Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

Phone එකෙන් චිත්‍රපටවල වගේ සුපිරි Effect දාපු Video හදමු



සුභ දවසක් යාලුවනේ, ඔයාලා දැකලත් ඇති චිත්‍රපටවල මෙලොව ඇති දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස නිර්මාණය වූ දෑ. උදා : පිටසක්වල ජීවීන්, පිටසක්වල යානා වැනි දෑ.
මේ ළිපියෙ Link  දාලා තිබ්බා එව්වා චිත්‍රපටවල නිර්මාණය වූ ආකාරය. නමුත් අද ළිපියෙන් කියන්නෙ චිත්‍රාගාරයක්වත්, කැමරාවක්වත්, පරිගණකයක්වත් නැතුව අතේ තියෙන ජංගම දුරකථනයෙන් කොහොමද ඔච්චර වැඩ කිඩ දාපු Video හදන්නෙ කියලා.
මුලින්ම මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ නැති එක ගැන සමාව ඉල්ලනවා ඔයාලගෙන්.
ඉතින් මේක Android phone/Iphone/Ipad වලට එන App එකක්.  Store එකෙන් අරගන්න පුලුවන් මේක fx Guru කියලා කියන්නෙ. මෙතනින් පිවිසිලා අරගන්න ඒ App එක Link  .
දැන් බලමු මේකෙන් හදපු Video කිහිපයක්. :)

එය භාවිතා කරන අවස්ථාවක් පහතින්


4:53 AM by Sadeepa Ravishan · 1

Arduino #2 පලවෙනි Code එක ලියමු



සුභ දවසක් යාලුවනේ. එහෙනම් ඉතින් හොඳ වෙලාවක් බලලා Arduino එකට මංගල කේතනය පටන් ගමු.ලොකු ලොකු Circuit වලට යන්න කලින් පොඩි එකකින්ම පටන් ගන්න එක හොඳ නිසා අද ලිපියෙන් කියන්නෙ Arduino එකකින් LED එකක් නිවි නිවි දැල්වෙන පරිපථයක් Code කරන හැටි.

7:33 PM by Sadeepa Ravishan · 3

Samsung Galaxy S6 රහස් හෙළිවේ - පින්තූර හා Video සමඟ



Samsung Galaxy S6 පිළිබඳ රහස ලන්දේසි වෙබ් අඩවියක් විසින් හෙළිකර ඇති අතර එහි සඳහන් වූ ආකාරයට මෙහි 5.5" තිරයක් සමඟ 16MP හෝ 20MP කැමරාවක්ද සමන්විත බව පවසා තිබේ. කටකතා අනුව දැනට ඇති මතය වන්නේ 2015 මාර්තු 2-5 දක්වා Barcelonaවේ පවත්වන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) නිකුත් කෙරෙන බවයි.



මෙසේ පිටට ලැබී ඇති ඡායාරූප අනුව පෙනී යන්නේ S6 ජංගම දුරකථනය iPhone 6 දුරකථනයට හුරු සිහින් හා තරමක් වටකුරු ස්වභාවයක්ද සමඟින් එන බවයි. මෙහි පරමාදර්ශී ලක්ශණයක් වන්නේ වම් හා දුකුණු කෙළවර සිහින් වූ තිරයක් තිබීම හා ඉදිරිපස කැමරාව හා ජංගම දුරකථනයේ ඉහළ කේන්ද්‍රයට ඇති දුරයි. වෙනත් වෙබ් අඩවියකින් හෙළිවූ තොරතුරු අනුව මෙහි Codename එක SM-G925F වන අතර Quad HD (2560×1440) display එකක්, octa-core Processor එකක්, 16MP පසුපස කැමරාවක් හා Mali-T768 graphics processing unit එකකින්ද සමන්විත වන බවයි.



Samsung සමාගම වසරකදී නිකුත් කරන ජංගම දුරකථන සංඛ්‍යාව අවම කරමින් ඒවා උසස් තත්වයේ ජංගම දුරකථන නිපදවීමටත් තීරණය කර ඇත. එමෙන්ම ඔවුන් දැනට කරන නිශ්පාදන ප්‍රමණය වැඩි කරමින් ජංගම දුරකථනවල මිල පහල දැමීමට උත්සාහ කරති. New York හී Robert Yi (Samsung සමාගමෙහි ආයෝජක සබඳතා ප්‍රධානී) විසින් පවත්වන ලද presentation එකක් අතරදුරදී මෙම උපාය හඳුන්වාදී තිබේ.



පහතින් තියෙන්නෙ Samsung Galaxy S6 ගැන කියැවෙන Video එකක්.

6:29 AM by Sadeepa Ravishan · 2

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා



මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

9:07 AM by Sadeepa Ravishan · 20

Android Phone එක DJ Console එකක් කරමු?


යාලුවනේ ඔන්න ගෙනාවා පට්ට පට පට භාන්ඩයක්. මතකද අපි Android Phone එක Octapad එකක් කරපු හැටි. මේක ඊටත් වඩා සුපිරි වැඩක්, ලොකු ගානක් දීලා ගන්න තියෙන DJ Console එක Phone එකට දාගෙන වැඩර් වගේ DJ කරන්න තමා තියෙන්නෙ. ;) ඒත් කොහොමද?
මෙන්න App එක අරගන්න. ---->>> 


Download Locations for DJ Studio 5 - Free music mixer APK 5.1.2 (File Size: 11M)
Download Options and Mirrors:



install app from google play



6:15 AM by Sadeepa Ravishan · 0

Android phone එක Octapad එකක් කරමු



කවුද අකමැති Octapad එකකින් වැඩ දාන්න. ඒත් ඔව්වා ගන්න කොහෙද සල්ලි. ඒත් අද මම ගෙනාව ඔච්චර වටින Octapad එකක් නොමිලේ. මෙතනින් අරගන්න භාන්ඩෙ. --->> DrumHead
පහල තියෙන්නෙ Screen Shot ටිකක්.


දැන් තියෙන්නෙ වැඩර් වගේ Octapad එකෙන් සෙල්ලම් දාන්න.

2:46 AM by Sadeepa Ravishan · 0

Type නොකර Camera එකෙන් Google Search කරමු



ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්, දැන් අපිට Voice හෝ Type නොකර Camera එකෙන්ම Google Search කරන්න පුලුවන් මේ App එකෙන්.
මෙතනින් ගන්න App එක -- Download
හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා,app එක install කරලා ඒක Open කරන්න.
 දැන් එන Camera එකෙන් පැහැදිලිව Photo එකක් ගන්න. මම අරගත්තා වගේ Logo එකක් හරි.

දැන් ඔයාට බලාගන්න පුලුවන් ඒ Photo එකට අදාල Results.
ඔතින් අදාල Result එක Select කරන්න.
කොහොමද වැඩේ Google එකෙන් ලස්සනට ඒක Search කරලා දුන්නා, අපි මොනවත් Type කරේ නැහැ.
තවත් එකක් බලමු.

අපි නමක් දන්නෙ නැති දෙයක් උනත් ඒකෙ Photo එකක් හරහා Google Search කරන්න පුලුවන්. තවත් දෙයක් , මෙතනදි මම Print කරපු දෙයක Photo එකක් Search කළා උනත් ඔයාට Camera එකෙන් තව ගොඩක් දේවල් Search කරන්න පුලුවන්. ඒ වගේම ඔයාට Gallery එකේ photos වුවත් Search කරන්න පුලුවන් පහල Option button එක ඔබලා. තවත් ලිපියකින් හමු වෙමු. :)

8:20 PM by Sadeepa Ravishan · 1

Android වලට සිංහල Install කිරීම No Root



Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල Fonts install කරන්න.

Samsung Galaxy / Note වැනි Phone වලට සිංහල දානවනම් Root කිරීම අනවශ්‍යයි. ඒ phone වලට සිංහල දාන විදිය මෙතනින් බලාගන්න --- How to install Sinhala for android (without root)

(ලින්ක් එකට ගිහින් තත්පර 5ට පසුව උඩ දකුණු කෙළවරේ Skip Ad ඔබන්න)

වෙනත් Phone එකකින් කරනවානම් මුලින්ම Phone එක Root කරලා තියෙන්න ඕනෙ, එහෙම නැත්නම් මෙතනින් ගිහින් Root කරන්න. -  Computer නැතුව App එකෙන්ම Phone එක root කරමු

එහෙනම් දැන් Download කරගන්න Sinhala Font ටික මෙතනින් - DroidSansFallback


මේ Font ටික install කරන්නනම් අපිට Root Explorer කියන App එක අවශ්‍ය වෙනවා ඉතින් මෙන්න Root Explorer එක - Root Explorer

හරි දැන් අර Sinhala font file ( DroidSansFallback ) එක Extract කරගන්න.
Windows වලින් කරනවනම් Right Click කර Extract ඔබා Memory Chip එකට File ටික Copy කරගන්න.
Android වලින් නම්  DroidSansFallback එක Extract කරන්න File එක උඩ තත්පර 4ක් පමණ Click කරගෙන සිටින්න එවිට Extract ඔබන්න.

දැන් Root Explorer එක Install කරන්න.එයට Root permissions ලබා දෙන්න.



Root Explorer එකෙන් අර Font File එක Click කරලා Copy ඔබන්න.

පසුව System/Fonts Folder එකට යන්න.එහි Mount R/W ලෙස ලබා දෙන්න.



දැන් මෙතන අර Extract කරගත්තු Folder එක Paste කරන්න. ( මෙහිදී Root Permission ඉල්ලුවොත් Allow කරන්න )



දැන් OK කරලා phone එක Restart කරන්න.

වැඩේ හරි එහෙනම් දැන් Phone එකේ සිංහලත් වැඩ.

Opera mini එකේ කලින් Bitmap විදියට Sinhala දාපු අය ඒක ඉවත් කරන්න එවිට පැහැදිලි සිංහල අකුරු Opera mini එකටත් ලැබේ.

12:26 AM by Sadeepa Ravishan · 6

එදිනෙදා ජීවිතේට වටිනා Android Apps ටිකක් - Ultra Tools



Ultra Tools - screenshot thumbnail
මම මුලින්ම කියන්න කැමතියි මේ ඇප්ස් ටික හදලා තියෙන්නෙ ලංකාවෙ අපේ යාලුවෙක්. Developer - 


1). Water Bill Calculator - මේකෙන්(Water Board එකෙන් දෙන) වතුර බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
2). Electricity Bill Calculator - මේකෙන්(CEB එකෙන් දෙන) විදුලි බිල නිවැරදිදැයි බලාගන්න පුලුවන්.
3). BMI Meter with Online Tips - මෙමඟින් ඔබේ උසට සරිලන බර ඇත්දැයි බලාගැනීමට හැක.
4). Unit Converter - මෙය දිගක්, දත්ත ධාරිතාවක්, බරක්, ඒකක අනුව පරිවර්තනය කරගැනීමට උදව් වේ.
5). Encryptor(password is 7788)  - මෙය ඔබගේ පණිවිඩ තව කෙනෙක්ට කියවන්න බැරිවෙන්න Encrypt කරන්න පුලුවන්. ( අර රහස් පණිවිඩ සීන් එකේ වගේ) එම රහස් පණිවිඩය බලන්නත් මෙමගින් පුලුවන්. (මල් කඩන අයට මේක ගොඩක් වටිනවානෙ)
6). NIC Reader - මෙය ජාතික හැඳුනුම්පත් අංකය අනුව උපන් දිනය, ස්ත්‍රී පුරුශභාවය බලහැනීමට.
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail
Ultra Tools - screenshot thumbnail

6:07 AM by Sadeepa Ravishan · 2

ඔයාගෙ Android phone එක අනිත් ඒවත් එක්ක කැපිලා පේන්න



ම්ම් දැක්කම පේනවානෙ මෙහෙම Phone එකට මොඩ් පාරක් දාලා ගත්තනම් එලකිරි කියලා.මේක disco light live Wallpaper එකක්.එහෙනම් ඉතින් මෙතනින් ගිහින් බාගන්නකො Live Wallpaper එක Download / Install
 Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ



8:00 AM by Sadeepa Ravishan · 0

Windows එක්ක Android Apps භාවිතා කරමු




ගැම්මක්වත් නැතුව Android apps windows වලදි භාවිතා කරන්නනම් මෙන්න භාන්ඩෙ >>> Download Bluestack
 Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ ;)

11:42 PM by Sadeepa Ravishan · 1

නැතිවුන Android Phone එක Map එකෙන් Locate කරමු,Ring/Lock/Erase කරමු


මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතාකරන phone එකක් වන android phone එකක් යම් විදියකින් නැති වුවහොත් එය පහසුවෙන් සොයාගත හැකි විදියක් තමා අද මම කියන්නෙ.
හැබැයි මේ වැඩේ කරන්නනම් Android phone එකෙන් ඔයාගෙ Google Account එකට ලොග් වෙලා ඉන්න ඕනා,
මේකට ඇප් එකක් තියෙනවා Play Sore එකේ Android Device Manager කියලා...ඒක තියෙනවානම් වැඩේ පහසුයි.
ඇප් එක නැතුව අපිට පුලුවන් නැති උන phone එක map එකෙන් locate කරගන්න....
( Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න) ඔයා phone එකට දාපු Google account එකෙන් sign in වෙලා Locate Device Click කරන්න..
ඉතින් ඔයාට බලාගන්න පුලුවන් Phone එක තියෙන තැන Map එකෙන්ම....
අර ඇප් එක Phone එකේ  තියෙනවනම් අපිට Phone එක Ring කරන්න,Lock කරන්න,Data Reset කරන්න පුලුවන්.......
Android Device Manager
තමා ඒ ඇප් එක,අරගන්න මෙතනින් >>>> Get the App
හැබයි ම්ම් ඇප් එක Install කරාට පස්සෙ phone එකේ settings ටිකක් වෙනස් කරන්න ඕනා...
පහත ආකරයට, Location and Security Settings>Select Device Administrators වල,Android Device Manager සදහා phone එක ,Ring/Lock/Erase කරන්න Permissions ලබාදෙන්න.

10:23 PM by Sadeepa Ravishan · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.