැන කියපු නිසා. බලපු අයට මතක ඇති පදාර්ථයක් වශයෙන් තිබ්බ Chocolate එකක් ශක්තියක් බවට හරවා එය නැවතත් පදාරථය්ක් බවට හරවා මුල් අවස්ථාවට ගත්ත විදිය එතනදි අර පොඩි එකා කියනවා "ශක්තියක් පදාර්ථයක් බවට පත් කිරීම පරමාණු බෝම්බ 9ක් පිරිපුමට සමාන වෙනවා" කියලා එකක්. ඔව් ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා කියන්න පුලුවන්. මොකද ඔය මුලින් කිව්ව සමීකරණයෙන් කියන්නෙ ශක්තියක් - පදාර්ථයක් අතර පරිවර්තනයක් සිදු වන්නේනම් එය සරල දෙයක් නොවන බවයි. කොහොමද එහෙම වෙන්නෙ?
හරි ඔතනදි 


E කියන්නෙ Energy (ශක්තිය)
m කියන්නෙ Mass (ස්කන්ධය)
c කියන්නෙ Speed of light (ආලෝකයේ වේගය)
c2 කියන්නෙ Square (එහි වර්ගය). 

:D කොහෙන් හරි මේ ලිපියටත් ආවා නේද ආලෝකයේ වේගය. මෙතනදි Mass  කිව්වෙ සාමාන්‍යෙන් අපිට අල්ලන්න පුලුවන් බරක් තියෙන යම් වස්තුවක්. උදා :- ගඩොල් කැටයක්.C කියන්නෙ ආලෝකයේ වේගය(299 792 458 m / s) ,නමුත් මෙතනදි එහි වර්ගය. එහකොට අර ගඩොල් කැටයෙ බර 1 KG කියලා හිතමු. ඒ ගඩොල් කැටය අපි සම්පූර්ණ වශයෙන් ශක්තියක් බවට පත් කරොත් කොච්චර ශක්තියක් ගන්න පුලුවන්ද කියලා බලමු.

E=mc2
m=1kg
c=299 792 458 m/s

E=1*(299792458*299792458) = 8.9875517873681760000000000000000 Joules

ඒක හිතාගන්නවත් බැරි තරම් විශාල පිළිතුරක්. දැන් මම කිව්වොත් ගඩොල් කැටයක් සම්පූර්ණ වශයෙන් ශක්තියක් බවට පත් කරා කියලා ඔයාලට පිලිගන්න සිද්ධ වෙනවා එය පරමාණු බෝම්බ 9ක නෑ ඊටත් වැඩි ගානක පිපිරීමකට සමාන වන වග.
හරි ඒකත් කමක් නෑ කියමුකො මේක අහද්දිනෙ එපා වෙන්නෙ. අපි හිතමු P(W) = E(J) / t(s) සමීකරණයට අනුව ඔය ශක්තියෙන් මම 28W බල්බයක් දල්වනවා කියලා, මට පුලුවන් ඒක වසර 3155700000000000 ක්ම දලවලා තියන්න ඔය ගඩොල් කැටෙන් ගත්ත ශක්තියෙන් :D .

විහිලු නෙවේ ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා ඉදිරිපත් කළ E=mc2 සමීකරණයෙන් තමා ගාන හැදුවෙ.

හ්ම් ඒකත් හරි දැන් කියන්න යන්නෙ හොඳම හරිය.ඔයා ලෝකෙ කොහෙ හරි ඉන්න කෙනෙක් එක්ක Internet එකෙන් Chat කරනවා. මෙතනදි ඔයාලා දෙන්න සන්නිවේදනය කරන්නෙ විද්‍යුතය පදනම් කරගත් ශක්තීන් මඟිනි. තවත් කියනවානම් ආලෝක ශක්තිය චුම්භක ශක්තියත් භාවිතා වෙනවා. තේරෙන්නෙ නැත්නම් අමතක කරන්න.
හරි කෙසේ හෝ මේ දේ වෙන්නෙ ශක්තියක් හුවමාරු වීම මඟිනි. ඉතින් අපිට මේ විදියට ලොව එක් තැනක සිට තවත් තැන්කට පදාර්ථයක් යවන්න පුලුවන් උනොත්?
ඔව් අර උඩ කිව්ව විදියට යම් පදාර්තයක් විද්‍යුතයක් (electrical Energy) බවට පත් කරලා තව තැනකට වයරයක් හෝ වයර් රහිතව යවනවා, ම්ම් ඉතින් අර යැව්ව එක නැවතත් පදාර්ථයක් බවට පත් කරන්වා, එතකොට එය මුලින් තිබුණ තත්වයට පත් වෙනවා. :o .එතකොට වැඩේ හරි.අර එක ලිපියකදි මම කිව්වෙ දැන් Video Call ගත්තට අනාගතේදි එකට හමු වෙලාම කතා කරන්න පුලුවන් වෙනවා කියලා. :3
හොඳම හරිය දැන් කියන්නම්කෝ ශක්තියක් කියන්නෙ වෙනස් නොවන වයසට නොයන දෙයක්, කලින් ලිපි වලදි මම කිව්වා ආලෝක ශක්තිය,ශබ්දය වගේ දේවල් තවමත් එලෙසින්ම පවතිනවා. ඉතින් ඔයාට පුලුවන්නම් අර සමීකරණයට අනුව සම්පූර්ණයෙන්ම ශක්තියක් බවට පත් වෙලා කැමති වසර ගානක් ඉන්න , අපි හිතමු වසර 100ක් . ඔහොම ඉඳලා නැවතත් හිටපු තත්වයට එන්න, ඔයා වයසට ගිහින් නැහැ ඇයි ඉතින් ශක්තියක් වෙලා ඉද්දි ඔයගෙ කිසිම වෙනස් වීමක් වුනේ නෑ.
පරමාණු බෝම්බයකදී වුවත් ශක්තියක් පදාර්ථයක් බවට පත් වීමේදී නිකුත් වන ශක්තිය සිතාගන්න්ට බැරිය. මතකනෙ ජපානයට එල්ල කළ පරමාණු ප්‍රහරය කෙතරම් විනාශකාරීවූවාද කියලා.මිනිසා හුදෙක් විනාශයට ලඟා වනවා පමණි.
E=mc^2 (Energy mass Equation by Sir. Albert Einstein) සමීකරණයට අනුව කිසියම් පුද්ගලයෙකු ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමට පටන් ගත් අවස්ථාවේ ඔහුට තිබුනේ වයස අවු. 24ක පෙනුමකි, ඔහු මෙසේ වසර 50ක් ගමන් කළා යැයි සිතමු. ඔහු ගමන් අවසන් කර නැවතුන විට නැවත් ඔහුට තිබෙන්නේ වසර 75ක පෙනුමක් නොවේ, වසර 25ක පෙනුමක්ය.
හේතුව, මොහු ආලෝකයේ වේගය (Speed of Light) ගන්නේ නම් ඔහුගේ (බර) පදාර්තය  (mass) සම්පූර්ණයෙන්ම ශක්තියක් බවට පත් විය යුතුයි, මොකද බරක් තියෙනවානම් ආලෝකයේ වේගය ගන්න බැහැ. එයා ගමන නවත්වනකන් අර ශරීරය තියෙන්නෙ ශක්තියක් විදියට නිසා ඒක වයසට යනෙන් නැහැ, අහලා තියෙනවාද විදුලිය වයසට යනවා කියලා? බැටරියෙ විදුලිය ක්ශය වන්නේ එම ශකිතිය ටහ්වත් ශක්තීන්ට පරිපර්තනය වන නිසාය.පරිපර්තනය වූ ශක්තීන්ද වෙනත් ශක්තීන් බවට පරිවර්තනය වෙමින් දිගටම පවතී (Law of conservation of Energy)
බැටරිය පස්සෙ කතාකරමු, එයා නැවතුනාට පස්සෙ සමීකරණයට අනුව ආපසු එයා පදාර්ථයක් බවට පත් වෙනවා. ආ දැන් ඉතින් මෙයා වයසට ගිහිල්ලා නැහැ බලද්දි.
අදට ඇති වගේ කස්ටිය අවුල ගහල නෑ කියල හිතවනවා.

7:56 AM by Unknown · 9

Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්



මම පෙර ලිපියකදි Facebook Hacking ගැන කිව්වා කියවපු නැති අය http://sadeepa01.blogspot.com/2013/10/facebook-hacking.html බලන්න., නමුත් අද වන විට ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම මඟින් මේ අපරාධය සිදු වන බව නොඅනුමාණය.
  • App වලට Permission ලබා දීමේදී
Facebook එකේ තියෙන Apps ( Games ) වගේ දේවල් Play කරන්න යද්දි ඔයාලගෙන් Permission ඉල්ලනවා. ඒත් අපේ අය Game එකට තියෙන ආසාවට මෙව්වා බලන්නෑ බෙල්ල ගහල ගියත් Allow කරනවා. Facebook එකේ Fake Like ලබා දෙන වෙබ් අඩවි වලට Access Token ලබා දීමේදීද ඔබ බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. මන්ද එම වෙබ් අඩවි විසින් ඔබේ Facebook ගිණුමට බලපෑම් කළ හැකි Permissions විශාල ප්‍රමණයක් ලබා ගන්න බැවිනි.
ඉහත පින්තූරෙ තියෙන්නෙත් App එකකට Permission ඉල්ලන අවස්ථාවක්. ඇස් දෙක ඇරලා බැලුවොත් පෙනෙයි ඔයා මේ App එක Okay කළොත් තව කෙනෙක්ට ඔයාගෙ Facebook Messages පවා බලගන්න අවස්ථාව ලබා දෙනවා කියලා. Hubla වගේ Site වලින් ඔය විදියට අපේ Access Token ඉල්ලන්නෙ අපේ Account එක එයාලට ඕනෙ විදියට පාලනය කරලා එයාලට අවශ්‍ය Fake Likes , Comments එකතු කරගන්න. ඒත් අපි නොදැනුවත්වම එයාලට අපේ Facebook Account එකෙන් 95%ක්ම භාර දෙනවා.
අනේ මම මේ වගේ App ගොඩකට Permission දීලා තියෙන්නෙ එතකොට මාවත් Hack වෙයිද?
බයවෙන්න දෙයක් නෑ , හැකි ඉක්මනින් https://www.facebook.com/settings?tab=applications වෙත යන්න.
දැන් ඔයා අර විදියට Permission දුන්න apps සියල්ලම පහත පරිදි ඉවත් කරන්න.

මුලින් App එක ඉදිරියෙන් ඇති X ලකුණ ඔබන්න.

දැන් අර Delete කියන Tick එක දාලා Remove කරන්න. එවිට මෙම App එක මඟින් ඔබ නොදැනුවත්ව Facebook එකේ ඔබේ Account එකෙන් පළ කර ඇති යමක් වෙතොත් එයද ඉවත් වේ.
අහ් තව්ත් දෙයක් මේක කියන්නෙ අර Fake like ගත්ත අයට, ඔයාලා Addmefast වගේ Site එකකින් Like ගන්නවා වගේ නෙවේ Access token දීලා Like ගද්දි මොකද,Addmefast වලදි ඔබ Like කරන්නෙ ඔබට අවශ්‍ය Post පමණක් වුවද Hublaa වැනි site මඟින් ඔබ විසින් දෙන Permissions හරලා ඔබ නොදැනුවත්වම තවත් අයගේ Post වලට ඔබේ Account එකෙන් Likes යෑම ඔබ නොසිතූ දෙයකට හේතු විය හැක.
උදාහරණයක් ලෙස, ඔබ නොදැනුවත්ව මෙලෙසින් යම් අසභ්‍ය දෙයකට ඔබේ Account එකෙන් Like එකක් ගියහොත් ඔබේ මිතුරන්ගේ News Feed එකෙහි ඔබ එය Like කළ බවට පළ වේ. කොහොමද වැඩේ? ඔබ නොදැනුවත්වම වැරදි දෙයක් කරලා.
  • Spam Video Links
මෙව්වත් බොහෝ විට අපට දකින්න ලැබෙනවා. මෑතකදී බොහෝ දෙනෙක් අතරට ගිය "This video is yours..." නම් Spam Video Link එකත් මෙයට උදාහරණයකි. මෙය Spam එකක් යන වග නොදැන ඒ වෙත පිවිසි අයට උනේ මොකක්ද? අර කියපු Video එක බලන්න ලැබුනද? නැහැනෙ තමුනුත් දන්නෙ නැතුව තමන්ගෙ Facebook Account එකෙන් අනිත් අයට Message ගිහිල්ලා. :D Spam Video වල නොදියුනු නමුත් ඔබව මුලා කරන අවස්ථාවක් ලෙස යම් Video එකක් නැරඹීම සඳහා එය Share කළ යුතු බව හඟවා ඔබේ Facebook Timeline එකෙහි එම Spam එක ප්‍රසිද්ධ කිරීම පෙන්වාදෙන්න පුලුවන්. උදාහරණකක් ලෙස කිසියම් දූශණ සිදුවීමක් මුල් කරගෙන පැතිරෙන Video Links පෙන්වාදෙන්න පුලුවන්.මේ දවස් වල නම් Spam එක Tsu නෙ :p.
  • Download Notification
මෙය ඉහත අවස්ථාවටත් අදාලයි අර කියන Video එක බලන්න නම්, ඔබ යම් "Browser Plugin" එකක් භාවිතා කළ යුතු බව හඟවා ඔවුන්ගේ Virus එක ඔබව රවටා ඔබේ පරිගණකයට ඇතුලත් කරනවා. අපේ අයව කොයි තරම් මුලා කරනවද කිවහොත් Facebook Hacker කියලා දෙන Software (මෙව්වා බොරු Software) එක සැබැවින්ම Virus එකක් නිසා Virus Guard එකෙන් Block කරන බැවින් , මේවා ලබා දෙන වෙබ් අඩවි පවසන්නේ Facebook Hacker යනු ඉතා භයානක Software එකක් බැවින් Virus Guard එක එය නවත්වන නිසා Virus Guard එකත් Off කරලා ඒක open කරන්න කියලා. කොහොමද වැඩේ :D හොරාට ගේ ඇතුලට ඇවිත් ගේත් සුද්ද කරන් යන්න කියනවා වගේ වැඩක් සමහරවිට එය Keylogger එකක් විය හැකියි.නැත්නම් RAT එකක් (මෙමගින් ඔබේ පරිගණකයේ පාලනය පිටස්තර පුද්ගලයෙකුගේ අතට ගත හැක) විය හැකියි. මෙමඟින් ඔබේ Facebook ගිණුම පහසුවෙන් වෙනකෙකුගේ අතට යන බව විශේශයෙන් කිව යුතු නෑ.අන්තිමට වෙන්නෙ තව කෙනෙක්ව Hack කරන්න ගිහින් තමන්ව Hack වීමයි.
  • Facebook එකෙන් එන Messages
සමහරවිට ඔබටත් 'Facebook' , 'Facebook Inc' , 'Facebook Team' , 'Facebook Security' , 'Security' වැනි නම් වලින් විවිධ පණිවිඩ ලැබී ඇත. ඒවාගෙන් පවසන්නේ ඔබට යම් Link එකක් වෙත පිවිසෙන්න කියා හෝ කිසියම් වෙබ් පිටුවකට ගොස් ඔබේ Password එක ඒ වෙත ලබා දෙන්න යනුවෙනි. නමුත් සත්‍ය වශයෙන්ම Facebook විසින් මෙවැනි පණිවිඩ එවන්නේ නැත. මෙවැනි දෑ මඟින් Hackersලා හට අවශ්‍ය Phishing කටයුතු වලට ඔබව පහසුවෙන් හසු කරගනී.මෙවැනි Messages Facebook වෙත Report කරන්න.

ඔබේ ආරක්ශාවට මේ පියවර පිළිපදින්න.


  • ඔබේ දු.අංකයක් තිබේනම් එය Facebook වෙත එක්කරන්න. https://www.facebook.com/settings?tab=mobile.
  • ඔබේ Profile එකේ එහි Privacy එක Only me ලෙස තබන්න.
  • දු.අං. පමණක් නොව අන් අය දැනගතු යුතු නැති ඔබේ පුද්ගලික තොරතුරුද වෙතොත් ඒවාද මෙලෙස Only me ලෙස තබන්න.
  • නොදන්න අයව මිතුරන් කරගැනීමේදී ප්‍රවේසම් වන්න.ඔවුන් ඔබේ සැබෑ ජීවිතයේ මිතුරන් නොවේ නම්, ඔබේ පුද්ගලික තොරතුරු ඔවුන් වෙත හෙලි කිරීමෙන් වළකින්න.
  • අනවශ්‍ය ලෙස ඔබට කරදරයක් වන අයව Block කරන්න.
  • Login Notifications On කරන්න. එවිට කිසිවෙකු හෝ ඔබේ Facebook ගිණුමට ඇතුල් වුවහොත් එය SMS එකක් මඟින් දැනගත හැක.
  • කැමතිනම් Login Approvals භාවිතා කරන්න, එවිට ඔබේ Facebook ගිණුමට log වීමට Password එක ලබා දී ඔබේ දු.අංකයට ලැබන රහස් අංකයක් ද ලබා දීමෙන් මෙන් පමණක් log විය හැක.
එහෙනම් ඉතින් අද ලිපිය අවසානයි, ඔබේ අදහසක් වෙතොත් comment කරන්න.

8:39 AM by Unknown · 12

Single Core සහ Multi Core Processor ගැන දැනගනිමු



එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ගොඩ දෙනෙක් දන්නෙ නැති දෙයක් ගැන ලිපියක්.

ඔයාලා පාවිච්චි කරන processor එක Single Core ද? නැත්නම් Multi Core ද?

හරි දන්නෙ නැත්නම් මේ ලිපිය කියවලම බලන්න.

Single Core සහ Multi Core Processor වල වෙනස කුමක්ද?

ඇත්තටම මේ Single Core processor විදියට ආවෙ Dual Core වගේ processor වලට කලින් ආව Processor. Core කියන්නෙ මදයට, Processor වල එක Core එකක් ආපු එව්වට උදාහරණ විදියට, Pentium 2,Pentium 3,Pentium 4 හා ඊට කලින් ආපුවා ගන්න පුලුවන්. මේවා තියෙන්නෙ තනි Processor විදියට.

Pentium 4 යනු Single Core Processor එකකි

6:02 AM by Unknown · 0

HTML ඉගෙනගන්න අයට නැතුවම බැරි Software එක



HTML ඉගෙනගන්න අයට කරන්න වෙන වැඩක් තමා Text Editor එකකින් Code ලිය ලියා Browser එක Refresh කර කර Web page හදන එක, ඒත් මේක වදයක් කියලා කාටත් තේරෙනවා, ඉතින් මම Software එකක් හැදුවා Code එක Type කරනවිටම එහි Preview එක ලබාගන්න.මෙහි වාසි කිහිපයක් ඇත.

  • Code එක Type කරනවිටම එහි Preview එක ලබාදීම
  • මෙමඟින් ලියූ HTML Code Save කළ හැකි වීම
  • පෙර අවස්ථාවක Save කළ HTML Code නැවත Open කළ හැකි වීම
  • අමතර Browser එකක් අවශ්‍ය නොවීම
  • කාලය ඉතිරි වීම
ඉතින් KB 200ක් වන මෙම Software එක මෙතනින් ගන්න -- Download HTML Creator

7:41 AM by Unknown · 2

Android වලට සිංහල Install කිරීම No Root



Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න.

Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන විදිය මෙතනින් බලාගන්න --- How to install Sinhala for android (without root)

(ලින්ක් එකට ගිහින් තත්පර 5ට පසුව උඩ දකුණු කෙළවරේ Skip Ad ඔබන්න)

වෙනත් Phone එකකින් කරනවානම් මුලින්ම Phone එක Root කරලා තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් මෙතනින් ගිහින් Root කරන්න. -  Computer නැතුව App එකෙන්ම Phone එක root කරමු

එහෙනම් දැන් Download කරගන්න Sinhala Font ටික මෙතනින් - DroidSansFallback


මේ Font ටික install කරන්නනම් අපිට Root Explorer කියන App එක අවශ්‍ය වෙනවා ඉතින් මෙන්න Root Explorer එක - Root Explorer

හරි දැන් අර Sinhala font file ( DroidSansFallback ) එක Extract කරගන්න.
Windows වලින් කරනවනම් Right Click කර Extract ඔබා Memory Chip එකට File ටික Copy කරගන්න.
Android වලින් නම්  DroidSansFallback එක Extract කරන්න File එක උඩ තත්පර 4ක් පමණ Click කරගෙන සිටින්න එවිට Extract ඔබන්න.

දැන් Root Explorer එක Install කරන්න.එයට Root permissions ලබා දෙන්න.



Root Explorer එකෙන් අර Font File එක Click කරලා Copy ඔබන්න.

පසුව System/Fonts Folder එකට යන්න.එහි Mount R/W ලෙස ලබා දෙන්න.



දැන් මෙතන අර Extract කරගත්තු Folder එක Paste කරන්න. ( මෙහිදී Root Permission ඉල්ලුවොත් Allow කරන්න )



දැන් OK කරලා phone එක Restart කරන්න.

වැඩේ හරි එහෙනම් දැන් Phone එකේ සිංහලත් වැඩ.

Opera mini එකේ කලින් Bitmap විදියට Sinhala දාපු අය ඒක ඉවත් කරන්න එවිට පැහැදිලි සිංහල අකුරු Opera mini එකටත් ලැබේ.

12:26 AM by Unknown · 6

Facebook හී සම්පූර්ණ ඉතිහාස කතාව


Facebook යනු 2004 පෙබරවාරි 4 වන දින එලිදැක්වූ සමාජ ජාල වෙබ් අඩවියකි. Facebook ආයතනය මගින් පාලනය කරන මෙහි අයිතිවාසිකමද එම සමාගමට හිමි වේ. මෙහි නිර්මාතෲ වන්නේ මාක් ශුකබර්ග් (Mark Zuckerberg) හා ඒ වන විට ඔහු උසස් අධ්‍යාපනය ලැබූ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔහුගේ මිතුරෙකු වන එඩියුවාඩෝ සැවරින්ය (Eduardo Saverin).

මුල් කාලයේදී මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සිසුන් හට පමණක් ලැබී තිබූ අතර පසුව බොස්ටන් (Boston) ,අයිවි ලීග් (Ivy League) ප්‍රදේශයේ විද්‍යාල දක්වාත් කැනඩාව හා ඇමෙරිකාව දක්වාද ව්‍යාප්ත විය. ඉන් අනතුරුව 2006 දී මෙම වෙබ් අඩවිය අවු. 13ට වැඩි හා වලංගු E-mail ලිපිනයක් ඇති සැමට භාවිතා කිරීමට හැකි විය.

මෙය එක්වරම බිහි වූවක් නොවන අතර එහි කතාව මෙසේ දිග හැරෙයි..

Facematch


ශුකබර්ග්ගේ පෞද්ගලික ගැටලුවක් නිසා පීඩා වූ හෙතෙම Facemash නොහොත් Facebook ඇතිවීමට පුරෝගාමී වූ වෙබ් අඩවිය 2003 ඔක්තෝබර් 28 වන දින මාක් ශුකබර්ග් (Mark Zuckerberg) හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු වන ඇන්ඩ්‍රිව් මැකලින් (Andrew McCollum) , ක්‍රිස් (Chris Hughes) හා ඩස්ටින් මොස්කොවිට්ස් (Dustin Moskovitz) විසින් නිපදවන ලදි. ශුකබර්ග් තම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී මෙම Facemash වෙබ් අඩවියට අවශ්‍ය මෘදුකාංගය ලියුවේය. සැබැවින්ම 'Facemash' යනු හාවර්ඩ් ශිශ්‍යන් සඳහා නිපදවූ ක්‍රීඩාවක් විය, මෙමඟින් සිදුවන්නේ එයට පිවිසෙන පුද්ගලයා හට දෙපසින් දිස්වන ශිශ්‍යන් දෙදෙනෙකුගේ පින්තූර සසඳා බලා ඔවුන්ගෙන් "Hot" වන්නෙ කවුරුන්ද "Not hot" වන්නේ කවුරුන්ද යන්න තේරීමයි. මෙය කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත් හාවර්ඩ් පරිගණක ජාලයට විශාල තදබදයක් (Network Traffic) ඇති කරන්නද සමත් විය.



එදින රාත්‍රියේ ශුකබර්ග්ගේ බ්ලොග් අඩවියේ ඔහු මෙසේ සඳහන් කළෙය.

"මම සුලුවට මත් වෙලා ඉන්නෙ, බොරු කියන්න නෙවේ යන්නෙ. ඉතින් මොකද එය අඟහරුවාදා ප.ව. 3.00 වුවත්? මොකක්ද? Kirkland නිදන කාමරයේ මගෙ පරිගණකය මත Facebook විවෘත වෙලා තියෙනවා, තව හුරුබුහුටි භයානක අයගෙ පින්තූර වගේකුත් එක්ක. ඇත්තටම මට ඕනේ මේ අයගෙ පින්තූර ගොවිපළවල් වන ඉන්න සත්තුත් එක්ක තියන්න අනික මිනිස්සුන්ටත් පුලුවන්නෙ ඒ අතරින් හොඳම කෙනා තෝරන්න." 
-ප.ව. 2.49

"ඔව් ඒක හරි, මටත් හරියටම විශ්වාස නහැ කොහොමද මේ සත්තුන්ව මේකට පුරවන්නෙ කියලා (ඔබටත් කිසිවිටෙක විශ්වාස කරන්න බැහැ මේ ගොවිපළවල් වන ඉන්න සත්තුත් එක්ක) ඒත් මම කැමතියි මේ අයගෙන් දෙන්නෙක්ව තෝරනවට"
-පෙ.ව.11.00

"Hack කිරීම පටන්ගමු"
-ප.ව.02.57

කොල්සන් විසින් : මම මඳ වේලාවකට පසුව පළ කරා, "මාක් ශුකබර්ග් වෙත උදව් කරන්න..!!"
-ප.ව.11.00

කොල්සන් විසින් : "ඉන්න! ඇයි මම නිදිමරන්නේ?"
පෙ.ව.02.23


Harvard Crimson පුවත්පතට අනුව ශුකබර්ග් විසින් Facematch සඳහා හාවර්ඩ් හී facebooks පද්ධතිය Hack කර එමඟින් හාවර්ඩ් ශිශ්‍යන්ගේ ඡායාරූප ලබාගත්තේය. "facebooks"  යනු එකළ හාවර්ඩ් විසින් එහි සිටින ශිෂ්‍යන්ට එකිනෙකාව හඳුනාගැනීමට භාවිතා කළ දෙයකි. කෙසේ හෝ මෙමගින් ලබාගත් ඡායාරූප සමඟ Facematch ඉතා පහසුවෙන් ජනප්‍රිය විය.

Thefacebook.com



2004 ජනවාරි වන විට මාක් ශුකබර්ග් (Mark Zuckerberg) විසින් අලුත් වෙබ් අඩවියක් වන 'theFacebook' සඳහා කේත ලිවීම අරඹන ලදි.
වරක් Harvard Crimson හී ලිපියකට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ Facebook එක සෑදීමට තමාට පෙළඹවීමක් කළේ Facemash වෙබ් අඩවිය බවයි.
"මධ්‍යගත වූ වෙබ් අඩවියක් තැනීම‍ට අවශ්‍ය තාක්ශණයත් ප්‍රතිලාභත් බෙහෙවින් ඇති බවත් පැහැදිලියි"

කෙසේ හෝ 2004 පෙබරවාරි 4 වන දින ශුකබර්ග් විසින් "Thefacebook" වෙබ් අඩවිය එළි දැක්වීමට හැකිවිය. එකළ එය www.thefacebook.com විය. Crimson පුවත්පත වෙත අදහස් පළ කළ ඔහු පැවසූයේ,
"දැන් හාවර්ඩ් හී හැම කෙනාම විශ්ව face book අඩවිය ගැන කතාවෙනවා"
 "මම හිතන්නෙ හාවර්ඩ් වල හැම අස්සක් මුල්ලක් වෙතම යන්න වසර දෙකක් යන එක එක්තරා මෝඩකමක් කියලා, මොකද මට ඒ වැඩේ සති දෙකකින් කරන්න පුලුවන්"
 එමෙන්ම ලොව වටා ජනයාට එකිනෙකා හා සම්බන්ධ වීමට සුදු විශ්ව වෙබ් අඩවියක් තැනීමේ චේතනාවද හෙතෙම විසින් පැවසූවේය.


මෙම වෙබ් අඩවිය එලි දක්වා පැය 24ක් ඇතුලත 1200 සිට 1500 දක්වා මෙහි සාමාජිකයන් වැඩි වීය.

2005 ඔක්තෝබර් 1 සිට Facebook වෙබ් අඩවිය විශ්වවිද්‍යාල 21ක් දක්වා ව‍යප්ත් විය.එවසර සැප්තැම්බර් වන විට මෙය උසස් අධ්‍යාපන පාසල් දක් වාත් ඒවාගේ ජාල වෙත එක්වීමටත් ඇරයුම් ලාබාගත්තේය.පසුව Apple, Microsoft වැනි ආයතන වෙතද Facebook පියනැගූහ.


2005 ඔක්තෝබර් 11 වන විට ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය විසින් Facebook ජාලයට එක් වූ අතර පාසල් 2,000+  හා උසස් අධ්‍යාපන ආයතන 25,000ට වැඩි ප්‍රමාණයක් වෙත ව්‍යාප්ත විය.


කෙසේ හෝ 2006 සැප්තැම්බර් 26 සිට ලෝකවාසි ජනයා හට විවෘත විය. 

2011 පෙබරවාරි වන විට ලොව විශාලතම ඡායාරූප ගබඩාව බවට පත් වූ Facebook එවසර ග්‍රීස්මය වන විට බිලියන 100ක් ඡායාරූප මෙම ගබඩාවට එක් විය.2011 ඔක්තෝබර් වන විට මිලියන 350ක් දක්වා සාමාජිකයන් පිරිසක් Facebook වෙත එක් විය.



2014 වන විට සක්‍රීය Facebook සාමාජිකයින් සංඛයාව බිලියන 1.28ක් විය.

ගොඩක් මහන්සි වෙලා ලිව්වෙ -_- තොරතුරු විකිපීඩියා ඇතුලු අන්තර්ජාලයෙන් සොයාගත්තෙ. ඔබේ අදසසක් වෙතොත් Comment කර යන මෙන් ඉල්ලා සිටිමි.

6:19 AM by Unknown · 10

පරිගණක තාක්ශණයේ අනාගතය මගේ ඇසින් - අනාගතයට ගිය මම



ලස්සනයි නේද උඩ පින්තූරෙ තියෙන Computer එක :) ඒත් ඉතින් මේක තියන්න ටිකක් ලොකු කාමරයක් ඕනෙ.
ඔය තියෙනෙ දැනට ලොව වේගවත්ම පරිගණක ගණයට අයත්වන TITAN සුපිරි පරිගණකය මෙයට තට්පරයකදී ගණිතකර්ම ට්‍රිලියන 27,000ක් සිදුකළ හැක.සැබැවින්ම ප්‍රමණයට සාපේක්ශව සාමාන්‍ය Desktop පරිගණකයකට වඩා වේගවත්, ඔබ දන්නවාද Blue Gene සුපිරිපරිගණකයේ Processors 250,000 භාවිතාවන බව?
හරි වර්තමානය බැලුවා, ඒත් පොඩ්ඩක් අතී තයක් කතාකරමුද?
මේ මොකක්ද කියලා ගොඩක් අය දන්නවා, ඔව් ඔය තියෙන්නෙ ලොව පළමු පරපුරේ පරිගණකයක් වන Eniac පරිගණකයයි. ඇත්තටම ඒ කාලේ ගණිතමය කටයුතු වලට භාවිතාකරපු උපකරණත් එක්ක සසඳලා බලද්දි කාමරයක් පිරෙන්න තිබ්බ සුපිරි පරිගණකයක් වගේ තමා මේක, හැබැයි ඒ දවස්වල.(1946)
ඒ කොහොම උනත් අද අඩුම ගානට තියෙන Chinese phone එකෙන් කරගන්නවා ඔයිට වඩා ලොකු වැඩ ගොඩක්. මේ පරිගණකවල  Processor එකක් වෙනුවට තිබ්බෙ  Vacuum Tubes 250,000 ක එකතුවක්. ඒත් කවුරුහරි ඔය පරිගණකය හදපු දවසෙ කිව්වානම් 2014 වෙද්දි ඔය පරිගණකයෙන් කරගන්න වැඩ ටික කරගන්න උපකරණ අතේ තබාගන්න තරාට කුඩා වන අතර ඉතා අඩු මුදලකට ඒවා වෙළඳපොලට එන බවත්, කවුරු විශ්වාස කරයිද?
පොඩ්ඩක් බලන්න පලවෙනි පින්තූරෙත් තියෙන්නෙ පරිගණකයක් 2014 වෙද්දි ලොව සුපිරිම ගණයට අයත් , දෙවෙනි පින්තූරෙත් තියෙන්නෙ පරිගණකයක් 1946 වෙද්දි ලොව සුපිරිම ගණයට අයත් වෙලා තිබුණ.
ඉතින් මම කියන්න යන්නෙ වෙන මොකුත් නෙවේ අද 1GHz processors (මීට වඩා වැඩි වේගයන් ඇත) අතේ තියන Phone එකටත් ඇවිත් තියෙනවා ඒත් තව වසර 40ක්පමණ යන්නත් කලින්  Processors 250,000ක වේගයක් සහිත ජංගම දුරකථන සාමාන්‍ය ජතතාව අතරට එනු නොඅනුමානයි. 
හැබැයි ඒ කාලෙ වෙද්දි Phone කියලා දෙයක් නැති වෙයි ,
 මොකද අද භාවිතාවන "Desktop පරිගණකය , Smart phone එක වැනි උපකරණ කිහිපයක් වෙනුවට එක් උපකරණයක්" ජනතාව අතරට ඒමයි.
ඒ විතරද Storage Devices මේ සියල්ලටම පෙර භාවිතයෙන් හීන වෙනවා මන්ද Cloud Storage සැම දෙනා අතරටම යන නිසා, 5G තාක්ශණයත් නොබෝ දිනකඉන් පැමිණෙන නිසා Pen එකක් දීලා Data හුවමාරු නොකර Cloud ක්‍රමයට අනිත් අය එක්ක දත්ත හුවමාරු කරගන්න පහසු වෙනවා මන්ද යත් තත්පරයකට Tera bit ගණනක වේගයෙන් එම කටයුතු සිදු වන නිසා.එනිසා අතේ ගෙනයන Storage Devices කරදරයක් වන මට්ටමට පැමිනේ.

ඇතටම Storage ගැන කතාකරද්දි මට මතකයි මම පෙර පාසල් යන් වයසෙදි අපේ ගෙදරට ගෙනාපු Pentium 2 Computer එක, ඒකෙ Hard Disk එකේ මතක ධාරිතාව 8GB විතරයි තිබ්බෙ, ඒත් අද 8TB Hard එකක් කියන්නෙ සුළු දෙයකනෙ ඉතින් තව වසර 40 ක් යන්නට පෙර 8TB යනු අර මම කිව්ව ජංගම දුරකථන වෙනුවට එන උපකරණයේ තාවකලික මතකයක් වේ. (RAM සමහරවිට Cache එක :/ )



මීට වසර 40ට පමණ පෙර කිසිවෙකු හෝ කීවානම් අත්ලේ තබාගන්න උපකරණයක් හරහා එකම වෙලාවේදි ලොව දෙකෙළවර සිටින ද්දෙනෙකුට මුහුණට මුහුණ බලා කතාකරන්න පුලුවන් කියලා එය හුදෙක් විහිලුවක් වන්නට තිබුණා.


ඉතින් මෙතනදි කියන්න යන්නෙ, ඔව් වසර 40කින් නෑ 50කින් හ්ම් කීයකින් හරි ග්‍රහලෝක දෙකක සිටින පුද්ගලයින්ට අර මම කිව්ව උපකරණය හරහා එක් ක්ශණයකින් එම ග්‍රහලෝක දෙක හරහා ගමන් කරන්න හැකියාව ලැබෙනවා, ඒ කෙසේවෙතත් සඳහන් කළ යුතුයි Hologram / Virtual Reality වැනි දෑ තවත් දියණු වී සැබෑ ලෝකය ඒවාගෙන් පරාජය කරන බව. පේනවානෙ දැන් පරිගණක තාක්ශණයේන් ආපු සමජ ජාල ;) .එතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා බලවත් වෙනවා.


මීට දින කිහිපයකට පෙර මා හට ආරංචි වූ දෙයක් නම්, කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක් විසින් සිදුකළ පරීක්ශණයක් මගින් මිනිස් මොළයට දත්ත ඇතුලත් කළ Chip එකක් ආධාරයෙන් මොළයට උපදෙස් ලබා දීමට හැකි වූ බව. කෙසේ වෙතත් මේ ගැන සෙවීමට මා උනන්දු නොවූයෙමි.




එමෙන්ම කෲතිමව මිනිස් ජීවීන් බිහිකිරීමට , අවශ්‍ය තාක්ශණයක් වෙතොත් එමඟින් මා පිය දෙපළක් නොමැතිව කෘතිම දරුවන් නිපදවන ක්‍රමයක් බිහිවන අතර ඔවුන්ගෙන් යම් වැඩක් ගන්නට අවශ්‍යනම් එම උපදෙස් මාලාව කෘතීමව ඔවුන්ගේ මනසට ඇතුලත් කළ හැකි වනු නොඅනුමානය.













අපොයි මම පරිගණක තාක්ශණයන් පිට පනිනවා, නෑ කොහොම උනත් දැන් හැම ක්ශේත්‍රයක්ම පරිගණක තාක්ශණය විසින් අත්පත්කරගෙන තියෙන නිසා අනගතය ගැන කියන්න ඕනෙ නැහැනෙ.
අදට කෙටුවා ඇති වගේ මේ ලිපියට අලුතෙන් යමක් එක් කළොත් Updated කියල දාන්නම්.
 තරහවෙන්න එපා බං මම කාගෙවත් නම් ගම් මතක් තියාගන්න උනන්දුවක් නැති කෙනෙක් , ඉතින් වරක් අනාවැකි කියන පුද්ගලයෙකුගෙන් ඇහුවලු ඔබට 3න් වන ලෝක යුද්ධය ගැන මොකද කියන්න තියෙන්නෙ කියලා, ඔහුගේ පිළිතුර මෙසේය,
" මට 3න් වන ලෝක යුද්ධය ගැන නම් කියන්න හැකියාවක් නෑ , නමුත් මට විශ්වාසයි හතරවන ලෝක යුද්ධය වෙන්නෙ ආයුද වලින් නෙවේ පොලු මුගුරු වලින් " තේරෙනවානෙ කියපු දේ, මිනිසා හුදෙක් විනාශයට ලඟාවනවා යන වග අපකවුරුත් දන්නා කරුණකි.
මන් දන්නවා මොන දේ කිව්වත් විහිලුවකට ගන්න පිරිසකුත් ඉන්නවා කියලා, ඉතින් මම කියන්නෙ නෑ කාටවත් මෙව්වා විශ්වාස කරන්න කියලා :) .අන්තිමටම මම කියන්න කැමතියි මම කිව්ව දේවල් බොරු වෙන්නත් පුලුවන් , මොකද කිසිම විද්‍යාත්මක පසුබිමක්වත් නැතුව කිව්ව නිසා.අනාගතයට ගිය මම සදීප. ;)

8:19 AM by Unknown · 6

Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක



බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS / Call / Data .. මේ ඔක්කොම තියෙන අලුත්ම Mobile Partner එක.
තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.
Mobile-partner-23.009.09.02.910.zip
පහල තියෙන්නෙ මේ Version එකෙන් එන අලුත්ම Features.

  • Huawei HiCloud (Cloud+)

  • Improved Internet Data usage tracking

  • New Beautiful Theme

  •  Wifi Facility

  •  Auto APN

  • Supports Windows 8.1

  • USSD features

  • Voice Calling features

  • Phonebook

  • SMS

  • යාලුවන්ටත් දැනගන්න Share කරන්න පහත Share Buttons වලින්. 

    mobile-partner-3

    4:30 AM by Unknown · 4

    Facebook Friend List එක හංගමු


    මේකත් මගෙන් අහපු අය හිටපු නිසා බ්ලොග් එකේම දාන්න හිතුවා. අද කියන්න යන්නෙ ඔයාගෙ Facebook එකේ ඉන්න Friendsලව අනිත් අයට පේන්නෙ නැති විදියට හදාගන්න විදිය.
    මුලින්ම යන්න ඔයාගෙ profile එකට.
    දැන් යන්න Friends කියන එකට


    එතනින් යන්න Edit privacy වලට.


    දැන් පින්තූරෙ වගේ friendlist එක only me කියලා දීලා close ඔබන්න.

    8:31 AM by Unknown · 0

    කන පැලෙන්න Page එකට like ගන්න මෙන්න Script එක


    ඔන්න යාලුවනේ හැමදාමත් වගේ අදත් අරන් ආවා Facebook එකට Script එකක්.මේකෙන් ඔයාගෙ Page එක like කරන්න කියලා යාලුවන්ට invite autoම යනවා.පොඩ්ඩක් හිතලා බලන්න යාලුවො 400ක් ඉන්න account එකකින් කරොත් අනිවා ඔතනින් 250ක්වත් like කරනවා , 1000ක් ඉන්න එකක්නම් 700ක්වත් like කරනවා. තව මොන කතාද මෙතනින් ගන්න Script එක. http://www65.zippyshare.com/v/84230982/file.html
    • මේ link එකට ගිහින් Code එක අරන් Open කරලා Ctrl+A , Ctrl +C ඔබන්න.
    • දැන් ඔයාට like ගන්න ඕනෙ page එකට යන්න.
    • Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
    • Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
    මෙමගින් ඔබේ Page එකට Invite යැවෙන අතර, පෙර ඔබ විසින් Invite කර ඇති අයට හා එය Like කර අඑති අයට Invite යන්නේ නැත. මේ Script එක මම ලබාගත්ත Site එකෙන් හදලා තිබ්බෙ එයාලගෙ Page එකකටත් Invite යන්න, එනිසා ඒ වෙනුවට මගේ Page එක එකතු කර ඇත.කෙසේ වෙතත් පවසා ඇති ආකාරයට ඔබේ Page එකට Invite සාර්ථකව ලැබේ.

    8:45 AM by Unknown · 4

    ඔබ දුටු දෙයක් ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතුනාද?


    මේක මමත් අත්දැකපු දෙයක්.සමහරවිට ඔබටත් වී තිබෙන්න පුලුවන්. ඔබ එක් වතාවක් පමණක් දුටු දෙයක් ඒ අයුරින්ම ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතීම.ඉතින් මම හිතුවා මේකෙ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරන්න. 

    බොහෝ දෙනෙක්ගෙ මතය වෙන්නෙ අපිට ඒ කලින් දැක්කා වගේ මතක් වෙන්නෙ පෙර භවයක දැකපු දෙයක් කියන එක. සැබැවින්ම එය එසේ නොවේ.මිනිසුන් වන අපට ඇස් 2ක් තිබෙනවා.Optic nerves (ස්නායු) හරහා මේ ඇස් දෙක මොළයට සම්බන්ධ වෙනවා.

    ඉතින් අපි දකින හැම දේම මොළයට ලැබෙන්නෙ මේ ස්නායු හරහා තමයි.ඉතින් මේ ස්නායු හරහා මොලය සන්නිවේදනය කරන විට ඇතිවන දෝශයක් නිසා තමයි ඉහත සිදුවීම වෙන්නෙ.

    සාමාන්‍යෙන් සිදුවන්නේ ඇස් දෙකෙන් දකින දෙය එකම වේලාවේදි මොළයට ගමන් කිරීමයි.නමුත්, යම් අවස්ථාවක එක් ඇසකින් දකින රූපය මොලයට යන්න කලින් අනිත් ඇසෙන් ඒ රූපය මොළයට ගියහොත් (ඉතා සුලු කාලයක ප්‍රමාදයක්) ඇස් දෙකෙන්ම එකවර මෙම රූපය දුටු බව මොළය තේරුම් ගන්නෙ නෑ. 

    ඉතින් අපිට තේරෙන්නෙ මේ දකින දෙයක් වෙලාවල් දෙකකදි දැකපු දෙයක් විදියට.ඉතින් මම කලි ලිපියක්දිත් කිව්වා වගේ අපි දකින් දෙය එකවරම විශ්වාස කරන එක හොඳ දෙයක් නෙවේ.

    10:05 PM by Unknown · 1

    Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

    මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
    Follow sadeepamax
    ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

    මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
    Powered by Blogger.