සිහිනයක් දකිනකොට ඒ දකින්නෙ සිහිනයක් බව වැටහුනොත්?


හීනයක් දකිනකොට ඔයා අවදි නොවී සිහිනය තුලදිම ඒ දකින්නෙ හීනයක් බව තේරුනොත් මොනා වෙයිද?
අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. Lucid Dreaming කියලා තමයි මේකට කියන්නෙ.යාලුවනේ ඔයාලා සිහින දැකලා ඇති. මම කිව්වෙ දවල් හීන නම් නෙවේ නින්දේදී දකින සිහින. ඒත් ඔය සිහිනය දකින වෙලාවට ඔයා දන්නෙ නැහැ ඒක සිහිනයක් කියලා. ඇහැරුනාට පස්සෙ තමා දන්නෙ ඒක සිහිනයක් කියලා. කොහොමද හීනෙකදි ඔයාට තේරුනොත් ඒක හැබෑවක් නෙවේ හීනයක් කියලා :O ඔයාට මොන තරම් දේවල් කරන්න පුලුවන් වෙයිද? අන්න එහෙම කරන එකට තමා Lucid Dreaming කියන්නෙ. අපි සිහින ලෝකයට සාපේක්ශව පැය ගණනක සිහිනයක් දකිනවා කියන්නෙ ඇත්ත ලෝකයට සාපේක්ශව තත්පර ගණනක සිහිනයක්. මතකනෙ Inception ච්ත්‍රපටය. ඔව් දැනට සොයාගෙන ඇති පරිදි ඒ කාල සාපේක්ශතාව නිවැරදියි.Inception චිත්‍රපටයෙදිත් කරේ Lucid Dreaming ද? අනිවා. දැක්කනෙ ඒකෙ හිටපු අය හීනයක් තුලදි ඒ දකින්නෙ හීනයක් බව තේරුම්ගත්තා. ඇත්තම කිව්වොත් එයාලා හීනයක් තුලදි හීනෙන් නින්දට ගිඉහ්න් හීනයක් දකින්න හැදුවා, ඊට පස්සෙ ඒ හිනෙදි හීනෙන් නින්දට ගිහින් ටහ්වත් හීනයක් දකින්න ගියා ඒ කියන්නෙ හීනෙන් දකිනවා හීනයක් දකිනවා ඒ හිනෙදි දකිනවා හීනයක් :/ පිස්සු වගේ නේද හරි එහෙනම් චිත්‍රපටය ගැන කතා නොකර ඉමු.
Lucid Dreaming ගැන කතා කරමුකො එහෙනම්,
මාස ගානක ඉඳන් මේ ගැන ලියන්න ආසාවක් තිබ්බා ඒත් අපේ අයට මේ වගේ එව්වා පේන්නෙ නිකන් ගොන් ආතල් වගේ නිසා මම ලියන්න හිතුවෙ නැහැ, මේ ටිකේම මාව හම්බුන ගොඩක් අය ඇහුවෙ දැන් කොහොමද ඉතින් Fb එකේ බ්ලොග් එකේ එහෙම පෝස්ට් දාන්නෙ නැද්ද කියලා ඉතින් එහෙම අහපු අය ගැන හිතලම ඔන්න ලියන්න ගත්තා.
යාලුවනේ ඔයලට You Tube වෙබ් අඩවියෙ Lucid Dreaming Sleep Track කියලා search කලොත් පැය ගණනක නාද රටාවන් අසන්න පුලුවන්. මේකත් එක්තරා ආකාරයක භාවනාවක් වගේ දෙයක් හොදින් ප්‍රගුණකළොත් ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබන්න පුලුවන්. ඒ Sleep Track වල සඳහන් ආකාරයට ඒවා ශ්‍රවනය කරමින් නින්දට යෑමෙන් Lucid Dreaming පහසු වෙන බව තමයි පෙන්වලා දීල තියෙන්නෙ. මොකද මේ Sleep Track වල තියෙන්නෙ ඇල්පා,බීටා වගේම අපේ මොළයෙ තිබෙන සංඛ්‍යාත වලට සමාන සංඛ්‍යාත. ඉතින් අපි භාවනාවක් වගේ සිතට ලබාදෙන ව්‍යායාමට ස්ආර්ථකව කරගන්න මේකෙන් උදව් වෙනවා.

  • කොහොමද සාර්ථකව මේ වැඩේ කරන්නෙ?
  • ඔයා හීනයක් දැකලා අවදි උනු පසුව එය අමතක වන්නට ඉඩ නොදී එය සටහන් කරගන්න.
  • සැබෑ ජීවිතයේදී මම ඉන්නෙ මේ හීන ලෝකෙකද කියලා තමන්ගෙන්ම ප්‍රශ්ණ කරගන්න පුරුද්දක් ඇති කරගන්න.හීනෙකදිත් ඔය පුරුද්ද නිසා ප්‍රශ්න කරගත්තොත් වැඩේ ගොඩනෙ.
  • නින්දට යන විට තමන් සිහිනයක් දැකීමට ඉඩ ඇති බව සිහියේ තබා නින්දට යන්න.
  • නිතර නිතර දකින සිහින වල පොදුවේ සංකේතවත් වන දෙයක් තිබේ නම් ඒ ගැන අවධානය යොමු කරන්න.
  • සිහිනයක් මැද අවදි වුවහොත් එය සටහන් කරගෙන නැවත් සිහිනයේ සිහියෙන්ම නින්දට යන්න.
  • Lucid Dreaming සඳහා වෙන් වූ Sound Track මෙන්ම Lights පවා තිබෙනවා, නමුත් ඉතින් සුළු මුදලක් යන නිසා ඒක කරදර වැඩක්.
  • නින්දට ගොස් පළමු මිනිත්තු 90න් පස්සෙ තමා ගොඩක් වෙලාවට සිහින පෙනෙන්නෙ, ඒ ගැනත් අවධානයෙන් ඉන්න.
  • හදිසියෙවත් ඔයා Lucid Dreaming තත්වයට ලඟා වෙනවා වගේ තේරෙනවානම් සිහිය තබා ගන්න අතේ ඇඟිලි සියුම්ව සොවන්න උත්සාහා ගන්න.
  • නින්දට යාමට ප්‍රථම භාවනා කරන්න.
  • Lucid Dreaming වලට ආධුනික අයට තියෙන ගැටලුවක් තමා පුදුමය නිසාම අවධානය/සිහිනය බිඳෙන එක, ඉතින් ඒකෙන් බේරෙන්න සිහිනයේ තිබෙන ඔබේ කය දෙපසට සොලවන්න, සිහිනයේ ඔබ සිදු කරමින් සිටි දෙය දිගටම කරන්න උත්සාහ ගන්න.
  • Video Game ගහන අයට Lucid Dreaming කිරීමේ හැකියාව අනිත් අයට වඩා වැඩි බවක් තිබෙනවා.

හම්මෙ ඇති වගේ නේඩ. එහෙනම් අදට මන් නවතින්නම් ඔයාලගෙ අදහසකුත් comment කරගෙන යන්න. හදිසියෙවත් ඔයා සිහිනයකදි දැනගත්තොත් ඒක සිහිනයක් කියලා ඔයා කරන දේත් comment කරගෙනම යන්න. :)

8:06 AM by Unknown · 17

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.