ලංකාවම ආවරණය කරමින් අන්තර්ජාලය සපයන්න Google සමාගම ලංකාවට එයි


ගූගල් සමාගමේ loon නමින් හඳුන්වන මෙම ව්‍යාපෘථිය ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන රට ශ්‍රී ලංකාව වන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ අවකාශයට යවන බැලූන් 13ක් හරහා මුළු රට්ටම 3G සබඳතාවය සපයයි. 2015 ජුලි 28 වන දා ඇරඹූ මෙම ව්‍යාපෘතිය ගූගල් සමාගමත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමඟ ගිවිසුමකට එලඹ ඇත.
වායුගෝලයේ රඳවන මෙම බැලූන් භූ මට්ටමේ සිට 20Km පමණ උසකින් ස්ථාපනය කරයි.
මේවා පරිගණක තාක්ශණය ඔස්සේ වයුගෝලයේ ස්ථානගත කෙරේ.
මෙසේ ස්ථානගතකරන ලද බැලූන අන්තර්ජාල සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී LTE තාක්ශණය ඔස්සේ දිවයිනටම අන්තර්ජාලය සපයනවා.
මෙම බැලූනයක් විසින් 40Km විශකම්භයක් දක්වා වූ ආවරණ කලාපයකට අන්තර්ජාලය සපයන බව සඳහන් වේ.
මේ අනුව සම්පූර්ණ රටකටම අන්තර්ජාලය සැපයූ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවට පත් වෙනවා.

ඊයේ ලෝ ප්‍රකට google සමාගමේ උප සභාපති වරයෙක් මා හමුවට පැමිණියේ, google සමාගමේ අලුත්ම ව්‍යාපෘතියක් වන project loon...

Posted by Ranil Wickremesinghe on Tuesday, July 28, 2015

1:06 PM by Unknown · 8

කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා


ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න.
Download Windows 10
ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න.
Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව ඔබ වෙත එන අතර Windows 7 හී තිබූ Start menu එක සමඟ Windows 8 Start Menu එකද එකට අමුණා ඇති ආකාරය බලන්න.
This combines the strengths of Windows 8 with Windows 7
මෙය Windows 8 හී ශක්තිය Windows 7 සමඟ මුසු කරාවි
-Windows Insider

එන්න Live අත්හදා බලන්න වැඩේ -->> See it in action


ඇත්තටම එයාලා මුල් තැනක් දීලා තියෙනවා ලස්සන අතුරුමුහුණතක් සපයන්න.

එමෙන්ම Cortana
මෙය Windows මෙහෙයුම් පද්ධතිය විසිනි ප්‍රථම වතාවට හඳුන්වාදෙන යෙදවුම් සහයකයෙකි (virtual personal assistant) . මෙය Google Now සහ Apple උපාංග වල භාවිතා වන Siri යන virtual personal assistant App මෙන්ම ජනතාව අතරට එන අලුත් කෙනෙකි. මෙය කටහඬට අනුව ක්‍රියාත්මක වන අතර අන්තර්ජාලයද උපයෝගී කරගෙන ඇතිව ඔබට සහය දක්වයි.
MAIL, CALENDAR, PHOTOS, MAPS වැනි Microsoft සමාගම විසින් ලබා දෙන Apps පවා අලුත් වී ඇත.
CONTINUUM නමින් හඳුන්වන මෙම විශේශාංගය හරහා Tablet පරිගණක සඳහා Desktop පරිගණක වලට සීමා වූ අතුරුමුහුණත Tablet සඳහා හිතකර ලෙස හැඩගස්වා ඇත.
EDGE BROWSER නමින් හඳුන්වන ඔවුන්ගේ නවතම Web Browser එක සුපුරුදු Internet Explorer එක වෙනුවට ඉදිරිපත් කොට ඇත.
ACTION CENTER එක පහසුවෙන් භාවිතා කිරීමට පරිගණක තිරයේ දකුණුපසට එය රැගෙන තිබේ. Windows 8 එකේ Charms වගේ.
ඔබේ XBOX ක්‍රීඩා පරිගණකය වෙතට ගෙන ඒමට ඔවුන් විසින් XBOX Stream To PC විශේශාංගය හඳුන්වා දී ඇත.
HELLO නමින් ඔවුන්ගේ Lock Screen එකද අලුත් වී ඇත. පරණ විදියට Password කොටලා යන එක වෙනුවට පරිගණකය විසින් ඔබව හඳුනාගෙන එය භාවිතා කිරීමට ඉඩ දෙන්නකි.

11:27 AM by Unknown · 4

මිනිස් මොළය උපරිමව දියුණු කළොත් කුමක් සිදු වේද?


සාමාන්‍ය පුද්ගලයෙකු තම මොළයෙන් 8%ක් භාවිතා කරන අතර විද්‍යාත්මීහූ 12%ක් පමණ තම මොළය භාවිතා කරති.මෑතකදී හමුවන ශ්‍රේෂ්ඨ විද්‍යාත්මියෙක් වන ඇල්බර්ට් අයින්ස්ටයින් මහතාද භාවිතා කර ඇත්තේ තම මොළයෙන් 16%ක් පමණි.
මෙසේ මොළය ඉතා දියුණු තත්වයකට ගෙන එය 100%ක් ම භාවිතා කළහොත් කුමක් සිදු වේද? කුමක් කළ හැකි වේද? ඒ ගැන Lucy චිත්‍රපටයෙන් පෙන්වලා දීලා තියෙනවා.

Trailer

බලපු නැති යාලුවො මෙතනින් ගන්න. කැමති Quality එකකින් ගන්න.

1080P
720P
BDRIP

සිංහල උපසිරැසි මෙතනින් ගන්න - Download

8:16 AM by Unknown · 8

Adfly වලට වඩා දෙගුණයක් වැඩියෙන් මුදල් උපයන්න වෙබ් අඩවියක් මෙන්න



සුභ දවසක් යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමති අය වෙනුවෙන් ළිපියක් අරගෙන ආවා ඔන්න. මේ වෙබ් අඩවිය හරහා මුදල් උපයන්න ඔයාලට Facebook, Youtube, Blogger, Twitter වගේ වෙබ් අඩවි වල උදව් ගන්න පුලුවන්. මුලින්ම බලමු කොහොමද මුදල් උපයන්නෙ කියලා,
මේ වෙබ් අඩවියෙන් කරන්නෙ අන්තර්ජාලයෙ තිබෙන එක් එක් වෙබ් අඩවි වල වෙබ් ලිපින, URL ආදිය කෙටි Link එකක් බවට පත් කරනවා. ඒ Link එක හරහා කෙනෙක් එනකොට එයාට තත්පර 5ක Ad එකක් බලන්න වෙනවා. (ඒ කිව්වෙ එයාලගෙ වෙබ් පිටුවක තත්පර 5ක් ඉන්න වෙනවා)

ඒ Link එක කෙනෙක් Click කරොත් ඔයාට 0.001$ ලැබෙනවා.
Click 10ක් ලැබුණොත් 0.01$.
Click 100ක් ලැබුණොත් 0.1$
Click 1000ක් ලැබුණොත් 1$
ඉතින් කොහොමද ඔච්චර Click හොයාගන්නෙ? බ්ලොග් එකක්වත් නැති අපිට කොහොමද අන්තර්ජාලයෙන් මුදල් හම්බෙන්නෙ?
ඇත්තම කිව්වොත් මේක කරන්න Facebook Account එකක් තිබ්බත් ඇති. අන්තර්ජාලයේ තිබෙන යම් වෙබ් අඩවියක Link එකක්, Video එකක Link එකක් අර විදියට කෙටි කරලා ඒ ගැන පොඩි විස්තරයක් එක්ක Facebook එකේ දැම්මොත් ඔයාගෙ යාලුවන්ගෙන් 10 දෙනෙකුගෙන් එක් කෙනෙක් හරි එනවනෙ. යාලුවො 1000ක් ඉන්න account එකක් තියෙන කෙනෙක්ට 0.1$ හොයන්න බැරි වෙන්නෙ නැහැනෙ එහෙනම්. ඇයි එච්චරද පුලුවන් ? නැහැ, Facebook එකේ අනන්තවත් Group තියෙනවා සාමාජිකයො දසදහස්, ලක්ශ ගණන් ඉන්න එව්වා (Ex), ඉතින් එහෙම එකක ඔය Link එක දැම්මොත් 1$ හොයන එක ගේමක් නැහැනෙ, Group දහයක පහලොවක දැම්මත් ඇති 5$ විතර හොයාගන්න. මොකක්හරි වැදගත් ළිපියක්, පුවතක්, චිත්‍රපටයක් වැනි දෙයක Link එකක් කෙටි කරලා දාලා දවසින් Click 1000ක් හොයාගන්න බැරි වෙන්නෙ නැහැනෙ යාලුවනේ. ඉතින් දවසට Link කිහිපය බැගින් දිනපතා මේ වැඩේ කරොත් ගොඩ තමා.
Facebook, Twitter, G+ වගේ site වල ඔය link එක Share කරලා.
බ්ලොග් එහෙම තියෙන අයටනම් කියන්න තියෙන්නෙ නිකන් ඉඳලා සල්ලි හොයනවා කියලා තමා ඒ ගැන පස්සෙ කියන්නම්කො දැන් මෙතනින් ගිහින් Site එකේ Register වෙන්න.

ඊට පස්සෙ වැඩේ පටන් ගන්න, අන්තර්ජාලයේ තිබෙන වැදගත් යමක Link එකක් මෙන්න මෙතනට දාන්න.
දැන් Shorten එබුවම එන Link එක copy කරගෙන Facebook වගේ වෙබ් අඩවියක පළ කරන්න, එතකොට අනිත් අය ඒ Link එක හරහා එනකොට ඔයාට සල්ලි ලැබෙනවා.

උඩින් තියෙන්නෙ පොඩි උදාහරණයක්.

හරි දැන් තියෙන්නෙ හොඳම හරිය. බ්ලොග් වලින් සල්ලි හොයන හැටි, බ්ලොග් ගැන දන්න්නෙ නැති, බ්ලොග් නැති අය මෙතනින් ගිහින් කියලා තියෙන පියවර අනුගමනය කරලා බ්ලොග් එකක් හදාගන්නකො.
Link

හරි ඊ පස්සෙ TOOLS - WEBSITE MONETIZATION කොටසට එන්න
එතනින් ඔයාට පුලුවන් Full Page Script එක ගන්න, මේකෙන් පුලුවන් බ්ලොග් එකේ තියෙන හැම Link එකක්ම කෙටි Link බවට පත් කරන්න. එතකොට එකින් එක කර කර වද වෙන්න ඕනෙ නැහැ.
පලවෙන් රවුම් දෙකෙන් පෙන්වලා තියෙන කොටස් ගැන දන්නෙ නැත්නම් එව්වා වෙනස් නොකර ඉන්න. (එතනින් කරන්නෙ මේක ක්‍රියාත්මක නොවෙන්න ඕනෙ Link දාන එක)

අනිත් එව්වා ඔය විදියට හදාගෙන Generate Script ඔබන්න. ඊට පස්සෙ Copy Script ඔබන්න.

දැන් යන්න බ්ලොග් එකේ layout එකට.
එතනට ගිහින් කැමති තැනකින් Add Gadget ඔබන්න.
දැන් HTML/Javascript ඔබන්න.
එතනට අර Copy කරගත්ත Script එක Paste කරන්න.
දැන් Save ඔබන්න.

එහෙනම් දැන් ඔයාගෙ බ්ලොග් එකට මොන ලෝකෙන් හරි Click  ආවොත් සල්ලි එනවා.මොකද බ්ලොග් එකේ සේරමට Link අර සල්ලි එන විදියට කෙටි කරන නිසා.

මේ වෙබ් අඩවිය හරහා ඔයාලා 5$ උපයාගත්තට පස්සෙ ඒ මුදල් ඔයාලගෙ Paypal ගිණුමට ගන්න පුලුවන් Withdraw කොටසින්.
එතනට ගිහින් Fill in your profile කොටසින් Paypal ගිණුම සහ එහි e-mail එක ලබා දෙන්න.
විස්තර ටික පුරවලා Save කරන්න.
Paypal ගිණුමක් නැති අය මේ විදියට හදාගන්න -- >> Link
මේ වෙබ් අඩවියෙන් Adfly වලට වඩා දෙගුණයක් මුදල් ලැබෙන්න බව ඔයාලටම තේරෙයි යාලුවනේ Adfly එකේ එක Click එකකට 0.0005 එද්දි මේ සයිට් එකෙන් 0.001 දෙනකොට.
අලුත් සයිට් එක
දැක්කනෙ Adfly වලින් Click වලට ගෙව්වට වඩා දෙගුණයක් ඇවිල්ලා තියෙන හැටි. Adfly එකෙන් සල්ලි හොයන්න කැමති අය මෙතනින් එන්න Link , ඒත් ඒක පාඩුයි මේකට වඩා ;) .
මේ වෙබ් අඩවියෙනුත් මුදල් ගෙවන බව ඔප්පු කරන්න මෙන්න Payment Proof
මගෙ පළමු මුදල් ලබාගැනීම.



ඒ වගේමයි මේ තියෙන Referral Link එක හරහා ඔයා කෙනෙක්ව මේ වෙබ් අඩවියෙ Register කෙරුවොත් එයා උපයන මුදලෙන් 20% ලැබෙනවා. පස් දෙනෙක්ව Register කළොත් ඔයා තනියම හොයන ගාන නිකන්ම එනවා.

ඉතින් ඇත්යි තවත් බලන් ඉන්නෙ මෙතනින් ගිහින් Site එකේ Register වෙන්න.

1:34 AM by Unknown · 3

මේ ලෝකෙ පදාර්ථය කියලා දෙයක් තිබේද?



මේ ගැන හොඳට තේරුම් ගන්න පුලුවන්  E = mc^2 සමීකරණයෙන්. ඇත්තම කිව්වොත් ශක්තිය හා පදාර්ථය කියන්නෙ කාසියක දෙපැත්තක් වගේ. යම් පදාර්ථයක් ආලෝකයේ වේගයට ආසාන්න වන විට එහි ස්කන්ධය වැඩි වීමට පටන් ගනී, නමුත් එයට බලපාන කාලය ක්‍රමයන් අඩු වේ. (ආලෝකයේ වේගයෙන් ගමන් නොකරන කෙනෙකුට සාපේක්ශව ආලෝකයේ වේගයට ලඟාවෙන කෙනාට දැනෙන කාලය අඩුයි). ඉතින් මේ ලෝකෙ හැම පදාර්ථයකම තියෙන්නෙ ශක්තියක් ඔය සමීකරණය හරහා එම පදාර්ථයේ ස්කන්ධයට අදාල වන ශක්තිය මැනගන්න පුලුවන්. ඉතින් අපිට එක නිගමනයකට එන්න පුලුවන් මේ අනුව, ඒ තමා අපි පදාර්තය කියලා හඳුන්වන්නෙත් ආලෝකය, තාපය වගේ ශක්තියෙ එක් ස්වරූපයක් කියලා. 

6:53 AM by Unknown · 4

Google එකේ නොදුටු පැත්ත ඔබ මවිත කරවයි


හැමදාමත් දකින Google එක ඇති වෙලාද එහෙනම් පොඩ්ඩක් පිස්සු වැටෙන විදියෙ අත්දැකීමක් තමයි ඔයාලට අද අරන් එන්නෙ. පුලුවන් නම් ගෙදර තිඑය්න කණ්නාඩියකුත් අතට අරගෙන වැඩේ පටන් ගන්න.
මම මොකුත් කියන්නෙ නැහැ යාලුවනේ ඔයාලම ගිහින් බලන්න 
elgoog.im
තව මෙව්වත් බලන්න 
Click to see this

Click to see this

Click to see this
Click to see this

තව පහත තියෙන වචන Google වල Search කරන්න මොකද වෙන්නෙ බලන්න.
  • zerg rush
  • do a barrel roll
  • tilt

අන්තිම එක කරන්න නම් Google Chrome තියෙන්න ඕනා.
මුලින්ම internet connection එක disconnect කරලා මෙ link එකට යන්න හදන්න http://sadeepa01.blogspot.com/ එතකොට එයි No internet connection කියලා. දැන් Keyboard එකේ උඩ අතට තියෙන Up Arrow Key එක ඔබන්න. ඔය ආපු ඩයිනෝසරයව පතොක් ගස් වල වද්දගන්නෙ නැතුව පරෙසමින් අරන් යන්න යාලුවනේ. එහෙනම් හැමෝටම සුභ දවසක්.

6:40 AM by Unknown · 3

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.