Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

ජපානයෙන් එලිදක්වන සුබෝපබෝගී දුම්රිය


මෙහම සුබෝපබෝගී දුම්රියක යන්න අකමැති කෙනෙක් නැති තරම්, කතාව ඇත්තක්ද කියලා බලන්නකෝ ඉතින්, මෙය 2017දී දියත් කිරීමට නියමිත වන අතර Ken Okuyama නම් Ferrari නිර්මාණකරු විසින් JR නැගෙනහිර දුම්රිය ගමන් සමඟ එක් වී සිදු කරයි.
මෙහි කැපී පෙනන ලක්ශනයක් වන්නේ වීදුරු බිත්ති වලින් සමන්විත වීමයි. එමෙන්ම මෙහි ගමන් කළ හැක්කේද මගීන් 34කට පමණි. කෙසේවෙතත් ඔවුන් හට වෙන් වූ දුම්රිය මැදිරි 10ක් වන අතර දුම්රිය ගමන් අතරතුර දෙපස නැරඹීමට හැකි වන ලෙස ඒවා තනා ඇත. එමෙන්ම ඔවුන් හට සෝෆා වැනි ආසනද පිරිණැමේ.
මෙහි නිර්මාණකරුගේ අදහස වන්නේ මෙහි ගමන් කිරීම කාලය හා අවකාශ තුල සැරිසැරීමක් බවයි. මෙය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 3ක පමණ මුදලක් වැයවන බවද වාර්ථා වේ.

6:39 AM by Unknown · 1

අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක


අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක
" මැශින් Format කරනවා, OS දානවා, Virus Guard දානවා..... "
පාරෙ යන මිනිසෙක් හමු වූ ඔහු
"මහත්තයා මැශිමට Cleanup එකක් දාමුද?"
ඒ අතරෙ ලොකු ලොරියක් එයි,
"පරණ පෝන්, කොම්පියුටර් වලට දෙනවා අලුත් ටැබ් , අයි පෑඩ්..."
බස් රථයක
" ඔබේ දුවට පුතාට නංගිට මල්ලිට ගහන්න මෙන්න පට්ට Games ටිකක්, මේ එකක් කඩේ රු.. 50යි ඒත් මං 5ක්ම දෙනවා 50ට, දැන්ම ගන්න "
"මෙන්න ලංකාවෙ Free Wi-fi Zone තියෙන මැප් එක, මෙකෙ තියෙනවා ලංකාවෙ සෑම වයිෆයි හොට්ස්පොට් එකක් ගැනම තොරතුරු, මේ රතු පාටින් තියෙන්නෙ my3 වයිෆයි හොට්ස්පොට්, එතකොට..."
පාරෙ හට් එකක් ගහගෙන,
"මහත්තයා මේ මොබිටෙල් එකෙන් නොමිළේ දෙන Android phone එක ගන්නවද?"
දේවාලයක
"අනේ මහත්ත්යෝ මේ පළතුරු වට්ටියත් දේවාලෙ වෝල් එකේ පෝස්ට් කරලා මගෙ පෝන් එකේ ලොක් එක ඇරලා දෙන්න.."
පත්තර දැන්වීමක්
"ඔබේ Facebook ගිණුමට Like ලැබෙන්නේ අඩුවෙන්ද? Requests එනවා අඩුද? නිතරම බ්ලොක් වෙනවාද?..කෙල්ලන් Request එවන්නේ නැද්ද? හොඳම වශී Script අපෙන්..."
:p වෙන්න බැරිකමක් නෑ..

6:53 AM by Unknown · 2

ඕනෑම දෙයක් ආලෝකය බවට පත් කරවන ආලෝක පත්‍ර


මෙන්න ගෙදර තියෙන විදුලි බුබුලු ටිකටත් නිවාඩු දෙන්න වෙන වැඩක්. ඔයාලා ආලෝකය ගන්නෙ මේ වගේ පත්‍ර වලින් නෙවේද? කමක් නෑ එහනම් කියවලා බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා. ඔබේ නිවසේ තිබෙන ඕනෑම දෙයක් ආලෝක සම්පතක් බවට පත් කරවන මේ පත්‍ර පර්යේශකයන් පිරිසක් විසින් ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
තවත් විස්තර කලොත් මෙම පත්‍ර මුද්‍රනය කර තිබෙන්නේ කුඩා LED ඒ මත පිහිටන ලෙසයි.
පර්යේශකයන් පැවසූ ආකාරයට මෙම ආලෝක පත්‍ර බිත්තියක වුවත් ඇලවිය හැකි යමක් මත මුද්‍රනය කිරීමටද පුළුවනි. 
අවසානයේ ඔවුන් පවසා සිටියේ දැනට සිදුවන්නේ විදුලි බුබුලු පරිපථ මත පෑස්සීම වුවත් මින් මත්තට එය මුද්‍රනය කිරීම පමණක් සෑහෙන අතර තමාට රිසි සේ කැමති දෙයක් මත එක මුද්‍රනය කර ගත හැකි බවයි.
මෙහි නිර්මාණකරු වන Rohinni පැවසූයේ ලොව තුනීම ආලෝක බල්බය(පත්‍රය) මෙය වන බවයි.
මේවා Program කිරීමටත් අවශ්‍ය Diode එක Address කිරීමටත් පුලුවනි, ඒ කියන්නෙ මේක පත්‍රයක් මත පිහිටවූ Display එකක් සෑදීමටද සෑහෙන බවයි.

6:25 AM by Unknown · 0

ලොව ප්‍රථම Hybrid ගුවන් යානය කේම්බ්‍රිජ් සරසවියෙන්


Hybrid Car ගැනනම් මටත් වඩා දන්න යාලුවො ඇති, ඒත් Hybrid Plane එකක් ගැන අහන පලවෙනි වතාව වෙන්න ඇති මේක. ඉතින් කේම්බ්‍රිජ් සරසවිය ලෝකෙ පලවෙනි දෙමුහුන් ගුවන් යානය හැදුවා. Boeing සමාගම සමඟ එක් වී තැනූ මෙම ගුවන් යානය ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන ඒවාට වඩා 30%ක් අඩුවෙන් ඉන්ධන භාවිතා කොට ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ නායකත්වය දැරූ Dr. Paul Robertson මහතා ප්‍රකාශ කර සිටියේ වසර ගනනාවකට පෙර සිටම Hybrid Car භාවිතය තිබුනද මෙම ගුවන් යානය පසුපස තිබෙන්නෙ Hybrid හෝ විදුලියෙන් බලගැන්වුනු තාක්ශනයක් බවයි. මෑතක් වන තුරුම ගැටලුවක් වූයේ වැඩි ශක්ති ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට තිබූ බාදාවයි. කෙසේවෙතත් කාර්යක්ශමතාව වැඩි Lithium-Polymer බැටරි යොදාගනිමින් මෙම ගැටලුවට පිළියමක් සොයාගැනීමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. මෙවැනි බැටරි ලැප්ටොප් පරිගණක වල මෙන්ම දැන් පටන් ගුවන් යානා වලද භාවිතා වේ.වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර සිටියේ දැනට කුඩා පරිමනයෙන් වුවත් අනාගත්යේ එය බහුල වන බවයි.
Honda 4 Stroke එන්ජිමක් සහිත මෙම ගුවන් යානය විදුලි මෝටරක් හා විදුලි ජනකයක් (Generator) සමඟ බැටරියට සම්බන්ද වී Hybrid තාක්ශණය සියතට ගනී. මේවා යුගලක් ලෙස එක් වී Propeller එක කරකවයි. ගුවන්ගත කිරීමේදි වැඩි බලයක් අවශ්‍ය වන බැවින් මෙම ක්‍රම ඉතා වාසිසහගත වේ.
තනි ආසනයක් පමණක් ඇති ගුවන් යානයේ එන්ජිමෙන් ලැබෙන අතිරික්ත බලය බැටරිය ආරෝපනය කර අවශ්‍ය වේලාවට බැටරියේ බලයෙන් විදුලි මෝටරය ක්‍රියා කරවයි. කේම්බ්‍රිජ් සරසවිය මෙහි පළමු ධාවනය සාර්ථකව ඉටු කළහ.

5:59 AM by Unknown · 0

Drones මඟින් තැපැල් කටයුතු කිරීම ප්‍රංශයෙන් ඇරඹේ


අපි නම් දන්නෙ ගෙදර එන ලියුම එන්නෙ පියුම් මාමගෙ අතේ කියලා, ඒත් මේ වැඩෙන් වෙන්නෙ එන ලියුම හෝ පාර්සලය ඩ්‍රෝන තාක්ශණයෙන් ගුවනේ සිට අදාල නිවස වෙත ගෙන ඒමයි. මේ වැඩේට මිලින්ම අතගැහුවෙ Amazon සමාගම වුවත් ප්‍රංශයේ La Poste නම් වේගවත් තැපැල් සේවාවක් විසින් මෙම GeoPost  සේවාව ආරම්භ කර ඇත.
ඒ වන විටත් ඔවුන් විසින් භාවිතා කරන ලද Atechsys නම් GeoDrone ව්‍යාපෘතියක් සමඟ මෙය දියුණු වී තිබේ. ඉතින් ඒ නිසා අඟල් 16 x 12 x 8 ප්‍රමාණයක පාර්සලයක් වුවත් රැගන් යා හැකි ඉලෙක්ට්‍රොණික ඩ්‍රෝනයක් තැනීමට මුලපුරා ඇත. එමෙන්ම මෙයට 4 kg බරක් වුවත් රැගෙන 20km පමණ පරාසයක ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක විය හැක. ඉතින් මෙහි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුව කඳු සහිත ප්‍රදදේශ, දූපත්, හුදෙකලා වූ ගම්මාන ලඟා වී තම සේවය ඉටු කිරීමට හැකි වන ලෙස මෙය දියුණු කිරීමටයි. එමෙන්ම යම් හදිසි අවස්ථාවක් උදා වුවහොත් එයටද සරිලන පරිදි තම තැපැල් සේවය ඉක්මන් කිරීමට පිටුවහලක් ව්අන බවත් ඔවුන් සදහන් කර සිටියහ.
මෙය සැබෑ ලෝකයේදි භාවිතා විය යුතු ආකාරෙයෙන්ම අත්හදාබලා ඇති අතර ස්ව්‍යංක්‍රීයම ගුවන්ගත වීම හා භූමිය වෙත් නැවත පැමිණීමත් සාර්ථකව සිදු කර තිබෙනවා. එමෙන්ම දකුණු ප්‍රංශයේ CEEMA නම් ප්‍රදේශයක් වෙත 2kg පාර්සලයක් 1.2km තරම් වන දුරකට යැවීමටද ඔවුන් සමත් විය. ලංකාවටත් මේ වැඩේ ආවම වෙන්නෙ පියුම් මාමට ගෙදර යන්නද? සමහරවිට එයාට මේවා පාලනය ගැන කටයුතු කරනන් ලැබෙයි, ඒත් ඉතින් මෙය ස්ව‍යංක්‍රීය එකක් නිසා වෙන වැඩක් බාර දෙන්න වෙයි එයාට.

5:35 AM by Unknown · 3

වීනස් ග්‍රහලොව වෙත නාසා එකෙන් යවන HAVOC අහස් යානාව


යාලුවො දැනටත් දන්න දෙයක්නෙ අඟහරු වලටත් මිනිස් බැල්ම යොමු වෙලා තිබෙන බව.ඉතින් අඟහරුට CURIOSITY රෝවර් එකක් යැව්වා වගේම අපි වාසය කරන පෘථිවියෙ අසල්වාසියා වන වීනස් වලටත් භාන්ඩයක් යවන්නයි යන්නෙ, වෙන මොකක්වත් නෙවේ HAVOC කියන අහස් නැව. ඉතින් මේ සැලසුම වෙනුවෙන් නාසා ආයතනය කැපවෙලා තිබෙන බවයි වාර්ථා වෙන්නෙ.
නාසා හී Langley facility පර්යේශක කණ්ඩායම විසින් වීනස් ග්‍රහයා පිළිබධ පර්යේශණ කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇති එක් ආකාරයක් ලෙස High Altitude Venus Operational Concept (HAVOC) සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ යානාව තනියම නම් නෙවේ යන්නෙ, මාසයක් වැනි කාලයක් පුරාවට අභ්‍යවකාශගාමින් දෙදෙනෙකු විසින් වීනස් ග්‍රහයා වටා බ්‍රමණය වෙමින් විශාල මෙහෙයුමකටයි යන්නෙ. කෙසේ වෙතත් මෙම ග්‍රහයා වටා ඇති උණුසුම් මතුපිටෙහි තිබෙන ඊයම් පවා දියකරවන වායුගෝලයේ තිබෙන සල්පර් අම්ලය නිසා මෙයට බාදා පැමිණියහැකි බව වාර්තා වේ. තවද මෙහි භූමියේ තිබෙන වායු පීඩනයත් දරාගත නොහැකි තරම් ය.
ඉතින් මේ HAVOC අහස් යානාව කොහොමද ඔය අභියෝගයට මුහුණ දෙන්නෙ?
වායුවෙන් පිරවූ මෙම වාහනය ඒ සියල්ලටම පිළිතුරු සපයයි. මන්ද යත් එය ගොඩබෑමට හා නැවතත් රැගෙන ඒමට යන වියදම හා තාක්ශණික ගැටලු නැති වීමයි. HAVOC සිද්ධාන්තයට පණ පොවන අභ්‍යවකාශගාමින් හට වායු පිරවූ පාවෙන අහස් යානාව තුළ ජීවය පවත්වාගත හැකි බවත් ඒ සමඟ පර්යේශණ කටයුතුද කළ හැකි බව වාර්තා වේ. එමෙන්ම මෙය හීලියම් වායුව පිරවූ දැවැන්ත බැලුමකි. ඉන්ජිනේරුවන් බලාපොරොත්තු වන ආකාරයට මෙය වීනස් වායුගෝලයේ 50km මතුපිටක පවත්වාගැනීමට හැකි වේ.
ඉතින් මේ වැඩේට එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අභිමතාර්ථය වෙන්නෙ වීනස් ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට පෙර එය සුදුදු ස්ථානයක්දැයි පරීක්ශා කිරීමයි.
ඉතින් යාලුවනේ ඉන්න තැන ඇරුණම තවත් ස්ථාන වෙනුවෙන් ඇස යොමු කරන නාසා ආයතන ගැන හිතන්නෙ මොනවද?

4:08 AM by Unknown · 0

ලොව විශාලතම Truck එක - හයර් එකකට ටොන් 450ක්ම අදිනවා


ඉතින් යාලුවනේ ඔයාලා දැනට දැකපු ලොකුම Truck එක මොකක්ද? මොකක්වුනත් කමක් නෑ, මේ කියන්නෙ ඉතින් ටොන් 450ක්, එහෙමත් නැත්නම් කිලෝ 450,000ක්ම එකවර අදින්න පුලුවන් Truck එකක් ගැන. පුදුමත් හිතෙනවා නේ?
අපිට මේ වාහනේ හම්බෙන්නෙ රුසියාවේ Kuzbaas වලින්. එම ප්‍රදේශයේ භූගත කැනීම් කටයුතු වලට සහය වෙන්න ඉන්න දැවැන්තයෙක් තමයි ඉතින් මේ. BelAZ 75710 යන නමින් හඳුන්වන මේ Truck එක මීටර් 20ක දිගින් හා මීටර් 10ක පලලින් යුක්ත වෙනවා, මෙහි හිස් බර පමණක් ටොන් 360ක් වෙනවා.ඒ වගේම පැයට කි.මී. 64ක වේගයක් හා මීටර් 20ක හැරවුමක්ද ලබාගන්න පුලුවන්.
එමෙන්ම මෙහි මීටර් 2ක උසක් ඇති ටයර් 8ක් තියෙනවා, අඩුමගානෙ ඔයාවත් ඒ ටයර් එකක් තරම් උසද?
ටොන් 450ක බරක් (Full load කරපු A380 Air bus එකක් තරම්) රැගෙන යාමේ බලයක් සහිත මෙහි 1700kW බලයක් නිකුත් කරන  Sports 2 වර්ගයේ සිලින්ඩර 16ක ඩීසල් එන්ජිමක්ද තියෙනවා.තවද 1200kW වන විදුලි මෝටර් හතරක්ද මෙහි අන්තර්ගතකොට ඇත. ගෙදර වතුර මෝටරය තරම් කී ගුණයක් බලවත්ද මේක?
වාහනේ ගොඩක් උසයි ,බරයි එත් ලංකාවෙ පාරවල්වලට නම් දාන්න බැරිවෙයි ඉතින්.
මේ මැමත් රථයෙ රියදුරු අසුනට හිමිකම් කියන්න ලැබිලා තියෙන්නෙත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි,ඔවුන්ගෙන් Andrej Vashkevich නම් පරීක්ශක රියදුරු මහතා පවසන්නේ මෙය පැදවීමට ලැබීම ආඩම්බරයට කරුණක් වන බවත් මෙය ධාවනය පහසු වූ බවත් එයට අනුගතවීමට සුළු කාලයක් ගත වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ කැණීම් කටයුතු සිදු කරන රළු/ලිස්සනසුළු පාරවල් සහිත බිමක වුවත් පහසුවෙන් මෙය ගෙන යාමට හැකිවීම භාග්‍යක් බවයි.
තවත් මෙවැනි ට්‍රක් රථ දෙකක් නිර්මාණය කරමින් පවතින අතර එකක මිළ සඳහන් වී තිබෙන්නේ ඩොලර් මිලියන 6ටත් වැඩි ලෙසයි.
අන්තර්ජාලය ඇසුරින් සොයාගත් තොරතුරු ඇසුරිණි. සිංහල බ්ලොග් එකක් කරා වුනත් සොයාගන්නා තතුවලට අදාල සමහර සිංහල වචන නොදන්නා නිසා ලිපි වල ගැටලු තිබිය හැක, එවන් යමක් වෙතොත් දැනුම් දෙන්න.ලියන්න නම් බොහෝ දේ ඇත හැකි අයුරින් එය ලියමි.

6:39 AM by Unknown · 1

ලොව වැඩිම කාලයක් දල්වා තැබූ බල්බය - නොකඩවා වසර 113ක්


යාලුවනේ ඔයාලා Light එකක් දැම්මොත් කොච්චර වෙලාවක් දල්වලා තියනවඩෙහ ඒක? දවසක්? සති කිහිපයක්? මාස කිහිපයක්? වසරක්? හැබැයි ඉතින් එහෙම කරන්නත් ඒක පිලිස්සෙන්නෙ නැතුව තියෙන්න ඕනනෙ. ඒත් කැලිෆෝනියාවෙ Livermore වල ගිනි නිවන මධ්‍යස්ථානයක තියෙන මේ බල්බය 1901 සිට ශතවර්ශයකටත් වඩා නොකඩවා දල්වලා තියෙනවා.
මෙය දැල්වූ දිනය ගැන නිවරදිව වාර්තා වෙලා නැතත්, මෙහි උපන්දිනය නම් සැමරෙන්නෙ ජුනි මස 18වෙනිදට. ඒ දවස තමයි ඉතින් මේක නොකඩවා දල්වන එකක් බවට සැක කරන්නෙ. ගෙවුනු වසර 113දී මෙම බල්බයට දෙපාරක්ම අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා විදුලි ඇණහිටීම් හේතුවෙන්. වරක් එය වෙනත් ගිනි නිවන මධ්‍යස්ථානයකට රැගනයන්න සිද්ධවෙලා තියෙනවා 1976දී හා 2013දී. වසර 38කට ඉහතදී කරපු මේ හුමාරුවත් ඉතා සූක්ශම විදියට කරලා තියෙන්නෙ, අඩුමගානෙ බල්බ් එක ගලවන්නෙවත් නැතුව, ඒක අමුණපු වයර් ටිකත් එක්කම ගිනි නිවන රථයකින් තමා ගෙනිහින් තියෙන්නෙ. වැඩේට ගිහින් තියෙන්නෙත් මිනිත්තු 22ක් පමණ කාලයක්.
මෙම තාපදීප්ත බල්බය හදලා තියෙන්නෙත් අතින්මයි, ඒ වගේම මේකෙ ෆිලමන්ට් (සූත්‍රිකාව)එකත් හදලා තියෙන්නෙ කාබන් වලින්.සාමාන්‍ය බල්බයක තිබෙන ෆිලමන්ටනෙකට වඩා අට ගුණයක් පමණ විශාල එකක් තිබීමත් විශේශතවයක්.මේක අර්ධ සන්නායකයක් නිසා තාපය වැඩිවෙද්දි සන්නයනය කරන විදුලියත් වැඩි වෙනවා, ඉතින් ඔය වගේ කතන්දර ටිකක් මේ සූත්‍රිකාව පිටිපස්සෙ හැංගිලා තියෙනවා.
කොහොම කොහොමහරි ඉතින් මේ වැඩේ නිසා ශතකයක් පුරාවට විද්‍යාත්මීන්ටවත් හිතාගන්න බැරිවෙන විදියෙ වැඩක් කරන්න මේ බල්බය සමත් වෙලා තියෙනවා.ඒ විතරක්ද ජීනියස් ලෝක වාර්තාවක් තියන්නත් මේකට හැකිවෙලා තියෙනවා.එමෙන්ම මෙය තිබෙන ස්ථානයේ බල්බයේ ආරක්ශාවට ඒ වෙතටම නාහිගතකරපු (Focus) කැමාරවක්ද සවි කරලා තියෙනවා.තවත් කියනවානම් මේකටම කියලා UPS එකකුත් තියෙනවා.

ෆිලමට් ආපු කාලෙන් පස්සෙ දැන් LED යුගයකට ඇවිල්ලා තියෙනවා, පහල තියෙන්නෙ මං LED එක්ක දාපු සෙල්ලම් දෙකක්, තව තියෙනවා මගෙ Channel එකේ.


1:42 AM by Unknown · 1

BMW i8 මෝටර් රථය මෙන්න


BMW Concept Vision Efficient Dynamics ලෙසින් ප්‍රථමයේදී හඳුන්වාදුන් BMW i8 මෝටර් රථය Hybrid තාක්ශණයෙන් බලගැන්වෙන Sports Car එකකි. මෙහි නිශ්පාදිත වර්ශය වන්නේ 2015 ය. කිලෝවොට් 7.1ක Lithiom Ion බැටරියක් තිබෙන මෙහි සැතපුම් 15 - 23ක ගමනක් යාමට අවශ්‍ය බලය සපයා දේ. තත්පට 4.4කදී පැයට කි.මී.100 ක වේගයක් ලබාගැනීමට හැකි මෙහි උපරිම වේගය පැයට කි.මී. 250කි. 2.1 L/100 km ඉන්ධන දහනයක්ද ඇති අතර තවත් විස්තර පහත පරිදිය.
එන්ජිම :- 1.5L turbocharged Inline-3gasoline
විදුලි මෝටරය :- 98 kW (131 hp)
දිග :-  4,700 mm
පලළ :- 1,940 mm
උස :- 1,300 mm
බර :- 1,485 kg

8:35 AM by Unknown · 2

තත්පර 30න් Phone එක Charge කරන ගැජමැටික් එක මෙන්න



Phone එකේ Battery low තියාගෙන ගමනක් ගියත් අවුල් ගහන අපිටනම් මේක ගොඩක් වටිනවා. Smart phone වල බරපතලම ගැටලුවක් වෙලා තියෙන Battery charging එකට යන පැයකට වැඩි කාලය  තත්පර 30ට කෙටි කරපු මේ සොයාගැනීම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.

3:14 AM by Unknown · 1

2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න


දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.

8. iPhone 7
Conceptual Designs for Smartphones due in 2015 8

7. BlackBerry Odyssey
Conceptual Designs for Smartphones due in 2015 7 
6. HTC One (M9)
Conceptual Designs for Smartphones due in 2015 6 
5. LG G4
Conceptual Designs for Smartphones due in 2015 5
4. Microsoft Lumia “Spinner Phone”
Conceptual Designs for Smartphones due in 2015 4
3. Samsung Galaxy S6
Conceptual Designs for Smartphones due in 2015 3
2. Samsung Galaxy Note 5
Conceptual Designs for Smartphones due in 2015 2
1. Sony Xperia Z4, Z4 Compact & Z4 Ultra
Conceptual Designs for Smartphones due in 2015

6:06 AM by Unknown · 5

Hydrogen කෝශයක් හදමු - විදුලිය ලබාගමු


ඉන්ධන නැතුව වතුරෙන් වැඩ කරන Car එහෙම හදන්න කැමති යාලුවො ඇතිනෙ, ඉතින් අදත් හිතුවා ඔයාලට සරළ නිර්මාණයක් ගැන කියන්න. අපිට Hydrogen කෝශයක් මඟින් විදුලිය ගබඩා කරන්නත් නැවත භාවිතයට ගන්නත් පුලුවන්. අද ලිපියෙන් කියන්නෙ සරළ Hydrogen කෝශයක් හදන හැටි.
මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා

  • ප්ලැටිනම් ආලේපිත හෝ ප්ලැටිනම් වලින් සෑදූ වයරයක්.
  • වයර් (Circuit වයර්)
  • ප්ලාස්ටික් හෝ ලී පටියක්. (කුඩා රූලක් සුදුසුයි)
  • 9v බැටරියක් හෝ ඊට ආසන්න වෝල්ටීයතාවයක් ලබගතහැකි Power pack එකක්.
  • ඇලවුම් පටි (ගම් ටේප්)
  • වතුර වීදුරුවක්.
  • වෝල්ට් මිටරයක්. (වෝල්ටීයතාවය මැනීමට සැකසූ මල්ටි මීටරයක් වුවත් සුදුසුයි)
හරි එහෙනම් මුලින්ම කරන්න තියෙන්නෙ ප්ලැටිනම් වයරයෙන් දඟර දෙකක් සාදාගැනීමයි. ඉතින් අපිට පුළුවන් වෝල්ට්මීටරයේ ඇති ලෙඩ් එකකින් හෝ ඇණයක් වැනි දෙයක් වටා වයරය ඔතා දඟරය සාදාගැනීම.
ඊළඟට තියෙන්නෙ, මේ දඟර දෙකට වයර් අමුණාගැනීමයි, එක් දඟරයකට වයර් දෙක බැගින් සම්බන්දවිය යුතුයි.
ඉතින් ඒ දෙක නොසෙල්වී තිබෙන්න අර ලී පටියෙ අලවාගන්න ගම් ටේප් වලින්.
එහෙනම් වතුර වීදුරුවට ප්ලැටිනම් දඟර දෙක ඇතුල් කරන්න.
දැන් අපේ Hydrogen කෝශය හදලා ඉවරයි. දැන් තියෙන්නෙ මේකට විදුලිය ලබා දීලා එය Hydrogen හා Oxygen ලෙස ගබඩා කරන්න.
දඟර දෙකට බැටරියෙන් විදුලිය ලබාදෙන අතර අනෙක් වයර් දෙක වෝල්ට්මීටරයට සම්බන්දකර ඒ අවස්ථාවේ පව්තින විදුලිය මැනගන්න.
දැන් බැටරිය ඉවත් කරන්න, ඔබට බලාගන්න පුලුවන් Hydrogen කෝශයේ ගබඩා වෙලා තියෙන විදුලිය.
එහෙනම් අද නිර්මාණය ඉවරයි.


මේ තියෙන්නෙ Hydrogen කෝශයකින් බලගැන්වුණු සෙල්ලම් car එකක්.
 ඔයාලගෙ අදහස් තියෙනවානම් ලියලා යන්න, ලැබෙන ප්‍රතිචාර අනුව නිවසේදී සාදාගත හැකි බැටරි හා Hydrogen බෝම්බය හදන හැටි  එහෙම කියන්නම්.

9:09 PM by Unknown · 5

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.