Showing posts with label විනෝදාස්වාද. Show all posts
Showing posts with label විනෝදාස්වාද. Show all posts

ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා



මේක පොඩි කතාවක්, දවසක් මහ දවාලේ කලුගල් කඩමින් සිටි පද්ගලයෙකු දැඩි හිරු රශ්මිය සමඟින් කලු ගලට තම කුලුගෙඩියෙන් බැට දෙමින් මෙසේ සිතන්නට විය,"මම ගොඩක් මහන්සිවෙලා කලුගල් කැඩුවත් මටත් වඩා මේ ඉර තමයි ශක්තිමත්, එයාගෙන් එන එලියට මගෙ වැඩේවත් කරගන්න බැහැ, අනේ මට ඔය ඉර වෙන්න තිබුනනම් මම තමයි ලෝකෙ බලවත්ම කෙනා.."
ඔහු එසේ සිතත්ම එකවර ඔහු ඉර බවට පත් විය, සිතූ පරිදිම දැඩි හිරු රශ්මිය විහිදුවා පොලොව මත සිටින අයට තම බලය පෙන්වන්නට ගත්තා. නමුත් ඒ සුලු මොහොතකට පමණි. එක් වරම තමාගේ ආලෝකයට බාදා කරමින් වලාකුලක් පැමිණ තම ආලෝකය පොලොවට වැටෙන්නට නොදී ආවරණය කළා. ඒ නිසා කම්පා වූ හෙතෙම, "ඉර වෙලා හිටියත් මට බැරි වුනා වලාකුලෙන් බේරෙන්නෙ, අනේ මටත් වලාකුලක් වෙන්න තිබ්බනම්.." පෙර පරිදිම මොහු සිතූ ලෙසින් එක් වරම ඔහුව වලාකුලක් බවට පත් විය. ආකශය පුරා තම වලාවන් පුරවා හිරුට නොදෙවෙනි වී තමා ලොව බලවත්ම කෙනා බව පෙන්වන්නට විය, නුමුදු එයද සුලු මොහොතකට පමණි. වලාකුලු සියල්ලක්ම දිය කර හරිමින් පොලොවට වැටෙන ජලය ලෙස ඔහුට වර්ශාවට පරාජය වන්නට සිදුවුණා. මෙනිසා නැවතත් ඔහුට ප්‍රාර්ථනාවක් කරන්න සිදුවුනා... ඔව් වැස්සක් වෙන්නෙ. සිතූ පරිදිම ලොව බලවත්ම තැන වර්ශාව කරගත් ඔහු වලාකුලු, ගම්, නියම් ගම්, නගර ආදී සියල්ලක්ම වැස්සෙන් නහවා විශාල බලයක් පෙන්වීය. නමුත්... ඔහු මෙවරද පරාජය විය, මන්ද යත් කුමක් විනාශ වුවත් කලු ගල පමණක් වැස්සෙන් බේරිණි.. මක් කරන්නද යැයි සිතූ හෙතෙම ක්ශණයකින් කලුගලක් බවට පත් වීය.. මෙවර අන් සියල්ලක් හටම නොදෙවෙනිව ශක්තිමත්, බලවත් ලෙස තමා ලෝකයේ බලවත් තැන ගත්තේය.. එම ප්‍රයක්නයද සුන් කර දමමින් ඊටත් වඩා බලවන්තයෙන් පැමිණ කලුගලද විනාද කරන්නට විය.. ඒ කලු ගල් කඩන මිනිසෙකි, තමාට කුලු ගෙඩියෙන් පහර කෑමට සිදුවීමත්, කලු ගල් කඩන මිනිසාට දෙවෙනි වීමට සිදුවීමත් ගැන ශෝක වූ හෙතෙම මෙසේ ප්‍රාර්ථනා කළේය, "ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා, අනේ මාව නැවතත් කලු ගල් කඩන මිනිසෙක් බවට පත් කරන්න..." ඔහු නැවත හිටි තත්වයටම පත් විය, සුපුරුදු පරිදි කලු ගල් කඩන්නට විය.. ලෝකයේ බලවත් හා ශක්තිමත්ම තැන ගන්නට සිතනවාට වඩා තමාට ලැබී ඇති තැන ගැන සෑහීමට අගනා බව මෙයින් ඔබට කියා දෙමි, කුඩා කල කියවූ කතන්දරයක් ඇසුරිණි.

4:43 AM by Unknown · 4

ගොන් විදියට ප්‍රසිද්ධ ස්ථානවල කරපු ප්‍රචාරක දැන්වීම්



මේවා කරපු අයනම් කවදාවත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. අනික ප්‍රසිද්ධ ස්ථාන වල? පාරෙ යද්දි හොඳට වටපිට බලගෙන යන අයට මෙහෙම දේවල් දැකගන්න පුලුවන්. බලන්නකො ඉතින්.













































8:42 PM by Unknown · 5

බලල්ලු ඇයි අන්තර්ජාලයේ පාලකයො වෙන්නෙ?



මේ ලිපිය ඉවරවෙනකන්ම බලාගෙන ගිහින් ඔයාම තීරණය කරන්නකො කතාව ඇත්තද කියලා.

බලල්ලු කැමතියි නොහිතපු විදියෙ තැන් ව්අලින් එලියට එන්න



එයාලා සටන්කරුවො




ත්‍රාස්‍ය ගවේශකයො



යමක් අත්පත්කරගන්නත් දන්නවා



මේ වගේ සෙල්ලම් දාන්නත් කැමතියි




මෙව්වත්



වැඩේ අල්ලලා දාන්නත් කැමති නැහැ



හිතන්නෙ පිටත් තියෙන දේ ගැන



ආපස්සට පනින්නත්



එයාලා දන්නවා කොහොමද සන්නිවේදනය කරන්නෙ කියලත්



කොහොමද වැඩ



තමන්ගෙ දක්ශතා පෙන්වන්නත් ග්ඔඩක් කැමතියි



එයාලා හැමදෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නෙ



හැමදේටම



මෙහෙම හුරතල් වැඩත් කරනවා



මේකත්

ඒ වගේම මේකත්





පේනවනෙ ඉතින්



අපිත් කැමතියි වැඩේට



ආදරෙයි ඇති තරම්



වෙලාවකටනම් හරිම කරදරයක්




හරි ඉතින් කවුරුත් කැමතියිනෙ පූසන්ට



හැම කෙනෙක්ම



පූසත් එකඟ වුනා

8:23 PM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.