මෙන්න සුපිරි Car Dashboard තොගයක්



කාර් එකක් ගන්නවා වගේම ඒකෙ බාහිර හා අභ්‍යන්තර පෙනුම ගැන දක්වන උනන්දුවත් වැඩියි. ඉතින් මේ ලිපියෙන් පෙන්වන්න යන්නෙ, වාහනයේ අභ්‍යන්තරව මනස්කාන්ත බවක් ඇතිවන ලෙස සෑදූ Dashboard තොගයකි.




























































































48








8:29 AM by Unknown · 1

අභ්‍යවකාශයේදී ගගනගාමියෙකුගේ කොන්ඩය කපන්නේ මෙහෙමයි



ආ සැලොන් එකට ගිහින් කොන්ඩෙ කපනවා වගගේ සෙල්ලම් නැහැ අභ්‍යවකාශෙදි කොන්ඩෙ කපද්දි,

8:15 AM by Unknown · 0

ලොව විශාලතම ගෘහස්ථ ගොවිපල බලන්න යමු


අපි දන්න දෙයක්නෙ ඉතින් ජපානය කියන්නෙ අමුතු දේවල් කරන රටක් කියලා. ඉතින් මේ ලිපියෙන් කියන්නෙත් එහෙම වැඩක් ගැන. මෙතන විශේශත්වය වෙන්නෙ සාම්ප්‍රදායික ගොවිපලවල් මෙන් එලිමහනේ නොමැති සිවිලිමෙ සිට බිමට එල්ල වන ගෘහස්ථ ගොවිපලක් වීමයි. වර්ග අඩි 25,000ක් තුල ගැබ් වූ මෙහි දිනපතා සලාද ගස් 10,000ක් රෝපනය වේ.සාම්ප්‍රදායික එලිමහන් ගොවි බිම් වලට වඩා එමෙන්ම 40%ක බල ශක්ති භාවිතයක්, 80%ක් අඩුවෙන් ආහාර නාස්තියක් හා 99% පමණ ජල ඉතිරියක්ද මෙමඟින් සිදු වේ.
භාවිතා වන භූමි ප්‍රමාණයට වඩා වැඩි ඉඩක මෙම ඵලදාව වැවෙන්නේ රාක්ක මතය. එනිසා භාවිතා වන ඉඩත් විශාල වශයෙන් ඉතිරි වේ.
මෙමඟින් ලැබෙන වැදගත් ව්ආසියක් වනුයේ බොහෝ කාලගුණ තත්ව වලින් ආරක්ශා වන වගාවක් තනාගැනීමට හැකිවීමයි.
එමෙන්ම ප්‍රභාසන්ස්ලේශණයත් සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය සාධක මෙතුල සමන්විත වේ.
LED ආලෝකයෙන් වැවෙන මෙම ශාක සාමාන්‍ය හිරු එලියට වැවෙන ශාක වලට වඩා 2.5ගුණයක් වේගයෙන් වැවේ. මන්ද යත් උශ්ණත්වය, තෙතමනය, ජලවහනය පවා නිවැරදිව සිදුවීම නිසාවෙනි.
ඉතින් ලෝකයේ ආහාර හිඟ ඇති වීමක් සිදු වීමට ඇති ඉඩකඩ අවම කිරීම තකා ඉදිවන මෙම නිර්මාණ මිනිසා විසින් කෘතිම වූ සොබාදහමක් නිර්මාණය කරන මං සලකුණු ගෙනහැරපායි.

3:45 AM by Unknown · 3

Makeup දාන එකත් හොඳටම කරන්න මෙන්න Smart කැඩපතක්


අද කියන්න යන්නෙ පැනසොනික් සමාගමෙන් හදපු Smart කැඩපතක් ගැනයි.ඔයාට තියෙන්නෙ කන්ණාඩිය ඉදිරියට වෙලා කටහඬින් උපදෙස් දෙන්න විතරයි, එවිට ඔබට සුදුසු උසස්ම Makeup එක තෝරා දෙයි.
මෙය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය HD කැමරාද කැඩපත තුල අන්තර්ගත කර තිබේ. එමඟින් ඔබේ ස්අම පරික්ශා කර අවශ්‍ය කුමන Makeup එකද යන වග තෝරා දෙයි.
පැනසොනික් සමාගමේ උතුරු ඇමෙරිකාවේ පාරිභෝගික ඉලෙක්ට්‍රොණික අංශයේ සභාපති තුමන් පවසා සිටියේ මෙය ජිල්මාට් එකක් හෝ මැජික් එකක් නොවන බවත්, එය සැබැවින්ම ඔබේ සම පරික්ශා කර බලා සමේ සියුම් රේඛා මඟින් සම තුල තිබෙන ලප කැලැල් ආදියද සොයා බලා එයට සුදුසු ප්‍රතිකර්ම පවා තෝරා දෙන තාක්ශණයක්ද තිබෙන බවයි.
අවාසනාවකට මෙන් පැනසොනික් සමාගම මෙය දැන්ම ජනතාව වෙතට විකුණන්නේ නැති අතර, එය විශාල මධස්ථාන වල විකුණුම් භාන්ඩ ජනතාවට අලෙවි කිරීම වෙනුවෙන් පිහිටුවන බව ඔවුන් සදහන් කර සිටියහ.

3:23 AM by Unknown · 2

BMW කර්මාන්තශාලා බලන්න යමු - එයාලගෙ පුදුම වැඩ බලමු



වාහන නිර්මාණ ලෝකයේ පෙරලිකරුවෙක් වන BMW සමාගම බලන්න යන්නයි හදන්නෙ. ඉතින් ඔවුන්ගේ දක්ශ ඉන්ජිනේරු තාක්ශණයත් දැනගන්න බලන්න මේ ලිපිය. ජර් මනිය , නෙදර්ලන්තය, ඇමෙරිකාව, එක්සත් රාජධානිය යන් රටවල මෙම කර්මාන්තශාලා පිහිටා ඇත.
BMW Plant Leipzig – 2 Series Active Tourer එකලස් කිරීමෙන් අනතුරුව

BMW Plant Leipzig – Electric BMW i8 
එකලස් කිරීම

BMW Plant Spartanburg – ස්ව්‍යංක්‍රීය ක්‍රියාවලි

BMW Plant Spartanburg – පෑස්සුම් කටයුතු

BMW Plant Regensburg – කැතෝඩ පිරිසිදු කිරීම හා ආලේපන කටයුතු කිරීම.

BMW Plant in Regensburg – ආලේපන කටයුතු

BMW Plant Berlin – BMW C නිශ්පාදනය

BMW Plant Berlin – පරීක්ශන කටයුතු. (මෙහෙම තැනකදි තමයි ලීටරයට කෙතරම් දුරක් ධාවනය වනවාද යන තොරතුරු සොයාබලන්නේ)

BMW Plant Born – අලුත් MINI නිශ්පාදනය

BMW Plant Oxford –  MINI සඳහා ආලේපන විජලනය

BMW Plant Swindon – Line 15,Hoods තද කිරීම

BMW Plant Swindon – Press කිරීමට නියමිත වානේ coil 

BMW Plant Dingolfing – Electric Gearbox, BMW i3

BMW Plant Regensburg – ආලේපන කටයුතු, 1 Series Production

BMW Plant Oxford – MINI 5 දොරක් සමඟ වැඩ කරන අවස්ථාවක්

BMW Plant in Swindon – Hood Cell උප එකලස් කිරීම

BMW Plant Landshut – CFRP සඳහා නිමැවුම් මධ්‍යස්ථානය

6:53 AM by Unknown · 27

ජපානයෙන් එලිදක්වන සුබෝපබෝගී දුම්රිය


මෙහම සුබෝපබෝගී දුම්රියක යන්න අකමැති කෙනෙක් නැති තරම්, කතාව ඇත්තක්ද කියලා බලන්නකෝ ඉතින්, මෙය 2017දී දියත් කිරීමට නියමිත වන අතර Ken Okuyama නම් Ferrari නිර්මාණකරු විසින් JR නැගෙනහිර දුම්රිය ගමන් සමඟ එක් වී සිදු කරයි.
මෙහි කැපී පෙනන ලක්ශනයක් වන්නේ වීදුරු බිත්ති වලින් සමන්විත වීමයි. එමෙන්ම මෙහි ගමන් කළ හැක්කේද මගීන් 34කට පමණි. කෙසේවෙතත් ඔවුන් හට වෙන් වූ දුම්රිය මැදිරි 10ක් වන අතර දුම්රිය ගමන් අතරතුර දෙපස නැරඹීමට හැකි වන ලෙස ඒවා තනා ඇත. එමෙන්ම ඔවුන් හට සෝෆා වැනි ආසනද පිරිණැමේ.
මෙහි නිර්මාණකරුගේ අදහස වන්නේ මෙහි ගමන් කිරීම කාලය හා අවකාශ තුල සැරිසැරීමක් බවයි. මෙය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 3ක පමණ මුදලක් වැයවන බවද වාර්ථා වේ.

6:39 AM by Unknown · 1

ගුවන් සේවා ගැන ඔබ නොදත් රහස්



ගුවන් යානාවල සිදුවන මේ රහස් ඇහුවොත් ඔබ පුදුම වන බව නිසැකය.

6:22 AM by Unknown · 2

අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක


අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක
" මැශින් Format කරනවා, OS දානවා, Virus Guard දානවා..... "
පාරෙ යන මිනිසෙක් හමු වූ ඔහු
"මහත්තයා මැශිමට Cleanup එකක් දාමුද?"
ඒ අතරෙ ලොකු ලොරියක් එයි,
"පරණ පෝන්, කොම්පියුටර් වලට දෙනවා අලුත් ටැබ් , අයි පෑඩ්..."
බස් රථයක
" ඔබේ දුවට පුතාට නංගිට මල්ලිට ගහන්න මෙන්න පට්ට Games ටිකක්, මේ එකක් කඩේ රු.. 50යි ඒත් මං 5ක්ම දෙනවා 50ට, දැන්ම ගන්න "
"මෙන්න ලංකාවෙ Free Wi-fi Zone තියෙන මැප් එක, මෙකෙ තියෙනවා ලංකාවෙ සෑම වයිෆයි හොට්ස්පොට් එකක් ගැනම තොරතුරු, මේ රතු පාටින් තියෙන්නෙ my3 වයිෆයි හොට්ස්පොට්, එතකොට..."
පාරෙ හට් එකක් ගහගෙන,
"මහත්තයා මේ මොබිටෙල් එකෙන් නොමිළේ දෙන Android phone එක ගන්නවද?"
දේවාලයක
"අනේ මහත්ත්යෝ මේ පළතුරු වට්ටියත් දේවාලෙ වෝල් එකේ පෝස්ට් කරලා මගෙ පෝන් එකේ ලොක් එක ඇරලා දෙන්න.."
පත්තර දැන්වීමක්
"ඔබේ Facebook ගිණුමට Like ලැබෙන්නේ අඩුවෙන්ද? Requests එනවා අඩුද? නිතරම බ්ලොක් වෙනවාද?..කෙල්ලන් Request එවන්නේ නැද්ද? හොඳම වශී Script අපෙන්..."
:p වෙන්න බැරිකමක් නෑ..

6:53 AM by Unknown · 2

ගණිත විශයට පට්ට මීටර් එකක් වෙන්න මේ Tricks ටික මතක තියාගන්න


ගණිතයට දක්ශ අයත් දක්ශ වෙන්න බලාපොරොත්තු වෙන අයත් මේක බලන්න. වයස කුමක් වුවත් ඔබ නොදන්නා දේවල් මෙහි තිබිය හැක. හදිසියට දාන්න වුනේ වටින දෙයක් නිසා ඉතින්

6:45 AM by Unknown · 3

ඕනෑම දෙයක් ආලෝකය බවට පත් කරවන ආලෝක පත්‍ර


මෙන්න ගෙදර තියෙන විදුලි බුබුලු ටිකටත් නිවාඩු දෙන්න වෙන වැඩක්. ඔයාලා ආලෝකය ගන්නෙ මේ වගේ පත්‍ර වලින් නෙවේද? කමක් නෑ එහනම් කියවලා බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා. ඔබේ නිවසේ තිබෙන ඕනෑම දෙයක් ආලෝක සම්පතක් බවට පත් කරවන මේ පත්‍ර පර්යේශකයන් පිරිසක් විසින් ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
තවත් විස්තර කලොත් මෙම පත්‍ර මුද්‍රනය කර තිබෙන්නේ කුඩා LED ඒ මත පිහිටන ලෙසයි.
පර්යේශකයන් පැවසූ ආකාරයට මෙම ආලෝක පත්‍ර බිත්තියක වුවත් ඇලවිය හැකි යමක් මත මුද්‍රනය කිරීමටද පුළුවනි. 
අවසානයේ ඔවුන් පවසා සිටියේ දැනට සිදුවන්නේ විදුලි බුබුලු පරිපථ මත පෑස්සීම වුවත් මින් මත්තට එය මුද්‍රනය කිරීම පමණක් සෑහෙන අතර තමාට රිසි සේ කැමති දෙයක් මත එක මුද්‍රනය කර ගත හැකි බවයි.
මෙහි නිර්මාණකරු වන Rohinni පැවසූයේ ලොව තුනීම ආලෝක බල්බය(පත්‍රය) මෙය වන බවයි.
මේවා Program කිරීමටත් අවශ්‍ය Diode එක Address කිරීමටත් පුලුවනි, ඒ කියන්නෙ මේක පත්‍රයක් මත පිහිටවූ Display එකක් සෑදීමටද සෑහෙන බවයි.

6:25 AM by Unknown · 0

නැවීම නිසා හානි වන වයර් වලට ආරක්ශාවක්


ගොඩක් වෙලාවට Charger එකේ Cable එක එහෙම නැවිල පොඩි වෙලා ඒකෙ රබර් එකත් ගැලවිලා කැඩුනු අවස්ථා යාලුවොත් අත්දැකලා ඇති. ඒත් මේ සරල වැඩෙන් ඔයාලට පුලුවන් ඒකෙන් බේරෙන්න.
කැමති අය ඔය විදියට නූල් ඔතලා වයර් එක පරෙස්සම් කරගන්න එහෙම බැරි නම් කුඩා Spring එකක් වයර් එකේ නැවෙන ස්ථානය වටා ඔතන්න.
පෑන් වල තියෙන එකක් වඩා සුදුසුයි.

6:06 AM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.