නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?


ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ  නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි. 
pacman emoticon
----------------------------
දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම් ඉල්ලයි කියලා) අඩුමගානේ පෙළපොතක්වත් ඉල්ලගන්න බැරුව දුක් මහන්සිවුන අය හිටියෙ. සල්ලි එහෙම හොඳට තිබ්බ පවුල් වල වැඩමල් අයියලා අක්කලාගෙන් ඉල්ලගත්තු පොත් තමා අරන් ගියෙ. ගෙදර ආවට පස්සෙ පන්ති තිබ්බෙ නැහැ, පැයක් දෙකක් පොත් ටික බැලුවා ඊට පසෙ ළමයි ගෙදරත් නැහැ, ගෙවල්වලින් අවුලක් දාන්නෙත් නැහැ.. හවස්වරුවම සෙල්ලම් කරලා ආයෙ ගෙදර එනවා ළමයි. ආයෙ පට්ට ආතල් එකක් අරන් තියෙන්නෙ. සමාජ ජාල තිබ්බා, හැබැයි එව්වගෙ chat කරේ එකිනෙකා හමුවෙලා මුහුනට මුහුණ බලාගෙන කතා කරලා, multiplayer games තිබ්බෙ නැහැ හැබැයි එකතුවෙලා කරපු සෙල්ලම් තමා ඒ කාලෙ තිබ්බ multiplayer games... උඹලටත් තේරෙනවනෙ තත්වෙ. හරි හරි බං කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා ඔය ආතල් එක ලාවට හරි ගත්තු සැට් එකේ අවසාන පුරුක තමා අපි, අලුත් පරපුර ගැන කියන්න ඕනෙ නැහැ.. Digital සිරගෙවල් වල virual ආතල් හොයන පරපුරක් අනාගතේදි එයි. කොටින්ම කියනවානම් බිත්තියකට ඇණයක් ගහගන්න හැටි Youtube එකේ search කරලා ඒකට දෙනන් ඕනා බලය (force) එක Google එකෙන් search කරලා කෝණ සමබර කරලා ඇණේ ගහගනියි. මම අංශු මාත්‍රයකින්වත් කියන්නෙ නැහැ දියුණු තාක්ශණය භාවිතා කරන එක වැරදියි කියලා, ඒත් ඉතින් ඕනෙම දෙයක සීමාවක් තියෙන්නත් එපායෑ... හැමදාම Fried Rice කන එකාට ඒක ගාන්ක් නැති වුනාට ඕකේ රස උපරිමේටම විඳින්නෙ ඉඳලා හිටලා කන එකා නෙවැ.

5:38 AM by Unknown · 2

Batapola / Geeco TV Antena අපිම හදාගමු



සුපිරියට TV බලන්න රු. 1500/- ක් පමණ වන බටපොලා ඇන්ටනාව රු. 250/- ක පමණ මුදලක සාදාගැනීමට හැකිනම් එය කෙතරම් වටිනවාද? එහෙනම් අද ලිපියෙන් ඒ වටිනා පරිපථය ඔබවෙත ලබා දෙමි. පරිපථ සටහන අන්තර්ජාලය ඇසුරිණි.

මේ තියෙන්නෙ බල සැපයුම් පරිපථය, TV එක අසලින් තබන කොටසේ ඇත්තේ මෙයයි. 220v to 12v Step Down පරිණාමකයක් භාවිතා කර අඑත. මෙහි කොයිලය 26 swg කම්බියකින් 3mm විශ්කම්භය සහිත වට 20ක එකකි.
එතකොට to Booster යන කොටසට සම්භන්ද වන ඇන්ටෙනා වයරය (76 ohm 5c වර්ගයේ එකක්) පහත පරිපථයට සම්බන්ධ වේ. මෙය තිබෙන්නේ ඇන්ටනාව අසලය.
මෙහි කොයිල් තුන 3mm විශ්කම්භය සහිතව වට 6 බැගින් සාදාගන්න. මෙයට විදුලිය ලැබෙන්නේ පළමු පරිපථය හරහාය.
Batapola ඇන්ටෙනාවේ තිබෙන පාට මාරුවන LED වෙළඳපොලෙන් ලබාගතහැක. එම LED එක 1K Resistor එකක් හරහා ඇන්ටෙනා වයරයට අමුනාගන්න. මෙමඟින් TV Signal සදහා අමතර වාසියක් ලැබෙන්නේ නැත, එය හුදෙක් අලංකාරයට පමණි.
UHF/VHF/FM ඇන්ටෙනාවක් සාදාගන්නා ආකරය පහතින් තිබේ. 

(මෙය ගුණතිලක මහතාගේ විශ්මිත ඉලෙක්ට්‍රොණික පරිපථ අංක 3 පොතෙන් ලබාගන්නා ලදි)
මෙම ඇන්ටෙනාවේ අංක 1,2 යන එලිමන්ට් සඳහා අඟල් 1/4 හෝ ඊට මදක් වැඩි විශ්කම්භය සහිත ඇලුමීනියම් බටවලින් අඩි හතරක් දිග කැබලි දෙකක් ගෙන පිතූරයේ තිබෙන ආකාරයට ඩයපෝල් කප් එකට සවිකරගන්න. මෙම බට දෙක ඉහළ කෙලවරවල් දෙක අතර පරතර අඟල් 50ක් විය යුතු අතර එය ඒ ආකාරයෙන්ම තබාගත යුතුය. එලිමන්ට් 3 හා 4 සඳහාද ඉහත විශ්කම්භය ඇති අඑලුමීනියම් බට වලින් අඩි 4ක කැබලි දෙකක් ගෙන කප් එකට සවි කරගන්න.

Lakshan Sanjaya යාලුවා හදපු බටපොලා ඇන්ටෙනාවෙ පිංතූර කිහිපයක් පහතින් තියෙනවා. එහි ඩයපෝල් එකෙහි දිග 1m පමණය.

11:01 PM by Unknown · 7

මිනිසුන්ට ලැබුණු ලොව අමානුශිකම දඬුවම්


මේ ලිපිය බැලුවට පස්සෙ හිතෙයි එදිනෙදා අපි දකින දඬුවම් මොනවද කියලා. ලිපිය ලියන එකේ අරමුණ නම්, අප විසින් සිදු කරන වැරදිවලටත් මෙලෙසින් දඬුවම් ලැබුණොත් එය කෙතරම් වේදනාකාරීද යන්න සිතා වරදින් ගැලවීමට ඔබවත් යොමු කිරීමයි. සංවේදි අය නම් බලන්නෙ නැති තරමට හොඳයි.
1 - Scaphism
මෙය අතීතයේදි සිදුවූ දඬුවම් ක්‍රමයක් වන අතර පුද්ගලයා නිරුවත්ව ගසකට බැඳ තබයි. පසුව ඔවුන්ට බලෙන්ම කිරි, හා මීපැණි පොවන අතර ඔවුනට පාචනය, අතීසාරය සැදෙන තුරුම එය සිදු කරයි. පසුව ඔවුන්ගේ ශරීරයම මී පැණි වලින් වසන අතර එනිසා කෘමීන් ඒ වෙත ඇදෙයි. 
පුද්ගලායාගේ අසූචි එකතුවීමට පටන් ගත් පසු කෘමීන් ඒවා ආහාරයට ගෙන පුද්ගලායාගේ සම මත වර්ධනය වේ. මෙසේ කුණුවෙමින් පවතින ශරීරය මිය යෑමට සති දෙකක පමණ කාලයක් ගත වේ. නිරාහාරව, ජලය පානය කිරීම නොමැතිව වේලී බියෙන් අමු අමුවේ කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විඳියි.

2 - Republican Marriage
මෙය ප්‍රංශයේ සිදුවූවක් වන අතර, පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැටගසා ගඟට විසිකිරීම සිදු කරයි.

3 - සිමෙන්ති සපත්තු
ඉහත දඬුවමව සමාන වන මෙහිදී පුද්ගලයාට සිමෙන්ති සපත්තු දෙකක් පළඳා ගඟට විසි කරයි. මෙය ඇමෙරිකානු මාෆියාවෙහි සිදුවූවකි.

4 - ලෑල්ලෙන් පැනීම
ඔව් මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්‍රමයක්, නමුත් මෙය මුහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නකි. මුහුදට වටුණු පුද්ගලාගේ අවසන් ඉරණම මෝරුන්ට ආහාරයක් වීමයි.

5 - Bestiarii
මෘගයන් සමඟ සටනට යවන සිරකරුවන්ට ජීවිතය නැතිවන තුරුම සටනේ යෙදීමට සිදු වේ. නිරුවත්ව ආයුධ නොමැතිව කෙරෙන මෙය ඉතා අමාණුශික සටනකි.

6 - උඩට එලා මැරීම
මෙය සාම්ප්‍රදායික එල්ලා මැරීමට ව්අඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලායා ඉහලට ඔසවා මැරීමයි. ඇමෙරිකාවෙන් ආරම්භ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය.

7 - කියතෙන් කැපීම (ඉරීම)
මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදු වූවකි. උඩුයටිකුරු ලෙස ගැටගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතෙන් ඉරා දමයි. උඩුයටිකුරුව තබන නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොළයට රුධිරය ලැබෙන නිසා පුද්ගලයාට සිහිය පවතී.

8 - සම ගැලවීම
මෙහිදී සිදුවන්නේ ප්‍රසිද්ධ ස්ථානයක පුද්ගලයයෙකුගේ සම ඉවත් කිරීමයි.

9 - රුධිර රාජාලියා (Blood Eagle)

මෙහිදී සිදුවන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා ඔහුගේ පෙණහලු ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි.

10 - The Gridiron
පිලිස්සෙන ගල් අඟුරු ඇඳක් උඩ තැබූ පුද්ගලයාව අධික තාපය නිසා විශාල වේලාවක් දුක් විඳ මරණයට පත් කිරීමයි.

11 - තැලීම

යුරෝපයේ හා ඇමෙරිකාවේ සිදු වූ මෙය, වරදකරුවන්ගෙන් කටෞත්තර ගැනීමට භාවිතා විය. වරදකරු ප්‍රතික්ශේප කරන සෑම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරවයි.

11 - Breaking Wheel


Catherine Wheel යනුවෙන්ද හඳුන්වන මෙම රෝදයට ගැටගසන පුද්ගලයාගේ අස්ථි බිඳෙන තුරු පහර දෙයි.

12 - Spanish Tickler
මේවායෙන් සූරා දමන වරදකරුගේ හම ගැලවී අධික වේදනාවෙන් මරණයට පත් වේ.

13 - පුලුස්සා මැරීම
ප්‍රසිද්ධියේ ගැටගසා පුලුස්සන පුද්ගලයා පිලිස්සී මැරීමට පෙර කාබන් මොනොක්සයිඩ් ශරීරගත වී මරණයට පත් වේ.

14 - උණ බට
සෙමෙන් සිදුවන වේදනාකාරී දඬුවමක් වන මෙය ආසියාවේ සිදුවිය. උණ ගසක ගැටගසා තබන වරදකරුව දිනකට අඩියක් පමණ දික් වන උණ බට ශරීරය තුලට ඇතුල්වීම සිදු වේ.

15 - Ling Chi (සෙමෙන් කැපීම)
වරදකරුගේ ශරීරය සෙමෙන් පෙතිගසන අතර එම පුද්ගලයාව වැඩි කලක් ජීවත්ව සිටින ආකාරයෙන් මෙය ක්‍රමාණුකූලව සිදු කරයි.

16 - කොලොම්බියානු ටයි පටිය
ටයි එකෙන් ගැටගහලා  මරණ එක හොඳයි කියලා හිතෙන්න නැති නේද? ඒත් මෙතන වෙන්නෙ එහෙම දෙයක් නෙවේ. කොලොම්බියාවේ සිදුවූ මෙම දඬුවම මඟින් වරදකරුගේ උගුර පලා දිව එලියට ගනී. එහිදී ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට ඉතිරි කර තබයි.

17 - කුරුසයේ ඇණ ගැසීම
මෙය රෝමයේ සිදු වූවකි. සෙමෙන් , වේදනාවෙන් නින්දා පමුණුවන ලෙස සිදුවන මෙම දඬුවම ලබන පුද්ගලයාට මරණය දක්වා තම කුරුසය දරා සිටීමට සිදු වේ.

18 - එල්ලා, ඇදගෙන ගොස්, කපා දැමීම.
එංගලන්තයේ සිදු වූ මෙම දඬුවම කොටස් තුනකින් සිදු විය.
පළමුව වරදකරුව ලී රාමුවක ගැටගසා දඬුවම දෙන ස්ථානයට ඇදගෙන යයි. පසුව මරණාසන්න වන තුරු එල්ලා තබයි. පසුව පුද්ගලයාගේ උදරය කපා බඩවල් පිටතට ගනී. අවසානයේ එම පුද්ග්ලයාගේ හිස ගසා දමා ශරීරය හතරට කපා දමයි. එම කොටස් ප්‍රසිද්ධ ස්ථානවල දමයි.

ඔබත් වරදක් කළොත් යම් දිනක මෙවැනි දඬුවමක් මෙලොවදී හෝ එලොවදී ඔබටත් උරුම වීමට ඉඩ ඇත. එනිසා තමන් කරන්නේ කුමක්ද යන්න දෙවරක් සිතා බලන්න.

9:38 PM by Unknown · 6

මෙහෙමත් සිදුවීම්



Sun dogs

Mock suns සහ phantom suns නමින් හඳුන්වන මෙම සිදුවීම සූර්යාලෝකයෙන් සෑදුණු වලල්ලක් නිර්මාණය කරයි.


ජලය යට ඇති වන Crop Cycles



1995දී ප්‍රථම වරට සොයාගෙන තිබෙන මෙය දකුණු ජපාන් මුහුදේ විස්මයජන සිදුවීමක් ලෙස බොහෝ කලක් තිබිණි. කෙසේවෙතත් 2011 දී විද්‍යාත්මීන් විසින් මෙහි සුලමුල සොයාගන්නා ලදි, එනම් මෙය 
puffer නම් කුඩා මාලුන්ගේ වැඩක් බවයි.

මහා නිල් කුහරය

Belize හී තිබෙන මෙය දැක තිබෙන අය කෙතරම සිටියත් එය ඇති වූ ආකාරය දන්නේ සුළු පිරිසකි. පළමුව එය ගොඩබිම තිබූ ගුහාවක් වන අතර පසුකලෙක එය මීටර් 300ක් පමණ ජලයෙන් යටවී මීටර් 124ක ගැඹුරකින් මෙය සිදුකර ඇත.

නත්තල් දූවට (Christmas Island) පැමිණෙන රතු පොකිරිස්සෝ



අඟල් පහක පළලක් වන මොවුන් වසරකට වතාවක් බැගින් මෙලෙසින් රංචු ගැසෙයි. සතියක පමණ කලක් අභිජනනයේ යෙදෙන මෙම පොකිරිස්සන් මිලියන ගනණක් වෙරල වසා ගනී.


මෙම ලිපිය සම්පූර්ණයෙන් ලියා අවසන් කිරීමට නොහැකිවූ නිසා ඒ පිළිබඳ මාගේ කණගාටුව.

7:52 AM by Unknown · 1

ඇමෙරිකාවෙ ජනපති ඔබාමාගේ නිළ රථයේ සැඟවුණු රහස්



ලෝක බලවතෙක් වන බැරැක් ඔබාමා ජනපතිතුමන්ගේ නිළ රථය බලන්නයි අද යන්නෙ.



දිග අඩි 18යි, පලළ අඩි 5.10 යි
ජනපතිතුමා ගුවන්යානයෙන් බස්නා තුරු බලා සිටින මෙම මෝටර් ර්ථයෙහි නම "Beast" (බීස්ට්) ය. මෙය නිතරම ජනපතිතුමන් සමඟ ගමනේ යෙදෙන අතර ජන සමූහයන්ට බාධාවක් ලෙස වාහනය නවතා තබයි.
රසායන අවි ප්‍රහාරයක් ඇති වුවහොත් වාහනය සීල් වන අතර, මෙහි රෝද සිදුරු නොවන ඒවාය.
විදෙස් සංචාරයකදී ඇමෙරිකානු කොඩිය එක් පසකින් හා අනෙක් පසින් විදෙස් රටෙහි කොඩිය රඳවයි.
වායු ප්‍රහාරක හා රාත්‍රී කැමරා වාහන ඉදිරිපස සැඟව ඇත.
රියදුරු සිට ස්ථානයේ වීදුරුව පමණක් විවර වන අතර, එයද විවර වන්නේ අඟල් 3ක් පමණි. ටයර් වලට හානියක් වුවහොත් වානේ රිම් මඟින් වාහන ගමන් ගනී.
අඟල් 8ක් ගණකම් දොරවල්. (සේප්පුවක් වගේ)
මෙය තනිකරම ඇවිදින වානේ, ඇලුමීනියම් හා සෙරමික් බලකොටුවකි.
වාහනට යටින් තිබෙන වානේ තලය බිම් බෝම්බ හා අත් බෝම්බ වලින් ආරක්ශාව සපයයි.
වාහනේ ඇතුලෙ නම් ජනපතිතුමාට හොඳට Signal තියෙනවා.
මෙහි අන්තර්ගතකර තිබෙන චන්ද්‍රිකා තාක්ශණික දුරකථන කෙලින්ම සම්බන්ධ වන්නේ උප ජනපතිතුමාට හා පෙන්ටගනයටය.
ටොන් දෙකක් බරැති මෙහි සැඟවුනු තතු බොහොමයි, පින්තූර විශාල කර නැරඹීමට ඒ මත Click කරන්න.
දැන් හිතෙනවා ඇති නමට කාර් එකක් වෙලා තියෙන භාන්ඩෙ තනිකරම ඔබාමගෙ නිල යුද්ධ ටැංකියවත්ද කියලා.

4:01 AM by Unknown · 1

NASA එකෙන් කිව්ව විදියට ලොව අඩුම ගුරුත්වයක් ලංකාවෙ තියෙන්නෙ ඇයි?


එක්කො ලංකාවෙත් තාරකා දොරටු තියෙනවාද?
මොනාද තාරකා දොරටු කියන්නෙ?
පෘථිවියේ තිබෙන ශක්තිය විශ්වයට මුදාහරින ස්ථාන වලට තමයි තාරකා දොරටු (Star Gate) කියන්නෙ.
දැන් ඔයා කියන විදියට එහෙම එව්වා කොහෙද තියෙන්නෙ?
දන්නවද ඊජිප්තුව? අර පිරමීඩ තියෙන්නෙ?
ඔව් ඔව් ඉතින්...
අන්න ඒ පිරමීඩ හදලා තියෙන්නෙ ඔය තාරකා දොරටු සඳහා.
කොහොමද ඔප්පු කරන්නෙ?
හරි දැනට ලැබී තිබෙන තොරතුරු අනුව අපි කවුරුත් දන්න දෙයක් තමයි ඔව්වගෙ තියෙන මමී තවමත් පවතින බව. වසර 2500කටත් වඩා පරණයි. ඇයි එව්වා විතරද ඔය පිරමීඩ අස්සෙ තැන්පත් කරලා තියෙන්නෙ, ඒ රජවරු ආහාරයට ගත්තු දේවල් පවා ඒ තිබ්බ විදියටම එතන තැන්පත් කරලා තියෙනවා. උඹ විශ්වාස කරනෙන් නැතිවෙයි, ඒ කලෙ එහෙම තැන්පත් කරපු පළතුරු ගෙඩිය පවා නරක් නොවී ඒ විදියටම තියෙනවා දැනටත්.
වෙන්න බෑ..
ඇයි බැරි, අන්න ඒ පිරමීඩවල තියෙන තාරකා දොරටු හරහා නිකුත්වන ශක්තියෙහි බලපෑම නිසා මෙම ආහාර නරක්වන ක්‍රියාවලියත් නැවතී තිබෙනවා.
එච්චර ලොකු ශක්තියක්?
ඔව්, අන්න ඒක නිසා වෙන්න බැරිද ලංකාවෙත් විශාල බලපෑමක් කරන්න පුලුවන් යම් ශක්ති කේද්‍රයක් තියෙන්නෙ. අන්න ඒ ශක්ති කේන්ද්‍රය නිසා වෙන්න බැරිද ගුරුත්වය මෙච්චරටම අඩු වුනේ? පොඩ්ඩක් හිතලා බලන්න බිම තියෙන අල්පෙනෙත්තක් අසලට චුම්භකයක් ලංකළ විට ගුරුත්වය එම චුම්භක බලයට වඩා දුර්වල වී අල්පෙනෙත්ත චුම්භකය වෙත ගමන් කළ ආකාරය.
ඒකත් ඇත්ත තමා.

ඔය ලිව්වෙ මට හිතුන දේවල්.

මෙන්න ඒ ගැන සම්පූර්ණ විස්තරයක් සිංහලෙන්ම 

6:04 AM by Unknown · 1

දකුණු කොරියාවේ ඉදිවෙමින් පවතින ලොව විශාලතම නැව


මෙන්න සුපිරි වැඩක්, බලන්නකො ඉතින්.. නැවේ නම කියලා පටන් ගන්නම්කො ලිපිය, 'Maersk Triple E' . 2011 වසරේදී Daewoo Shipping සමඟ ඩොලර් බිලියන 3.8ක මුදලක ගනුදෙනුවක් සමඟින් මෙම නැව් වාහීනී 20ක ඉදිරිකීම ඇරඹිනි.




මීටර් 400ක දිගින් හා මීටර් 59ක පළලකින් යුත් Triple E නව්කාව V හැඩැති ස්වරූපය වෙනුවට U හැඩැති ස්වරූපයකින් නිර්මාණය වේ.
ද්විත්ව 43,000hp (32MW) two-stroke, ultra-long-stroke වර්ගයේ එන්ජිමකින් සමන්විත මෙය slow steaming ක්‍රමවේදය භාවිතා කර ඉන්ධන දහනය 37%කින් අවම කර ඇත. එමෙන්ම 50%ක කාබන් ඩයොක්සයිඩ් විමෝචයෙහි අඩු කිරීමක්ද සිදු කර ඇත. මෙම ක්‍රමවේදයෙහි විශේශතවය නම් නැව තම උපරිම වේගයට ව්අඩා අඩු ව්ඒගයකින් ගමන් කරවීමයි. මෙහි උපරිම වේගය 23 knots. ලෙස සඳහන් වේ.
අවරපෙති දෙකකින් තම බලය යොදවන මෙම නව්කාව twin-skeg ලෙස හඳුන්වන එම ක්‍රමවේදයට එන්ජින් දෙකක් භාවිතා කරයි.ටොන් 70ක බරින් යුත් එක් අවකරපෙත්තක විශ්කම්භය මීටර් 6.8ක් වන අතර එකක් තල 4කින් සමන්විත වේ. Triple E යන්නෙන් අරුත් ගැන්වෙන්නේ “Economy of scale, energy efficient and environmentally improved.” යන්නයි. එනම් පිරිමැස්මෙන් යුත් පරිමාණය කාර්යක්ශමතාව හා පාරිසරිකව බලපාන යහපතයි.
මෙම නැවෙහි කපිතාන්වරයා වන Lars Peter Jensen ලොව විශාලතම නැවෙහි කපිතාන් වන ගෞරවය හිමිකරගනී.

5:28 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.