Showing posts with label Electronics. Show all posts
Showing posts with label Electronics. Show all posts

අත් ඔරලෝසුවට ලබා දෙන විධානයෙන් Auto Park වන BMW Car



BMW සමාගමේ අලුත්ම නිර්මාණය වන මේ ස්ව්‍යංක්‍රීය Park වීමේ පද්ධතිය සමඟ ඔවුන් හඳුන්වාදෙන විශේෂාංගය ගැනයි අද ලිපියෙන් කියන්නෙ. වාහන විශාල ප්‍රමාණයක් අතර දුක් විඳිමින් එය Park කළ අවස්ථාවත් නැවත් එය පිටතට ගත් අවස්ථාවත් මිනිස් අතින් සිදු කිරීමට තිත තබමින් මොවුන් හඳුන්වාදෙන්නේ ඔවුන් සුළු මොහොතකට පෙර ඉදිරිපත් කළ මේ වටිනා නිර්මාණයයි.
අත් ඔරලෝසුවට ලබා දෙන විධානය ලබා දිය යුත්තේ බොත්තමක් එබීමෙන් නම් නොවේ, ඔබේ කටහඬින්මයි.මෙයට සුදුසු වන Smart අත් ඔරලෝසු දැනට වෙළඳපොලේ ඇති අතර එමඟින් Knight Rider Car එකේ මෙන් BMW සමාගමත් ස්ව්‍යංක්‍රීයව කටහඬ අනුව පාලනය වන වාහනය තනා ඇත. 
ඉතින් ඔබ යම් ස්ථානයකට ගොස් එය Park කිරීමට යන වේලාවේදී ඔබ පැමිණි කටයුත්ත ඉටු කර ගැනීමට හැකි වන අතර ඔබට ඇත්තේ වාහනය නවතා එයට Park වන ලෙස පැවසීම පමණි. ඉතින් කාලෙත් ඉතුරුයි ඔබටත් පහසුයි. BMW සමාඟමේ Munich based i3 Car එකක් සමඟ එන මේ තාක්ශණය ඔවුන් හඳුන්වන්නේ Remote Valet Parking Assistant යනුවෙනි.
විශාල Car Park වලදිත් හොඳින් ක්‍රියාත්මක වීමට GPS තාක්ශණය වෙනුවට මෙය භාවිතා කරන්නේ Laser සංවේදක මඟින් සාදාගන්නා Car Park එකේ සිතියමකි. රියදුරුට වහනයෙන් බැස විධානය ලබාදීම පමණක් සිදු කළ යුතු වන අතර ඉතිරිය වාහනය විසින් සිදු කරයි.
තවද සොයාගැනීමට ඉඩ තිබෙන ස්ථාන සොයාගනීමට හැකි වන මේ තාක්ශණය මෙන්ම අංශක 360 ම ආවරණය කරන laser සංවේදක පද්ධතිය නිසා තමාවටා ඇති වාහන සමඟ ගැටීමක් සිදු නොවීමට වග බලාගැනීමේ වැඩසටහනක්ද එයට අනුබද්ධව ස්ව්‍යංක්‍රීය තිරිංග පද්ධතියක්ද මෙයට අන්තර්ගතකොට ඇත.
තවත් විශේශාංගයක් නම් මෙයට විශේශවූ Car Parks අවශ්‍ය නොවන අතර දැනට තිබෙන Car Parks සමඟ වුවත් හොඳින් ක්‍රියාත්මක වීමයි. කෙසේවෙතත් මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ කවදාදැයි නිවැරදි දිනයක් තවම BMW සමාගම විසින් දන්වා නැත.

6:48 AM by Unknown · 2

Laser වලින් වැඩකරන Sound Transmitter එකක් හදමු


කවුද කැමති සැතපුමක් විතර දුරට තමන්ගෙ කටහඬ යවන්න? හැබැයි මෙතනදි වයර් රහිතව Laser වලින් තමා ශබ්දය ගමන් කරන්නෙ. ඔයාලට මේ ව්ඇඩේට ගන්න පුලුවන් කඩේ ගන්න තියෙන Key Tag වගේ එන Laser එකක්.නව නිර්මාණයක් කරන්න මෙන්න අවස්ථාව.
  • Laser එකත් හරි තව මොනාද ඕනේ?
  • වියලි කෝශ (Pen Torch Battery) 4ක් - 3 Battery holder එකක් සහ 1 Battery Holder එක්කම ගනන් වැඩේ පහසු වෙයි.
  • කුඩා Radio එකක් හෝ Mp3 Player එකක් වැනි ශබ්දය ලබාගත හැකි උපකරණයක්.
  • 3.5mm Earphone Jack එකක්.
  • Audio Transformer එකක්.ආසන්න වශයෙන් එක් පැත්තක් 8ohm සහ අනෙක් පැත්ත 1000ohm.
  • වයර් කැබලි කිහිපයක්.
  • LDR එකක්.
  • කුඩා Amplifier එකක්.(Amp එකක් නැත්නම් Computer එකට ගන්න Speaker එක හෝ මේ අඩු වියදම් Amp එක හදාගන්න විදිය අන්තිමට තියෙනවා.)
හරි දැන් වැඩ පටන් ගමු,මුලින්ම Laser එකේ තියෙන බැටරි ඉවත් කරන්න.එහි ආවරණය + වන අතර ,ඇතුලෙ තියෙන Spring එක - වේ.

ඉහත ආකාරයට වියලි කෝශ 3 ශේණිගතව සම්භන්ද කරන Battery Holder එකේ + කොටස Laser එකේ + වයරයටද, Battery එකේ - කොටස Transformer එකේ 1000ohm කොයිල් එකටද සම්බන්ධ කරන්න. 1000ohm කොයිල් එකේ ඉතිරි වයරයට Laser එකේ - වයරය සම්බන්ධ කරන්න. Transformer එකේ 8ohm කොයිල් එකේ ඉතිරි වයර් 2 Audio Jack එකට සම්බන්ධ කරන්න.Audio Jack එක තමයි Radio එකට හෝ Mp3 එකට යන්නෙ.
වැඩේ හරියට කළොත් මෙහෙම තියෙයි.

ටිකක් ලස්සනට පාස්සලා ගත්තොත් මෙහෙම හදාගන්න පුලුවන්.
හරි අපි දැන් Laser වලින් වැඩකරන Sound Transmitter එකක් හදලා ඉවරයි,ඊළඟට තියෙන්නෙ Receiver එක
උඩ පින්තූරෙ විදියට Audio Jack එකකට හෝ ඔබේ amp එකේ Input එකට සම්බන්ධ කළ හැකි Connector එකකට ඉතිරි බැටරිය හා LDR එක සම්බන්ධ කරගන්න.

එහෙනම් වැඩේ test කරමු.Transmitter එකට විදුලිය ලබාදී Radio එකත් On කරලා Earphone Jack එකත් සම්බන්ද කරන්න. දැන් Laser එකත් වැඩ කරනවා.
එතකොට Receiver එක Amp එකට සම්බන්ධ කරන්න.
දැන් තියෙන්නෙ Laser එකේ එලිය LDR එකට වැටෙන්න අල්ලන එක.

වැඩේ ගොඩ නම් දැන් Amp එකෙන් Radio එක ඇහෙනවා.වැඩ කරනෙ නැත්නම් බලන්න පරිපථය නිවැරදිව සම්බන්ධ වෙලාද, Radio volume එක වැඩි කරලාද කියලා.

මෙන්න අඩු වියදම් Amp එක.
මෙතන pin 1 සහ pin 8 අතර ඇති 10uf එක හා vr2 එක නොමැතිවද පරිපථක ක්‍රියාත්මක වේ.
මෙන්න භාන්ඩෙ හදන විදිය
මේ තියෙන්නෙ ඔය විදියට හදපු එකක්.
තමන්ගෙ කටහඬ යවනවානම් Transmitter එකට Mic එකක් සම්බන්ද කරපු Amp එකක Output එක දෙන්න. Laser එක යවන්න පුලුවන් දුරටම දැන් Sound යවන්න පුලුවන්.එහෙනම් යාලුවනේ මම කැපුනා මතක ඇතුව Comment එකකුත් දාලම යන්න. හොඳ ප්‍රතිචාර ලැබුනොත් රු.4000ක් පමණ වන Laser වලින් හොරු අල්ලන පරිපථය රු.100ක් වගේ අඩු මුදලකින් හදන හැටි කියනවා ^_^ .

9:11 PM by Unknown · 12

Telephone Line එකෙන් නොමිළේ විදුලිය ගමු



කස්ටිය ගෙදර තියෙන Telephone Line එක තියන් ඉන්නෙ ගෙදරට current එක ගන්න නෙවෙයිද? අයියෝ,දන්නැද්ද ඔය Line එකෙන් Current එකක් එනවා කියලා, ඉතින් ඒකෙන් වැඩක් ගමුද? බලන්නකො පහල Video එක වැඩේ තේරෙයි.


මෙතනදි කරලා තියෙන්නෙ 60-70v පමණ එන Telephone Wire එකේ AC line එක Bridge Rectifier එකක් හරහා සරළ ධාරා (DC) බවට හරවා 12V පමණ වන ලෙස Regulate කිරීමකි.
මෙය අත්හදාබැලිමට යාමෙන් ඔබට සිදුවන අපහසුතා ගැන වගකියන්නේ නැත.

8:40 AM by Unknown · 3

තනි බැටරියෙන් LED දැල්වීම



ආ කස්ටිය හිතන් හිටියෙ LED එකක් වැඩ කරන්න නම් Battery 2ක්වත් ඕනෙ කියන එකනෙ ඒත් මේ ලිපියෙන් කියන්නෙ බැහැලා තියෙන 1.5V බැටරියකින් වුවත් LED දල්වන ක්‍රමය. ඇත්ටම යාලුවනේ බැටරිය කියන්නෙ වියලි කෝශ කිහිපයක් එකතු වෙලා හැදුන එකකට.ඉතින් අපි සාමාන්‍යෙන් බැටරියක් කියන්නෙ වියලි කෝශ‍යකට.
ඔය උඩ තියෙන්නෙ වියලි කෝශයක්, ඔව්වා කිහිපයක් එකතු වෙලා තමයි බැටරියක් හැදෙන්නෙ.
හරි දැන් ඒ කතාවෙන් වැඩක් නෑ ඔය කියන එක් වියලි කෝශයකින් කොහොමද අර LED එකක් දල්වන්නෙ? ඒකට අඩුමගානෙ 2V වත් ඕනනෙ, ඒත් තනි වියලිකෝශයකින් ලැබෙන්නෙ 1.5v විතරනෙ?
ඔව් ඒත් මේ කරන්න යන trick එකෙන් පුළුවන් 1.5v අරගෙන ඒක 2.5v කරන්න.කොහොමද වැඩේ?
හරි එහෙනම් බලමු වැඩේට මොනද ඕනෙ කියලා.


NPN Transistor එකක් - 2N2222 / C828 / D400 මේවගෙන් කැමති එකක්. මම පලවෙනි එක තෝරගන්නවා වැඩේට ලේසි නිසා.


1k Resistor එකක්


LED එකක්



වියලි කෝශයක් - Pen Torch Battery එකක් වුවත් සුදුසුයි (1.5V)


අඩි 3ක පමණ Coil කම්බියක් (CFL Bulb වල තියෙන Transformer එකේ තියෙන Coil කම්බියත් අවුලක් නෑ)

Coil එක ඔතන්න Ferrite Rod එකක් ( CFL Bulb වල තියෙන එකක් වුවත් සුදුසුයි නැත්නම් යකඩ ඇණයක් ගන්න)
තව මේ ටික අමුනගන්න වයර් කෑල්ලක් , පාස්සනවානම් ඊයම් ටිකකුත් ඕනේ.

හරි අහත ආකාරයට මෙම උපාංග අමුනාගන්න


LED එකේ දිගින් වැඩි අග්‍රය ට්‍රාන්සිස්ටරයේ C අග්‍රයටත් අකෙන් අග්‍රය E කොටසටත් සම්භන්ද කරන්න.
Coil එකත් පොටවල් දෙකක් වෙන වෙනම ඔතන්න ඕනා එකක් වට 20ක් පමණ වන තෙක්. වර්ණ දෙකක Coil භාවිතා කරනවානම් වැඩේ පහසු වෙයි.
වැඩේ හරිනම් වියලි කෝශයට සම්බන්ධ කරලා බලන්න වැඩ කරනවා.
මේ Circuit එකට කියන්නෙ Joule Thief කියලා වැඩ නොකරොත් එක් Coli එකක වියලි කෝශයට හා ට්‍රාන්සිස්ටරයට සම්බන්ධ වන වයර් දෙක මාරු කර බලන්න.
මෙන්න තවත් එකක්.
ඔය කොල පැහැති ධාරිත්‍රකය නැති උනාට අවුලක් නැහැ.
මේ පරිපථය දියුණු කරලා ඔය වියලි කෝශයෙන් CFL Bulb එකක් වුවත් දල්වන්න පුලුවන්.
මෙතනදි භාවිතා කරලා තියෙන්නෙ Camera Flasher එකට 400v සපයන්න භාවිතා කර්න Joule Theif එකක්.
විද්‍යා ප්‍රදර්ශණයක වුවත් ඉදිරිපත් කළ හැකි මේ නිර්මාණය සරළ විදුලි පහණක් ලෙසද භාවිතා කළ හැක.

10:31 PM by Unknown · 6

GPS තාක්ශණය ගැන දැනගමු



GPS නොහොත් Global Positioning System යනු චන්ද්‍රිකා(Satellite) පදනම් කරගත් Navigation System එකකි.Navigation System එකක් යනු තමා සිටින ස්ථානය සිතියමකින් බලාගැනීමේ ක්‍රමයකි.මෙය සිදු වන්නෙ ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය විසින් ලොව වටා කක්ශගත කර ඇති චන්ද්‍රිකා 24ක් මඟිනි.මෙය ප්‍රථමයෙන් යුධාය කටයුතු වලට භාවිතා කර ඇති අතර පසුව, (1980) රජය විසින් සිවිල් ජනයා හට භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇත.කුමන කාළගුණ තතවයකදී වුවත් පැය 24ම ලොව ඕනෑම ස්ථානයක සාර්ථකව මෙම GPS තාක්ශණය ක්‍රියාත්මක වේ.වැදගත් කරුණක් නම්, මෙය සම්පූර්ණයෙන්ම නොමිළේ ලබා දෙන සේවාවකි.

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?


සෑම GPS චන්ද්‍රිකාවක්ම පෘථිවිය වෙත දත්ත සම්ප්‍රේශණය කරමින් තම කක්ශය මත දිනකට දෙවතාවක් ගමන් කරයි.GPS හ්‍රාහකයින් (Receivers) විසින් මෙම දත්ත උපයෝගීකොටගෙන තමා සිටින ස්ථානය ගණනය කරනු ලබනවා.GPS Satellite එකේ සිට තමා වෙත එවන සංඥාව එයට ලබාගන්නා කාලය සංසන්දනය කරමින් මෙම ගණනය කිරීම සිදු වේ.එමඟින් තමා (Receiver) හා GPS Satellite එක කෙතරම් දුරකින් සිටින්නේද යන්න සොයාගනී.මෙලෙසින් එක් Receiver එකක් GPS Satellite කිහිපයක් භාවිතා කොට තමා සිටින ස්ථානය Receiver එකෙහි සිතියම මඟින් නිරූපණය කරයි.
Receiver එක මඟින් තමා සිටින ස්ථානය ද්විමාන(2D) ලෙස නොහොත් අක්ශාංශ හා දේශාංශ මඟින් නිරූපණය කිරීමට අවම වශයෙන් GPS Satellite 3ක්වත් අවශ්‍ය වේ.GPS Satellite 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් තමා සිටින ස්ථානය 4D ලෙස නොහොත් අක්ශාංශ, දේශාංශ හා උත්තාංශ(latitude, longitude and altitude) වශයෙන් ලබාගත හැක.

 මෙලෙසින් Receiver සිටින ස්ථානය එක් ලබාගත් පසුව, GPS ඒකකය මඟින් එය ගමන් කරන වේගය, දිශාව, මාර්ගය, ගමන් කළ දුර, ගමනාරම්භයේ සිට ගමනන්තය දක්වා දුර, හිරු නැඟීම හා හිරු බැසීම සිදුවන කාලය වැනි දෑ දැනගත හැක.

GPS කෙතරම් නිවැරදිද?

අද භාවිතා වන GPS Receiver නිර්වද්‍යතාව අතින් ඉහළ වේ.මන්ද යත්, ඒවාගේ භාවිතා වන සමාන්තර බහු නාලිකා සැලැස්ම නිසාවෙනි (parallel multi-channel design).Garmin's 12 parallel channel receivers විසින් ඉතා කෙටි කාලයකදී Satellites විසින් සපයන දත්ත ලබාගැනීමටත්, ඒවා ක්‍රියාත්මක කළ විගස ප්‍රබල ලෙස එම සබඳතාවය පවත්වාගැනීමටත් හැකියාවක් පවතී.Garmin® GPS receivers හරහා 15m ට ආසාන්න වශයෙන් නිවැරදිව තමා සිටින ස්ථානය ගණනය කළ හැක.


WAAS - Wide Area Augmentation System (පුළුල් පරාසයක විහිදුනු පද්ධතියක්)  සමඟ එන Garmin GPS receivers තම නිර්වද්‍යතාවය 3m දක්වා අවම කිරීමට හැකියාවක් තිබේ.WAAS නිසා අමතර උපාංග භාවිතයක්ද සිදුවන්නේ නැත.Differential GPS (DGPS) හරහා එය තවත් නිර්වද්‍ය කරගත හැක (ඉහත පින්තූරය බලන්න).ඇමෙරිකානු වෙරළ ආරක්ශකයින් විසින් පවත්වාගෙන යන මෙම DGPS පද්ධතිය beacon transmitters භාවිතා කරන ස්ථාවර කුළුණු සමූහයක ජාලයකින් මෙම සේවාව ලබා දේ.මෙම සේවාව ලබාගැනීමට එකක් මෙන්ම differential beacon receiver හා beacon ඇන්ටනාවක් භාවිතා කළ යුතු වේ.

GPS චන්ද්‍රිකා පද්ධතිය (GPS Satellite System)

පෘථිවියට සැතපුම් 12,000 ක් ඉහලින් පිහිටා ඇති චන්ද්‍රිකා 24 ක් කක්ශගතකොට ඇත. මේවා නොකඩවා ගමන් කරන අතර පැය 24ට අඩු කාලය්කදී සෑම චන්ද්‍රිකාවක්ම වට දෙකක් තම කක්ශය හරහා ගමන් කරයි. මේවා පැයට සැතපුම් 7,000 ක වේගයෙන් ගමන් කරන අතර මෙම චන්ද්‍රිකා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ.සූර්යග්‍රහණයකදී වුවත් නොකඩවා බලය ලබාගැනීමට උපස්ථ බැටරි (Battery Backup) භාවිතා කරයි.සෑම චන්ද්‍රිකාවකම කුඩා Rocket boosters භාවිතා කරමින් ඒවායෙහි නිවැරදි ගමන් මාර්ගය පවත්වාගනී.


පහතින් දැක්වෙන්නේ GPS Satellite ගැන තවත් තොරතුරු කිහිපයකි

  • පළමු GPS Satellite එක කක්ශගත කරන ලද්දේ 1978දී ය.
  • මුල් වරට GPS Satellite 24ක මණ්ඩලය පිහිටවූයේ 1994දී ය.
  • සෑම චන්ද්‍රිකාවක්ම වසර 10ක් දක්වා ක්‍රියාත්මක වීමට් සෑහෙන අතර ඉන් මත්තට භාවිතා විය යුතු චන්ද්‍රිකා දැනට නිපදවමින් පවතී.
  • එක් චන්ද්‍රිකාවක් රාත්තල් 2000 ක් පමණ බරකින් යුක්ත වන අතර අඩි 17ක් වන හරස් සූර්ය පැනල අන්තර්ගත වේ.
  • ඒවායෙහි සම්ප්‍රේශකය (Transmitter) 50w හෝ ඊට අඩු බලයක් නිකුත් කරයි.
  • 1575.42 MHz UHF පරාසයකින් මෙම තරංග පිට කරති. අප භාවිතා කරන FM ගුවන්විදුලි වල නම් 88-108MHz පරාසයක් භාවිතා කරයි.
  • එලෙසින් තොරතුරු කාණ්ඩ 3ක් සම්ප්‍රේශණය වේ.ඒවා නම්, Pseudorandom කේත, Ephemeris දත්ත හා Almanac දත්ත ය.
  • Pseudorandom යනු එක් එක් චන්ද්‍රිකාව හඳුනාගැනීමට භාවිතා කරන කේතයයි.
  • Ephemeris දත්ත මඟින් චන්ද්‍රිකාව හොඳ තත්වයේ පසුවන්නේද යන බව පෙන්වා දේ.
  • Almanac දත්ත හරහා එම චන්ද්‍රිකාව දවසේ නියමිත් වේලාවෙදි කුමන ස්ථානයක සිටිය යුතුද යන බව හඳුනා ගනී.
එහෙනම් යලුවනේ කිව්වා වගේම GPS ගැන ලිපිය දුන්නා, ඔන්න ඔයාලට Comment එකක් දාලා යන්න තමයි වෙලාව.
Best thanks to www8.garmin.com

9:21 PM by Unknown · 2

Remote Control වැඩ කරන්නේ කෙසේද?



Remote Control Car එකක් , TV Remote එකක් හෝ භාවිතා නොකළ කෙනෙක් නැති තරම්. ඒත් දන්නවද මෙව්වා වැඩ කරන්නෙ කොහොමද කියලා? හරි අද ලිපියෙන් මම කතාකරන්න යන්නෙ ඒ ගැන. Remote Control කියන්නෙ දුරස්ථව පාලනය. සිංහලෙන් දුරස්ථ පාලකය කියන්නෙ Remote එකට. ඔයාලා දන්න දෙයක් තමා සෙල්ලම් CAR වලට එන Remote එකේ වගේ නෙවේ TV එකේ Remote එක නම් TV එක තියෙන දිශාවටම හරවන්න ඕනේ. ඒකයි වෙනස RC Car එකේදි වෙන්නෙ ඊයෙ ලිපියෙන් කිව්වා වගේ Bluetooth වගේ තරංගයකින් (මේවට කියන්නෙ විද්‍යුත්චුම්භක තරංග කියලා) දුරස්ථ උපංගය හා සම්භන්ධ වී එය පාලනය කිරීම.
නමුත් TV Remote එකේදි වෙන්නෙ විද්‍යුත්චුම්භක තරංග වෙනුවට ආලලෝක තරංග භාවිතා කරමින් එම පාලන උපදෙස් රූපවාහිනිය වෙත යැවීමයි.

 RC Car එකෙයි Remote එකෙයි තියෙන්නෙ Antenna දෙකක්, නමුත් TV එකේ තියෙන්නෙ අර Remote එකෙන් එවන ආලෝක තරංග හදුනගන්නා උප්කරණයක් (Infrared Receiver), Remote එකේ තියෙන්නෙ පොඩි LED එකක් (Infrared LED - මේවගෙන් එන ආලෝකය පියවි ඇසට් නොපෙනේ) . එමඟින් ආලෝකය නිකුත් කරනවා. ඔව් TV එකෙන් Antenna එකක් තියෙනවා එය මෙම Remote Control එකට බලපාන්නේ නැත.
හරි මොකක්ද අර උඩ කිව්ව පාලන උපදෙස් යැවීම?
ඔය වැඩේ ඉහත කතා කරපු Remote වර්ග දෙකේම වෙනවා.නැත්නම් ඉතින් කොහොමද අනිත් උපකරණය පාලනය වෙන්නෙ. ඒත් ඒ උපදෙස් කොහොමද පාලනය කරන ඕනෙ උපකරණය වෙත යන්නෙ? ඒ උපදැස් තේරුම් අරගෙන කොහොමද උපකරණය පාලනය වෙන්නෙ?
මම මුලින් කිව්වා Remote එකෙන් ගමන් කරන්නෙ තරංග කියලා. එම තරංග වල හැඩය පහත ආකරයෙන් ගන්න පුලුවන්
අපි Remote එකෙහි Switch ඔබන ආකාරයට අනුව එහි තියෙන Circuit එකෙන් මෙම තරංග පිට කරයි.
 එක් එක් Switch එකට ආවේනික තරංග හැඩ තිබෙන නමුත් (ඉහත ඉන්තූරය බලන්න) ඒ සියල්ලම ඉහත ආකරයේ කොටු හැඩයක් ගනී. (පරිගණක වල භාවිතා වෙන Digital Signals ම තමා මෙව්වත් භාවිතා කරන්නෙ) මේකට කියන්නෙ Encoding කියලා. හරි දැන් ඒ ආවේනික තරංගය හැදුවා. ඊළඟට තියෙන්නෙ මෙය දුරස්ථ උපකරණය වෙත යැවීම. ඒත් ඒක හිතන තරම් ලේසි නැහැ, මොකද ඉහත ආකාරයේ Digital Signal එකක් කියන්නෙ එතරම් බලවත් එකක් නෙවේ, නමුත් Analog කියන්නෙ ඊට වඩා බ්ලවත් Signal එකක්. Signal කියන්නෙ තරංග වලට. Analog Digital වෙනස් වෙන්නෙ තරංගයේ මූලික හැඩය අනුව.
ඉතින් මේ Remote එකට පුලුවන් ඒ Digital Signal එක analog කරන්න, ඒ වැඩේට කියන්නෙ Modulation කියලා. FM කියන වචනෙ හැදෙන්නෙත් ඔතනින් Frequency Modulation. ඒ ගැන පස්සෙ බලමුකො.

උඩ තියෙන්නෙ Remote Car එකක Circuit එකකුයි (වම් පස) එහි Remote එකේ Circuit එකයි ( දකුණු පස) බලන්න ඒ Remote Circuit එකේ තියෙන කලු පැහැති කොටස. ඔව් පොඩි IC එකක්, ඒ උපකරණයෙන් තමා Encoding වැඩේ කරන්නෙ.අපැහැදිලිනම් ඒක උඩ Click කරන්න. ඒකට පහලින් තියෙන්නෙ Transistor වගයක්. ඒවගෙන් තමයි Modulation කියන වැඩේ කරන්නෙ.
මේ පින්තූරෙත් දකුණුපස තිබෙන IR Remote එක බලන්න ඒකෙත් තියෙනවා Encoding කරන IC එකක්.IR Remote වල නම් බොහෝවිට Modulation එක සිදු වන්නේ නැහැ. එකයි මේ Remote එකෙත් Modulation කොටසක් නැත්තෙ. එව්වගෙ අර Digital Signal එක ප්‍රාණවත් කරනවා Transistor එකකින්(LED එකට පහල තියෙන්නෙ),
 ඒක Digital විදියටම TV එකට යවනවා.Digital විදියටම යවන නිසා මෙය වැඩි දුරක් සඳහා භාවිතා කරන්න බැහැ.
හරි දැන් Remote Car එකේ antenna එකට ඒකෙ Remote එකෙන් උපදෙසක් දුන්නා. TV Remote එකෙන් එකෙ IR Receiver එකට උපදෙසක් දුන්නා මොකද කරන්නෙ? 
උඩ කතාකරපු එකේ අනිත්පැත්ත තමයි. මුලින්ම IR Receiver එකෙන් හෝ antenna ලබාගන්නා තරංග analog නිසා එය නැවත Digital signal එකක් කරනවා. :D ඒකට කියන්නෙ Demodulation.
ඒ වැඩේ කරන්න Receiver (Remote Car එක හෝ TV එක) එකේ තියෙනවා පොඩි Transistors වලි හැදුන කොටසක්.
එය වම්පස Circuit එකෙහි උඩ කොටසේ ඇත.
ඔව් :D ඊළඟට තියෙන්නෙ අර Encode වෙච්ච එව්වා Decode කරන එක. ඒ කියන්නෙ signal එකට අනුව ක්‍රියාත්මක වෙන එක. IC එකෙන් අදාල විධානය ලැබුණු පසුව එමඟින් Car එක ක්‍රියාත්මක වේ. TV එකේ නම් IR Reciver එකට signal එක ලැබුණු විගස IC එක හරහ එය Decode කර TV එක පාලනය වේ. මේ ලිපියට හොඳ ප්‍රතිචාර ලැබුණොත් FM වලින් Sound UHF VHF (TV වලට එන Signal වර්ග දෙක) හරහා රූප එක් තැනකින් තවත් තැනකට රැගෙන යාම, Satellite TV , GPS මෙව්වාගෙ ඇත්ත කතන්දර කියනවා. :D

10:26 PM by Unknown · 1

Quadcopters ගැන දැනගමු


නියමුවන් රහිත අහස් යානා අද වන විට ලංකාවට අලුත් දෙයක් නොවන බව සැබෑවකි.එවැනි මාතෘකාවක් ලෙස Quadcopters ගත හැක. මෙහිදී වැදගත් වන්නේ Quadcopters සඳහා යොදාගෙන ඇති තාක්ශණයයි.

quadrotor helicopter, quadrotor යන නමින්ද මෙය හඳුන්වන අතර සාමාන්‍ය helicopter එකක මෙන් නොව මෙහි Rotors 4 ක් භාවිතා කරයි.
මේ තියෙන්නෙ Rotor එකක්
මෙහි Rotor දෙකක් දක්ශිණාවර්තව කරකැවෙන අතර. අනෙක් Rotor දෙක වාමාර්තව කරකැවේ. 

මෙම එක් එක් Rotor එකෙහි වේගය වෙනස් කිරීම මඟින් Quadcopter එක අවශ්‍ය ආකාරය පාලන කළ හැක.

 (RPM එක හා Torque එක) එනිසා මෙය ඉහලට පහලට හා වෙනත් දිශාවකට පාලනය කළ හැක.
මෙය Drone තාක්ශණය , (අප දන්නා ආකාරයට නියමුවන් රහිත යානා ) සඳහාද භාවිතා කෙරේ.
එමෙන්ම විවිධ සංවේදක / Camera වැනි උපකරණ අන්තර්ගතකොට තනා ඇති/Quadcopters ද ඇත.
තවද මේ ආකරයට තැනූ Quadcopter  එකක් මඟින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පාදක කොට Ariel View නොහොත් කුරුල්ලෙකු දකින ආකාරයට අහසේ සිට රූගත කරන ලද Video එකක් පහතින් ඇත.

Quadcopters තාක්ශණය ඉතා සුන්දර බව පෙන්වන්න තවත් නිදසුන් කුමටද.
පහත් තිබෙන්නේ අඩි 1000ක් උසින් ගමන් කරන Quadcopter එකක සටහන් වූ දර්ශණයි.



http://www.shaafm.lk/remix/ එකේ DJ Sadeepa ගෙ Mix එකක් තියෙනවා අහපු නැති අය අහන්න ;) තවත් ලිපියකින් හමු වෙමු යාලුවනේ.

9:17 AM by Unknown · 10

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.