ලංකාවෙත් ගිණි කන්දක්



ලංකාවෙ කෙනෙක් විදියට මේක දැනගෙන ඉන්න එකත් වටිනවානේ. ලංකාවෙ මැණික් වගේ දේවල් ඇති වුනේ කොහොමද? කවුරුහරි අරන් ආවා? හනුමා එද්දි වැටුනා? නෑ එහෙනම්? රාවණාගෙ දඬුමොණරෙන් වැටුනා? එහෙනම් ඒකෙ හිල් තියෙන්නැති. ඔය කතා වැඩක් නැහැ මෙක කියවලා බලන්නකො ඇත්ත සිද්ධිය දැනගන්න. ලංකාවෙ තිබිලා තියෙනවා ගිණි කන්දක්... (හපෝ කියන බොරු).. නෑ නෑ ඉතින් ටික කාලෙකට කලින් ඒ කිව්වෙ අවුරුදු මිලියන 15කට විතර කලින්. මේක තිබ්බ තැන කිව්වොත්? තිබ්බෙ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ, අන්න ඒ නිසයි ඔතන ජලය එකතුවෙන තෙත් සහිත ප්‍රදේශයක් වෙලා තියෙන්නෙ, ඒ කියන්නෙ ගිණි කන්ද නිසා ඇතිවුණ විශාල හියුමස් වළක්. වතුර එකතු වුනාම හොඳට ගබඩා වෙනවනෙ. මේ ගිණිකන්ද පිපිරෙද්දි පිටවෙච්ච ලාවා තමයි පාශාණ බවට පත් වෙලා ලංකාවෙ පස්, පාශාණ, ඛණිජ එහෙම හැදුනෙ. ඔය විදියට තමා මැණික් එහෙම හැදුනෙ. මැණිකක් නිර්මාණය වෙන්න නම් වසර මිළියන ගණනක් බලන් ඉන්න වෙනවා.. ඉතින් ඒ දවස් වල හැදුන එව්වා තමයි අපේ අය දැන් පතල් හාරලා අරගන්නෙ. ඒ කියන්නෙ ඔය ගිණි කන්දෙන් විසිවුණ ලාවා.. 
ඉත්න් ඔය ගිණි කන්දෙන් විසිවුන විශාලා ලාවා ගුලියක් නිසා තමයි කලින් ලිපියෙදි කිව්ව සීගිරිය හැදිලා තියෙන්නෙත්. අනික සමකයට ආසන්නයෙන් තියෙන රටක් විදියට ලංකාවෙ මෙහෙම වතුර තියෙන එකත් පුදුමයි, අපි වගේම සමකය අසල තියෙන ඉතියෝපියාව, සෝමාලියාව වගගේ රටවල් එකක් බලද්දි අපේ රටේ මෙහෙම වතුර තියෙන්නෙ? අර විදියට හැදුන ලාවා තට්ටුව නිසා පොළොවෙ එකතු වෙන්න ගත්තු ජලය නිසා. මෙය අහපු කතාවක් ඇසුරිණි. මම කියන්නෙ නැහැ මේක 100% ඇත්ත කියලා, පිළිගන්න පුලුවන් කතාවකට තියෙන්නෙ මෙක. මීට වඩා හොඳ එකක් තියෙනවානම් කියන්න ;) Google Images එකේ search කරන්න :- formation of gems

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීනා වාදනය කරාලුනෙ, ඒක නිසා තමයි නීරෝ Burning ROM (අර CD එහෙම Write කොරන භාන්ඩෙ බං) එකේ Icon එකෙත් රෝමය ගිනි ගන්නෙ. CD එකක් Write වෙද්දි කියන්නෙ Burn වෙනවා කියලානෙ, රෝමෙත් ඉතින් Burn වුනා. උඹ කියයි දැන් "රෝමය ගිනි ගනිනිද්දි වතුර ගැහුවා කියලා" 

5:16 AM by Unknown · 3

සීගිරිය උඩට ජලය ලබාගත් ආකාරය


මේ ගැන විවිධ මත පළ වී ඇති නමුත් මේ ගැනත් හිතලා බලන්නකො.

5:10 AM by Unknown · 3

කාලය කියලා දෙයක් නැහැ



ඇත්තටම කාලය කියලා දෙයක් නැහැ. මේක අපි හදාගත්තු දෙයක් සොබාදහමෙ කාලය කියලා දෙයක් තියෙනවාද? ආ උදේ වෙනවා දවල් වෙනවා? එව්වා ඉතින් වෙන්නෙ පෘථිවිය බ්‍රමණයහා පරිබ්‍රමණය වීම නිසානෙ. අන්න එතනින් තමා මිනිස්සු කාලෙ කියලා දෙයක් හදාගත්තෙ, හැබැයි ඒ මිනිස්සුන්ගෙම පහසුවට. දැන් ඉර තියෙන තැන ආයෙත් මතු වෙන්න ගත වන ප්‍රමාදයක් කියලා දෙයක් මිනිස්සු හදාගන්නවා, අන්න ඒක මැනගන්න හදනවා. ඒත් කොහොමද? ඔය පමාව පැය 24ක් විදියට පෙන්නුවා. හරි පෘතිවිය තම අක්ශය (Revolving around Earth's own Axis) වටා කරකැවෙන්න යන්නෙ පැය 24ක් නම් මට කාර් එකෙන් කිලෝ මීටරයක් යන්න පැය විසි හතරෙන් කෙතරම් වෙලාවක් යනවද? ඔන්න ඕක මනින්න්න හදාගත්තා මිනිත්තු. ගහකින් ගෙඩියක් වැටෙන්න? ආ තප්පර. මිලිතප්පර.. නැනෝතප්පර.. මෙව්වනම් ගන්නෙ පරිගණක වල. Processor එහෙම හදන හැටි ඉගෙනගන්න අය දනන්වනෙ, තප්පරෙන් මිලියනකින් පංගුවත් වටිනවා කියලා. ඉතින් මේ හැම වැඩකටම යන පමාව මනින්න මිනිස්සු හදගත්තු දෙයක් විතරයි කාලය කියන්නෙ.

වාහනයක් පාරෙ යනවා.. ම්.. අපි හිතමු 40km/h වේගයෙන් යනවා කියලා, අපිට ඒක හොඳට පේනවා. ඔය වාහනේ ආලෝකයේ වේගයෙන් ගියොත්? වාහනයක් තිබ්බද කියලවත් කියන්න බැහැ. අපිට ඒක පේන්නෙ නැහැ. :) අවුල කියන්නෙ ඒක නෙවේ වාහනේ ඉන්න කෙනාට මොනා පෙනෙයිද කියන එක O.o

5:02 AM by Unknown · 4

කාලය - ශක්තිය - පදාර්තය - ජීවය


ශක්තිය පිලිබඳ ඉගෙනගන්න Physics හැදුවා, පදාර්තයට Chemistry හැදුවා, ජීවයට Biology හැදුවා. මෙ හැමදේකටම ශක්තිය ලැබෙන්නෙ හිරුගෙන්, කොටින්ම කියනවානම් ඔයා මේ post එක කියවන්න ඔයාගෙ පරිගණකය හෝ වෙනත් උපාංගයක් භාවිතාකරනවාන්ම් ඒකත් වැඩකරන්නෙ හිරුගෙන් ලැබුණු ශක්තියෙන් හැදුන විදුලියෙන් පණගැන්වෙලා. කොටින්ම ඔයත් හැදුනෙ හිරුගෙ ශක්තියෙන් හැදුනු ආහාර ආහාරයට ගෙන. ශක්තිය තිබ්බට අපිව හැදුනෙ? හැදුනෙ පදාර්ථයෙන්, ඒත් ඔය දෙක මල මිනියකට උනත් තියෙනවානෙ, කලු ගලකට උනත්.. අන්න ජීවය ඕනෙ වෙන්නෙ එතනදි, උඹලා දනන්වද මේ ලෝකෙ පැවැත්ම තියෙන්නෙ හිරුගෙන් ලැබෙන ශක්තියෙන්, පොලොවෙන් ලැබෙන පදාර්ථයෙන් හා මවගෙන් ලැබෙන ජීවයෙන් කියලා. ඔව් ඕක ඔහොම අහලා නැත්වුඅ අඑති මම හිතලත් කොටසක් දාපු නිසා. ඉතින් ඇත්තටම වෙන්නෙ, හිරුගෙන් එන ශක්තිය තවත් ශක්තීන් බවට පරිවර්තනය වෙනවා, පදාර්ථය තමාගේ මූලද්‍රවය සමඟ වෙනත් මූලද්‍රව්‍ය එකතුකරගෙන වෙනස් වෙනවා, ජීවය ඇති වෙනවා, නැතිවෙනවා. මේ දේවල් සිදුවල විට චිප් එකෙන් හරි මැශින් එකෙන් හරි හැදුන කාල මාපකයක් ටියෙනවා, ඒක හැම අවස්ථාවකම තමාගේ කල මාන දර්ශකය වෙනස් කරනවා එක පිලිවෙලකට, අපේ අය හිටහ්න්නෙ ඒක කාලය මනිනවා කියලා, අපෝ නෑ එකත් කොටින්ම වෙනස් වෙනවා අපි දීපු උපදෙස් මාලාවකට අනුව. ඉතින් ඒ වෙච්ච වෙනස් විම අපි ගනන්වා කාලයක් විදියට. දැන් ? 2015-05-16-05:00:00 PM ඒ ලංකාවෙ දැන්, ඒත් මේ post එක ඔයා කියවද්දි මෙ වෙලාව වෙනස් වෙලා. කොටින්ම ඔඅයා වෙලාව බලලා තව කෙනෙක්ට කිඅද්දිත ඒ වෙලාව වෙනස් වෙලා. ජීවිතේ අවුරුද්ද්ක් කෙටි වෙන එකටත් උත්සව අරන් සතුටු වෙන මිනිස්සු ඉන්න ලෝකෙක කාලය ගැන උගන්වන එක හිතාගන්න බැරි වැඩක්.

5:00 AM by Unknown · 0

ලොවක් වෙනස් කළ මිනිසාගේ සාපේක්ශතාවාදයෙන් බිඳක්


ඇල්බර්ට් ‪අයින්ස්ටයින්‬ ‪‎මහතා‬ ‪‎පැවසූ‬ ‪සාපේක්ශතාවාදය‬ (Relativity) ගැන සරලව කියන්න හිතුවෙ. ඔහු පවසන ආකාරයට කාලය හා අවකාශය පදනම් කොටගෙන මෙලොව සිදුවන සැම දෙයක්ම එක් පුද්ගලයෙකුට සාපේක්ශව ගත් විට එය තවත් කෙනෙකුට සාපේක්ශව පෙනෙන්නේ ඇසෙන්නේ තේරෙන්නේ තේරුම්ගන්නේ වෙනස් විදියකටය. උදාහරණයක් ලෙස : පන්තියේ පාඩමක් උගන්වන පැය දෙක විශාල වේලාවක් ලෙස තේරෙන නමුත් පැය දෙකක චිත්‍රපටයක් නරඹන විට එය කෙටි කාලයක් වනවා. වෙලාව යනවා තේරෙන්නෙවත් නැහැයි කියන ගණිත් පන්තිය පැය 4ක් පැවැත්වූවත් එතරම් කාලයක් ගතවූවාද යන්න සිතාගත් නොහැක, නමුත් පන්සලේ පැය 3ක් පවත්වන බණ දේශනාව නිකන් දවසක් විතර තිබ්බා වගේ කෙනෙකුට තේරෙන්න පුලුවන්. නමුත් ගණිත් පන්තියේ පාඩම එපා වෙලා හිටපු කෙනාට අර පැය 5 ඒ විදියට තේරෙනවා, බණ අහන්න ගිය අයගෙන් ඇත්තටම බණ අහපු කෙනාට ඒ පැය තුන මිනිත්තු කිහිපයක් වගේ තේරෙන්නෙ. අන්න එතනදියි මොහුගේ සාපේක්ශ්තාවාදයට අනුව එක් එක් පුද්ගලායාට සාපේක්ශව යමක් සිදුවන ආකාරය වෙනස් වෙනස් ලෙස දකින්නේ. මෙතුමන් තමාගේ සාපේක්ශතාවාදය ගැන හෙලිකළ විස්මිත තතු වචනයෙන් පැවසීම ඔබට විකාරයක් වන බැවින් YouTube වෙබ් අඩවියේ Einstein's Relativity යනුවෙන් Search කර ඒවායෙහි Video බලන්න. Physics කරපු නැති කෙනෙක්ට නම් මෙව්වා බලල පිස්සු හැදෙයි, ආලෝකයේ වේගයෙන් ගමන් කරන කතන්දරයි අවකාශය කාලය මත පදනම් වූ කතන්දරයි එක්ක වෙනම ලෝකෙකට ඔයාව ගෙනියනවා මේ සිද්ධාන්ත. 

4:56 AM by Unknown · 1

පරිගණයයටත් වඩා වේගත් මිනිසා




Gram 1ක් වූ DNA අණුවල Terabyte 700ක දත්ත ගබඩා වෙලා තියෙනවාලු, හාවර්ඩ් එකෙන් තමයි හොයාගෙන තියෙන්නෙ. අපේ ලේ බින්දුවක, කෙස් ගහක එහෙනම් කොච්චර දේවල් තියෙයිද ඔව් ඉතින් මෙච්චර දෙයක් නැත්නම් කොහොමද සොබාදහමෙ මෙතරම් සතුන් බිහිවෙලා තියෙන්නෙ. මතකද බං අර පාශාණයක් අස්සෙ හිටපු මදුරුවෙක්ගෙන් ගත්තු DNA වලින් ඩයිනෝසරයො හදුපු Film එකක් තිබ්බෙ. (Jurassic Park) ඈ බං එතකොට මිනිහෙක්ගෙ ඇඟේ Gram 500ක විතර DNA ගත්තොත් Dropbox එක ගෙදර යවන්න පුලුවන්. හිතට නිදහසක් නෑ බං, මොනවත් හිතෙන්නෙත් නැහැ...

මේ ගැනත් සිතන්න.... ශුක්‍රාණුවක ධාරිතාවය 32.7MB වේ. එක් අවස්ථාවකදී මිනිසෙකු විසින් ශුක්‍රාණු මිලියන 250ක් පිට කරයි. ඔබ මෙතෙක් කල් සිතාගෙන උන්නේ වේගවත්ම 4G කියලද? එය වැරදිය මෙසේ වරකට Tera Byte 7796ක් (32.7 x 250 Million MB) පමණ ප්‍රමාණයක් සම්ප්‍රේශණය කරන මිනිසා වේගවත් ය.එමෙන්ම මිලියන 250ක් අතුරින් බිහි වූ ඔබ ජීවිතයක් බලාපොරොත්තුවෙන් ආ මිලියන 250කටත් වඩා ශක්තිමත් ශූරයෙක් ලෙස මෙලොව එලිය දැකීමට වාසනාවන්ත වී ඇත. හිතන්න එපා ඔබ පරාජිතයෙක් කියා.

4:51 AM by Unknown · 1

විශ්වය තුල සැඟවුණු අදහාගත නොහැකි රහසක හෙළිදරව්වක්



පෘථිවිය තත්පරයට මීටර් 465.1ක් බ්‍රමණය වේ. මෙය තත්පරයට කිලෝ මීටර් 30ක වේගයෙන් සූර්යා වට ගමන් කරයි. අපගේ සූර්යා ඇතුළු මෙම සූර්යග්‍රහ මණ්ඩලය තත්පරයට කිලෝ මීටර් 230ක වේගයෙන් මන්දාකිණිය (Galaxy) වටා ගමන් කරයි. මෙම චක්‍රාවටය වටා එක් වටයක් ගමන් කිරීමට සූර්යා වසර මිලියන 226ක්ගනී. මෙම මන්දාකිණිය පැයට කිලෝ මීටර් 828,000ක වේගයෙන් විශ්වය හරහා ගමන් කරයි. මෙම විශ්වය ආලෝක වර්ශ මිලියන තුනකට (ආසන්න වශයෙන්), තත්පරයට කිලෝ මීටර් 74.3කින් ප්‍රසාරණය වේ. එතකොට ඔයා ඉන්නෙ එකම තැනද? ඔව්, ඒත් ඔයාට සාපේක්ශව. නමුත් විශ්වයට සාපේක්ශව? එතකොට විශ්වය තියෙන්නෙ කුමක් ඇතුලෙද? එය කෙතරම් වේගයෙන් ගමන් කරන්නේද? අග්ගඤ්ඤ සූත්‍රයෙන් බුදුරජානන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට විශ්වය කලකට මෙසේ ප්‍රසාරණය වන බවත් කාලයේ ඇවෑමෙන් කිසියම් සමයකදී මෙය හැකිලෙන බවත් පෙන්වා දී ඇත. විද්‍යාත්මීන්ද ස්ථන්දමාන නමින් මෙය පවසා ඇත. එය විස්ථාරණය වී සමස්ථ ශක්තියම පුංජයක් බවට හැකිලී විසිරී යාමක් සිදුවන බව මහා පිපිරීම්වාදය (Big Bang Theory) ලෙස විද්‍යාව්වේදී පෙන්වාදී ඇත. වසර බිලියන ගනණකට වතාවක් මෙම සිදුවීම සිදුවන බව විද්‍යාවේ මතයයි. වසර දෙදහස් පන්සීකට ප්‍රථම බුදුරජානන් වහන්සේද මෙබඳු දේශනාවන් කර ඇත. අඩුපාඩු වෙතොත් පෙන්වාදෙන්න මන්ද මම සියල්ල දත් නොවෙමි. 

4:49 AM by Unknown · 2

මේ විශ්වයයේ තරු කීයක් තියෙනවාද?



අපි හිතමුකො අපි අයිතිවෙන මේ මන්දාකිණිය (Galaxy) වන ක්ශීරපථය (MilkyWay) අබ ඇට වලින් පුරවනවා, ඊට පස්සෙ එක තාරකාවකට (Star) එක අබ ඇටය බැගින් විසි කරනවා, නමුත් ඔබ ඒ සියලුම අබ ඇට විසි කර අවසන් වුවත් තවත් තාරකා ඉතිරි වෙනවා. අපි අයිතිවෙන මේ ක්ශීරපථයෙහි වර්ගඵලය (Area) ආලෝක වර්ශ (Light Years) 1500x1500 වේ. (ආලෝක වර්ශයක් = වසරක් තුළදී ආලෝකය ගමන් කරන දුර, ආසන්න වශයෙන් 9,461,000,000,000Km වේ) එසේනම් මෙය (1500x9,461,000,000,000)x(1500x9,461,000,000,000) වර්ග කිලෝමීටර් (Square Kilo meters) පමණ විශාල මන්දාකිණියකි. මෙයට අබ ඇට කීයක් පිරවිය හැකිද? නමුත් ඒ සියල්ලත් මදි වෙනවා සියලුම තාරකාවන්ට එක බැගින් පුරවන්න ගියොත්. මට මතක හැටියට ඔය අබ ඇට වලින් ගත්තු උදාහරණය බුදු බණෙහි සඳහන් වෙන එකක්.

4:47 AM by Unknown · 0

Coriolis Effect ගැන දැනගමු



යාලුවනේ අද කියන්න යන්නෙ කොරියෝලිස් බලපෑම කියන අමුතු සිදුවීම ගැන. ඉස්සර කාලෙ නැව් වල ගමන් කරද්දි එයාලා ඉන්නෙ පෘථිවියෙ සමකයට ඉහලින්ද එහෙමත් නැත්නම් පහලින්ද කියලා දැනගත්තෙ මේ කොරියෝලිස් බලපෑමෙන්. මෙහෙමයි එයාලා දැනගත්තෙ, නැවේ හිටපු අය කරේ Sink එකට වතුර පුරවලා ඒකෙ වතුර පිටවෙන්න ඇරියා. ඒ වතුර කරකැවුනු දිශාව අනුව මෙයාලා තීරණය කළා එයාලා ඉනෙන් සමකයෙන් උඩද එහෙමත් නැත්නම් පහලද කියලා ඒ වතුර දක්ෂිණාවර්තව කරකැවෙමින් බැසගියානම් එයාලා හිටියෙ සමකයෙන් උඩ ඒ වතුර වාමාවර්තව කරකැවෙමින් බැසගියානම් එයාලා හිටියෙ සමකයෙන් පහළ ඉතින් මේකට තමා විද්‍යාවෙදි කොරියෝලිස් බලපෑම (Coriolis effect) කියලා කිව්වෙ

4:45 AM by Unknown · 2

සමාන්තර ලෝක vs මාන


1D = 1 Dimension මාන එකයි [දිග] 2D = 2 Dimensions දිවිමාන [දිග,පලළ] 3D = 3 Dimensions ත්‍රිමාණ [දිග,පලළ,උස] <- අපිට පේනවා ත්‍රිමාණ 4D = 4 Dimensions සිව්මාන [දිග,පලළ,උස,කාලය] <- මෙය දකින්න බැහැ තවම අපිට, විද්‍යාවෙන් තමයි 4D ගැන දැනගන්න ලැබෙන්නෙ. 1D ගැන කිව්වොත් මෙව්වට දිගක් විතරයි තියෙන්නෙ, හිතාගන්නකො සරළ රේඛාවක්, හැබැයි ගණකමක්වත් නෑ දිගක් විතරයි තියෙන්නෙ, එහෙමෙ දෙයකට පලළක් තේරෙන්නෙ නැහැ. එතකොට 2D කියන්නෙ නිකන් කඩදාසියක් වගේ නමුත් ඒකට දිගක් පලළක් විතරයි තියෙන්නෙ ගණකමක් නැහැ. එතකොට 3D තමයි අපි ඉන්න භෞතික ලෝකය දිග,පලළ,උස සහිත වස්තූන් සහිත. 4D ගැන විද්‍යාවෙදි විවිධ අරුත්ගැන්වීම් කරනවා. 1D වල ඉන්න කෙනෙක්ට 2D බලන්න බැහැ, එයා සමහරවිට හිතාගෙන ඇති පලළක් ගැන ඒත් එයාට තේරෙන්නෙ නැහැ පලළ කියන්නෙ මොකක්ද කියලා ඒ නිසා 2D වල ඉන්න කෙනෙක්ටත් එහෙමයි එයාට 3D ගැන අදහසක් තිබ්බත් හිතාගනන් බැහැ ඒක කොහොමද කියලා මොකද 2D වල ඉන්න කෙනාට උස ගැන අවබෝධයක් නැහැ. එතකොට 3D වල ඉන්න අපිටත් 4D ගැන අදහසක් ගනන් අමාරුයි, විද්‍යාවෙදි කිව්ව කාලය කියන 4වන මානය විදියට ගන්නෙ කාලය, (ඒත් බං මන් කොච්චරනම් කිව්වද කාලය කියලා එකක් නැහැ කියලා) අපිට කාලය කියන්නෙ අදහසක් විතරයි අනික ඒක කෙනාගෙ හැටියට සාපේක්ශයි. ඉතින් 4D ගැන අපිට හිතාගන්නත් අමරුයි. අපේ විශ්වය ගැන බැලුවොත් ඒක? 2D නම් වෙන්න බැහැ කියලා හිතෙයි හරි 3D ද? ඔව් ඉතින් ග්‍රහලෝක එහෙම ත්‍රිමාණයිනෙ :/ ඒත ඒක 4D වෙන්න බැරිද? කවුද දන්නෙ ඒක 5d..?...6D..?? තවත් ඇති, ඉතින් අපිට සමාන්තර ලෝක තියෙන්න පුලුවන් නේද එව්වත් තියෙන්නෙ ඔය වෙන වෙන මාන අතරෙ, අපි කතාවෙන හොල්මන් අවතාර එහෙනම් ඔය එක මානෙක ඇති, දිව්‍ය ලෝක එහෙම මේ විශ්වයේ ඇති තවත් මානයක ඇති... පිස්සු හැදෙනවා නෙහ්?

4:40 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.