Coriolis Effect ගැන දැනගමු
යාලුවනේ අද කියන්න යන්නෙ කොරියෝලිස් බලපෑම කියන අමුතු සිදුවීම ගැන. ඉස්සර කාලෙ නැව් වල ගමන් කරද්දි එයාලා ඉන්නෙ පෘථිවියෙ සමකයට ඉහලින්ද එහෙමත් නැත්නම් පහලින්ද කියලා දැනගත්තෙ මේ කොරියෝලිස් බලපෑමෙන්. මෙහෙමයි එයාලා දැනගත්තෙ, නැවේ හිටපු අය කරේ Sink එකට වතුර පුරවලා ඒකෙ වතුර පිටවෙන්න ඇරියා. ඒ වතුර කරකැවුනු දිශාව අනුව මෙයාලා තීරණය කළා එයාලා ඉනෙන් සමකයෙන් උඩද එහෙමත් නැත්නම් පහලද කියලා ඒ වතුර දක්ෂිණාවර්තව කරකැවෙමින් බැසගියානම් එයාලා හිටියෙ සමකයෙන් උඩ ඒ වතුර වාමාවර්තව කරකැවෙමින් බැසගියානම් එයාලා හිටියෙ සමකයෙන් පහළ ඉතින් මේකට තමා විද්‍යාවෙදි කොරියෝලිස් බලපෑම (Coriolis effect) කියලා කිව්වෙ
4:45 AM by Unknown · 2
සමාන්තර ලෝක vs මාන
1D = 1 Dimension මාන එකයි [දිග] 2D = 2 Dimensions දිවිමාන [දිග,පලළ] 3D = 3 Dimensions ත්‍රිමාණ [දිග,පලළ,උස] <- අපිට පේනවා ත්‍රිමාණ 4D = 4 Dimensions සිව්මාන [දිග,පලළ,උස,කාලය] <- මෙය දකින්න බැහැ තවම අපිට, විද්‍යාවෙන් තමයි 4D ගැන දැනගන්න ලැබෙන්නෙ. 1D ගැන කිව්වොත් මෙව්වට දිගක් විතරයි තියෙන්නෙ, හිතාගන්නකො සරළ රේඛාවක්, හැබැයි ගණකමක්වත් නෑ දිගක් විතරයි තියෙන්නෙ, එහෙමෙ දෙයකට පලළක් තේරෙන්නෙ නැහැ. එතකොට 2D කියන්නෙ නිකන් කඩදාසියක් වගේ නමුත් ඒකට දිගක් පලළක් විතරයි තියෙන්නෙ ගණකමක් නැහැ. එතකොට 3D තමයි අපි ඉන්න භෞතික ලෝකය දිග,පලළ,උස සහිත වස්තූන් සහිත. 4D ගැන විද්‍යාවෙදි විවිධ අරුත්ගැන්වීම් කරනවා. 1D වල ඉන්න කෙනෙක්ට 2D බලන්න බැහැ, එයා සමහරවිට හිතාගෙන ඇති පලළක් ගැන ඒත් එයාට තේරෙන්නෙ නැහැ පලළ කියන්නෙ මොකක්ද කියලා ඒ නිසා 2D වල ඉන්න කෙනෙක්ටත් එහෙමයි එයාට 3D ගැන අදහසක් තිබ්බත් හිතාගනන් බැහැ ඒක කොහොමද කියලා මොකද 2D වල ඉන්න කෙනාට උස ගැන අවබෝධයක් නැහැ. එතකොට 3D වල ඉන්න අපිටත් 4D ගැන අදහසක් ගනන් අමාරුයි, විද්‍යාවෙදි කිව්ව කාලය කියන 4වන මානය විදියට ගන්නෙ කාලය, (ඒත් බං මන් කොච්චරනම් කිව්වද කාලය කියලා එකක් නැහැ කියලා) අපිට කාලය කියන්නෙ අදහසක් විතරයි අනික ඒක කෙනාගෙ හැටියට සාපේක්ශයි. ඉතින් 4D ගැන අපිට හිතාගන්නත් අමරුයි. අපේ විශ්වය ගැන බැලුවොත් ඒක? 2D නම් වෙන්න බැහැ කියලා හිතෙයි හරි 3D ද? ඔව් ඉතින් ග්‍රහලෝක එහෙම ත්රිමාණයිනෙ :/ ඒත ඒක 4D වෙන්න බැරිද? කවුද දන්නෙ ඒක 5d..?...6D..?? තවත් ඇති, ඉතින් අපිට සමාන්තර ලෝක තියෙන්න පුලුවන් නේද එව්වත් තියෙන්නෙ ඔය වෙන වෙන මාන අතරෙ, අපි කතාවෙන හොල්මන් අවතාර එහෙනම් ඔය එක මානෙක ඇති, දිව්‍ය ලෝක එහෙම මේ විශ්වයේ ඇති තවත් මානයක ඇති... පිස්සු හැදෙනවා නෙහ්?
4:40 AM by Unknown · 2
ආලෝකයේ වේගය
බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. හැබැයි ඉතින් Traffic එක අහු උනොත් නම් ඕක අඩු වෙනවා. අපේ සූර්යග්රහ මණ්ඩලය ගැන කිව්වොත් මෙය තවත් වෙනස් මුහුණුවරක් ගන්නවා.
චන්ද්‍රයාගේ සිට පෘථිවියට රේඩියෝ තරංගයක් පැමිණීමට තත්පර 1.3ක් ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාට තිබෙන දුර තරම් විසි ගුණයක දුරක්.
ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහනේදී මෙය පොඩි ගැටලුවක් වුණා මොකද අභ්‍යවකාශගාමීන්ගෙන් අසන යමකට පිළිතුර ලබාගැනීමට අමතර කාලයක් බලාසිටීමට සිදුවූ නිසා.
අඟහරු පෘථිවියට ආසනන්ව තිබෙන විට එහි සිට ආලෝකය පෘථිවිය පැමිණෙන්නට මිනිත්තු 3ක් යනවා. ඉතින් අඟහරු වල ඉන්න කෙනෙක්ගෙන යමක් ඇසුවොත් පිළිතුර එන්න මිනිත්තු 6ක් ඉන්න වෙනවා.
කොහොමද එහෙනම් අර යවපු රෝවර් යානයෙන් එහෙ තිබ්බ පින්තූරයක් මෙහාට එද්දි?
මිනිස් දෑතින් නිමවූ පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ වොයේජර් 1 යානය මීට වසර 29කට පෙර අභ්‍යවකාශ ගත කොට ඇත. ඉතින් ඒක මේ වෙද්දි කොච්චරක් දුර ගිහින්ද කිව්වොත් අපි ඒකට තරංගයක් යවන්න පැය 14ක් යනවා.
දැනට අපට ආසන්නයෙන්ම ඇති තාරකාවට (සූර්යා හැරුණු කොට) ගමන් කිරීමට ආලෝක වර්ශ 4 1/2 ක් යන අතර අපගේ චක්රාටය වටා ගමන් කිරීමට ආලෝකයේ වේගයෙන් වසර 100,000ක් ගත වේ.
සම්පූර්ණ විශ්වය හරහා ගමන් කිරීමට වසර බිලියන 100ක් පමණ ගත වේ. ආලෝකයේ වේගය හිතන තරම් වේගවත් නැහැ.
ඉතින් අද ලිපියත් අයින්ස්ටයින් මහතාගේ සාපේක්ශ්තාවාදයේ කරුණකින් අවසන් කරන්නම්.
අපි ආලෝකයේ වේගයෙන් අපට ආසන්නම තාරකාවට ගමන් කළා යැයි සිතමු. අපිට එය තත්පර කිහිපයක් ගතවූවා යැයි තේරෙයි, නමුත් ආපසු පෘථිවියට පැමිණෙන විට ඔබ වසර 9ක් වයසට ගොස්ය.
7:36 PM by Unknown · 6
Artificial Intelligence ගැන දන්න අය මේ ගැනත් සිතන්න
කෘතිම බුද්ධිය (Artificial Intelligence) - මෙම ලිපියෙන් කියන්නෙ දැනට තියෙන තාක්ශණය අනුව සිතීමට කතාකිරීමට හැකි කෘතිම මිනිසෙකු (ඇත්තම රොබෝවෙකු) හදන හැටි.
එකපාරක් මට මතකයි IGI - 1 Game එකේ File වගයක් මාරුකරලා ඒකෙ හතුරන්ව සිවිල් වැසියො කරා. වැඩේ හරි ගියා, කලින් අපිට වෙඩි තියන්න ආපු අය නිකන් සිවිල් වැසියො කරා. ඒ Folder එක අස්සෙ තිබ්බෙ Compile කරලා තිබ්බ HEX File වගයක්. ඉතින් මට හිතුන දෙයක් තමා Game එක අදාලව කෘතිම බුද්ධියක් සහිත චරිත වලට අවශ්‍ය මොළය තමයි ඔය HEX File වල තිබ්බෙ කියන එක. හතුරොන්ට වෙනම File වගේ කිහිපයක්ම තිබ්බා. කෘතිම බුද්ධිය ගැන මමත් පොඩි පොඩි අත්හදාබැලීම් සිදු කළා, ඔයාලට මතකත් ඇති වතාවක් මම හැදුවා Garfield කියලා එකක්. ඒකෙන් උනේ අපි විසින් පරිගණක ලබාදෙන උපදෙස් මාලවකට අනුව අපිට ප්‍රතිචාර දක්වන පරිගණක වැඩසටහනක්. මගෙ ඊලඟ පියවර වුනේ මේ වගේ ගොඩක් දියුණු කරලා හදලා තියෙන Cleverbot කෘතිම බුද්ධියත් සමඟ මම හදපු Facebook Chat මෘදුකාංගයක් සම්බන්ධ කරලා Facebook එකෙන් එන පණිවිඩ වලට එම කෘතිම බුද්ධිය හරහා Reply යවපු එක. ඇත්තටම ඒක ගොඩක් සාර්ථක උනා. ඉතින් Cleverbot එක ගැන තවත් අධ්‍යනය කරපු මට තේරුණ දෙයක් තමයි ඒකෙදි එයා අහන ප්‍රශ්ණය හා අපි ලබාදෙන පිළිතුර ගලපා නැවතත් අපිට ප්‍රතිචාර දක්වන එක. ඒ වගේම එකම දෙය නැවත එන්නෙ නැතිවෙන්න අහඹු (Random) ලෙස මෙය සිදු කිරීම. C# වලට පින් සිද්ධ වෙන්න මමත් ඒ ක්‍රමය සාර්ථකව අත්හදාබැලුවා.
IGI Game එකේ එහෙමනම් GTA Vice City වගේ Game වල තියෙන චරිත වලට කොයි තරම් දියුණු කෘතිම බුද්ධියක් ඇතිද?
ඒ සමඟම මගේ මතකයට නැගුනේ Google සමාගමේ Voice Recognition (අප පවසන දෙය පරිගණකය විසින් වචන බවට පත් ඉරීම) හා Microsoft සමාගමේ භාවිතා වූ Text to Voice පහසුකම භාවිතාකර Cleverbot ව කතාකරන රොබෝවෙකු කරන්න බැරි ඇයි යන්නයි.
එයාට ඇවිදින්න කරන්න වගේ වැඩ ඇයි අර පරිගණක ක්රිඬා වල ඉන චරිත හරහා කරන්න බැරි?
හැඟීම් දැනීම් සිදුකිරීමට දැන් ලෝකයේ තිබෙන Lovebot හරහා ඇයි බැරි?
පරිගණක ක්‍රීඩාවේ චරිතය පණ පොවන්න Arduino එකක් හා Servo Motor කිහිපයකට බැරි ඇයි?
මෙව්වා කරන්න බැරි වැඩ නෙවේ. ඒත් කරන්න තරම් හැකියාව තියෙන ආයතන උනන්දු නොවන්නේ මම මේ ලියන Post එකේ තියෙන දේවල් වත් එයාල දන්නෙ නැති නිසාද?
හරි මම දන්නවා මේ ලෝකෙ තියෙන පරිගණක, Router, Hub අනං මනං සේරටම වඩා නියුරෝන මිනිස් මොළයේ තියෙනවා කියලා ඒත් මිනිසු ඔව්වගෙන් පාවිච්චි කරන්නෙත් 6% විතර කියලා මම කිව්වනෙ. හරි ඉතින් ඇයි බැරි මාස 6ක් වයස පොඩි ළමයෙක්ව මේ තාක්ශ්ණයෙන් හදන්න? එයාට භාශාව පවා කියලා දෙන එක මිනිසෙකුට කරන්න පුලුවන්. ඒත් ඒකත් ඕනෙ වෙන්නෙ නැහැනෙ මම උඩ කිව්ව Cleverbot හා පරිගණක ක්‍රීඩා වල ඉන්න අවුරුදු 20ක් විතර වයස කෙනෙක්ගෙ මොළයක් දෙන්න පුලුවන් වෙද්දි. එක්කො ඔය කියන විද්‍යාත්මියො හිතනවද දන්නෙ නැහැ පරිගණ ක්‍රීඩා වල ඉන්න නපුරෙක් එලියට ඇවිත් ලෝකෙ විනාශ කරයිද කියලා. අර Ra-One Film එකේ වගේ. හරි ඉතින් එහෙම නොවෙන්නෙ එයාව Program කරානම් හරිනෙ. ලෝකෙ ඕනෙම දෙයක් දන්න කෙනා කරන්න එයාට විකිපීඩියාව හරි දෙන්න පුලුවන්. ඔව් හොඳටම කතාකරන කෙනා කරන්න Facebook Chat එක ගබඩා වෙලා තියෙන Database එකෙන් මිලියන ගනණක් ලෝකවාසි ජනයාගේ වචන එයාට දෙන්න පුලුවන්. මෙයාල බයද වැඩේට?
ඔයා මොනාකිව්වත් විද්යාත්මින්ටත් හිතේ සැකයක් ඇති ඉතින් ලෝකෙ ධනවත්ම පුද්ගලය (Bill Gates) යටතෙ හැදුන Windows මෙහෙයුම් පද්ධතියත් Crack කරපු උන් ඉන්න ලෝකෙක මෙහෙම එකක් එලියට දැම්මොත් $#^$#%^%$ වෙන බව.
කරුණාකර මෙය උපුටාගැනීමෙන් වළකින්න. © Sadeepa Ravishan

6:58 AM by Unknown · 5
අන්තර්ජාල මුදල් වංචාවන්ට හසු වන්නට පෙර මේ ගැනත් සිතන්න
මසකට රු. 50,000/- ක් නිවසේ සිටම උපයන්න මෙතනින් එන්න.. වගේ කත්න්දර පුවත්පත්වල, Facebook එකෙත් ඇති තරම් දැකගන්න තියෙනවා. ඒත් ඔය සේරම ඇත්තද? ඔයාටම තීරණය කරන පුලුවන් මේ Video එකේ තියෙන සංවාදය අසන්න.
බයවෙන්න එපා, මම කලින් ලිපියකින් අරන් ආවා මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙ කොහොමද කියලා. ඒකෙ මම මුදල් ලබාගත් අවස්ථාවන් පවා සදහන් කරලා තියෙනවා. Link to post ඔයාලට අන්තර්ජාල මුදල් වෙබ් අඩවියක් ගැන දැනගන්න ලැබුනොත් මුලින්ම කරන්න ඕනෙ Google හී හා Google Images හී මෙලෙස Search කරන්න.
- <වෙබ් අඩවියේ නම> Scam Review - Google Search
- <වෙබ් අඩවියේ නම> Payment Proof - Google Image Search
9:12 AM by Unknown · 3
මෝඩයාගේ දවසෙ කරපු කැතම වැඩ 25
අප්‍රේල් පලවෙනිදා කිව්වම ගොඩක් අයගෙ මතකයට එන දෙයක් තමා ඒක මෝඩයාගේ දවස කියන එක. ඉතින් ඒ වගේ කරපු කැතම වැඩ 25ක් අරගෙන ආවා අද ලිපියෙන්. හැබැයි මෙව්වා කරන්න නම් එපා, තව කෙනෙක්ට හිංසාවක් කරලා,බොරවක් කරලා සතුටු වෙන එක සදාචාර නැහැනෙ.
25. අනේ දෙවියනේ!
ඊයෙ බොරු කියපු යාලුවො මේකත් කියවගෙනම යන්න.
5:42 AM by Unknown · 4
සොබාදහමට විස්මිත ලෙස හැඩගැසුනු සතුන් තොගයක්
අපි හිතුවෙ නැති උනාට සොබාදහමට හැඩගැසුනු විවිධාකාරයේ සතුන් සිටිනවා.
1 - මෙම ගෙම්බා හට වසර 7ක් පමණ සිසිරගතව සිට හැක.
වර්ශා කාලයෙන් අනතුරුව අප්‍රිකානු pyxie වර්ගයේ ගෙම්බන් පොලොව යට සාදාගන්නා ශ්ලේශ්මය කෝශ තුළ සීල් වෙලා වසර 7ක් පමණ ජීවත් වෙනවා නැවත වර්ශා කාලය පැමිණෙන තුරු.
2 - මේ මුවා බල්ලෙක් වගේ බුරනවා
දකුණු රතු muntjac මුවෙක්ව බය කරන්න එහෙම ගියොත් බලෙක් වගේ බුරන්න ගන්න එයාගෙ ශබ්දය අහගන්න පුලුවන්.
3 - මේ ලේනා එයාගෙ වල්ගය භාවිතා කරනවා සෙවනල් ලෙස
Cape ground ලේනුන් අධික හිරු රශ්මියෙන් ගැලවෙන්නෙ මෙහෙම.
4 - මේ ගෝනුස්සා ආහාර නැතුව වසරක් පමණ ජීවත් වෙනවා
විශේශ metabolisms ගෝනුස්සන්ට ආහාර වේල මඟහැරෙන එක සුලු දෙයක්.
5 - මේ කුරුල්ලා එයාගෙ පිහාටු තුල ජලය රැගෙන යනවා
පිරිමි sand grouse පක්ශීන් තම කූඩුවේ සිටින පවුල වෙනුවෙන් ජලය රැගෙන යන්නේ පිහාටු තුල ගබඩා කරලා.
6 - ගිජුලිහිනියා තමා වෙතම මුත්‍රා කරගන්නවා
අමු මස් බුදින ගිජුලිහිනියන් තම පාද සිසිල් කරගන්න ඒවාට මුත්‍රා කරගනී.
7 - මේ කුහුඹුවගෙ පිටුපසින් කොකු දෙකක් තියෙනවා
මේ (Polyrhachis bihamata) කූඹියව අල්ලන්න ගියොත් හොඳ පාඩමක් ඉගෙනගනියි, මොවුන් තම විලෝපියාගේ ශරීරයේ එල්ලී ගැලවෙන්නේ නැතුව සිටිනවා. කොහොමද මේ කූඹි ජනපදයක්ම ඇඟේ එල්ලුනොත්?
8 - මෙම gazelle මුවාට ජල පානය කිරීමට අවශ්‍ය නැහැ
මොවුන්ට ජලය පානය කිරීම අවශ්‍ය නොවන අතර එම ජල තම ආහාලර හරහා ලබාගනී.
9 - මේ මාලුවගෙ ඇසට යටින් පිහි තිබෙනවා
Clown loaches මත්ස්යින්ගේ ඇසට යටින් තියුණු පිහි ඒවා විදීමේ හැකියාවක්ද තිබේ.
10 - මේ පණුවා තම මවගේ සම ආහාරයට ගනී
"caecilians" යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පණුවන්ගේ මව ගණකම් සමකින් යුක්තවන අතර පණු පැටවුන් එය ආහරයට ගෙන වර්ධනය වේ.
11 - මේ මුවාට බලු දත් තියෙනවා
Tufted මුවන්ට ඇති මෙම දත් මඟින් සහකාරියක් වෙනුවෙන් හෝ භූමිය අත්කරගැනීමට අනෙක් මුවන් සමඟ සටන් වදී.
12 - මේ සැලමැන්දරයා ශ්වසන්ය කරන්නෙ තම සමෙන්
ET සැලමැන්දරයා යනුවෙන් හඳුන්වන මේ පුංචි හාදයා එයාගෙ කැත නිසාම ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්.
13 - මේ වෘකයට දිගු පාද තිබෙනවා
විද්යාත්මීන්ගේ මතය නම්, තණ පදුරු තුල සැඟව සිටින ගොදුරු සොයාගැනීමට පහසු වන ලෙස මේවා සෑදී ඇති බවයි.
14 - මේ කටුස්සා තම ඇස් වලින් රුධිරය පිට කරනවා
උතුරු ඇමෙරිකාවේ සිටින අං කොට කටුස්සා තමයි මෙහෙම කරන්නෙ.
15 - මේ Okapiට තමන්ගෙ ඇස් ලෙවකන්නත් පුලුවන්.
දිවේ දිග දැක්කම කියන්න පුලුවන්නෙ.
16 - මෙම සාරංග මුව විශේශය සෘතුවට අනුව වර්ණය වෙනස් කරගන්නවා
ග්‍රීශ්ම කාලයේදී සුදු පැහැති වන මොවුන් හිරු රශ්මිය පරාවර්තනය කරන අතර සීත සමයේ මොවුන් දුඹුරු පැහැයට හැරී හිරු එලිය උරාගනී.
17 - මේ පණුවා තම ආහාර උරාගන්න තම සමෙන්
Osadex නම් මෙම පණු වර්ගය තම ගොදුර මතට ඇසිඩ් ද්‍රාවණයක් දමා එය දිය වන විට තම සමෙන් එය උරාගනී.
සත්ව ලෝකයේ විස්මිත රහස් තවත් මෙතනින් http://sadeepa01.blogspot.com/2014/12/blog-post_16.html

9:58 PM by Unknown · 0
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.