Showing posts with label පුදුමයි. Show all posts
Showing posts with label පුදුමයි. Show all posts

ඔබේ ඇස් මවිත කරවන සිතුවම්


ඔන්න යාලුවනේ ඔයාලට පිස්සු හැදෙන Post එකක් අරන් ආවා, මේක බැලුවට පස්සෙ ඔයාට ඔයා ගැනම පුදුම හිතෙයි.
ඇල වෙලා වගේ තිබ්බට මේ හරස් රේඛා තියෙන්නෙ සමාන්තරව.
මැද තියෙන තිත දිහා බලාගෙන ඉන්නකො මොකද වෙන්නෙ බලන්න
මේකෙ එක තිතක් දිහා බැලුවොත් සිදුවෙන චලනය නවතිනවා.
කරකැවෙන චතුරස්‍ර.
මෙව්වා එකම උසකට ඉහලට පහලට ගියත් ඔබට පෙනෙන්නේ මේවා දෙපසටද ගමන් කරන ලෙසයි.
මේක දිහා වැඩි වෙලා බලන් ඉන්න එපා, ඔහොම බාලගෙන ඉන්නකො මෙයා කැරකෙන පැත්ත මාරුවෙයි ටිකකින්.
තැඹිලි රවුම් දෙකම සමාන ප්‍රමාණ වලින් තිබුණත් ඒකක් ලොකුවටයි පෙනෙන්නෙ.
පාවෙන පියගැටපෙල
එකක් උඩ එකක්ද නැත්නම් එකකට පස්සෙ එකක්ද?
මැද තියෙන රතු රේඛා දෙක කෙළින් සහ සමාන්තරව තිබුනද අපට පෙනෙන්නේ එය වෙනස් ආකාරයෙනි.
එකම ගොඩනැගිල්ල නමුත් එකක් ඇලයි. එහෙම පෙනෙන්නේ අපේ මොළය මෙය තේරුම් ගන්නා ආකාරය අනුවයි. (පීසා කුළුණ)
මේවත් ස්අමන්තර රේඛා. ඒත් පේන්නෙ?
තත්පර 30ක් මේ දෙස බලා සිට සුදු පැහැති යමක් දෙසට ඇස යොමු කරන්න. ඔබට අමුතු දෙයක් පෙනේවි.
මේ පින්තූරෙ සිටින චරිත දෙකෙහිම උස සමානය. නමුත් එකක් කුඩාවටයි පෙනෙන්නේ.
ඇයි තැන තැන කලු තිතක් මතු වෙනවද?
මැද තිබෙන එක???
මේ දෙකම සමානයි, නමුත් එකක් පෙනෙන්නේ කුඩාවටය.
බට කීයක් තියෙනවාද?
මේකෙත් කලු තිත් මතු වෙනවද?
මිනිත්තුවක් පමණ මේ දෙස බලා සිටින්න, පින්තූරය අතුරුදහන් වේවි.
කැරකැවිල්ල වගේද?

මැද තිබෙන තිත දෙස බලන්න, දැන් දෙපස ඇති රවුම් කරකැවේ.

ලිපිය බැලුවට ස්‍තූතියි. මෙහෙම පුදුම දේවල් හැමදාම දැකගන්න, Ctrl + D ඔබලා Bookmark එකක් දාගන්න. මතක ඇතුව Share කරෙගෙනම යන්න.

7:27 AM by Unknown · 6

මිනිසුන්ට ලැබුණු ලොව අමානුශිකම දඬුවම්


මේ ලිපිය බැලුවට පස්සෙ හිතෙයි එදිනෙදා අපි දකින දඬුවම් මොනවද කියලා. ලිපිය ලියන එකේ අරමුණ නම්, අප විසින් සිදු කරන වැරදිවලටත් මෙලෙසින් දඬුවම් ලැබුණොත් එය කෙතරම් වේදනාකාරීද යන්න සිතා වරදින් ගැලවීමට ඔබවත් යොමු කිරීමයි. සංවේදි අය නම් බලන්නෙ නැති තරමට හොඳයි.
1 - Scaphism
මෙය අතීතයේදි සිදුවූ දඬුවම් ක්‍රමයක් වන අතර පුද්ගලයා නිරුවත්ව ගසකට බැඳ තබයි. පසුව ඔවුන්ට බලෙන්ම කිරි, හා මීපැණි පොවන අතර ඔවුනට පාචනය, අතීසාරය සැදෙන තුරුම එය සිදු කරයි. පසුව ඔවුන්ගේ ශරීරයම මී පැණි වලින් වසන අතර එනිසා කෘමීන් ඒ වෙත ඇදෙයි. 
පුද්ගලායාගේ අසූචි එකතුවීමට පටන් ගත් පසු කෘමීන් ඒවා ආහාරයට ගෙන පුද්ගලායාගේ සම මත වර්ධනය වේ. මෙසේ කුණුවෙමින් පවතින ශරීරය මිය යෑමට සති දෙකක පමණ කාලයක් ගත වේ. නිරාහාරව, ජලය පානය කිරීම නොමැතිව වේලී බියෙන් අමු අමුවේ කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විඳියි.

2 - Republican Marriage
මෙය ප්‍රංශයේ සිදුවූවක් වන අතර, පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැටගසා ගඟට විසිකිරීම සිදු කරයි.

3 - සිමෙන්ති සපත්තු
ඉහත දඬුවමව සමාන වන මෙහිදී පුද්ගලයාට සිමෙන්ති සපත්තු දෙකක් පළඳා ගඟට විසි කරයි. මෙය ඇමෙරිකානු මාෆියාවෙහි සිදුවූවකි.

4 - ලෑල්ලෙන් පැනීම
ඔව් මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්‍රමයක්, නමුත් මෙය මුහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නකි. මුහුදට වටුණු පුද්ගලාගේ අවසන් ඉරණම මෝරුන්ට ආහාරයක් වීමයි.

5 - Bestiarii
මෘගයන් සමඟ සටනට යවන සිරකරුවන්ට ජීවිතය නැතිවන තුරුම සටනේ යෙදීමට සිදු වේ. නිරුවත්ව ආයුධ නොමැතිව කෙරෙන මෙය ඉතා අමාණුශික සටනකි.

6 - උඩට එලා මැරීම
මෙය සාම්ප්‍රදායික එල්ලා මැරීමට ව්අඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලායා ඉහලට ඔසවා මැරීමයි. ඇමෙරිකාවෙන් ආරම්භ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය.

7 - කියතෙන් කැපීම (ඉරීම)
මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදු වූවකි. උඩුයටිකුරු ලෙස ගැටගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතෙන් ඉරා දමයි. උඩුයටිකුරුව තබන නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොළයට රුධිරය ලැබෙන නිසා පුද්ගලයාට සිහිය පවතී.

8 - සම ගැලවීම
මෙහිදී සිදුවන්නේ ප්‍රසිද්ධ ස්ථානයක පුද්ගලයයෙකුගේ සම ඉවත් කිරීමයි.

9 - රුධිර රාජාලියා (Blood Eagle)

මෙහිදී සිදුවන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා ඔහුගේ පෙණහලු ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි.

10 - The Gridiron
පිලිස්සෙන ගල් අඟුරු ඇඳක් උඩ තැබූ පුද්ගලයාව අධික තාපය නිසා විශාල වේලාවක් දුක් විඳ මරණයට පත් කිරීමයි.

11 - තැලීම

යුරෝපයේ හා ඇමෙරිකාවේ සිදු වූ මෙය, වරදකරුවන්ගෙන් කටෞත්තර ගැනීමට භාවිතා විය. වරදකරු ප්‍රතික්ශේප කරන සෑම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරවයි.

11 - Breaking Wheel


Catherine Wheel යනුවෙන්ද හඳුන්වන මෙම රෝදයට ගැටගසන පුද්ගලයාගේ අස්ථි බිඳෙන තුරු පහර දෙයි.

12 - Spanish Tickler
මේවායෙන් සූරා දමන වරදකරුගේ හම ගැලවී අධික වේදනාවෙන් මරණයට පත් වේ.

13 - පුලුස්සා මැරීම
ප්‍රසිද්ධියේ ගැටගසා පුලුස්සන පුද්ගලයා පිලිස්සී මැරීමට පෙර කාබන් මොනොක්සයිඩ් ශරීරගත වී මරණයට පත් වේ.

14 - උණ බට
සෙමෙන් සිදුවන වේදනාකාරී දඬුවමක් වන මෙය ආසියාවේ සිදුවිය. උණ ගසක ගැටගසා තබන වරදකරුව දිනකට අඩියක් පමණ දික් වන උණ බට ශරීරය තුලට ඇතුල්වීම සිදු වේ.

15 - Ling Chi (සෙමෙන් කැපීම)
වරදකරුගේ ශරීරය සෙමෙන් පෙතිගසන අතර එම පුද්ගලයාව වැඩි කලක් ජීවත්ව සිටින ආකාරයෙන් මෙය ක්‍රමාණුකූලව සිදු කරයි.

16 - කොලොම්බියානු ටයි පටිය
ටයි එකෙන් ගැටගහලා  මරණ එක හොඳයි කියලා හිතෙන්න නැති නේද? ඒත් මෙතන වෙන්නෙ එහෙම දෙයක් නෙවේ. කොලොම්බියාවේ සිදුවූ මෙම දඬුවම මඟින් වරදකරුගේ උගුර පලා දිව එලියට ගනී. එහිදී ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට ඉතිරි කර තබයි.

17 - කුරුසයේ ඇණ ගැසීම
මෙය රෝමයේ සිදු වූවකි. සෙමෙන් , වේදනාවෙන් නින්දා පමුණුවන ලෙස සිදුවන මෙම දඬුවම ලබන පුද්ගලයාට මරණය දක්වා තම කුරුසය දරා සිටීමට සිදු වේ.

18 - එල්ලා, ඇදගෙන ගොස්, කපා දැමීම.
එංගලන්තයේ සිදු වූ මෙම දඬුවම කොටස් තුනකින් සිදු විය.
පළමුව වරදකරුව ලී රාමුවක ගැටගසා දඬුවම දෙන ස්ථානයට ඇදගෙන යයි. පසුව මරණාසන්න වන තුරු එල්ලා තබයි. පසුව පුද්ගලයාගේ උදරය කපා බඩවල් පිටතට ගනී. අවසානයේ එම පුද්ග්ලයාගේ හිස ගසා දමා ශරීරය හතරට කපා දමයි. එම කොටස් ප්‍රසිද්ධ ස්ථානවල දමයි.

ඔබත් වරදක් කළොත් යම් දිනක මෙවැනි දඬුවමක් මෙලොවදී හෝ එලොවදී ඔබටත් උරුම වීමට ඉඩ ඇත. එනිසා තමන් කරන්නේ කුමක්ද යන්න දෙවරක් සිතා බලන්න.

9:38 PM by Unknown · 6

ඇමෙරිකාවෙ ජනපති ඔබාමාගේ නිළ රථයේ සැඟවුණු රහස්



ලෝක බලවතෙක් වන බැරැක් ඔබාමා ජනපතිතුමන්ගේ නිළ රථය බලන්නයි අද යන්නෙ.



දිග අඩි 18යි, පලළ අඩි 5.10 යි
ජනපතිතුමා ගුවන්යානයෙන් බස්නා තුරු බලා සිටින මෙම මෝටර් ර්ථයෙහි නම "Beast" (බීස්ට්) ය. මෙය නිතරම ජනපතිතුමන් සමඟ ගමනේ යෙදෙන අතර ජන සමූහයන්ට බාධාවක් ලෙස වාහනය නවතා තබයි.
රසායන අවි ප්‍රහාරයක් ඇති වුවහොත් වාහනය සීල් වන අතර, මෙහි රෝද සිදුරු නොවන ඒවාය.
විදෙස් සංචාරයකදී ඇමෙරිකානු කොඩිය එක් පසකින් හා අනෙක් පසින් විදෙස් රටෙහි කොඩිය රඳවයි.
වායු ප්‍රහාරක හා රාත්‍රී කැමරා වාහන ඉදිරිපස සැඟව ඇත.
රියදුරු සිට ස්ථානයේ වීදුරුව පමණක් විවර වන අතර, එයද විවර වන්නේ අඟල් 3ක් පමණි. ටයර් වලට හානියක් වුවහොත් වානේ රිම් මඟින් වාහන ගමන් ගනී.
අඟල් 8ක් ගණකම් දොරවල්. (සේප්පුවක් වගේ)
මෙය තනිකරම ඇවිදින වානේ, ඇලුමීනියම් හා සෙරමික් බලකොටුවකි.
වාහනට යටින් තිබෙන වානේ තලය බිම් බෝම්බ හා අත් බෝම්බ වලින් ආරක්ශාව සපයයි.
වාහනේ ඇතුලෙ නම් ජනපතිතුමාට හොඳට Signal තියෙනවා.
මෙහි අන්තර්ගතකර තිබෙන චන්ද්‍රිකා තාක්ශණික දුරකථන කෙලින්ම සම්බන්ධ වන්නේ උප ජනපතිතුමාට හා පෙන්ටගනයටය.
ටොන් දෙකක් බරැති මෙහි සැඟවුනු තතු බොහොමයි, පින්තූර විශාල කර නැරඹීමට ඒ මත Click කරන්න.
දැන් හිතෙනවා ඇති නමට කාර් එකක් වෙලා තියෙන භාන්ඩෙ තනිකරම ඔබාමගෙ නිල යුද්ධ ටැංකියවත්ද කියලා.

4:01 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.