මොකක්ද මේ Facebook Hacking කියන්නේ..
Do you like this story?
2004 - 02 - 04
උපත
ලද
මෙම
Facebook සමාජ ජාල වෙබ්
අඩවියේ
නිර්මාතෲ වනුයේ
මාක්
ශුකබර්ග් ය.හාවර්ඩ්
විශ්වවිද්‍යාලයේ තම මිතුරන්
සමඟ
විනෝද
වීමට
මොහු
විසින්
මුලින්ම මෙය
තනා
ඇති
අතර,පසුව
එම
විශ්වවිද්‍යාලයේ අති විශාල සිසුන්
ප්‍රමාණයක් අතර
මෙය
කෙටි
කලක්
තුළම
ජනප්‍රිය විය.ඒ
සමඟම
පිටත
ලෝකයට
විවෘත වූ ෆේස්බුක් සමාජ ජාලය,අපගේ මව්බිම වන ශ්‍රී ලංකාවටද ලැබුනේ එය අන්තර්ජාල පහසුකම ඇති ඕනෑම කෙනෙකුට
පිවිසිය හැකි වූ වෙබ් අඩවියක් නිසාවෙන්ය.නමුත් මෙයද හොඳට මෙන්ම
නරකටද පාවිච්ච් කරන උදවියකගෙ වැඩක් තිබේ.සරලවම කියනවනම් මෙම
සමාජ ජාල වෙබ් අඩවියේ සිටින සාමාජිකයන්ගේ ගිණුම් හැක් කිරීම නොහොත් අනවසරයෙන් අනුන්ගේ
ගිනුම් වලට පිවිසීමයි.
ඉතින් මේ හැක් කරනව කියලා වෙන කෙනෙකුගේ ගිණුමක මුරපදය(Password)
එක උස්සලා නොයෙක් වාසි ගන්න අය අපේ රටෙත් නැතුවා නොවේ,මොහොතක් හිතන්න ඔබගේ ෆේස්බුක් ගිණුමත් කිසිවෙකු හෝ හැක් කර එහි ඔබේ නමින්
වැරදි යමක් දැමුවහොත් එයින් ඔබ කෙතරම් අපහසුතාවයට පත් වේද කියා.ඒ නිසා එවැනි දෙයක් තමන්ට නොවෙන්න වගබලාගැනීමට නම්,මේ හැකර්ස්ලාගෙ උපක්‍රම දැනගත යුතුයි.ෆේස්බුක්
ගිණුමක් හැක් කරන්න බොහෝ විට භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත පරිදිය.
Ø Keylogging
Ø Phishing
Ø Realtime hacking
ඒ
ක්‍රම වලින් එයලා හැක් කරන්නේ මෙහෙමයි..
Keylogging
මේක බොහෝ රහසිගතව පාස්වර්ඩ් පමණක් නොවේ ටයිප් කරන සෑම දෙයක්ම පාසා සොරකම් කරන ක්‍රමයක්.මෙහිදී වනුයේ හැකර් හැක් කරන්න බලාපොරොත්තුවන කෙනා ෆේස්බුක් ලොග් වන පරිගණකයේ
“Keylogger” නම් ටූල් එකක් install කිරීමෙන්ය.මෙය ඔහුට කෙලින්ම කිරීමට නොහැකිනම් ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාගෙ
පරිගණකයට මේ Keylogger රහසිගතව යවනු ඇත.උදාහරණයක් ලෙස,ඔහු මෙය සොෆ්ට්වෙයා එකක් ලෙස හෝ වෙනත් ෆයිල් එකක වේශයෙන්
අවශ්‍ය කෙනාට E-mail හෝ වෙනත් අයුරකින් ලබා දෙයි.පසුව එම හැකර් මොහුව රවටා මෙම ටූල් එක, මොහු නොදෙනුවත්වම
install කරගනී.මෙම Keylogger එක තිබෙන පරිගණකයේ එය තිබෙන බවක් නොපෙන්වා ඒ පරිගණකයේ කරන කියන සියලුම වැඩ
හැකර්ගෙ අතට යවනවා…එලෙසින් ඔය අතරතුර මොහුගේ
Facebook Password එකද නොදැනුවත්වම හැකර්ගෙ අතට ගොස් මොහුගේ ගිණුම හැක් වෙනවා.Internet café තුළ ඇති පරිගණක වලද මෙම Keyloggers තිබිය හැක.
Phishing
මෙය Fishing වැනි වැඩකි,මන්ද හැකර් මෙහිදී කරනුයේ අවශ්‍ය කෙනාට ඇමක් දී එම Facebook Account එක හැකර් විසින් බිලී බා ගැනීමකි.හැකර් කරනුයේ ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන
කෙනාව
රවටා ගැනීමයි.ඔහු ලින්ක් එකක් එවා හැක් කරන්න අවශ්‍ය කෙනා බලන්න කැමති ලෙසට.උදාහරණයක් ලෙස ඔහුට ලොකු මුදලක් එම ලින්ක් එකට ගියහොත් හිමි වන බව පැවසීමක් වැනි මුලාකිරීමක් ගත හැක.ඒ අයුරින් එම ලින්ක් එකට ගිය විට Facebook එකෙන් ඔහුට ලොග් වීමට පවසනවා එම ලින්ක් එකට යෑමට නම්.නමුත් එහි Facebook login page එක වගේ පෙන්වන්නේ හැකර් හදපු බොරු සයිට් එකය.ඉතීන් අපේ යාලුවෝ ඔවුන්ගෙ පාස්වර්ඩ් එක හැකර් ට දෙනවා නොදැනුවත්වම.
Realtime
hacking
මෙය ඇත්තෙන්ම අඟේ ඉදන් කන කනවා වගේ වැඩක් ය. මන්ද,මෙහිදිත් කරනුයේ ලොකු රැවටීමකි.හැකර් කරනුයේ ෆේස්බුක්හී Fake (හොර) account එකක් සදාගෙන හැක් කරන්න අවශ්‍ය කෙනාට ලොකු මුලාකිරීමක් (බයිට් එකක්) කරනවා.සමහරවිට හැකර් ගැහැනු නමකින් පැමින, හැක් කරන කෙනා සමඟ හොදින් මිතුරු වී,සමහර විට පෙම්වතියක් ලෙසින් හෝ විශ්වාසය දිනාගත හැකි කුමන ක්‍රමයකින් හෝ මිතුරු වී හැක් කරන්න අවශ්‍ය කෙනාගෙන්ම Password එක ඉල්ල ගන්නවා.
ඉතින් ඔය විවිධ ක්‍රම මඟින් හැක් කරන අයගෙන් ප්‍රවේසම් වීමටනම් අපම මදක්
වැඩිදුර සැලකිල්ලකින් යුතුව මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කළ යුතුයි.කවුරුන් දුන්නද, ලින්ක් එක විශ්වාස නැත්නම් නොයා සිටීම ආරක්ශා සහිතය.අන්තර්ජාලයෙන් භාගත කරන සැම දෙයක්ම open කරන්න
පෙර සැලකිලිමත් වන්න.තවද අවම වශයෙන් මසකට දෙවතාවක්වත් ඔබේ
මුරපදය (password) එක වෙනස් කරන්න.වෙනත් පරිගණක මඟින් Facebook ගිණුමට
log වුවහොත් මතක ඇතුව log out වන්න.යාලුවන්වත් හැකර්ලගේ අතට අසු නොවෙන්න මේ ගැන ඔවුනටත් කියා දෙන්න.
Sadeepa Ravishan
This post was written by: Sadeepa Ravishan
Sadeepa Ravishan is a Student. Interested in Blogger, Programming (Arduino, C#, Python), Electronics and DIY Hacking. Follow me on Facebook
Subscribe to:
Post Comments (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.
4 Responses to “මොකක්ද මේ Facebook Hacking කියන්නේ..”
September 1, 2014 at 7:58 AM
Post Ekanam Niyami Bro.FB Eccount Ekak Hack karana hatith post ekak danna
September 4, 2014 at 4:05 AM
thanks, internet eke wistara tienawa oya krama gana hoyala balanna
July 19, 2015 at 10:27 PM
dennada all accoun hack soft ekek intenet cafe ekakata maru...
July 26, 2015 at 7:26 AM
මටනම් cafe නැහැ සහෝ
Post a Comment