ලොව ප්‍රථම Hybrid ගුවන් යානය කේම්බ්‍රිජ් සරසවියෙන්
Hybrid Car ගැනනම් මටත් වඩා දන්න යාලුවො ඇති, ඒත් Hybrid Plane එකක් ගැන අහන පලවෙනි වතාව වෙන්න ඇති මේක. ඉතින් කේම්බ්‍රිජ් සරසවිය ලෝකෙ පලවෙනි දෙමුහුන් ගුවන් යානය හැදුවා. Boeing සමාගම සමඟ එක් වී තැනූ මෙම ගුවන් යානය ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන ඒවාට වඩා 30%ක් අඩුවෙන් ඉන්ධන භාවිතා කොට ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ නායකත්වය දැරූ Dr. Paul Robertson මහතා ප්‍රකාශ කර සිටියේ වසර ගනනාවකට පෙර සිටම Hybrid Car භාවිතය තිබුනද මෙම ගුවන් යානය පසුපස තිබෙන්නෙ Hybrid හෝ විදුලියෙන් බලගැන්වුනු තාක්ශනයක් බවයි. මෑතක් වන තුරුම ගැටලුවක් වූයේ වැඩි ශක්ති ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට තිබූ බාදාවයි. කෙසේවෙතත් කාර්යක්ශමතාව වැඩි Lithium-Polymer බැටරි යොදාගනිමින් මෙම ගැටලුවට පිළියමක් සොයාගැනීමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. මෙවැනි බැටරි ලැප්ටොප් පරිගණක වල මෙන්ම දැන් පටන් ගුවන් යානා වලද භාවිතා වේ.වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර සිටියේ දැනට කුඩා පරිමනයෙන් වුවත් අනාගත්යේ එය බහුල වන බවයි.
Honda 4 Stroke එන්ජිමක් සහිත මෙම ගුවන් යානය විදුලි මෝටරක් හා විදුලි ජනකයක් (Generator) සමඟ බැටරියට සම්බන්ද වී Hybrid තාක්ශණය සියතට ගනී. මේවා යුගලක් ලෙස එක් වී Propeller එක කරකවයි. ගුවන්ගත කිරීමේදි වැඩි බලයක් අවශ්‍ය වන බැවින් මෙම ක්‍රම ඉතා වාසිසහගත වේ.
තනි ආසනයක් පමණක් ඇති ගුවන් යානයේ එන්ජිමෙන් ලැබෙන අතිරික්ත බලය බැටරිය ආරෝපනය කර අවශ්‍ය වේලාවට බැටරියේ බලයෙන් විදුලි මෝටරය ක්‍රියා කරවයි. කේම්බ්‍රිජ් සරසවිය මෙහි පළමු ධාවනය සාර්ථකව ඉටු කළහ.

5:59 AM by Unknown · 0
Drones මඟින් තැපැල් කටයුතු කිරීම ප්‍රංශයෙන් ඇරඹේ
අපි නම් දන්නෙ ගෙදර එන ලියුම එන්නෙ පියුම් මාමගෙ අතේ කියලා, ඒත් මේ වැඩෙන් වෙන්නෙ එන ලියුම හෝ පාර්සලය ඩ්‍රෝන තාක්ශණයෙන් ගුවනේ සිට අදාල නිවස වෙත ගෙන ඒමයි. මේ වැඩේට මිලින්ම අතගැහුවෙ Amazon සමාගම වුවත් ප්‍රංශයේ La Poste නම් වේගවත් තැපැල් සේවාවක් විසින් මෙම GeoPost සේවාව ආරම්භ කර ඇත.
ඒ වන විටත් ඔවුන් විසින් භාවිතා කරන ලද Atechsys නම් GeoDrone ව්‍යාපෘතියක් සමඟ මෙය දියුණු වී තිබේ. ඉතින් ඒ නිසා අඟල් 16 x 12 x 8 ප්‍රමාණයක පාර්සලයක් වුවත් රැගන් යා හැකි ඉලෙක්ට්‍රොණික ඩ්‍රෝනයක් තැනීමට මුලපුරා ඇත. එමෙන්ම මෙයට 4 kg බරක් වුවත් රැගෙන 20km පමණ පරාසයක ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක විය හැක. ඉතින් මෙහි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුව කඳු සහිත ප්රදදේශ, දූපත්, හුදෙකලා වූ ගම්මාන ලඟා වී තම සේවය ඉටු කිරීමට හැකි වන ලෙස මෙය දියුණු කිරීමටයි. එමෙන්ම යම් හදිසි අවස්ථාවක් උදා වුවහොත් එයටද සරිලන පරිදි තම තැපැල් සේවය ඉක්මන් කිරීමට පිටුවහලක් ව්අන බවත් ඔවුන් සදහන් කර සිටියහ.
මෙය සැබෑ ලෝකයේදි භාවිතා විය යුතු ආකාරෙයෙන්ම අත්හදාබලා ඇති අතර ස්ව්යංක්රීයම ගුවන්ගත වීම හා භූමිය වෙත් නැවත පැමිණීමත් සාර්ථකව සිදු කර තිබෙනවා. එමෙන්ම දකුණු ප්‍රංශයේ CEEMA නම් ප්‍රදේශයක් වෙත 2kg පාර්සලයක් 1.2km තරම් වන දුරකට යැවීමටද ඔවුන් සමත් විය. ලංකාවටත් මේ වැඩේ ආවම වෙන්නෙ පියුම් මාමට ගෙදර යන්නද? සමහරවිට එයාට මේවා පාලනය ගැන කටයුතු කරනන් ලැබෙයි, ඒත් ඉතින් මෙය ස්වයංක්‍රීය එකක් නිසා වෙන වැඩක් බාර දෙන්න වෙයි එයාට.
5:35 AM by Unknown · 3
ලොව ආරක්ශිතම ටැක්සි එක රුසියාවෙන්
ලංකාවෙ බහුලවම දකින්න ලැබෙන්නෙ 3-Wheel ටැක්සි වුනත් මෙහෙම එකක්නම් තාම දැකලා නැතුව ඇති කවුරුවත්. බයවෙන්න එපා යුද්ධ ටැංකියක්මත් නෙවෙයි මේක, ඒත්...
St. Petersburg ප්‍රදේශයේ සැරිසරන අයට වාසනාව ලැබිලා තියෙනවා ලොව ආරක්ශිතම ටැක්සියෙ හයර් එකක් යන්න.ඔයාලා ඒ පැත්තට ගිය වෙලාවක මේ වාහනේ තමන් ලඟට ආවොත් එහෙම බයවෙන්න එපා හොඳේ, BRDM-2 නමින් හඳුන්වන මෙම යුධ ප්‍රහාරක කුලී රථයට ගොඩ වෙලාම බලන්න. එවලෙම ටැක්සියෙ රියදුරු මහත්තයා අහයි කොහාටද මල්ලි යන්නෙ කියලා.මොකද ඉතින් මේකත් ඉතින් ටැක්සියක්නෙ.

මේ වාහනේ ප්‍රථමයෙන් ලෝකයට එන්නෙ සෝවියට් රුසියාවෙ යුධ කටයුතු වෙනුවෙන් තැනූවක් ලෙසයි. කෙසේහෝ එය දැන් නම් මගී ප්‍රවාහන ටැක්සියක් විදියට තමයි භාවිතා වෙන්නෙ. ඉතින් මේ වාහනේ යුධමය මතුපිට මෙන්ම turret අවියත් දැකගන්න පුළුවන්.
1963 - 1989 දක්වා වන කාල වකවානුවේදී නිපදවූ මෙහි විශේශ්ත්වය වන්නේ ඕනෑම භූමි මට්ටමකට ඔරොත්තු දෙමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.මෙය 14.5mm Vladimirov Heavy machinegun එකකින් හා a 7.62mm Kalashnikov’s tank machinegun එකකින් සමන්විත වේ. කොහොම කොහොමහරි ඉතින් මේක පාරට දාන්නත් අයිතිකාර මහත්මයාට බලදාරින්ගෙන් අවසර ගන්න එකත් බර වැඩක් වෙලා තියෙනවා. වාසනවට ඔහුට එම අවසරය ලැබී තිබෙනවා. නමුත්, මෙහි වේශාංතරණ පෙනුම වෙනස් කොට කුඩා පාරවල් වල ගමන් නොකර භාවිතා කිරීමට සිදු වී තිබෙනවා.
යුධ ටැකියක් ටැක්සියක් විදියට ගන්න ?
ඔව් හැබැයි දැනට තිබෙන ටැක්සි වලට වඩා වාසිසහගත දේවල් රැසක්ද සමඟින් තමයි එන්නෙ.St. Petersburg හී ‘white nights’ පවතවන අවස්ථාවලදී නෙවා ගඟ තරණය කොට තම රාජකාරිය කිරීමට මෙහි රියදුරු මහතා වගබලාගෙන ඇත.
පිටින් පෙනුම වෙනස් කරත් ඇතුල නම් තිබ්බා වගේම තියෙනවා. මේකෙ රවුමක් යන්න නම් 100$ පමණ ගෙවන්න වෙනවා. ගාන කීය වුනත් මේ වැඩේ නැගලම යනවා සංචාරකයින් හා විවාහ යුවල් වෙනුවෙන් ලබාදෙන හයර් වෙනුවෙන්. බලන්නකො Video එක මෙතනින්.
4:33 AM by Unknown · 1
වීනස් ග්‍රහලොව වෙත නාසා එකෙන් යවන HAVOC අහස් යානාව
යාලුවො දැනටත් දන්න දෙයක්නෙ අඟහරු වලටත් මිනිස් බැල්ම යොමු වෙලා තිබෙන බව.ඉතින් අඟහරුට CURIOSITY රෝවර් එකක් යැව්වා වගේම අපි වාසය කරන පෘථිවියෙ අසල්වාසියා වන වීනස් වලටත් භාන්ඩයක් යවන්නයි යන්නෙ, වෙන මොකක්වත් නෙවේ HAVOC කියන අහස් නැව. ඉතින් මේ සැලසුම වෙනුවෙන් නාසා ආයතනය කැපවෙලා තිබෙන බවයි වාර්ථා වෙන්නෙ.
නාසා හී Langley facility පර්යේශක කණ්ඩායම විසින් වීනස් ග්‍රහයා පිළිබධ පර්යේශණ කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇති එක් ආකාරයක් ලෙස High Altitude Venus Operational Concept (HAVOC) සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ යානාව තනියම නම් නෙවේ යන්නෙ, මාසයක් වැනි කාලයක් පුරාවට අභ්‍යවකාශගාමින් දෙදෙනෙකු විසින් වීනස් ග්‍රහයා වටා බ්‍රමණය වෙමින් විශාල මෙහෙයුමකටයි යන්නෙ. කෙසේ වෙතත් මෙම ග්‍රහයා වටා ඇති උණුසුම් මතුපිටෙහි තිබෙන ඊයම් පවා දියකරවන වායුගෝලයේ තිබෙන සල්පර් අම්ලය නිසා මෙයට බාදා පැමිණියහැකි බව වාර්තා වේ. තවද මෙහි භූමියේ තිබෙන වායු පීඩනයත් දරාගත නොහැකි තරම් ය.
ඉතින් මේ HAVOC අහස් යානාව කොහොමද ඔය අභියෝගයට මුහුණ දෙන්නෙ?
වායුවෙන් පිරවූ මෙම වාහනය ඒ සියල්ලටම පිළිතුරු සපයයි. මන්ද යත් එය ගොඩබෑමට හා නැවතත් රැගෙන ඒමට යන වියදම හා තාක්ශණික ගැටලු නැති වීමයි. HAVOC සිද්ධාන්තයට පණ පොවන අභ්‍යවකාශගාමින් හට වායු පිරවූ පාවෙන අහස් යානාව තුළ ජීවය පවත්වාගත හැකි බවත් ඒ සමඟ පර්යේශණ කටයුතුද කළ හැකි බව වාර්තා වේ. එමෙන්ම මෙය හීලියම් වායුව පිරවූ දැවැන්ත බැලුමකි. ඉන්ජිනේරුවන් බලාපොරොත්තු වන ආකාරයට මෙය වීනස් වායුගෝලයේ 50km මතුපිටක පවත්වාගැනීමට හැකි වේ.
ඉතින් මේ වැඩේට එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අභිමතාර්ථය වෙන්නෙ වීනස් ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට පෙර එය සුදුදු ස්ථානයක්දැයි පරීක්ශා කිරීමයි.
ඉතින් යාලුවනේ ඉන්න තැන ඇරුණම තවත් ස්ථාන වෙනුවෙන් ඇස යොමු කරන නාසා ආයතන ගැන හිතන්නෙ මොනවද?
4:08 AM by Unknown · 0
ලොව විශාලතම Truck එක - හයර් එකකට ටොන් 450ක්ම අදිනවා
ඉතින් යාලුවනේ ඔයාලා දැනට දැකපු ලොකුම Truck එක මොකක්ද? මොකක්වුනත් කමක් නෑ, මේ කියන්නෙ ඉතින් ටොන් 450ක්, එහෙමත් නැත්නම් කිලෝ 450,000ක්ම එකවර අදින්න පුලුවන් Truck එකක් ගැන. පුදුමත් හිතෙනවා නේ?
අපිට මේ වාහනේ හම්බෙන්නෙ රුසියාවේ Kuzbaas වලින්. එම ප්‍රදේශයේ භූගත කැනීම් කටයුතු වලට සහය වෙන්න ඉන්න දැවැන්තයෙක් තමයි ඉතින් මේ. BelAZ 75710 යන නමින් හඳුන්වන මේ Truck එක මීටර් 20ක දිගින් හා මීටර් 10ක පලලින් යුක්ත වෙනවා, මෙහි හිස් බර පමණක් ටොන් 360ක් වෙනවා.ඒ වගේම පැයට කි.මී. 64ක වේගයක් හා මීටර් 20ක හැරවුමක්ද ලබාගන්න පුලුවන්.

එමෙන්ම මෙහි මීටර් 2ක උසක් ඇති ටයර් 8ක් තියෙනවා, අඩුමගානෙ ඔයාවත් ඒ ටයර් එකක් තරම් උසද?
ටොන් 450ක බරක් (Full load කරපු A380 Air bus එකක් තරම්) රැගෙන යාමේ බලයක් සහිත මෙහි 1700kW බලයක් නිකුත් කරන Sports 2 වර්ගයේ සිලින්ඩර 16ක ඩීසල් එන්ජිමක්ද තියෙනවා.තවද 1200kW වන විදුලි මෝටර් හතරක්ද මෙහි අන්තර්ගතකොට ඇත. ගෙදර වතුර මෝටරය තරම් කී ගුණයක් බලවත්ද මේක?
වාහනේ ගොඩක් උසයි ,බරයි එත් ලංකාවෙ පාරවල්වලට නම් දාන්න බැරිවෙයි ඉතින්.
මේ මැමත් රථයෙ රියදුරු අසුනට හිමිකම් කියන්න ලැබිලා තියෙන්නෙත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි,ඔවුන්ගෙන් Andrej Vashkevich නම් පරීක්ශක රියදුරු මහතා පවසන්නේ මෙය පැදවීමට ලැබීම ආඩම්බරයට කරුණක් වන බවත් මෙය ධාවනය පහසු වූ බවත් එයට අනුගතවීමට සුළු කාලයක් ගත වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ කැණීම් කටයුතු සිදු කරන රළු/ලිස්සනසුළු පාරවල් සහිත බිමක වුවත් පහසුවෙන් මෙය ගෙන යාමට හැකිවීම භාග්‍යක් බවයි.
තවත් මෙවැනි ට්‍රක් රථ දෙකක් නිර්මාණය කරමින් පවතින අතර එකක මිළ සඳහන් වී තිබෙන්නේ ඩොලර් මිලියන 6ටත් වැඩි ලෙසයි.
අන්තර්ජාලය ඇසුරින් සොයාගත් තොරතුරු ඇසුරිණි. සිංහල බ්ලොග් එකක් කරා වුනත් සොයාගන්නා තතුවලට අදාල සමහර සිංහල වචන නොදන්නා නිසා ලිපි වල ගැටලු තිබිය හැක, එවන් යමක් වෙතොත් දැනුම් දෙන්න.ලියන්න නම් බොහෝ දේ ඇත හැකි අයුරින් එය ලියමි.
6:39 AM by Unknown · 1
ලොව වැඩිම කාලයක් දල්වා තැබූ බල්බය - නොකඩවා වසර 113ක්
යාලුවනේ ඔයාලා Light එකක් දැම්මොත් කොච්චර වෙලාවක් දල්වලා තියනවඩෙහ ඒක? දවසක්? සති කිහිපයක්? මාස කිහිපයක්? වසරක්? හැබැයි ඉතින් එහෙම කරන්නත් ඒක පිලිස්සෙන්නෙ නැතුව තියෙන්න ඕනනෙ. ඒත් කැලිෆෝනියාවෙ Livermore වල ගිනි නිවන මධ්‍යස්ථානයක තියෙන මේ බල්බය 1901 සිට ශතවර්ශයකටත් වඩා නොකඩවා දල්වලා තියෙනවා.
මෙය දැල්වූ දිනය ගැන නිවරදිව වාර්තා වෙලා නැතත්, මෙහි උපන්දිනය නම් සැමරෙන්නෙ ජුනි මස 18වෙනිදට. ඒ දවස තමයි ඉතින් මේක නොකඩවා දල්වන එකක් බවට සැක කරන්නෙ. ගෙවුනු වසර 113දී මෙම බල්බයට දෙපාරක්ම අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා විදුලි ඇණහිටීම් හේතුවෙන්. වරක් එය වෙනත් ගිනි නිවන මධ්‍යස්ථානයකට රැගනයන්න සිද්ධවෙලා තියෙනවා 1976දී හා 2013දී. වසර 38කට ඉහතදී කරපු මේ හුමාරුවත් ඉතා සූක්ශම විදියට කරලා තියෙන්නෙ, අඩුමගානෙ බල්බ් එක ගලවන්නෙවත් නැතුව, ඒක අමුණපු වයර් ටිකත් එක්කම ගිනි නිවන රථයකින් තමා ගෙනිහින් තියෙන්නෙ. වැඩේට ගිහින් තියෙන්නෙත් මිනිත්තු 22ක් පමණ කාලයක්.
මෙම තාපදීප්ත බල්බය හදලා තියෙන්නෙත් අතින්මයි, ඒ වගේම මේකෙ ෆිලමන්ට් (සූත්‍රිකාව)එකත් හදලා තියෙන්නෙ කාබන් වලින්.සාමාන්‍ය බල්බයක තිබෙන ෆිලමන්ටනෙකට වඩා අට ගුණයක් පමණ විශාල එකක් තිබීමත් විශේශතවයක්.මේක අර්ධ සන්නායකයක් නිසා තාපය වැඩිවෙද්දි සන්නයනය කරන විදුලියත් වැඩි වෙනවා, ඉතින් ඔය වගේ කතන්දර ටිකක් මේ සූත්‍රිකාව පිටිපස්සෙ හැංගිලා තියෙනවා.
කොහොම කොහොමහරි ඉතින් මේ වැඩේ නිසා ශතකයක් පුරාවට විද්යාත්මීන්ටවත් හිතාගන්න බැරිවෙන විදියෙ වැඩක් කරන්න මේ බල්බය සමත් වෙලා තියෙනවා.ඒ විතරක්ද ජීනියස් ලෝක වාර්තාවක් තියන්නත් මේකට හැකිවෙලා තියෙනවා.එමෙන්ම මෙය තිබෙන ස්ථානයේ බල්බයේ ආරක්ශාවට ඒ වෙතටම නාහිගතකරපු (Focus) කැමාරවක්ද සවි කරලා තියෙනවා.තවත් කියනවානම් මේකටම කියලා UPS එකකුත් තියෙනවා.

ෆිලමට් ආපු කාලෙන් පස්සෙ දැන් LED යුගයකට ඇවිල්ලා තියෙනවා, පහල තියෙන්නෙ මං LED එක්ක දාපු සෙල්ලම් දෙකක්, තව තියෙනවා මගෙ Channel එකේ.
1:42 AM by Unknown · 1
සිලිකා ජෙල් වලින් ලබාගත හැකි ඔබ නොදත් ප්‍රයෝජන තොගයක්
ජම්බො පීනට් එහෙම කාපු අය දැකලා ඇති ඒවා ඇතුලෙ තියෙන සිලිකා ජෙල් පැකට් එක. ඔව් අන්න ඒවා ගැන තමයි මේ කියන්නෙ.ඒත් ඉතින් ගටත්ත එක කනවා මිසක් ඔය පුංචි පැකට් එකෙන් වැඩක් ගන්නෙ නැහැනෙ යාලුවො. හැබැයි මේ ළිපිය කියෙවෙව්වට පස්සෙ නම් ඒ වැඩේ ආයෙ කරන්නෙ නැහැ ඔයාලා.
සිලිකා ජෙල් පැකට් එක මේවත් එක්ක තියන්න එතකොට බලාගන්න පුළුවන් වැඩේ වෙන ලස්සන.හැබැයි මෙව්ව එක්ක සිලික ජෙල් කලවම් කරගන්න එපා, එව්වා තියෙන පැකට් එකේම තියෙද්දි පහත දේවල් ගබඩාකරන පෙට්ටියට හෝ බෑගයට සිලික ජෙල් පැකට්ටුව දමන්න.
බීජ වර්ග තෙතමනයෙන් ආරක්ශා කිරීම
ලෝහ උපකරණ ඔක්සයිඩ බැඳිමෙන් වළකාගැනීමට
පරණ දුර්ගන්ධය හමන පොත් ව්අලට සුවඳක් ලබාදීමට
නත්තල් සැරසිලි නැවුම් ලෙස තබාගැනීමට
ඉක්මනින් මල් වේලාගැනීමට
ලිනන් රෙදි හා සපත්තු තෙතමනයෙන් රැකගැනීමට
ආහාර, ආහාර රසගන්වන දෑ,සත්ව ආහාර ආදිය වියලිව තබාගැනීම
ජිම් එකට ගෙනියන බෑග් එකටත් සිලිකා ජෙල් පැකට් ටිකක් දාන්න,තෙතමනයෙන් ඇතිවන බැක්ටීරියා වලින් ආරක්ශාවෙන්න පුළුවන්.
පින්තූර ආරක්ශාකරගැනීමට
කැමරා උපකරණ වියලිව තබාගැනීමට
Makeup ටික පරස්සම් කරගන්න
පෝන් එක වේලගන්න
වාහනේ වීදුරුවල තෙතමනය ඉවත් කරන්න
රේසර් එක මලකඩ කවාගන්නෙ නැතුව තියාගන්න
5:23 AM by Unknown · 4
සංගීතයට අනුව රටා මවන LED Spectrum එකක් හදමු
යාලුවනේ මේකත් කලින් ළිපියෙ තිබ්බ LED Matrix එකෙන් හදන්න පුළුවන් එකක්.පින්තූරෙ වගේ LED Spectrum එකක් හදාගන්න පුළුවන් මේ වැඩෙන්.
මුලින් මේ LED Spectrum එක හදාගන්න. http://arduinotutes.blogspot.com/2015/01/arduino-led-matrix_12.html
දැන් මේ Code එකයි Libraries ටිකයි දාන්න.
http://www.instructables.com/id/Arduino-LED-Music-Spectrum/

5:51 AM by Unknown · 0
BMW i8 මෝටර් රථය මෙන්න
BMW Concept Vision Efficient Dynamics ලෙසින් ප්රථමයේදී හඳුන්වාදුන් BMW i8 මෝටර් රථය Hybrid තාක්ශණයෙන් බලගැන්වෙන Sports Car එකකි. මෙහි නිශ්පාදිත වර්ශය වන්නේ 2015 ය. කිලෝවොට් 7.1ක Lithiom Ion බැටරියක් තිබෙන මෙහි සැතපුම් 15 - 23ක ගමනක් යාමට අවශ්‍ය බලය සපයා දේ. තත්පට 4.4කදී පැයට කි.මී.100 ක වේගයක් ලබාගැනීමට හැකි මෙහි උපරිම වේගය පැයට කි.මී. 250කි. 2.1 L/100 km ඉන්ධන දහනයක්ද ඇති අතර තවත් විස්තර පහත පරිදිය.
එන්ජිම :- 1.5L turbocharged Inline-3gasoline
විදුලි මෝටරය :- 98 kW (131 hp)
8:35 AM by Unknown · 2
Lamborghini විසින් තැනූ 6000$ Smart Phone එක මෙන්න
Tauri Lamborghini සමාගම ගැන යාලුවො දන්නවත් ඇති. Ferrucio Lamborghiniගේ පුතනුවන් විසින් ආරම්භ කරන ලද මෙම සමාගම විසින් 6000$ වටිනාකමකින් යුත් Lamborghini 88 Tauri phone එක පසුගිය දිනක එලිදක්වා ඇත. මෙම සමාගමේ නිර්මාතෲ 1947දී උපන් අතර මෙම ජංගම දුරකථනද 1947ක් පමණක් නිපදවා තිබේ.
අනෙකුත් ජංගම දුරකථන හා සසඳා බලන විට මෙහි කැපී පෙනන ලක්ශණයක් වන්නෙ Leather වලින් තැනූ ආවරණය මෙන්ම එහි පෙනුමයි. මෙය කළු , රතු , තැඹිලි , නිල් හා දුඹුරු වර්ණයෙන් තිබෙන අතර උසස් තත්වයේ වානේ භාවිතා කර තනා ඇත. (රත්රන් , කලු වැනි වර්ණ)
Quad-core Qualcomm 801 processor එකකින් බලගැන්වෙන මෙහි අඟල් 5ක තිරයක් තිබෙන මෙහි 1080p Resolution එකක් ඇත. 20 MP කැමරාවක්, 3,400mAh බැටරියක් හා 64GB අභ්‍යන්තර ධාරිතාව + 3GM RAM එකක් අන්තර්ගතකොට තිබේ. මෙහි බැටරිය 3G භාවිතා කරමින් පැය 35ක කතා කාලයක් පවත්වාගැනීමට සෑහේ.
අනෙක් Phone එක්ක බලද්දි ගානට සරිලන්න දෙයක් Lamborghini සමාගමෙන් කරලා තිබෙනවාද කියලා ඔබම තීරණය කරන්න.
8:06 AM by Unknown · 1
VB වලින් C# වලටත් C# වලින් VB වලටත් පෙරලන්න මෙන්න භාන්ඩේ
ගොඩක් යාලුවො කියන කතාවක් තමයි මම VB කරලා තියෙන්නෙ බං ඒත් C# නම් දන්නෙ නෑ වැඩේ අමාරුවෙයිද කියන එක. දැන් ඉතින් පොඩක්වත් බයවෙන්න දෙයක් නෑ මේ Code Converter එකත් එක්ක. http://www.developerfusion.com/tools/convert/vb-to-csharp/
3:19 AM by Unknown · 2
Subscribe to:
Posts (Atom)
Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.
මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.
මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.