Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Google සමාගම ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ලොවටම පෙන්වයි


යාලුවනේ අපි දන්න දෙයක්නෙ Google Street View කියන්නෙ. දන්නෙ නැති අය දැනගන්නකො ඒකෙන් වෙන්නෙ අපිට පාරෙ ඇවිදන් යනවා වගේ Google Maps හරහා වටපිටාවම බලාගන්න පුලුවන් තාක්ශණයක්. මෙතනින් ඒ සේවාව ලබාගන්න පුළුවන් maps.google.lk 

Google සමාගම දැනට රටවල් 63ක් පමණ මේ සේවාව සඳහා ආවරණය කරලයි තියෙන්නෙ. ඉතින් යලුවනේ තව දින කිහිපයකින් මේ Google Street View එකෙන් බලන්න පුලුවන් රට්වල් අතරට ලංකාවත් එකතු වෙනවා. එතකොට අපිට පුලුවන් වෙනවා අන්තර්ජලය හරහා ලංකාවේ සිතියම Panoramic (හාත්පස පැතිරුණු දර්ශණයක්) විදියට බලන්න. හරියට 3D Game එකක වගේ.


ඉතින් යාලුවනේ මේ වැඩේ කරන්න Google සමාගමෙන් අධිතාක්ශණික කැමරා සවිකරපු මෝටර් රථයක් තමා භාවිතා කරන්නෙ.ඉතින් මේ වාහනේ ලංකාවේ සෑම ප්‍රදේශයක් පසාම ආවරණය කරමින් ලබාගන්නා ඡායාරූප පරිගණක සැකසුම් වලට ලක් කරලා Google Maps වලට එකතු කරනවා. හෙට දින (2014.12.12) සිට Google Street View හරහා මේ සේවාව සපයන්න ඒ මෝටර් රථය ගමන් ආරම්භ කරනවා. ඉතින් ලංකාව වටේම ගිහින් Google සමාගම ලංකාවෙ අසිරිය මුළු ලෝකෙටම ගෙනියනවා.


තවත් දෙයක්නෙ යාලුවනේ Google Maps වලින් මිනිස් මුහුණු වාහන අංක තහඩු එහෙම බොඳ කරන එක, ඉතින් මේ වැඩේදිත් Google සමාගම ඔය ක්‍රමේ පාවිච්චි කරනවා. මේ වගේ සුවිශේශාංග රැසක් සමඟ තමයි ලංකාවෙ සුන්දරත්වය අන්තර්ජාලය හරහා ලෝකයට බෙදාහරින Google Street View හී පියවර ක්‍රියාත්මක වෙන්නෙ. ඉතින් ශ්‍රී ලංකාව ගැන සොයා බලන විදේශිකයන්ට, සංචාරකයන්ට පවා මෙමඟින් මහඟු අත්වැලක් ලැබෙනවා, තමන් සංචාරය කිරීමට නියමිත් ශ්‍රී ලංකාවෙ විවිධ ස්ථාන මෙලෙසින් බලාගැනිමට හැකිවන නිසා.

මේ ගැන දුටු Post එකක්.වැරදියට හිතන්න එපා, හුදෙක් විනෝදයට පමණි. :D

Sources :- offair.nethfm.com

8:06 AM by Unknown · 4

ඕනෙම Website එකක් Edit කරමු



හික් හික් කැමතිද Website එකක් Edit කරන්න? අපෝ HTML මොනවත් ඕනෙ නෑ. ගන්නකො පහල තියෙන code එක.
Code Code එක අරගෙන යන්න Edit කරන්න ඕනෙ Website එකට.
දැන් ඕක Browser එකේ Address bar එකේ Paste කරන්න.

Chrome එකේදි javascript: කොටස නැතිවෙන නිසා මුලට ඒකත් Type කරලා ඉන්න.

දැන් Enter ඔබලා Website එකේ කොතනහරි Click කරලා මොනහරි Type කරලා බලන්න. :D දැන් මකලත් බලන්න. කැමති Edit එකක් දෙන්න ඔහොම.

6:16 AM by Unknown · 0

Type නොකර Camera එකෙන් Google Search කරමු



ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්, දැන් අපිට Voice හෝ Type නොකර Camera එකෙන්ම Google Search කරන්න පුලුවන් මේ App එකෙන්.
මෙතනින් ගන්න App එක -- Download
හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා,app එක install කරලා ඒක Open කරන්න.
 දැන් එන Camera එකෙන් පැහැදිලිව Photo එකක් ගන්න. මම අරගත්තා වගේ Logo එකක් හරි.

දැන් ඔයාට බලාගන්න පුලුවන් ඒ Photo එකට අදාල Results.
ඔතින් අදාල Result එක Select කරන්න.
කොහොමද වැඩේ Google එකෙන් ලස්සනට ඒක Search කරලා දුන්නා, අපි මොනවත් Type කරේ නැහැ.
තවත් එකක් බලමු.

අපි නමක් දන්නෙ නැති දෙයක් උනත් ඒකෙ Photo එකක් හරහා Google Search කරන්න පුලුවන්. තවත් දෙයක් , මෙතනදි මම Print කරපු දෙයක Photo එකක් Search කළා උනත් ඔයාට Camera එකෙන් තව ගොඩක් දේවල් Search කරන්න පුලුවන්. ඒ වගේම ඔයාට Gallery එකේ photos වුවත් Search කරන්න පුලුවන් පහල Option button එක ඔබලා. තවත් ලිපියකින් හමු වෙමු. :)

8:20 PM by Unknown · 1

Google Data Center ගැන දැනගමු Online බලන්න යමු



Google ආයතනය සතුව ඇති දත්ත ගබඩාව අප සැමට නොමිලේම නැරඹීමට ඔවුන් Online අවස්ථාවක් ලබා දී ඇත.මෙතනින් ගිහින් බලන්න ඒ සියල්ලම - http://www.google.com/about/datacenters/gallery
ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම යන රටවල් වල මෙම Google Data Centers 8ක් පිහිටා ඇත.50000ක් පමණ Servers වලින් සමන්විත වූ එය අප Google සමඟ සිදු කරන සෑම වැඩකටම සේවය සැපයීම සිදු කරයි.ඔයාලා මේ බ්ලොග් එක බලන්නෙත් ඒ Servers වල උදව්වෙන් තමා.මෙම ස්ථානයට සැබෑවටම ඇතුල් වන්න අවස්ථාව ලබගත් අය සිටින්නෙ ඉතා සීමිත ප්‍රමාණයකි.මන්ද, එහි ආරක්ශාව වැනි හේතුන් හා ඒවායෙහි ඇති දත්ත වල පෞද්ගලිකත්වය රැකගැනීමට හා ඊට අනුබද්ධ වෙබ් අඩවිවල වගකීමද Google අයතනය සතුව පැවරී තිබීමයි.
මේවායෙහි භාවිතාවන බලශක්තියෙන් 35% ක්ම Renewable (නැවත නැවත භාවිතා කළ හැකි) වන අතර,මෙය දිනකට වෙබ් පිටු බිලියන 20ක් හැසිරවීමට, වෙබ් සෙවුම් බිලියන 3කට හා මිලියන 425ක් තරම් Gmail users ලා වෙත සේවය කිරීමට යොදා ගැනේ.Google Data Centers පිහිටා ඇති අනෙක් රටවල් ලෙස Berkeley County, South Carolina; Council Bluffs, Iowa; Douglas County, Georgia; Mayes County, Oklahoma; Lenoir, North Carolina; The Dalles, Oregon; Hamina, Finland; and St. Ghislain, Belgium ගත හැක.Quilicura, Chile; Hong Kong, Singapore හා Taiwan හී තවත් Data Centers ඉදි වෙමින් පවතී.

වර්ග අඩි 115,000ක ඉඩක ඇති Servers මඟින් Search හා You tube වැනි සේවාවන් සපයයි.
Douglas නම් රටෙහි ඇති Data Centers වල සේවකයින් හට එහි ගමන් කිරීමට පා පැදි ලබා දී ඇත.
Oregon data center එකෙහි ජලය එහා මෙහා ගෙනයන ජල නල පද්ධතිය පහතින්. එහි නිල් පාටින් ඇත්තේ සිසිල් ජලය ගෙන යන නල හා රතු පටින් ඇත්තේ සිසිල් කිරීම සඳහා උණුසුම් ජලය ගෙන එන නල ය.

Douglas හී Iowa වල ඇති data center එක.

දෘඩ තැටි (Hard Drive) රාක්ක.

නැවත භාවිතයට නොගන්නා දෘඩ තැටි විනාශ කිරීම.

Street View එකෙන් Google Data Centers බලන්න මෙතනින් -- http://www.google.com/about/datacenters/inside/streetview/

Google Data Center වල Videos කිහිපයක් පහතින්




යාලුවො කිව්වා මේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අලුත් ලිපි දාන්න කියලා, පුලුවන් විදියට දාන්නම්. :) මතක ඇතුව Share කරගෙන යන්න Post එක අනිත් අයටත් දැනගන්න.

8:08 AM by Unknown · 0

Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක



බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS / Call / Data .. මේ ඔක්කොම තියෙන අලුත්ම Mobile Partner එක.
තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.
Mobile-partner-23.009.09.02.910.zip
පහල තියෙන්නෙ මේ Version එකෙන් එන අලුත්ම Features.

  • Huawei HiCloud (Cloud+)

  • Improved Internet Data usage tracking

  • New Beautiful Theme

  •  Wifi Facility

  •  Auto APN

  • Supports Windows 8.1

  • USSD features

  • Voice Calling features

  • Phonebook

  • SMS

  • යාලුවන්ටත් දැනගන්න Share කරන්න පහත Share Buttons වලින්. 

    mobile-partner-3

    4:30 AM by Unknown · 4

    Android phone එකෙන් පරිගණකයට Internet ගමු




    ඉස්සර (3G නැති කාලෙ) නම් ඉතින් SLT වලටත් වඩා බොහෝ විට කලේ CDMA Telephone එකට මොකක්ද කේබල් එකක් (Serial Port) ගහලා ඒක PC එකට connect කරන් slow එකේ නෙට් යන එකනේ, ඒත් දැන් 4G වගේ තාක්ශණයත් එක්ක මේවා අලුත් උනත්, Android Phone එකෙනුත් ඔය වැඩේ සාර්ථකව කරන්න පුලුවන්.

    ඔයාගේ පරිගණකයේ Wifi නැත්නම්,

    • USB Cable එකෙන් phone එක PC එකට connect කරන්න.
    • දැන් phone එකේ (3G/4G) Data on කරන්න.
    • Settings> Wireless & Networking > USB Theatening on කරන්න.
    එහෙනම් ඔයාගේ පරිගණකයේ Task bar එකේ පෙන්නයි internet connection එකක් තියෙනවා කියලා, දැන් Browser එක open කරාම බලාගන්න පුලුවන් නෙට් වැඩද කියලා.

    Wifi තියෙනවානම් පරිගණකයේ,
    • Phone එකේ Wifi on කරන්න.
    • Phone එකේ (3G/4G) Data on කරන්න.
    • Settings> Wireless & Networking > Portable Wifi Hotspot on කරන්න.
    මෙතනදි ඔයා Set up Wifi hotspot (settings) වල password එකක් දාලා තියන්න, ඒ password එක Windows Taskbar එකේ පෙන්නන ඔයාගේ phone එකේ wifi connection එකට දීලා conect වෙන්න.(සාමාන්‍යෙන් Wifi භාවිතා කරන ආකරෙයෙන්ම)

    මීටත් වඩා හොඳ Tricks තියෙනවා. :D හොඳ ප්‍රතිචාර ලැබුණොත් දෙන්නම් ඒවාත් . ^_^

    4:20 AM by Unknown · 3

    Free web Hosing නම් මෙන්න



    කැමතිද ගින්දර වගේ ඔයාගෙම වෙබ් අඩවියක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරන්න...
    ඒත් කොයින්ද ඕවාට සල්ලි..
    හැබැයි ඉතින් මම අරන් ආවෙ කිසිම කරදරයක් නොවී 100% Free hosting දෙන site එකක්.
    ඒ විතරක්ද ඔයාලටම කියලා sub domain එකකුත් දෙනවා එයාලා..
    කතා ඇති මෙන්න සයිට් එක ගිහින් register වෙන්න. :) >> http://api.loomhost.com/redir/6493553
    අත්හදා බැලීමටත් එක්ක ඒකෙ තියෙන File manager http://cpanel.loomhost.com/files/file-manager එකට web page එකක් upload කරලා බලන්නකො :).

    3:51 AM by Unknown · 1

    නොමිලේ DVD සහ පොත් ඔබේ නිවසටම..




    ඔන්න යලුවනේ මේ පාර නම් තෑග්ග දෙන්නෙ ඔයලගෙ ගෙදරටමයි, 
    මේක මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ලොව පුරා මිනිසුන් දැනුවත් කිරීමට drugfreeworld.org වෙබ් අඩවිය විසින් නොමිලේ බෙදාහරින DVD,පොත් ,අත්පත්‍රිකා වල එකතුවක් ඔබටත් ලබාගත හැක. ඉතින් මාත් Order කරා ඔය Free Copy ටික.ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ මට ලැබුණ ටික...ඔයාලත් අරගන්න කැමතිනම් මෙතනින් ගිහින් එම වෙබ් අඩවියේ Register වෙන්න.එවිට ඔබටද මේ සියල්ලම ලබාගත හැක.
    ( Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ )

    මටනම් මාසෙකින් විතර අතටම ලැබුනා..ඔයාලත් එහෙනම් ගන්න ...

    11:24 PM by Unknown · 0

    Internet Speed එක 10ගුණයකින් වැඩි කරන්න මෙන්න Trick එක 100%ක් සාර්ථකයි


    මේ බ්ලොග් එකේ අනිවා දානවනේ මේ වගේ පෝස්ට් ඔන්න අදත් ගෙනාවා ඒ වගේ සුපිරි Trick එක, මේ ක්‍රමය තමා Opera Mini Browser එකේ Speed එක වැඩි කරලා Data ඉතුරු කරන්න භාවිතා වෙන්නෙ.

    එහෙනම් Firefox පාවිච්චි කරන අය මෙතනින් බාගන්නකෝ මේ Addon එක >>
     http://adbla.us/6TpA6 
    Chrome පාවිච්චි කරන අය මෙතනින් බාගන්නකෝ මේ Addon එක >> 
    http://adbla.us/qknjr 
    Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)
    Like එකකුත් දාගෙන යන්නකෝ  >>  https://www.facebook.com/blogofsadeepa
    දැං කෑ ගහන්න එපා 10 ගුණයක් කිව්වෙ මැනලද කියලා ,කොහොමහරි වැඩේ උනානේ... :)
    Icon එක උඩ click කරලා Javascript Disable කරාම speed වෙනවා.Speed එක Test කරන්න F5 ඔබලා Refresh කරන්න ^_^
    Firefox වලදි Install කරපු Addon එක පෙන්නනැත්නම් පහ විදියට addons bar එකේ right click කරලා Customize වලින් අර Icon එක Drag කරන් එන්න addons bar එකට
    ආපසු යථාතත්වයට පත් කිරීමට Addon Icon එක උඩ Click කර එය Disable කරන්න.
    Chrome වලදි Settings >  Extensions වලින් Disable කරන්න.

    11:41 PM by Unknown · 5

    මොකක්ද මේ Facebook Hacking කියන්නේ..



             2004 - 02 - 04 උපත ලද මෙම Facebook සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෲ වනුයේ මාක් ශුකබර්ග් .හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තම මිතුරන් සමඟ විනෝද වීමට මොහු විසින් මුලින්ම මෙය තනා ඇති අතර,පසුව එම විශ්වවිද්‍යාලයේ අති විශාල සිසුන් ප්‍රමාණයක් අතර මෙය කෙටි කලක් තුළම ජනප්‍රිය විය. සමඟම පිටත ලෝකයට විවෘත වූ ෆේස්බුක් සමාජ ජාලය,අපගේ මව්බිම වන ශ්‍රී ලංකාවටද ලැබුනේ එය අන්තර්ජාල පහසුකම ඇති ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි වූ වෙබ් අඩවියක් නිසාවෙන්ය.නමුත් මෙයද හොඳට මෙන්ම නරකටද පාවිච්ච් කරන උදවියකගෙ වැඩක් තිබේ.සරලවම කියනවනම් මෙම සමාජ ජාල වෙබ් අඩවියේ සිටින සාමාජිකයන්ගේ ගිණුම් හැක් කිරීම නොහොත් අනවසරයෙන් අනුන්ගේ ගිනුම් වලට පිවිසීමයි.
                ඉතින් මේ හැක් කරනව කියලා වෙන කෙනෙකුගේ ගිණුමක මුරපදය(Password) එක උස්සලා නොයෙක් වාසි ගන්න අය අපේ රටෙත් නැතුවා නොවේ,මොහොතක් හිතන්න ඔබගේ ෆේස්බුක් ගිණුමත් කිසිවෙකු හෝ හැක් කර එහි ඔබේ නමින් වැරදි යමක් දැමුවහොත් එයින් ඔබ කෙතරම් අපහසුතාවයට පත් වේද කියා.ඒ නිසා එවැනි දෙයක් තමන්ට නොවෙන්න වගබලාගැනීමට නම්,මේ හැකර්ස්ලාගෙ උපක්‍රම දැනගත යුතුයි.ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න බොහෝ විට භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත පරිදිය.
    Ø  Keylogging
    Ø  Phishing
    Ø  Realtime hacking
    ක්‍රම වලින් එයලා හැක් කරන්නේ මෙහෙමයි..
    Keylogging
                    මේක බොහෝ රහසිගතව පාස්වර්ඩ් පමණක් නොවේ ටයිප් කරන සෑම දෙයක්ම පාසා සොරකම් කරන ක්‍රමයක්.මෙහිදී වනුයේ හැකර් හැක් කරන්න බලාපොරොත්තුවන කෙනා ෆේස්බුක් ලොග් වන පරිගණකයේ “Keylogger” නම් ටූල් එකක් install කිරීමෙන්ය.මෙය ඔහුට කෙලින්ම කිරීමට නොහැකිනම් ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාගෙ පරිගණකයට මේ Keylogger රහසිගතව යවනු ඇත.උදාහරණයක් ලෙස,ඔහු මෙය  සොෆ්ට්වෙයා එකක් ලෙස හෝ වෙනත් ෆයිල් එකක වේශයෙන් අවශ්‍ය කෙනාට E-mail හෝ වෙනත් අයුරකින් ලබා දෙයි.පසුව එම හැකර් මොහුව රවටා මෙම ටූල් එක, මොහු නොදෙනුවත්වම install කරගනී.මෙම Keylogger එක තිබෙන පරිගණකයේ එය තිබෙන බවක් නොපෙන්වා ඒ පරිගණකයේ කරන කියන සියලුම වැඩ හැකර්ගෙ අතට යවනවාඑලෙසින් ඔය අතරතුර මොහුගේ Facebook Password එකද නොදැනුවත්වම හැකර්ගෙ අතට ගොස්  මොහුගේ ගිණුම හැක් වෙනවා.Internet café තුළ ඇති පරිගණක වලද මෙම Keyloggers තිබිය හැක.
    Phishing
              මෙය Fishing වැනි වැඩකි,මන්ද හැකර් මෙහිදී කරනුයේ අවශ්‍ය කෙනාට ඇමක් දී එම Facebook Account එක හැකර් විසින් බිලී බා ගැනීමකි.හැකර් කරනුයේ ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාව රවටා ගැනීමයි.ඔහු ලින්ක් එකක් එවා හැක් කරන්න අවශ්‍ය කෙනා බලන්න කැමති ලෙසට.උදාහරණයක් ලෙස ඔහුට ලොකු මුදලක් එම ලින්ක් එකට ගියහොත් හිමි වන බව පැවසීමක් වැනි මුලාකිරීමක් ගත හැක.ඒ අයුරින් එම ලින්ක් එකට ගිය විට Facebook එකෙන් ඔහුට ලොග් වීමට පවසනවා එම ලින්ක් එකට යෑමට නම්.නමුත් එහි Facebook login page එක වගේ පෙන්වන්නේ හැකර් හදපු බොරු සයිට් එකය.ඉතීන් අපේ යාලුවෝ ඔවුන්ගෙ පාස්වර්ඩ් එක හැකර් දෙනවා නොදැනුවත්වම.
    Realtime hacking

    මෙය ඇත්තෙන්ම අඟේ ඉදන් කන කනවා වගේ වැඩක් ය. මන්ද,මෙහිදිත් කරනුයේ ලොකු රැවටීමකි.හැකර් කරනුයේ ෆේස්බුක්හී Fake (හොර) account එකක් සදාගෙන හැක් කරන්න අවශ්‍ය කෙනාට ලොකු මුලාකිරීමක් (බයිට් එකක්) කරනවා.සමහරවිට හැකර් ගැහැනු නමකින් පැමින, හැක් කරන කෙනා සමඟ හොදින් මිතුරු වී,සමහර විට පෙම්වතියක් ලෙසින් හෝ විශ්වාසය දිනාගත හැකි කුමන ක්‍රමයකින් හෝ මිතුරු වී හැක් කරන්න අවශ්‍ය කෙනාගෙන්ම Password එක ඉල්ල ගන්නවා.
    ඉතින් ඔය විවිධ ක්‍රම මඟින් හැක් කරන අයගෙන් ප්‍රවේසම් වීමටනම් අපම මදක් වැඩිදුර සැලකිල්ලකින් යුතුව මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කළ යුතුයි.කවුරුන් දුන්නද, ලින්ක් එක විශ්වාස නැත්නම් නොයා සිටීම ආරක්ශා සහිතය.අන්තර්ජාලයෙන් භාගත කරන සැම දෙයක්ම open කරන්න පෙර සැලකිලිමත් වන්න.තවද අවම වශයෙන් මසකට දෙවතාවක්වත් ඔබේ මුරපදය (password) එක වෙනස් කරන්න.වෙනත් පරිගණක මඟින් Facebook ගිණුමට log වුවහොත් මතක ඇතුව log out වන්න.යාලුවන්වත් හැකර්ලගේ අතට අසු නොවෙන්න මේ ගැන ඔවුනටත් කියා දෙන්න.
    Sadeepa Ravishan

    10:45 PM by Unknown · 4

    Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

    මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
    Follow sadeepamax
    ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

    මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
    Powered by Blogger.