පෙන් එකට පාස්වර්ඩ් එකක් දාමුද?..(වීඩියෝවත් සමග)


 
 කොහොමද යාලුවනේ මං සදීප අදත් මං ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෙනාව ඒ කවුරු ගාවත් තියෙන පෙන් ඩ්‍රයිව් එකට පාස්වර්ඩ් එකක් දාල ඒකට ආරක්ශාවක් දෙන්නෙ කොහොමද කියලා.
මුලින්ම ඔයාල පෙන් එකක් ගන්න ඕනි.
ඔයා පෙන් එකෙන් ගෙනියන්නෙ හුගක් වටින දේවල් වෙන්න පුලුවන්..ඉතිං ඒකෙ ආරක්ශාවත් වැදගත් නේද..මොකා?? ඔයාල ඒක ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ.. :O..

විකාර කිව්ව ඇති මේක වොන්ඩෝව්ස් විස්ටා හා 7 සමග එක වාසිදායක ටූල් එකක්.. ඒ තමා "BitLocker" Drive Encryption වෙනුවෙන්ම ආපු එකක්..
බලන්න ඔයාල පෙන් එකට ආරක්ශාවක් දාල තියෙනකොට ඒක වෙන කෙනෙක්ගෙ අතට ගියොත් නැත්නම් නැති උනොත් ඒකෙ තියෙන දේවල් ගැන බයවෙන්න දෙයක් නෑ..

එහෙනම් වැඩේට බහිමු..
#මුලින්ම පෙන් එක කම්පියුටර් එකට ගහන්න..
ඒලගට Start -> Control Pane ->  Security -> BitLocker Drive Encryption
නැත්නම් කෙලින්ම search කරල යන්න..
 
 
 දැන් මෙතනින් ඔයාලගෙ පෙන් එක තෝරල දෙන්න..
එතනින් Turn on Bitlocker දෙන්න..(ටිකක් ඉවසන් ඉන්න..)
දැන් පහල වගේ වින්ඩෝ එකක් ඇවිල්ල පෙන් එකට දාන්න පාස්වර්ඩ් එකක් අහයි..පාස්වර්ඩ් එකක් දීල Next යන්න....
Recovery key එක කැමති තැනකට සේව් කරගන්න.. (මෙය පාස්වර්ඩ් අමතක වුවහොත් ප්‍රයෝජනවත් වේ...)
දන් පෙන් එක Encryption කරන්න පටන් ගන්න අහයි..
 
Start Encrypting දුන්නාම ටික වෙලාවකින් වැඩේ ඉවර කරයි..
 
වැඩේ ඉවරනම් මෙහෙම එයි..
 
 
හ්ම් දැ පෙන් එක ගලවල ගහන්න බලන්න.. වැඩේ හරිනම් පෙන් එක Open කරන්න පාස්වර්ඩ් එක ඉල්ලයි...
මෙන්න වීඩියෝ එක..


ඉතින් "BitLocker Drive encryption" එකට පිංසිද්ද වෙන්න ඔයාලගෙ පෙන් පරිස්සම් කරගන්න...
වැඩේ කියල දුන්නෙ http://www.itechmag.com . එහෙනම් comment එකකුත් දාලම යන්න...

1 Responses to “පෙන් එකට පාස්වර්ඩ් එකක් දාමුද?..(වීඩියෝවත් සමග)”

sanathperera said...
February 8, 2016 at 10:11 AM

supiri wadak ban


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.