Showing posts with label නව සොයාගැනීම්. Show all posts
Showing posts with label නව සොයාගැනීම්. Show all posts

වීනස් ග්‍රහලොව වෙත නාසා එකෙන් යවන HAVOC අහස් යානාව


යාලුවො දැනටත් දන්න දෙයක්නෙ අඟහරු වලටත් මිනිස් බැල්ම යොමු වෙලා තිබෙන බව.ඉතින් අඟහරුට CURIOSITY රෝවර් එකක් යැව්වා වගේම අපි වාසය කරන පෘථිවියෙ අසල්වාසියා වන වීනස් වලටත් භාන්ඩයක් යවන්නයි යන්නෙ, වෙන මොකක්වත් නෙවේ HAVOC කියන අහස් නැව. ඉතින් මේ සැලසුම වෙනුවෙන් නාසා ආයතනය කැපවෙලා තිබෙන බවයි වාර්ථා වෙන්නෙ.
නාසා හී Langley facility පර්යේශක කණ්ඩායම විසින් වීනස් ග්‍රහයා පිළිබධ පර්යේශණ කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇති එක් ආකාරයක් ලෙස High Altitude Venus Operational Concept (HAVOC) සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ යානාව තනියම නම් නෙවේ යන්නෙ, මාසයක් වැනි කාලයක් පුරාවට අභ්‍යවකාශගාමින් දෙදෙනෙකු විසින් වීනස් ග්‍රහයා වටා බ්‍රමණය වෙමින් විශාල මෙහෙයුමකටයි යන්නෙ. කෙසේ වෙතත් මෙම ග්‍රහයා වටා ඇති උණුසුම් මතුපිටෙහි තිබෙන ඊයම් පවා දියකරවන වායුගෝලයේ තිබෙන සල්පර් අම්ලය නිසා මෙයට බාදා පැමිණියහැකි බව වාර්තා වේ. තවද මෙහි භූමියේ තිබෙන වායු පීඩනයත් දරාගත නොහැකි තරම් ය.
ඉතින් මේ HAVOC අහස් යානාව කොහොමද ඔය අභියෝගයට මුහුණ දෙන්නෙ?
වායුවෙන් පිරවූ මෙම වාහනය ඒ සියල්ලටම පිළිතුරු සපයයි. මන්ද යත් එය ගොඩබෑමට හා නැවතත් රැගෙන ඒමට යන වියදම හා තාක්ශණික ගැටලු නැති වීමයි. HAVOC සිද්ධාන්තයට පණ පොවන අභ්‍යවකාශගාමින් හට වායු පිරවූ පාවෙන අහස් යානාව තුළ ජීවය පවත්වාගත හැකි බවත් ඒ සමඟ පර්යේශණ කටයුතුද කළ හැකි බව වාර්තා වේ. එමෙන්ම මෙය හීලියම් වායුව පිරවූ දැවැන්ත බැලුමකි. ඉන්ජිනේරුවන් බලාපොරොත්තු වන ආකාරයට මෙය වීනස් වායුගෝලයේ 50km මතුපිටක පවත්වාගැනීමට හැකි වේ.
ඉතින් මේ වැඩේට එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අභිමතාර්ථය වෙන්නෙ වීනස් ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට පෙර එය සුදුදු ස්ථානයක්දැයි පරීක්ශා කිරීමයි.
ඉතින් යාලුවනේ ඉන්න තැන ඇරුණම තවත් ස්ථාන වෙනුවෙන් ඇස යොමු කරන නාසා ආයතන ගැන හිතන්නෙ මොනවද?

4:08 AM by Unknown · 0

ලොව විශාලතම Truck එක - හයර් එකකට ටොන් 450ක්ම අදිනවා


ඉතින් යාලුවනේ ඔයාලා දැනට දැකපු ලොකුම Truck එක මොකක්ද? මොකක්වුනත් කමක් නෑ, මේ කියන්නෙ ඉතින් ටොන් 450ක්, එහෙමත් නැත්නම් කිලෝ 450,000ක්ම එකවර අදින්න පුලුවන් Truck එකක් ගැන. පුදුමත් හිතෙනවා නේ?
අපිට මේ වාහනේ හම්බෙන්නෙ රුසියාවේ Kuzbaas වලින්. එම ප්‍රදේශයේ භූගත කැනීම් කටයුතු වලට සහය වෙන්න ඉන්න දැවැන්තයෙක් තමයි ඉතින් මේ. BelAZ 75710 යන නමින් හඳුන්වන මේ Truck එක මීටර් 20ක දිගින් හා මීටර් 10ක පලලින් යුක්ත වෙනවා, මෙහි හිස් බර පමණක් ටොන් 360ක් වෙනවා.ඒ වගේම පැයට කි.මී. 64ක වේගයක් හා මීටර් 20ක හැරවුමක්ද ලබාගන්න පුලුවන්.
එමෙන්ම මෙහි මීටර් 2ක උසක් ඇති ටයර් 8ක් තියෙනවා, අඩුමගානෙ ඔයාවත් ඒ ටයර් එකක් තරම් උසද?
ටොන් 450ක බරක් (Full load කරපු A380 Air bus එකක් තරම්) රැගෙන යාමේ බලයක් සහිත මෙහි 1700kW බලයක් නිකුත් කරන  Sports 2 වර්ගයේ සිලින්ඩර 16ක ඩීසල් එන්ජිමක්ද තියෙනවා.තවද 1200kW වන විදුලි මෝටර් හතරක්ද මෙහි අන්තර්ගතකොට ඇත. ගෙදර වතුර මෝටරය තරම් කී ගුණයක් බලවත්ද මේක?
වාහනේ ගොඩක් උසයි ,බරයි එත් ලංකාවෙ පාරවල්වලට නම් දාන්න බැරිවෙයි ඉතින්.
මේ මැමත් රථයෙ රියදුරු අසුනට හිමිකම් කියන්න ලැබිලා තියෙන්නෙත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි,ඔවුන්ගෙන් Andrej Vashkevich නම් පරීක්ශක රියදුරු මහතා පවසන්නේ මෙය පැදවීමට ලැබීම ආඩම්බරයට කරුණක් වන බවත් මෙය ධාවනය පහසු වූ බවත් එයට අනුගතවීමට සුළු කාලයක් ගත වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ කැණීම් කටයුතු සිදු කරන රළු/ලිස්සනසුළු පාරවල් සහිත බිමක වුවත් පහසුවෙන් මෙය ගෙන යාමට හැකිවීම භාග්‍යක් බවයි.
තවත් මෙවැනි ට්‍රක් රථ දෙකක් නිර්මාණය කරමින් පවතින අතර එකක මිළ සඳහන් වී තිබෙන්නේ ඩොලර් මිලියන 6ටත් වැඩි ලෙසයි.
අන්තර්ජාලය ඇසුරින් සොයාගත් තොරතුරු ඇසුරිණි. සිංහල බ්ලොග් එකක් කරා වුනත් සොයාගන්නා තතුවලට අදාල සමහර සිංහල වචන නොදන්නා නිසා ලිපි වල ගැටලු තිබිය හැක, එවන් යමක් වෙතොත් දැනුම් දෙන්න.ලියන්න නම් බොහෝ දේ ඇත හැකි අයුරින් එය ලියමි.

6:39 AM by Unknown · 1

BMW i8 මෝටර් රථය මෙන්න


BMW Concept Vision Efficient Dynamics ලෙසින් ප්‍රථමයේදී හඳුන්වාදුන් BMW i8 මෝටර් රථය Hybrid තාක්ශණයෙන් බලගැන්වෙන Sports Car එකකි. මෙහි නිශ්පාදිත වර්ශය වන්නේ 2015 ය. කිලෝවොට් 7.1ක Lithiom Ion බැටරියක් තිබෙන මෙහි සැතපුම් 15 - 23ක ගමනක් යාමට අවශ්‍ය බලය සපයා දේ. තත්පට 4.4කදී පැයට කි.මී.100 ක වේගයක් ලබාගැනීමට හැකි මෙහි උපරිම වේගය පැයට කි.මී. 250කි. 2.1 L/100 km ඉන්ධන දහනයක්ද ඇති අතර තවත් විස්තර පහත පරිදිය.
එන්ජිම :- 1.5L turbocharged Inline-3gasoline
විදුලි මෝටරය :- 98 kW (131 hp)
දිග :-  4,700 mm
පලළ :- 1,940 mm
උස :- 1,300 mm
බර :- 1,485 kg

8:35 AM by Unknown · 2

Lamborghini විසින් තැනූ 6000$ Smart Phone එක මෙන්න


Tauri Lamborghini සමාගම ගැන යාලුවො දන්නවත් ඇති. Ferrucio Lamborghiniගේ පුතනුවන් විසින් ආරම්භ කරන ලද මෙම සමාගම විසින් 6000$ වටිනාකමකින් යුත් Lamborghini 88 Tauri phone එක පසුගිය දිනක එලිදක්වා ඇත. මෙම සමාගමේ නිර්මාතෲ 1947දී උපන් අතර මෙම ජංගම දුරකථනද 1947ක් පමණක් නිපදවා තිබේ.
අනෙකුත් ජංගම දුරකථන හා සසඳා බලන විට මෙහි කැපී පෙනන ලක්ශණයක් වන්නෙ Leather වලින් තැනූ ආවරණය මෙන්ම එහි පෙනුමයි. මෙය කළු , රතු , තැඹිලි , නිල් හා දුඹුරු වර්ණයෙන් තිබෙන අතර උසස් තත්වයේ වානේ භාවිතා කර තනා ඇත. (රත්‍රන් , කලු වැනි වර්ණ)
Quad-core Qualcomm 801 processor එකකින් බලගැන්වෙන මෙහි අඟල් 5ක තිරයක් තිබෙන මෙහි 1080p Resolution එකක් ඇත. 20 MP කැමරාවක්, 3,400mAh බැටරියක් හා 64GB අභ්‍යන්තර ධාරිතාව + 3GM RAM එකක් අන්තර්ගතකොට තිබේ. මෙහි බැටරිය 3G භාවිතා කරමින් පැය 35ක කතා කාලයක් පවත්වාගැනීමට සෑහේ.
අනෙක් Phone එක්ක බලද්දි ගානට සරිලන්න දෙයක් Lamborghini  සමාගමෙන් කරලා තිබෙනවාද කියලා ඔබම තීරණය කරන්න.

8:06 AM by Unknown · 1

තත්පර 30න් Phone එක Charge කරන ගැජමැටික් එක මෙන්න



Phone එකේ Battery low තියාගෙන ගමනක් ගියත් අවුල් ගහන අපිටනම් මේක ගොඩක් වටිනවා. Smart phone වල බරපතලම ගැටලුවක් වෙලා තියෙන Battery charging එකට යන පැයකට වැඩි කාලය  තත්පර 30ට කෙටි කරපු මේ සොයාගැනීම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.

3:14 AM by Unknown · 1

අන්ධ පුද්ගලයන් හට ඇස් පෙනීම ලබාදෙන මේ උපකරණයෙන් ලැබෙන දසුන් ඔබ මවිත කරාවි


නවීන තාක්ශණයේ මෙම දායාදය හරහා අන්ධ පුද්ගලයින් හට නැවත ඇස් පෙනීම ලැබෙන බව නොඅනුමානයි."bionic eye" ලෙසින් හඳුන්වන මෙම කෘතිම ඇස අන්ධ පුද්ගලයින්ගේ දෘෂ්ටි විතාන පද්ධතිය යතාතත්වයට පත් කොට නැවත ඇස් පෙනීම ලබා දේ.මෙම උපකරණයේ බාහිර කැමරාවක්, බැටරියක් හා ශල්‍යකර්මයකින් ඇස පිටුපසට සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක් තිබේ.ශල්‍යකර්මයෙන් පසුව පෙනෙන්නේ කුමක්ද?  Bionic Vision Australia හී පර්යේශකවරයෙකු වන Nigel Lovell මහතා තමන්ව මෙම කෘතිම ඇසෙන් පෙනෙන්නේ කෙසේද යන්න පහත Animation එකෙන් පෙන්වා ඇත. 
මෙහි තිබෙන කැමරාවෙන් ලබාගන්නා දසුන් සකසන වෙත යැවීමෙන් අනතුරුව ඉහත ආකාරයෙන් දැකගත හැක.
බාහිරව මෙම උපකරණය පෙනෙන්නේ මෙලෙසිනි.
දැනට නිපදවා ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ 96ක පද්ධතියක් වුවත් ඉදිරියේදී එය ඉලෙක්ට්‍රෝඩ 1024ක් අන්තර්ගතකොට ඉතා පැහැදිලි රූප ලබා දීමට දියුණු කෙරේ. ඕස්ට්‍රේලියාවේ Bionic Vision පර්යේශකයින් හට මෙය සාර්ථකව ඉටු කරගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

යාලුවෙක්ගෙ ඉල්ලීමකට පහත post එක දාන්නෙ.

මෙය සන්වෙදි අය නොබලන්නෙ..
මෙිලොකෙට වෙන දේ මේකද හැමොමම කියවන්න.....
මගේ යාලුවනෙ අද අපෙ පැත්තෙ පුංචිම පුංචි ළමයෙක්ව ඉපදුන ගමන් ළිදේ දාල අද උදේ හම්බවුනා මීට දවස් කිපයකට කලින් අපේ ඉස්කොලේ මල්ලි කෙනෙකු සහ අපගේ සහෝදර පාසලේ නංගි කෙනෙකු හා එයාලගේ අම්මව තාත්තාව මරලා. ඇයි මෙරට කොහෙටද යන්නෙ? ඇයි අපේ මිනිස්සු අපේ අයවම මරා ගන්නෙ අපි ඒක නවැත්තිය යුතුමය මෙවන් අපරාදේ මිය යන ජීව්ත වෙනුවෙන් අප කුමක් කළ යුතුද?
මෙි ගැන ඔබේ අදහස මට කියන්න ………..
Dilum Manuranga Fernando's photo.

12:59 AM by Unknown · 4

Arduino Programming මුල සිට සරළව


Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB(වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැම්දේම කරන්න තියෙන්නෙ.

WHAT IS ARDUINO?

Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It's intended for anyone making interactive projects.
 ARDUINO යනු? 
Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික වේදිකාවකි.මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවකි.
 එතකොට ඔය Arduino කියන්නෙත් අර PIC කියන Program කරන්න පුළුවන් IC එකක්ද?
බැලූ බැල්මටම පේනවානෙ යාලුවනේ මෙතන IC එකකට වඩා යමක් තියෙනවා කියලා. PIC කියන්නෙ Microcontroller එකක් විතරයි.ඒත් Arduino කියන්නෙ prototyping platform එකක්. ඉතින් Arduino එකේ Microcontroller එකක් වගේම බල සැපයුමක් (Power Supply) හා පරිගණකය සමඟ USB හරහා සම්බන්ධවීමට USB-Serial පරිවර්ථකයක්ද අන්තර්ගත වෙලා තියෙනවා.ඉතින් USB එකෙන් Arduino එකට Code එක දාලා USB නැතුව වෙනම භාවිතා කරන්න.

http://www.arduino.cc/ තවත් තොරතුරු අවශ්‍ය නම් වෙබ් අඩවියෙ තියෙනවා. ඒ වගේම වෙළඳපොලේ විවිධ වර්ගයේ Arduino Board තියෙනවා. කොහොම වුනත් අලුතෙන්ම මේ වැඩේ කරන්න යන කෙනෙක්ට වඩාත් සුදුසුම හා ලබදායිම Board එක තමයි Arduino UNO කියන්නෙ.

එතකොට ඔය Board එක ගන්න තියෙන්නෙ කොහෙද?
ලංකාවෙ නම් මේවා ගන්න තියෙන ස්ථාන අඩුයි.බ්ලොග් පාරාදීසය කියන බ්ලොග් එකේ දාලා තිබ්බා රු.1550/-ට කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන් කියලා.කෙසේ නමුත් පහතින් ලබා දෙන වෙබ් අඩවි හරහා මෙය ඔබේ නිවසටම ගෙන්වාගන්න පුළුවන්.
ලංකාවෙ වෙබ් අඩවි - www.lankatronics.com/lakduino.html
http://shop.techkatha.com/
http://shop.techkatha.com/product/techduino-v1-fully-assambled-usb/
ඒ වගේම http://www.ebay.com/ හරහාද ඔබට මෙය මිළදීගත හැකියි.
2014 Dec. 1වනදා Ebay වලින් Order කරපු මේ Board එක http://www.ebay.com/itm/281399903526 අද තමයි මගෙ අතට ලැබුණෙ.
දැන් නම් ඔය වගේ China board 5$ සිට ඉහළට තියෙනවා. හොඳම එකක් නම් 20$ පමණ වෙනවා.
E-bay ගැන දන්නෙ නැත්නම් මෙන්න ඒ ගැන සම්පූර්ණ විස්තරයක් - http://softpedialk.blogspot.com/2013/10/ebay.html

Arduino වල තියෙන Programming Language එක ගැන කිව්වොත්?
මෙහිදී භාවිතා වන්නේ C Language එකට සමාන භාශාවකි. නමුත් අපිට මේ ආකාරයෙන් Program කරපු Arduino එක VB, C# වගේ Program එකක් සමඟද සම්බන්ද කරන්න පුලුවන්.
Arduino එකෙන් පාලනය වන කුඩා Robot කෙනෙක්
Arduino එකෙන් පාලනය වන Quadcoptor එකක්
Arduino සමඟ LCD
ඔය Board එකෙන් පුලුවන්ද රොබෝ කෙනෙක්ව හදන්න?
ඔව් ඒත් Board එක විතරක් තිබුණට මදි, මොකද අපි කරන්න යන නිර්මාණයෙදි විවිධ ආදාන හා ප්‍රතිදාන (Input/output) ලබාදෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ Board එකට සම්බන්ධ කරන විවිධ Sensors එහෙම තියෙනවා.
උදා:- උශ්ණත්වයට අනුව ක්‍රියාකරන පරිපථයක් සාදන්නේ නම් උශ්ණත්ව සංවේදකයක් අවශ්‍ය වෙනවා.
යමක් Display කිරීමට් අවශ්‍යනම් කුඩා LCD එකක් අවශ්‍ය වෙනවා.
අන්තර්ජලය හරහා යමක් පාලනය කරනවානම් Ethernet Shield එකක් අවශ්‍ය වෙනවා.
දුර මැනීමක් කරන්න වෙනවානම් Ultrasonic Sensor එකක් ගන්න පුළුවන්.
මම පළවෙනි Code එක සාර්ථකව Arduino එක හරහා අත්හදා බැලුවා.
ඉදිරි ළිපි වලදි Sensors ගැන වැඩි විස්තර කියන්නම්.ඉදිරියට arduinotutes.blogspot.com හරහා මෙම පාඩම් මාලාව ලබා දෙන්නෙමි.

2:42 AM by Unknown · 6

ඔත්තු බලමින් දත්ත එක් රැස් කරන අබිරහස් මෝරුන්


ඇමෙරිකානු නාවික හමුදාවට අයත් වැඩක් ගැන තමයි අද ලිපියෙන් කියන්නෙ.Virginia මුහුදු වෙරළේ නැගෙනහිර පිහිටි Joint Expeditionary කඳවුරේ සිට සිදු කරන මේ පරීක්ශණවලට භාවිතා වෙලා තියෙන්නෙ 'GhostSwimmer' ( පිහිනුම් අවතාරය) නම් රොබෝ මෝරෙක්ව.Boston ඉන්ජිනේරුවන්ගේ ආනුභාවයෙන් ජලය තුළ නියමුවන් රහිතව ගමන් කරන උපකරණ සෑදීමට ඇම්රිකානු නාවික හමුදාවේ NEMO නම් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙයාලා මේ රොබෝ මෝරෙක්ව නිර්මාණය කරලා තියෙන්නෙ.
මේ පිහිනුම් අවතාරය මීටර් 1.5ක් පමණ දිගින් යුක්ත වන අතර, 45kg බරකින්ද යුක්තය. දැවැන්ත මත්සයෙකුගේ පිහිනීම හා ශරීරය අනුකරණය කරමින් නිර්මාණය කරන ලද රොබෝවෙකු ලෙස මෙය හඳුන්වා ඇත.අඟල් 10 සිට අඩි 300 දක්වා ගැඹුරකදී වුවත් හොඳින් පිහීනීමට හැකි වන ලෙස නිර්මාණය කර ඇති මෙම රොබෝ මෝරාව මීටර් 152ක් දුරින් තිබෙන ලැප්ටොප් පරිගණකයක් හරහා පාලනය කළ හැක. එමෙන්ම තමාගේ තිබෙන සංවේදක හරහා කිසිවෙකුගේ හෝ බලපෑමක් රහිතව ස්ව්‍යංපාලනයක්ද සිදු කළ හැකි වන ලෙස වැඩි ආයු කාලයක් පව්තින බැටරියක්ද අන්තර්ගතකොට තිබේ.මෙය ලැප්ටොප් පරිගණකය හා සම්බන්ධ වූ අවස්ථාවේ පටන් තමා සිටින ස්ථානයේ සජීවී රූපරාමු හා වෙනත් දත්ත සම්ප්‍රේශණය කරයි. කෙසේවෙතත් මෙය ස්ව්‍යංපාලනයෙන් පවතින අවස්ථාවේදී තමා විසින් ලබගන්නා දත්ත ගබඩා කොට තබාගන්නා අතර අවශ්‍ය වූ විට ඒවා ලබාගැනීමට පුලුවණි.
තමාගේ චලනයට ආවේනිකව ඉදිරියට ගමන්කරන මේ රොබෝ මෝරා හට වේශාන්තරණ හැකියාවක්ද තිබේ. මෙය හමුදා බුද්ධි අංශ වල නිරීක්ෂණ හා පිරික්සුම් මෙහෙයුම් වලදී අතිශය වැදගත් වේ. කෙසේවෙතත් නාවික හමුදාව අති ගත් කළ මෙය නැව් පරීශණ වැඩවලටත් වටිනා දෙයක් වන බව නොඅනුමානය.

9:02 PM by Unknown · 3

ලොව වේගවත්ම මගී ප්‍රවාහන දුම්රිය ජපානයෙන්



ඔන්න යාලුවනේ ජපානෙ අයට අවස්ථාව ලැබිලා තියෙනවා ලොව වේගවත්ම, විශාලතම හා දිගම දුම්රියෙ ගමන් කරන්න. මේ දුම්රියට භාවිතා කරලා තියෙන්නෙ රේල් පීලි උඩ දුවන යකඩ රෝද නම් නෙවේ, Maglev නම් සිද්ධාන්තයයි. එනම්, රේඛීය මෝටර් විසින් තල්ලු කරන චුම්භක විකර්ෂණයෙන් එසවී පවතින දුම්රියකි. මෙහිදී දුම්රිය හා මාර්ගය අතර ගැටීමක් සිදු නොවන අතර මාර්ගයට උඩින් පාවෙලා තමයි ගමන් කරන්නෙ, ඉතින් ඝර්ෂණයක් ඇති නොවෙන නිසා දුම්රිය තමාට ලබාගත හැකි උපරිම වේගය ලබාගන්නවා. ඉතින් විසිවන සියවසේ මැද බාගයේ පටන් තමයි මේ Maglev ක්‍රමයට දුම්රිය නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නෙ. 1968 දී Brookhaven නම් ජාතික විද්‍යාගාරයේදී James Powell කියලා පර්යේශකයෙක් විසින් තමයි මේ චුම්භක විකර්ෂණයෙනය දුම්රිය සෑදීමේ අදහස එලිදක්වලා තියෙන්නෙ. Maglev සිද්ධාන්තය නිසා පැරණි රෝදය සහ ඇක්සල් එක වෙනුවට චුම්භක විකර්ෂණයෙනය මඟින් එසවූ දුම්රිය ලොවට දායාද වෙනවා.
මෙලෙසිස් එසවීම් හා තල්ලු කිරීම සඳහා චුම්භක ආකර්ශණ හා විකර්ශන බලය මේ පද්ධතිය හරහා තමයි ලැබෙන්නෙ.
දශකයකට පෙර සිට ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කළ Maglev දුම්රිය දැනටත් භාවිතා වේ. Yamanashi Maglev පර්යේශණයේදී අලුත්ම Maglev දුම්රිය පරික්ෂා කර ඇත.
මෑතකදී අපට හමුවන Maglev දුම්රිය වෙන්නෙ ජපානයේ LO මාදිලියෙ පැයට කිලෝ මීටර් 500ක වේගයක් ගන්න දුම්රියයි. එහි ප්‍රථම ධාවනයේදී එය සැතපුම් 26.6ක ගමන් පථයක ගමන් කර ඇති අතර එය සැතපුම් 3 පසු කරන විටඅ තම උපරිම වේගය ලබා ගත්තේය.
ඉතින් මේ මංගල ගමනෙ හිමිකරුවන් නම් පවසන්නෙ මේ අධි තාක්ශණික LO දුම්රිය තම උපරිම වේගයෙන් ගමන් කරන විට කිසිදු කැළඹිලි ස්වභාවයක් හෝ ශබ්දයක් නම් ඇතිවූයේ නැති බවයි. ඒ කෙසේවෙතත් දුම්රිය ගමන දුටු පිටස්තර අයටනම් ඒක වෙනම අත්දැකීමක් වෙලා තිබ්බෙ.
මේ දුම්රිය තමන් ලඟින් ගමන් කරන විට ඇති වූ සුළං පහරට තිගැස්සුණු වාර්තාකරුවෙක් පවසා සිටියේ ඒ අව්ස්ථාවේ කන් අඩි පුපුරන තරම් ශබ්දයක් ඇති වූ බවයි.
ඉතින් මෙවැනි ගැටලු නිසා මේ LO දුම්රිය ජනගහනය අධික ප්‍රදේශ වල ගමන් කිරීමේදී ඇතිවන කැළඹිලි ස්වභාවය ගැනත් මෙහි අයිතිකරුවන්ට සැලකිලිමත් වෙන්න සිදු වෙනවා.
අනාගතයේදී ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි රටවල් වලටත් Maglev දුම්රිය පැමිණෙන්නට ඉඩ ඇති අතර එවිට උසස්,වේගවත් ප්‍රවාහණයක් එම රටවල් වලටද දායාද වේ.

8:46 PM by Unknown · 2

Laser වලින් හොරු අල්ලමු


චිත්‍රපටවල එහෙම තියෙන Laser ආරක්ශක පද්ධති දැකලා තියෙනවානෙ හැමෝම, එහෙනම් ඉතින් තවත් නිර්මාණයක් කරන්න තමයි අවස්ථාව. යාලුවො ඉතින් කිව්වා වගේම Comments එහෙම දාලා තිබ්බා එහෙනම් කෙලින්ම යමු මාතෘකවට.
Laser එක්ක වැඩකරද්දි Laser කිරණ වලින් ඔබේ ඇස් ප්‍රවේශම් කරගන්න. අධික ලෙස Laser කිරණ සම මතට වැටීමත හානිදායකයි.
 බලන්නකො පහළ තියෙන උපකරණය, කලින් Laser නිර්මාණයෙදි අපි භාවිතා කළා Laser එකක් වගේම LDR එකක්.

 පහළ තියෙන්නෙ LDR එකක්. හැබැයි මේක පැන්සල් හිසක් තරම් පුංචි උපකරණයක්. Digital ඇසක් වගේ. මේකට ආලෝකය වැටුණම වෙන්නෙ LDR එකේ ප්‍රතිරෝධීතාව අඩු වෙන එක. ඉතින් ඒ සිද්ධාන්තය භාවිතා කරලා තමයි මේ ආරක්ශක පද්ධතිය හදන්නෙ.
අපි හදන පරිපථ වල Laser එකේ ආලෝකය හැම විටම මේ LDR එකට වැටෙන්න සලස්වනවා, ඒ ආලෝකය හරහා යම් බාදකයක් ගමන් කළොත් පරිපථය විසින් එය හඳුනාගන්නවා.
 ඉතින් අපිට ආරක්ශාකරන්න ඕනේ උපකරණය වටා තළ දර්පණ (කණ්නාඩි) වලින් මේ Laser ආලෝකය පරාවර්තනය කරගෙන වැඩේ කරගන්න පුලුවන්. බලන්න පහත පින්තූරය.

පහල තියෙන්නෙ සරළ නිර්මාණයක්.
දැක්කා නේද LDR එකට වැටෙන Laser ආලෝකයට බාදාවක් ආපු ගමන් LED එකක් දැල්වෙලා අපිට ඒ බව දැනුම්දෙනවා.අපිට මේකෙ 150 K ප්‍රතිරෝදකය ඉවත් කර ඒ වෙනුවට 100k VR එකක් (33k හෝ ඊට මද වශයෙන් අඩු ප්‍රතිරෝදකයක් සමඟ ශ්‍රේණිගතව එකතුකළහොත් Transistor එකට සිදුවන හානිය අවම කරගතහැක)  සම්බන්ධකොට මෙහි සංවේදීතාව සීරුමාරු කරගත හැක. BC 547 හොයාගන්න නැත්නම් 2N2222 / C828 / D400 වගේ එකක් භාවිතා කරන්න.
මේ තියෙන්නෙ Breadboard එකක ඉහත පරිපථය සාදා ඇති ආකාරයයි.
ඔයාලට මේකෙ LED එක වෙනුවට Relay එකක්, Music Circuit එකක් වගේ භාවිතා කරන්න් පුලුවන්. Relay එකක් භාවිතා කරලා ඒ හරහා වෙනත් විදුලි උපකරණයක් වුවත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්.

ඉහත පරිපථයෙ පොඩි අවුලක් තියෙනවා, මොකද ඒක වැඩ කරන්නෙ Laser ආලෝක ධාරාව හරහා බාදකයක් තිබ්බොත් විතරයි, ඉතින් නැවත ආලෝකය ගමන් කරනවිට පරිපථය මුල් තත්වයට පත් වෙනවා. අපිට හොරු අල්ලන පරිපථයක් නම් එය හරහා කිසිවෙකු ගමන් කළ විගස නොනැවතී ක්‍රියාත්මක වන පරිපථයක් අවශ්‍ය වෙනවා. ඉතින් පහතින් තියෙන්නෙ අපි කවුරුත් දන්න 555 chip එකෙන් හදපු Circuit එකක්.
යාලුවන්ගෙ ප්‍රතිචාර අනුව ඊළඟ LDR Circuit එකත් අරන් එනවා, රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන පරිපථය.

7:45 AM by Unknown · 5

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.