සොබාදහමට විස්මිත ලෙස හැඩගැසුනු සතුන් තොගයක්



අපි හිතුවෙ නැති උනාට සොබාදහමට හැඩගැසුනු විවිධාකාරයේ සතුන් සිටිනවා.
1 - මෙම ගෙම්බා හට වසර 7ක් පමණ සිසිරගතව සිට හැක.
වර්ශා කාලයෙන් අනතුරුව අප්‍රිකානු pyxie වර්ගයේ ගෙම්බන් පොලොව යට සාදාගන්නා ශ්ලේශ්මය කෝශ තුළ සීල් වෙලා වසර 7ක් පමණ ජීවත් වෙනවා නැවත වර්ශා කාලය පැමිණෙන තුරු.

2 - මේ මුවා බල්ලෙක් වගේ බුරනවා
දකුණු රතු muntjac මුවෙක්ව බය කරන්න එහෙම ගියොත් බලෙක් වගේ බුරන්න ගන්න එයාගෙ ශබ්දය අහගන්න පුලුවන්.

3 - මේ ලේනා එයාගෙ වල්ගය භාවිතා කරනවා සෙවනල් ලෙස
Cape ground ලේනුන් අධික හිරු රශ්මියෙන් ගැලවෙන්නෙ මෙහෙම.

4 - මේ ගෝනුස්සා ආහාර නැතුව වසරක් පමණ ජීවත් වෙනවා
විශේශ metabolisms ගෝනුස්සන්ට ආහාර වේල මඟහැරෙන එක සුලු දෙයක්.

5 - මේ කුරුල්ලා එයාගෙ පිහාටු තුල ජලය රැගෙන යනවා
පිරිමි sand grouse පක්ශීන් තම කූඩුවේ සිටින පවුල වෙනුවෙන් ජලය රැගෙන යන්නේ පිහාටු තුල ගබඩා කරලා.

6 - ගිජුලිහිනියා තමා වෙතම මුත්‍රා කරගන්නවා
අමු මස් බුදින ගිජුලිහිනියන් තම පාද සිසිල් කරගන්න ඒවාට මුත්‍රා කරගනී.

7 - මේ කුහුඹුවගෙ පිටුපසින් කොකු දෙකක් තියෙනවා
මේ (Polyrhachis bihamata) කූඹියව අල්ලන්න ගියොත් හොඳ පාඩමක් ඉගෙනගනියි, මොවුන් තම විලෝපියාගේ ශරීරයේ එල්ලී ගැලවෙන්නේ නැතුව සිටිනවා. කොහොමද මේ කූඹි ජනපදයක්ම ඇඟේ එල්ලුනොත්?

8 - මෙම gazelle මුවාට ජල පානය කිරීමට අවශ්‍ය නැහැ
මොවුන්ට ජලය පානය කිරීම අවශ්‍ය නොවන අතර එම ජල තම ආහාලර හරහා ලබාගනී.

9 - මේ මාලුවගෙ ඇසට යටින් පිහි තිබෙනවා
Clown loaches මත්ස්‍යින්ගේ ඇසට යටින් තියුණු පිහි ඒවා විදීමේ හැකියාවක්ද තිබේ.

10 - මේ පණුවා තම මවගේ සම ආහාරයට ගනී
"caecilians" යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පණුවන්ගේ මව ගණකම් සමකින් යුක්තවන අතර පණු පැටවුන් එය ආහරයට ගෙන වර්ධනය වේ.

11 - මේ මුවාට බලු දත් තියෙනවා 
Tufted  මුවන්ට ඇති මෙම දත් මඟින් සහකාරියක් වෙනුවෙන් හෝ භූමිය අත්කරගැනීමට අනෙක් මුවන් සමඟ සටන් වදී.

12 - මේ සැලමැන්දරයා ශ්වසන්ය කරන්නෙ තම සමෙන්
ET සැලමැන්දරයා  යනුවෙන් හඳුන්වන මේ පුංචි හාදයා එයාගෙ කැත නිසාම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්.
13 - මේ වෘකයට දිගු පාද තිබෙනවා
විද්‍යාත්මීන්ගේ මතය නම්, තණ පදුරු තුල සැඟව සිටින ගොදුරු සොයාගැනීමට පහසු වන ලෙස මේවා සෑදී ඇති බවයි.

14 - මේ කටුස්සා තම ඇස් වලින් රුධිරය පිට කරනවා
උතුරු ඇමෙරිකාවේ සිටින අං කොට කටුස්සා තමයි මෙහෙම කරන්නෙ.

15 - මේ Okapiට තමන්ගෙ ඇස් ලෙවකන්නත් පුලුවන්.
දිවේ දිග දැක්කම කියන්න පුලුවන්නෙ.

16 - මෙම සාරංග මුව විශේශය සෘතුවට අනුව වර්ණය වෙනස් කරගන්නවා
ග්‍රීශ්ම කාලයේදී සුදු පැහැති වන මොවුන් හිරු රශ්මිය පරාවර්තනය කරන අතර සීත සමයේ මොවුන් දුඹුරු පැහැයට හැරී හිරු එලිය උරාගනී.

17 - මේ පණුවා තම ආහාර උරාගන්න තම සමෙන්
Osadex නම් මෙම පණු වර්ගය තම ගොදුර මතට ඇසිඩ් ද්‍රාවණයක් දමා එය දිය වන විට තම සමෙන් එය උරාගනී.

සත්ව ලෝකයේ විස්මිත රහස් තවත් මෙතනින් http://sadeepa01.blogspot.com/2014/12/blog-post_16.html

9:58 PM by Unknown · 0

හරියටම කරපු වෙලඳ ප්‍රචාරණ



මතකද යාලුවනේ වතාවක් ගෙනාවා කැත නැතුව කැත විදියට ප්‍රසිද්ධව කරපු දැන්වීම් තොගයක්, ඒකට හරියන්න මෙන්න නුවනක්කාරවම කරපුවා තොගයක්.
තමාට අවශ්‍ය ප්‍රමාණය පමණක් ගන්න.
රැවුල විතරක් නෙවේ, තණකොල වුවත් කපන්න පුලුවන්.
බාගෙට කරපු වැඩක්ද?
ඔයාට මේක කියවන්න පුලුවන් නම් අනිවා ඔයා අනතුරකට ලක් වෙලා
නීතිය කියන තරම් අන්ධ නැහැ
පිහිය උඩ
ඔයා තනිකරම ඔයා කාපු දේවල් නම්, පට්ට තමා
පහතින් ගමන් ගන්නා ගුවන් යානා වලින් ප්‍රවේසම් වන්න, පේනවනෙ පැත්තක් ගිහින් තියෙන හැටි.
විදුලිය නිසි පරිදි භාවිතා කරමු.
ගන්න දේ මේ වගේමයි
මෙහෙම ලියුම් එනකන් ඉන්න එපා, අපිත් එක්ක Online වැඩේ කරගන්න.

12:14 AM by Unknown · 4

ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා



මේක පොඩි කතාවක්, දවසක් මහ දවාලේ කලුගල් කඩමින් සිටි පද්ගලයෙකු දැඩි හිරු රශ්මිය සමඟින් කලු ගලට තම කුලුගෙඩියෙන් බැට දෙමින් මෙසේ සිතන්නට විය,"මම ගොඩක් මහන්සිවෙලා කලුගල් කැඩුවත් මටත් වඩා මේ ඉර තමයි ශක්තිමත්, එයාගෙන් එන එලියට මගෙ වැඩේවත් කරගන්න බැහැ, අනේ මට ඔය ඉර වෙන්න තිබුනනම් මම තමයි ලෝකෙ බලවත්ම කෙනා.."
ඔහු එසේ සිතත්ම එකවර ඔහු ඉර බවට පත් විය, සිතූ පරිදිම දැඩි හිරු රශ්මිය විහිදුවා පොලොව මත සිටින අයට තම බලය පෙන්වන්නට ගත්තා. නමුත් ඒ සුලු මොහොතකට පමණි. එක් වරම තමාගේ ආලෝකයට බාදා කරමින් වලාකුලක් පැමිණ තම ආලෝකය පොලොවට වැටෙන්නට නොදී ආවරණය කළා. ඒ නිසා කම්පා වූ හෙතෙම, "ඉර වෙලා හිටියත් මට බැරි වුනා වලාකුලෙන් බේරෙන්නෙ, අනේ මටත් වලාකුලක් වෙන්න තිබ්බනම්.." පෙර පරිදිම මොහු සිතූ ලෙසින් එක් වරම ඔහුව වලාකුලක් බවට පත් විය. ආකශය පුරා තම වලාවන් පුරවා හිරුට නොදෙවෙනි වී තමා ලොව බලවත්ම කෙනා බව පෙන්වන්නට විය, නුමුදු එයද සුලු මොහොතකට පමණි. වලාකුලු සියල්ලක්ම දිය කර හරිමින් පොලොවට වැටෙන ජලය ලෙස ඔහුට වර්ශාවට පරාජය වන්නට සිදුවුණා. මෙනිසා නැවතත් ඔහුට ප්‍රාර්ථනාවක් කරන්න සිදුවුනා... ඔව් වැස්සක් වෙන්නෙ. සිතූ පරිදිම ලොව බලවත්ම තැන වර්ශාව කරගත් ඔහු වලාකුලු, ගම්, නියම් ගම්, නගර ආදී සියල්ලක්ම වැස්සෙන් නහවා විශාල බලයක් පෙන්වීය. නමුත්... ඔහු මෙවරද පරාජය විය, මන්ද යත් කුමක් විනාශ වුවත් කලු ගල පමණක් වැස්සෙන් බේරිණි.. මක් කරන්නද යැයි සිතූ හෙතෙම ක්ශණයකින් කලුගලක් බවට පත් වීය.. මෙවර අන් සියල්ලක් හටම නොදෙවෙනිව ශක්තිමත්, බලවත් ලෙස තමා ලෝකයේ බලවත් තැන ගත්තේය.. එම ප්‍රයක්නයද සුන් කර දමමින් ඊටත් වඩා බලවන්තයෙන් පැමිණ කලුගලද විනාද කරන්නට විය.. ඒ කලු ගල් කඩන මිනිසෙකි, තමාට කුලු ගෙඩියෙන් පහර කෑමට සිදුවීමත්, කලු ගල් කඩන මිනිසාට දෙවෙනි වීමට සිදුවීමත් ගැන ශෝක වූ හෙතෙම මෙසේ ප්‍රාර්ථනා කළේය, "ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා, අනේ මාව නැවතත් කලු ගල් කඩන මිනිසෙක් බවට පත් කරන්න..." ඔහු නැවත හිටි තත්වයටම පත් විය, සුපුරුදු පරිදි කලු ගල් කඩන්නට විය.. ලෝකයේ බලවත් හා ශක්තිමත්ම තැන ගන්නට සිතනවාට වඩා තමාට ලැබී ඇති තැන ගැන සෑහීමට අගනා බව මෙයින් ඔබට කියා දෙමි, කුඩා කල කියවූ කතන්දරයක් ඇසුරිණි.

4:43 AM by Unknown · 4

විදුලිය, විදුලිබල මණ්ඩලය, විදුලි උපකරණ හා මේ සියල්ලෙහිම ක්‍රියාකාරිත්වය



ඔන්න යාලුවනේ අද ඔයාලගෙ දැනුමට ගොඩක් වටින ලිපියක් අරන් ආවා, කියවන්නත් කම්මැලි නිසා මේ සිංහලෙන්ම තියෙන මේ Video දෙක බලන්න. ලංකා විදුලි බලමණ්ඩලයන් නිපදවන විදුලිය නිවසට පැමිණෙන තෙක් සිදුවන ක්‍රියාවලිය වගේම ගෘහස්ථ විදුලි මාර්ගය, විදුලි උපකරණ හා බොහොමයක් තොරතුරු මෙමඟින් දනගත් හැක. දෙවෙනි කොටස මෙන්න.

10:35 AM by Unknown · 0

Area 51 වැනි අභිරහස් ස්ථානයක් ශ්‍රී ලංකාවෙන්


පිට අයට ඇතුළුවෙන්නත් බැරි ඇතුලෙ ඉන්න අය පිටවෙන්නෙත් නැති ස්ථානයක් ගැන ඇසුවොත් ඔබේ මතකයට නැගෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Area 51 නොහොත් 51 වන කලාපයයි. නමුත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ ස්ථානයක් ශ්‍රී ලංකාවේද තිබෙන බවයි. හලාවතට නුදුරින් පිහිටා තිබෙන මෙම ස්ථානය ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ නොහොත් Voice of America යනුවෙන් හඳුන්වා ඇත. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව මෙය ශ්‍රී ලංකා ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනපති වීමටත් ප්‍රථම ශ්‍රී ලංකාවේ තිබූ බවත් ඒ වන විට අක්කර 40ක භූමි ප්‍රදේශයකත් තිබිණි. ප්‍රදේශවාසීන් හට මෙම ස්ථානයට ඇතුලුවීමට පවා අවසර නොලැබුණ හෙයින් මෙය සැකසහිත දෙයක් වූ අතර, බණ්ඩාරණායක මැතිණිය පවසා තිබෙන්නේ තමන් බලයට පත් වූ පසු මෙම ස්ථානය ඉවත් කරන බවය. නමුත් සිදුවූයේ නොසිතූ දෙයකි, ඇය බලයට පත් වූ පසුව අක්කර 40ක විහිදී තිබූ ඇමරිකන් හඬ අක්කර 400ක් දක්වා විශාල කිරීමට රජයෙන් අවසර ලැබිණි. 1994 පමණ වන විට මෙය තවත් සංවර්ධනය වූයේ ජනතාවගේ විරෝධයද මැදයි.
එකල උතුරුකරයේ කොටි ත්‍රස්ථවාදය නිසා යුධ වදින හමුදාව මෙන්ම ඉරණවිල ප්‍රදේශවාසීන්ද තම භූමියට පැමිණ අභිරහස් දෑ සිදු කරන ආගන්තුකයින් සමඟද පොරබැදීමට සිදුවිය.
මෙම ස්ථානය කෙතරම් අධි ආරක්ශිතද යැයි කිවහොත් ඒ වටා ඉදිකර ඇති විදුලි වැට මාරාන්තික වොට් 33000 ක විදුලියකින් සන්නද්ධ කර ඇත.
ඇමෙරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යන ඉරණවිල Voice of America යනු ශ්‍රී ලංකාව අනුබද්ධව තවත් රටවල් 14ක ක්‍රියාත්මක කෙටි තරංග සම්ප්‍රේශණාගාරයක් වන බවයි ඔවුන් පවසන්නේ.


මෙහි වාහන ගමනාගමනයට යැයි සැලකෙන කිලෝ මීටර් 3ක් දිග සහ අති විශාල පලකින් යුත් මාර්ගයට අඩි පහකට වඩා වැඩි කොන්ක්‍රීට් තට්ටුවක්ද යොදා ඇත.
සාමාන්‍ය මාර්ගයකට වඩා ශක්තිමත් මෙය අවශ්‍ය ඕනෑම වර්ගයේ ගුවන් යානයක් ගොඩබැස්වීමටද හැකි වන අයුරින් තනා ඇත.
පිටස්තර පුද්ගලයෙකුට හෝ ලංකාවේ ආරක්ශක අමාත්‍යංශවලට පවා ඇතුලු වීමට නොහැකි මෙම ස්ථානය ඇමෙරිකානු ජාතිකයින් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන අතර කෙටි තරංග සම්ප්‍රේශණාගාරයක් යැයි පැවසුවද මේ තුළ ඊටත් වඩා බරපතල යමක් සිදු වන බව කාටත් නොරහසකි.
හලාවත, ඉරණවිල ප්‍රදේශවාසීන් මෙම ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේදි අහසේ අත්භූත එලි ගමන් කරන ආකාරය දැක ඇති අතර පාන්දර 3ට පමණ මෙවැන්නක් දුටු ගොවියෙකු පවසා තිබුනේ එය මඳ වේලාවකට පසු අතුරුදහන් වූ බවයි. මෙම අභිරහස් යානාව දෙසට තම විදුලි පන්දම් එල්ල කළ ජනතාව බිය වැද්දීමට මෙන් ඒවා ලඟට පැමිණ ඇති අතර පැය දෙකක පමණ කාලයකින් ඒවා අතුරුදහන් වූ බවත් ආරංචි වේ. මෙවැනි එලි සහිත් වස්තූන් ඉරණවිල අහසේ දක්නට ලැබෙන්නේ පාන්දර 2ත් 4ත් අතරය.
එමෙන්ම මෙම ස්ථානයේ විශාල කුලුණු සවි කර ඇති අතර, ඒවායෙහි නිවි නිවි දැල්වෙන විදුලි පහන්ද දක්නට ඇත. 30ට වැඩි ප්‍රමාණයක්.
ප්‍රදේශවාසීන් මෙය සැක කරන්නේ මේවා ගුවන් පථ වල භාවිතා වන මග පෙන්වන ආලෝක හෝ වෙනත් ආකාරයකින් යම් තොරතුරක් සම්ප්‍රේශණය කරන ක්‍රමයක් බවයි. (Parallel Data communication)
ලිපිය ලියන්න විස්තර හොයලා දුන්න Roshen, Enosh මාගේ මිතුරන්ට බෙහෙවින් ස්තූතිය පුද කරමි.

6:20 AM by Unknown · 4

කැමති පාටකින් Facebook status / comment / Message දාන්නෙ මෙහෙමයි



යාලුවනේ ඔයාලා කැමති ඕනෙම පාටකින් Facebook Status දාන්න Trick එකක් තමයි අද අරන් ආවෙ. වැඩි දෙයක් නෑ පොඩි Code එකක් status එකේ මුලට Type කරන්න තියෙන්නෙ.
පහතින් තියෙන්නෙ ඒ වගේ දාන්න පුලුවන් වර්ණ කිහිපයක්.

<fg=b0ffd700> golden
<fg=b0000000> black
<fg=b0ff7f00> orange
<fg=b0ffff00> yellow
<fg=b0ff00ff> light pink

ඔයාට තියෙන්නෙ කැමති පාටට අදාල Code එකේ status එකේ මුලින් type කරන්න, මේ වගේ.

<fg=b06f00ff> Hello Friends, This is blog of Sadeepa

එතකොට ඒක පෙන්වන්නෙ,

Hello Friends, This is blog of Sadeepa

දැක්කනෙ, මෙන්න තවත් වර්ණ

<fg=b0ff007f> dark pink
<fg=b0ff0000> redish pink
<fg=b0800000> brown
<fg=b0ffc0cb> light purple
<fg=b06f00ff> dark blue
<fg=b0c0c0c0> grey
<fg=80ffffff> sky blue
<fg=b000ffff> light blue
<fg=b0bf00ff> purple
<fg=b08f00ff> dark purple
<fg=b0808000> mehandi green
<fg=b0ba55d3> light purple
<fg=b0f000f0> majenta
<fg=b00000ff> blue
<fg=b0b08080> steel grey
<fg=b0000080> movve
<fg=b0964b00> light brown
<fg=f0f00f0f> red
<fg=b000ff00> green
මේක හොඳටම බලාගන්න පුලුවන් Facebook Lite App එකේදි.
ඔය ටිකත් මදිද, එහෙනම් පහතින් හොඳ වර්ණයක් තෝරගෙන එහි HEX අංකය Code එකේ b0 හා > සලකුනත් මැදට යොදන්න.

මේ වගේ, Hex කේතය = 00000ff නම්, 
මෙහෙම දාන්න <fg=b000000ff> blue
මතක ඇතුව Share කරගෙනම යන්න.
සමහරවිට මෙය ඔබේ Web Browser එකේ නොප්න්වූවද ඔබේ මිතුරන් හට ඔවුන්ගේ Browser වල ඔබේ වර්ණවත් Status එක දැකගත හැක.

8:19 AM by Unknown · 4

ඔබේ ඇස් මවිත කරවන සිතුවම්


ඔන්න යාලුවනේ ඔයාලට පිස්සු හැදෙන Post එකක් අරන් ආවා, මේක බැලුවට පස්සෙ ඔයාට ඔයා ගැනම පුදුම හිතෙයි.
ඇල වෙලා වගේ තිබ්බට මේ හරස් රේඛා තියෙන්නෙ සමාන්තරව.
මැද තියෙන තිත දිහා බලාගෙන ඉන්නකො මොකද වෙන්නෙ බලන්න
මේකෙ එක තිතක් දිහා බැලුවොත් සිදුවෙන චලනය නවතිනවා.
කරකැවෙන චතුරස්‍ර.
මෙව්වා එකම උසකට ඉහලට පහලට ගියත් ඔබට පෙනෙන්නේ මේවා දෙපසටද ගමන් කරන ලෙසයි.
මේක දිහා වැඩි වෙලා බලන් ඉන්න එපා, ඔහොම බාලගෙන ඉන්නකො මෙයා කැරකෙන පැත්ත මාරුවෙයි ටිකකින්.
තැඹිලි රවුම් දෙකම සමාන ප්‍රමාණ වලින් තිබුණත් ඒකක් ලොකුවටයි පෙනෙන්නෙ.
පාවෙන පියගැටපෙල
එකක් උඩ එකක්ද නැත්නම් එකකට පස්සෙ එකක්ද?
මැද තියෙන රතු රේඛා දෙක කෙළින් සහ සමාන්තරව තිබුනද අපට පෙනෙන්නේ එය වෙනස් ආකාරයෙනි.
එකම ගොඩනැගිල්ල නමුත් එකක් ඇලයි. එහෙම පෙනෙන්නේ අපේ මොළය මෙය තේරුම් ගන්නා ආකාරය අනුවයි. (පීසා කුළුණ)
මේවත් ස්අමන්තර රේඛා. ඒත් පේන්නෙ?
තත්පර 30ක් මේ දෙස බලා සිට සුදු පැහැති යමක් දෙසට ඇස යොමු කරන්න. ඔබට අමුතු දෙයක් පෙනේවි.
මේ පින්තූරෙ සිටින චරිත දෙකෙහිම උස සමානය. නමුත් එකක් කුඩාවටයි පෙනෙන්නේ.
ඇයි තැන තැන කලු තිතක් මතු වෙනවද?
මැද තිබෙන එක???
මේ දෙකම සමානයි, නමුත් එකක් පෙනෙන්නේ කුඩාවටය.
බට කීයක් තියෙනවාද?
මේකෙත් කලු තිත් මතු වෙනවද?
මිනිත්තුවක් පමණ මේ දෙස බලා සිටින්න, පින්තූරය අතුරුදහන් වේවි.
කැරකැවිල්ල වගේද?

මැද තිබෙන තිත දෙස බලන්න, දැන් දෙපස ඇති රවුම් කරකැවේ.

ලිපිය බැලුවට ස්‍තූතියි. මෙහෙම පුදුම දේවල් හැමදාම දැකගන්න, Ctrl + D ඔබලා Bookmark එකක් දාගන්න. මතක ඇතුව Share කරෙගෙනම යන්න.

7:27 AM by Unknown · 6

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.