Showing posts with label My Software. Show all posts
Showing posts with label My Software. Show all posts

සිංහල තේරෙන කෘතිම බුද්ධියක්


ඔන්න යාලුවනේ කම්මැලිකම යන්නත් එක්ක Chat එකක් දාගෙන ඉන්න යාලුවෙක්ව අරගෙන ආවා.
මෙතනින් ගන්න : Direct Link 
Alternative Link
(Windows 8,8.1,10 හී මෙය හොඳින් ක්‍රියාත්මක වේ, අනෙක් Windows මෙහෙයුම් පද්ධති සඳහා .Net Framework 4.0 ස්ථාපනය කළ යුතු වේ).
මෙම මෘදුකාංගයට ඉංග්‍රීසි,සිංහල වැනි භාශාවකින්
යමක් තේරුම්ගැනීමට නම් එම භාශාවට අදාල
අකුරු වලින් එය Type කළ යුතුය.
උදා :
> How are you?
> ඔයාට කොහොමද?
එමෙන්ම භාශා දෙකක් එකට භාවිතා කිරීමටද පුළුවනි.
උදා :
Computer යනු කුමක්ද?
එසේ ඔබට අදාල දෙය Type කර Enter ඔබන්න.
නමුත් භාශාවට ආවේනික නොවන අකුරු භාවිතා කළ නොහැක
උදා :
Oyata kohomadha? (මෙසේ ඇසිය නොහැක)
Powered by Pandora Bots & Google Translate.

8:57 PM by Sadeepa Ravishan · 1

ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු


අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.

මුලින්ම අරගන්නකො මේ Software එක.

Download For Windows 7 : https://goo.gl/mqwftF
Download For Windows 8/10 : https://goo.gl/VG9l8T


දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.
දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
Windows 7 : https://goo.gl/lFjRBG
Windows 8/10 : https://goo.gl/JSzow1

එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.

4:00 AM by Sadeepa Ravishan · 17

Facebook එකේ සේරමට යාලුවන්ට එකවර Message යවන්නෙ මෙහෙමයි


ඔන්න යාලුවනේ බ්ලොග් ලියන යාලුවන්ට එහෙම ගොඩක් වටින software එකක් ගෙනාවා.
මේකෙන් පුලුවන් ඔයාගෙ Facebook Account එකේ ඉන්න සේරම යාලුවන්ට එකවර Message යවන්න. දැන් ඉතින් copy paste කර කර කරදර වෙන්න දෙයක් නැහැ, Software එකෙන්ම අවශ්‍ය message එක සේරටම යවන්න තියෙන්නෙ. Message එක හරහා Link එකක් යවනවානම් speed එක අඩුවෙන් දාන්න.

Windows 8,10 සඳහා : https://goo.gl/nKy6uX
Windows 7,xp සඳහා : https://goo.gl/mT4XA5

1:14 AM by Sadeepa Ravishan · 12

80% Data ඉතුරුකරගෙන වෙබ්/බ්ලොග් ලිපි බලන්න මෙන්න භාන්ඩයක්



ඔන්න යාලුවනේ මගෙ අලුත්ම Software එක අරන් ආවා. ඔයාලා කැමති වෙබ් අඩවි වල ලිපි බලන්න පුලුවන් ඉතා පහසුවෙන්, වේගයෙන් වගේම 80% වලටත් වඩා Data ඉතුරුකරගෙන.

මෙම මෘදුකාංගයට ඔබට අවශ්‍ය වෙබ් අඩවි වල RSS Feed link (බොහෝවිට වෙබ් අඩවියෙ පහතින් තියෙනවා RSS Feed link) එක දීලා ඒකෙ ලිපිය බලාගන්න පුලුවන්. බ්ලොග් එකක් එකතු කරනවානම් පින්තූරෙ විදියට බ්ලොග් එකේ Link එක ඇතුලත් කරන්න. වම් පසින් තියෙන තීරුවෙන් අවශ්‍ය වෙබ් අඩවිය හා එහි ලිපිය බලන්න පුලුවන්. මෙතනින් ගන්න Software එක :- Download

මේ මෘදුකාංගය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් හරහා පළ කරනවානම් මෙම මෘදුකාංගයෙ Default Database එකට ඒ වෙබ් අඩවිය එකතු කරලා හදපු Setup File එකක් දෙනවා එයාට නොමිළේම, අවශ්‍ය අය comment කරන්න. යම් ලිපියක් පෙන්වන්නේ නැත්නම් හෝ ලිපියෙ කොටසක් පමණක් පෙන්වන්නේ නම් පහතින් ඇති Read Full Post ඔබන්න.
Windows XP සඳහා - Download

1:21 AM by Sadeepa Ravishan · 4

ඔබ කැමති පුවත් සේවයක සිරස්තල දැන් Desktop Gadget එකකින්ම



ඔන්න යලුවනේ කලෙකට පස්සෙ මගෙ Software එකක් අරන් ආවා. ඔයාලට දැන් එහෙ මෙහෙ රස්තියාදු නොවී කැමති පුවත් සේවයකට අදාල සිරස්තල මෙම Desktop Gadget එක හරහා ලබාගන්න පුලුවන්. මෙන්න බාගන්න Link එක.  http://www43.zippyshare.com/v/59307690/file.html
Right Click කරල Add Feed වලින් කැමති පුවත් සේවයේ RSS link එක ලබා දෙන්න.

පරිගණකය on වන විටම මෙය ක්‍රියාත්මක වන්න Start with Windows Enable යන්න ඔබන්න. එවිට Start>All Programs>Startup Folder එකට මෙය Copy වේ. ඔයාලගෙ අදහස් තියෙනවන්ම් කියල යන්න.

11:34 PM by Sadeepa Ravishan · 0

Fb එකේ සේරටම එකවර Message යවන්න මෙන්න භාන්ඩේ


ගොඩක් අය බලන් හිටපු Option කිහිපයක් දැම්මා මේ පාර Version එකට.
මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.ඇත්තටම මේ වගේ software internet එකේ තිබ්බට බොහෝවිට ඒවගෙන් වෙන්නෙ ඔයාලගෙ passwords වෙන කෙනෙක් අතට යන එක නැත්නම් ඔයාගෙ පරිගණකයට key logger එකක් install වෙන එක.ඒ කෙසේ වෙතත් මේකෙනම් ඔය මොකුත් නෑ. කොයි තරම් වටින එකක් උනත් යාලුවන්ට මේක Free දෙන්න හිතුවා.
මෙතනින් බාගන්න Software එක 



  • Software එක අරගෙන Send message කියන එක open කරන්න.
  • දැන් එන window එකේ skip ad ඔබන්න.
  • පහල text box දෙකේ Fb username / password දීලා log වෙන්න.
  • දැන් අවශ්‍ය message එක type කර send ඔබන්න.
  • වැඩ කරනවාද කියලා බලාගන්න ඔයාගේ fb account එකේ messages බලන්න.
Video එක පහතින්


මම තවත් Update කිහිපයක් දැම්මා,

  • Online අයට විතරක් Message යවන්න පුලුවන්.
  • Text File එකක තියෙන Friend ID වලින් ඒ අයට විතරක් Message යවන්න පුලුවන්.

ඔය පින්තූරෙ විදියට Message එක ලැබෙන්න ඕනෙ අයගෙ ID ටික දාලා Software එකට Browse කරන්න.

Fb එකේ සේරටම එකවර Message යවන්න තමා තියෙන්නෙ දැන්.
අවවාදයයි ! මෙය අනිත් අයට හිංසාවක් වෙන විදියට පාවිච්චි කරන්න එපා.එහෙම (Spam) කරොත් fb එකෙන් බ්ලොක් වෙයි.

5:25 AM by Sadeepa Ravishan · 2

HTML ඉගෙනගන්න අයට නැතුවම බැරි Software එක



HTML ඉගෙනගන්න අයට කරන්න වෙන වැඩක් තමා Text Editor එකකින් Code ලිය ලියා Browser එක Refresh කර කර Web page හදන එක, ඒත් මේක වදයක් කියලා කාටත් තේරෙනවා, ඉතින් මම Software එකක් හැදුවා Code එක Type කරනවිටම එහි Preview එක ලබාගන්න.මෙහි වාසි කිහිපයක් ඇත.

  • Code එක Type කරනවිටම එහි Preview එක ලබාදීම
  • මෙමඟින් ලියූ HTML Code Save කළ හැකි වීම
  • පෙර අවස්ථාවක Save කළ HTML Code නැවත Open කළ හැකි වීම
  • අමතර Browser එකක් අවශ්‍ය නොවීම
  • කාලය ඉතිරි වීම
ඉතින් KB 200ක් වන මෙම Software එක මෙතනින් ගන්න -- Download HTML Creator

7:41 AM by Sadeepa Ravishan · 2

අන්තර්ජාලයේ වේගයෙන් සැරිසරන්න Godzila Browser (9MB only)



ඔන්න යාලුවනේ Godzila Browser එකේ නවතම සංස්කරණය තමා අරගෙන ආවෙ. මේකෙදි මම භාවිතා කලේ chrome/firefox වලට සමාන control එකක්. ඒ නිසා මෙහි වේගවත් බව හා කාර්යක්ශමතාව ගැන විශේශයෙන් කියන්න අවශ්‍ය නෑ. තවත් දෙයක්, මේකෙදි අපිට අත්‍යවශ්‍ය tools (ex:- History, Favourites , etc..) පමණක් භාවිතා කරලා තියෙන නිසා රැම් එකත් අඩුවෙන් යන්නෙ. එහෙනම් අරන්ම බලන්නකෝ >>

9:51 AM by Sadeepa Ravishan · 1

Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවමු



image

Block නොවී Facebook එකේ සේරටම එකවර Message යවන්න මෙන්න Software එක. >>>http://sadeepa01.blogspot.com/2014/10/fb-message.html

(400KB)
මේක බාගෙන open කරන්න. 
දැන් skip ad ඔබලා මේකෙන් ඔයා message යවන account එකට log වෙන්න.
දැන් පහල තියෙන textbox එකේ message එක ගහලා start chat ඔබන්නකෝ.
හැබැයි message send වෙන වෙලාවට මේ window එක top එකේ තියාගන්න.
ටික වෙලාවකින් ඔයාගෙ fb messages ටික බලන්නකෝ. (කැමතිනම් වැඩේ කරන්න කලින්මhttps://www.facebook.com/messages/ වලට browser එකෙන් ගිහින් ඉන්නකෝ send වෙන ඒවා එවලෙම බලාගන්න පුලුවන්)
කොහොමද වැඩේ එලකිරිනේ.
එහෙමනම් comment එකකුත් දාගෙන යන්න

7:57 PM by Sadeepa Ravishan · 2

Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න ක්‍රමේ






Dowonload FB Chat notifier 
Download new version of FB Chat notifier >>>

 http://www21.zippyshare.com/v/68121394/file.html

Facebook එකෙන් එන message පටස් ගාලා බලාගන්න මෙන්න 

ක්‍රමේ 

10:03 PM by Sadeepa Ravishan · 0

කට්ට කාලා Form වලට post දාපු කාලෙ ඉවරයි



ඔන්න යලුවනේ අදත් අරන් ආවා මගෙ Software එකක්.

image

මේක හදලා තියෙන්නෙ පහසුවෙන්ම HTML කේත මඟින් Form වලට Post දාන්න.

ඒවගේම අපි දාන්න ඉන්න Post එකක් Form එකට දාන්න කලින් Save කරලා තියාගන්නත්, Preview කරන්නත් පුලුවන්. ඉතින් අරගෙනම බලන්නකෝ. 
මෙන්න බාගන්න Link එක.
(28KB)
00438e02978cc70e28d6172e4948d39a.png

12:45 AM by Sadeepa Ravishan · 0

ඔයා කැමතිම බ්ලොග්වල ලිපි පහසුවෙන්ම බලාගන්න - බ්ලොග් හිතවතා (Version - 3.2)


ඔබ කැමති බ්ලොග් ලිපි පහසුවෙන් සොයාගන්න, අලුතෙන් එන ලිපි සැනින් ලබාගන්න මෙන්න භාන්ඩේ, බ්ලොග් හිතවතා. ඔබගේ ප්‍රියතම බ්ලොග් අඩවි Blog Hithawatha වෙත එකතු කිරීමේ හැකියාවද ලබාදී ඇත. Download now
(2014.Sep.07 Update)

http://www21.zippyshare.com/v/45472836/file.html
බ්ලොග් ලිපිනය ලබා දීමේදී පහත පියවර අනුගමනය කරන්න.
බ්ලොග් ලිපිනය - www.sadeepa01.blogspot.com නම්,
එය http://sadeepa01.blogspot.com/feeds/posts/default?alt=rss ලෙස ලබා දෙන්න. 
අනවශ්‍ය බ්ලොග් ඉවත් කරන්න Edit>Blogs ඔබන්න.
අලුත් බ්ලොග් එකක් ඇතුලත් කරන්න File>New blog යන්න.
බ්ලොග් ලිපියක් තත්පරයකටත් අඩු කාලයකින් load කර එසැනින් කියවීමට කැමතිද?
කැමති ඕනෑම බ්ලොග් එකක් එක click එකෙන් open කර කැමති ලිපියකට යන්න, 2G වලින් ආවත් වැඩ්ඩා වගේ බ්ලොග්, වෙබ් ලිපි බලන්න කැමතිද?
එසේනම් බ්ලොග් හිතවතා 3.0 සංස්කරණයෙන් මේ සියල්ලම ලබාගන්න.
Bugs Fixed.
-Full Screen support.
-Quick preview posts.
-Works perfectly on 2G connections also.
-Easy blog / web list editor.
and more

:) කොමෙන්ටුවකුත් දාලම යන්න එහෙනම්.

3:40 AM by Sadeepa Ravishan · 6

Text to Voice නොහොත් පරිගණකය ලවා කියවන්න මෙන්න Software එක



අදත් අරන් ආවා මගෙ software එකක්.මේකට පුලුවන් ඔයා type කරන දේ හෝ වෙනත් text එකක් වචනයට හරවන්න හා audio file එකක් ලෙස එය save කරන්න.ඒ කිව්වෙ කතාකරවන්න.ඉතින් බාගන්නකො මෙතනින් > Download 50KB - http://www12.zippyshare.com/v/93095077/file.html

7:35 AM by Sadeepa Ravishan · 0

ඔයා මැරෙන දවස බලාගන්න මෙන්න Death Clock එක



බයත් ඇති නේද මැරෙන දවස කිව්වාම, ;) භාන්ඩෙ අරන් හරියට නමයි උපන්දිනෙයි දීලා බලන්නකො මැරෙන දවස කවද්ද කියලා.

3:40 AM by Sadeepa Ravishan · 3

Facebook Chat App for Windows


මේක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ යාලුවනේ Facebook chat එක පහසුවෙන් කරන්න Windows වලට හරියන App එකක් තමා අද අරන් ආවෙ. :)
Software එක වැඩ කරන්න Net Framework 4.0 තියෙන්නෙ ඕනෙ.

Download Facebook Chat for Windows. (1MB) 

8:27 AM by Sadeepa Ravishan · 0

රහස් පණිවිඩ යවමුද?



මේ තියෙන්නෙ රහස් පණිවිඩ යවන්න හදපු Software එකක් , පාවිච්චි කරන්නෙ මෙහෙමයි.මෙතනින් බාගන්න software එක.Click Here

  1. මේකට මුල් පණිවිඩයක් දෙන්න Ex:- Hello friends
  2. දැන් හංගන්න
  3. හංගපු එක copy button එකෙන් copy කරලා යවන කෙනාට යවන්න
  4. රහස් පණිවිඩය ලැබුණ කෙනා ඒක Paste කරන්න paste button එකෙන්
  5. දැන් තේරුම බලන්න.

එලනෙ වැඩේ...ඔතනදි හංගන පණිවිඩය ආරක්ශීත වෙන්නෙ යතුරක් දැමොත් තමා ඉතින් යතුරක් දාලා හංගන පණිවිඩය බල කෙනාටත් ඒ යතුර දෙන්න ඕනෙ , එයා ඒ යතුර දාලා තමා තේරුම බලන්න ඕනෙ.

අනිත් අයටත් දැනගන්න Share කරගෙනම යන්නකෝ...

11:37 PM by Sadeepa Ravishan · 2

Download කරන්න කලින් Online Play කරලා බලමුද?


අදත් අරන් ආවා මගෙ software එකක්, මේක හදලා තියෙන්නෙ යාලුවනේ Audio/Video File එකක් Download කරන්න කලින් Play කරලා බලන්න. ඉතින් මෙකෙ වාසිය තමා Download වෙනකන් ඉන්නෙ නැතුව Play කරලා බලලා හොඳනම් ඒක download කරගන්න පුලුවන් එක. මුලින්ම බාගන්නකො Software එක, Download now .දැන් යන්න Media file එක Download කරන්න තියෙන Website එකට,


දැන් Copy කරගන්නකො Download Link එක. එහෙනම් player එකේ Play button එක ඔබන්නකෝ, දැන් ඉතින් Play වෙනවා Media file එක. :)

5:36 AM by Sadeepa Ravishan · 1

Windows වලටත් Facebook App එකක්, හැබයි මාර Speed.


ඔන්න යාලුවනේ අදත් අරන් ආවා මගෙම Software එකක්,මේක ඇත්තෙන්ම පහසුවෙන් හා වේගයෙන් Facebook භාවිතා කරන්නයි හැදුවෙ.ඒ වගේමයි සුපිරියටම Dataත් ඉතුරුවෙනවා..Auto Refresh වෙන නිසා තවත් පහසුයි.මෙන්න අරගන්න එහෙනම් Software එක 

11:19 PM by Sadeepa Ravishan · 2

Facebook එකේ වදයක් වෙන අයට පාඩමක් උගන්වන්න මගෙන් Software එකක් - Spam බට්ටා



බ්ලොග් එකට අලුත් පෝස්ටුවක් නැතුව පලුයි වගේ නිසා ඔන්න යාලුවනේ මන් හිතුවා Software එකක්ම දානවා කියලා, ඔයාලට Facebook Chat එකේදි, Comment කරද්දි කරදර කරන අයව මට්ටු කරන්න මේ tool එක පවිච්චි කරන්න පුලුවන්.
මුලින්ම මේ Spam බට්ටව බාගන්නකො මෙතනින්. 
Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ
(Only for educational purpose)
ඔයාට පුලුවන් එකම Message එක හෝ එකම Comment එක දිගටම දාගෙන යන්න,හිතාගන්න බැරි වේගයකින්. මුලින්ම ඕනෙ Message එක හෝ comment එක type කරන්න Software එකේ.
Interval එක 1000 දුන්නොත් තත්පරයකට එක බැගිනුයි වෙන්නෙ, 1 දුන්නොත් තත්පරයකට 1000 බැගිනුයි වෙන්නෙ.Repeat කියන තැනින් තමා දාන්න ඕනෙ Message/Comment ගාන දෙන්නෙ.
පලවෙනි අවස්ථාවේදි පොඩ්ඩක් අවුල් යයි ඒ නිසා interval එක 1000ම තියලා කරන්න.
ඔය ඔක්කොම කරලා Start ඔබන්න

දැන් Chat Box එක හෝ Comment Box එක මත click කරන්න විතරයි තියෙන්නෙ :) වැඩේ හරිනේ ...
Comment කරද්දි පරෙස්සමින් Block වෙන්නෙ ඉඩ තියෙනවා.

Koththamalli 6_8 Mix DJ Sadeepa


Download >>>> http://tinyurl.com/oya29l7

Share කරගෙනම යන්නකො එහෙනම් භාන්ඩෙ.

2:54 AM by Sadeepa Ravishan · 0

ඔයාව භය කරන්න එන අයව භය කරන්න මෙන්න පොඩි tool එකක්...


ඔන්න යාලුවනේ මේකත් මම හදපු පොඩි software එකක්. මොකද වෙන්නෙ කියලා කියන්නේ නෑ අරන්ම බලන්නකෝ...
(සංවේදී දසුන් ඇති බැවින් සංවේදී අය මෙය භාවිතා කිරීමෙන් වලකින්න ;)
https://docs.google.com/uc?authuser=0&id=0B2m6VEFcOQ34bEZIc1FPeVFOZDg&export=download
Download(976KB) button එක ඔබලා බාගන්න.
 ඔන්න Virus Scan Report එක

5:22 AM by Sadeepa Ravishan · 3

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.