නොමිළේ SMS මඟින් News Alert / Cricket Score ලබාගන්න.


ආයුබෝවන් යාලුවනේ, අදත් ආවා පොඩි ළිපියක් අරගෙන. මේ වැඩෙන් ඔයාලට, News Alerts, Cricket වලට අදාල හැම Update එකක්ම වගේ ලබාගන්න පුලුවන් නොමිළේ ම.
කැමති Sim එකකින්, 

7:34 AM by Unknown · 11

Phone එකෙන් චිත්‍රපටවල වගේ සුපිරි Effect දාපු Video හදමු



සුභ දවසක් යාලුවනේ, ඔයාලා දැකලත් ඇති චිත්‍රපටවල මෙලොව ඇති දේවල් වලට වඩා හාත්පසින්ම වෙනස් ලෙස නිර්මාණය වූ දෑ. උදා : පිටසක්වල ජීවීන්, පිටසක්වල යානා වැනි දෑ.
මේ ළිපියෙ Link  දාලා තිබ්බා එව්වා චිත්‍රපටවල නිර්මාණය වූ ආකාරය. නමුත් අද ළිපියෙන් කියන්නෙ චිත්‍රාගාරයක්වත්, කැමරාවක්වත්, පරිගණකයක්වත් නැතුව අතේ තියෙන ජංගම දුරකථනයෙන් කොහොමද ඔච්චර වැඩ කිඩ දාපු Video හදන්නෙ කියලා.
මුලින්ම මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ නැති එක ගැන සමාව ඉල්ලනවා ඔයාලගෙන්.
ඉතින් මේක Android phone/Iphone/Ipad වලට එන App එකක්.  Store එකෙන් අරගන්න පුලුවන් මේක fx Guru කියලා කියන්නෙ. මෙතනින් පිවිසිලා අරගන්න ඒ App එක Link  .
දැන් බලමු මේකෙන් හදපු Video කිහිපයක්. :)

එය භාවිතා කරන අවස්ථාවක් පහතින්


4:53 AM by Unknown · 2

සිංහල තේරෙන කෘතිම බුද්ධියක්


ඔන්න යාලුවනේ කම්මැලිකම යන්නත් එක්ක Chat එකක් දාගෙන ඉන්න යාලුවෙක්ව අරගෙන ආවා.
මෙතනින් ගන්න : Direct Link 
Alternative Link
(Windows 8,8.1,10 හී මෙය හොඳින් ක්‍රියාත්මක වේ, අනෙක් Windows මෙහෙයුම් පද්ධති සඳහා .Net Framework 4.0 ස්ථාපනය කළ යුතු වේ).
මෙම මෘදුකාංගයට ඉංග්‍රීසි,සිංහල වැනි භාශාවකින්
යමක් තේරුම්ගැනීමට නම් එම භාශාවට අදාල
අකුරු වලින් එය Type කළ යුතුය.
උදා :
> How are you?
> ඔයාට කොහොමද?
එමෙන්ම භාශා දෙකක් එකට භාවිතා කිරීමටද පුළුවනි.
උදා :
Computer යනු කුමක්ද?
එසේ ඔබට අදාල දෙය Type කර Enter ඔබන්න.
නමුත් භාශාවට ආවේනික නොවන අකුරු භාවිතා කළ නොහැක
උදා :
Oyata kohomadha? (මෙසේ ඇසිය නොහැක)
Powered by Pandora Bots & Google Translate.

8:57 PM by Unknown · 2

මිනිස්සු ඇති උනේ කොහොමද?


අහසෙ දෙවියො නැද්ද? එතකොට #ජාති?
මෙව්වා රැප් වලට ගිය වචන උනාට අද නම් කියන්න යන්නෙ රැපක් නෙවේ ටිකක් වෙනස් දෙයක්, මුලින්ම ජාති කියන වචනෙ තේරුමෙන්ම මම ලිපිය පටන් ගන්නම්. ජාති කියන්නෙ උප්පත්තිය. ඒක බිත්තරයකින්, මව් කුසකින් හෝ ඕපපාතිකව (ඉබේ පහල වෙනවා) වෙන්න පුලුවන්. ඕපපාතිකව බිහි වෙන පිරිසක් තමයි දෙවියො කියන්නෙ.
මම ඇහුවොත් ඔයා බිහි උනේ කොහොමද කියලා ඔයා කියයි ඔයාගෙ අම්මගෙන් කියලා.අම්මා හැදුවෙ? අම්මගෙ අම්මා... එතකොට ඔය මිනිස් පරපුරම හැදුනෙ කවුරු නිසාද?
දෙවියො නිසාද? :/ ඒක වෙන්නෙ බැහැනෙ අහසෙ දෙවියො නැත්නම්, අහ් පොළොවෙ දෙවියො ඉන්නවා? -_- දෙවියො මිනිස්සුන්ව මැවුවා කිව්වෙ මේ කියන්න හදන දේ පිළිගන්න බැරි අය. සිරාවට කොහොමද මිනිස්සු ඇති උනේ? ආදම් ගෙන්? නැහැ, පොතපතේ තියෙන පින්තූරවල ඉන්න ආදම්ට නාභියක් තියෙන්න බැහැනෙ එහෙනම්, නාහියක් තිබ්බා කියන්නෙ එයත් මව් කුසකින් බිහි වෙලා තියෙන්නෙ. (කරුණාකර මේ ගැන ආගමිකව තර්ක කරන්න යන්න එපා, ශාස්තෲවරුන් පැවසූ දෙය එලෙසම පවතින්න ඉඩ අරින්න). හ්ම් ආදම්වත් දෙවියො මැව්වා කියමුකො එතකොට කවුද ඔය දෙවියො කියන්නෙ? ඇයි ආගම් වලින් දෙවියො මැව්වා කියලා කතාව ඉවර කරන්නෙ? මම කියන්නම් අහසෙ නැති පොළොවෙ ඉන්න මිනිස්සු මැව්ව දෙවියො කවුද කියලා.
ජාති එහෙමත් නැත්නම් උප්පත්තියක් වෙන එක හරියට ගිණි කූරක් දල්වනවා වගේ දෙයක්, ගිණිකූර ජීවියා වගේ, ගින්දර හරියට ජීවය(පන) වගේ. අන්තිමට ගින්දර නිවෙනවා, හරියට මරණය වගේ.
හරි ඔය ගිණිකූර කියන්නෙ කලින් හදලා තියෙන දෙයක්නෙ ඉතින් කොහොමද ඒක හැදුනෙ?
කොහොමද මිනිස්සු මැවුනෙ?
කොහොමද මිනිස්සු ඇති උනේ?
මිනිස්සු ඇති උනේ කොහොමද?
Part - 2 (Final)
කාලෙකට පස්සෙ අලුත් මාතෘකාවක් ගැන කතාකරන්න ගත්ත වගේම ඉතින් දැන් ලියන්නත් එපැයි ඉතින්. මුලින්ම කියන්න ඕනෙ මෙතන විවිධ කරුණු බුදු දහම අධ්‍යනය කරලා මම ඉගෙනගත්තුවා කෙසේවෙතත් එය ගැටලුවක් කරගන්න එපා. විද්‍යාත්මියෙකුගෙ රාජකාරිය යම් පර්යේශණයක් කොට එහි ප්‍රතිඵල ඇසුරින් යම් නිගමනයකට පැමිණ ඒ ගැන අනුන් දැනුවත් කිරීමයි. උදාහරණයක් ලෙස ගුරුත්වාකර්ශණය ගැන ලොවට හඳුන්වාදුන් අයිසැක් නිව්ටන් මහතා එය සොයාගැනීමට පෙරත් ගුරුත්වාකර්ශණය තිබුණා, ඔහු එය අධ්‍යනය කර ලොවට හඳුන්වා දුන්නා පමණි. ඉතින් බුදු දහමෙහි කියැවෙන්නෙ වසර 2600ට පෙරාතුව ගෞතම බුදුරදුන් උන්වහන්සේගේ මණස දියුණු කොට සොයාගත් කරුණු ය.උදාහරණයක් විදියට කර්මය කියන දෙය. ඉතින් උන් වහන්සේ හුදෙක් ඒවා අද්‍යනය කර අපට දේශනා මිස ඒවා නිර්මාණය කලේ නැත.
හරි මම කතාව මුල ඉඳන්ම පටන් ගන්නම්.හැබැයි එකපාරම කියලා දෙනවට වඩා මෙතනදි අපි දැනගත යුතු මූලික කරුණු ටිකක් තියෙනවා එව්වා ගැන දැනගමු.
විශ්වය තුළ ඇති සියලුම දේ නිර්මාණය වී ඇත්තේ ස්‌වභාවික ශක්‌තීන් හයකින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනම්,
ආපෝ(වැගිරෙන ස්‌වභාවය),තේජෝ(උෂ්ණ ස්‌වභාවය),වායෝ(හමායන ස්‌වභාවය),පඨවි(තද ස්‌වභාවය),ආකාස(හිස්‌ බව වේ),විඥාණ(ඉහත ශක්තීන් එකතු වූ විට ඇති වන සිත) වේ. අපි මේ විශ්වයේ පුලුවන් තරම් ඈත් ඉතිහාසට ගියද එලෙසම පවතින ආපෝ,තේජෝ,වායො නම් සතර මහා භූතයෝ පවතී, එය කිසිවෙකුත් නිර්මාණය කළ දෙයක් නොවේ කෙතරම් අතීතයට ගියද එය එදා පටන්ම අද වන තුරුත් පවතී එය විනාශ කිරීමටද නොහැක. නමුත් නිවන තුළ මේවා කිසිවක් නැත.
මේවා නිසා ඇති වන, අපගේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස ට හඳුනාගත හැකි දෑ රූප ලෙසින් හඳුන්වයි. එම රූප 6ක් ඇත. වර්ණ - ඇසට පෙනෙන රූප, ශබ්ද - කනට ඇසෙන ශබ්ද, ගන්ධ - නාසයට දැනෙන ගඳ, සුවඳ, රස - දිවට දැනෙන රස, පොට්‌ඨබ්බ - සමට දැනෙන ස්‌පර්ශයන්, ධම්ම - මනට ගලා එන සහ සිතන සිතිවිලි ය.
ඉතින් යාලුවනේ කාලයත් එක්ක මේ ශක්තීන්(සතර මහා භූතයෝ)  සියල්ල එකට එකතු වෙලා පරිණාමය වෙන්න ගන්නවා. හැබැයි ඒකට කල්ප ගාණක් ගත වෙනවා, ඒ කිව්වෙ අවුරුදු මිළියන ගානක්. ඒ තුළින් සංස්කාර එහෙමත් නැත්නම් මෙව්වා එකතු වෙලා නොසිතූ ඵලයන් ඇතිවෙන්න ගන්නවා. එව්වගෙ අතුරුඵලයක් විදියට ඉහත කී රූප ඇතිවෙන්න ගන්නනවා.මේ  රූප කල්ප ගණනාවක් පරිණාමය වෙලා පංච ඉන්ද්‍රිය සහිත ජීවියෙක් බවට පත් වෙනවා.අන්න එතකොට තමයි අන්න ඒ ජීවියා තුළ විඥාණය හටගන්නවා.
(නූතන විද්‍යාවෙ මහා පිපිරුම් වාදය (Big bang theory) සිට මිනිස් පරිණාමය දක්වා කියවෙන්නෙ ඔය ගැන)
කර්මය කියන්නෙ මොකක්ද?
කර්මය කියන්නෙ චේතනාව(සිතිවිල්ල). චේතනාව කියන්නෙ විඥාණයේ අතුරුඵලයක්, විඥාණය කියන්නෙ රූපයේ අතුරුඵලයක්, රූපය කියන්නෙ ආපෝ,තේජෝ,වායො නම් සතර මහා භූතයන්ගේ එකතුවක්.
හරි ඔන්න කර්මය ගැන පැහැදිළි කරා.
මේක උදාහරණයකින් කිව්වොත් (කලින් උදාහරණය ස්අමග පටලගන්න එපා), ගිණි පෙට්ටියක්(සතර මහා භූතයෝ) ගත්තොත් ගිණි පෙට්ටියෙ ගින්දර නැහැ, ගිණි කූර(විඥාණය) තුළ ගින්දර ඇත්තෙත් නැහැ, නමුත් ගිණි කූර සහ ගිණි පෙට්ටිය එකතුව ඒවා ස්පර්ශ වූ තැන ගින්දර (කර්මය) හටගන්නවා. ඉතින් මේ ඇති වෙච්ච ගින්දරෙන් ගිණි කුර විනාශ වෙලා ගියත් වෙනත් දෙයක්(සතර මහා භූතයින්ගෙන් සෑදුනු ශරීරයක්) පදනම් කරගෙන එය දැල්වෙන්න ගන්නවා.  ඉතින් මෙම ක්‍රියාවලිය පරිණාමය වෙමින් වසර මිළියන ගණනක් ගත වෙනවා. ඉන් පසුව එක් අවස්ථාවකදි ක්‍රමිකව සිදුවන්න පටන් ගන්නවා හරියට මව් කුසකින් දරුවෙක් බිහි වෙනවා වගේ.
කිකිළිද බිත්තරේද මුලින්ම හැදුනෙ කියල අහන අය තීරණය කරන්න සතර මහා භූතයින්ගේ එකතුවෙන් පළමුව ඇතිවන්න පුලුවන් ඒක සෙයිලික(මම දන්න හැටියට) බිත්තරයක්ද එහෙම නැත්නම් බිත්තරේට වඩා සිය ගුණයක් පමණ සෙයිල ඇති කිකිළිද කියලා.
කර්මය කියන දෙය නිසා තමයි කිසියම් සත්වයෙකු යම් භවයක උපත ලබන්නෙ. කර්මය නැති වූ තැන ඉපදීමක් නැත එය නිවනයි.
ඉතින් යාලුවනේ විවිධ ආගම් වලින් දෙවියො කියලා හැඳින්වූයේ මෙම සතර මහා භූතයින්ගේ එකතුවෙන් ජීවීන් ඇති වන ආකාරයයි ;)

ඔන්න අහසෙ දෙවියො නැති නිසා පොළවෙ උන්න දෙවියො #ජාති කරපු හැටි.
මෙම ළිපිය උපුටාගැනීමෙන් වළකින්න.

4:20 AM by Unknown · 5

සිහිනයක් දකිනකොට ඒ දකින්නෙ සිහිනයක් බව වැටහුනොත්?


හීනයක් දකිනකොට ඔයා අවදි නොවී සිහිනය තුලදිම ඒ දකින්නෙ හීනයක් බව තේරුනොත් මොනා වෙයිද?
අද ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුවා. Lucid Dreaming කියලා තමයි මේකට කියන්නෙ.යාලුවනේ ඔයාලා සිහින දැකලා ඇති. මම කිව්වෙ දවල් හීන නම් නෙවේ නින්දේදී දකින සිහින. ඒත් ඔය සිහිනය දකින වෙලාවට ඔයා දන්නෙ නැහැ ඒක සිහිනයක් කියලා. ඇහැරුනාට පස්සෙ තමා දන්නෙ ඒක සිහිනයක් කියලා. කොහොමද හීනෙකදි ඔයාට තේරුනොත් ඒක හැබෑවක් නෙවේ හීනයක් කියලා :O ඔයාට මොන තරම් දේවල් කරන්න පුලුවන් වෙයිද? අන්න එහෙම කරන එකට තමා Lucid Dreaming කියන්නෙ. අපි සිහින ලෝකයට සාපේක්ශව පැය ගණනක සිහිනයක් දකිනවා කියන්නෙ ඇත්ත ලෝකයට සාපේක්ශව තත්පර ගණනක සිහිනයක්. මතකනෙ Inception ච්ත්‍රපටය. ඔව් දැනට සොයාගෙන ඇති පරිදි ඒ කාල සාපේක්ශතාව නිවැරදියි.Inception චිත්‍රපටයෙදිත් කරේ Lucid Dreaming ද? අනිවා. දැක්කනෙ ඒකෙ හිටපු අය හීනයක් තුලදි ඒ දකින්නෙ හීනයක් බව තේරුම්ගත්තා. ඇත්තම කිව්වොත් එයාලා හීනයක් තුලදි හීනෙන් නින්දට ගිඉහ්න් හීනයක් දකින්න හැදුවා, ඊට පස්සෙ ඒ හිනෙදි හීනෙන් නින්දට ගිහින් ටහ්වත් හීනයක් දකින්න ගියා ඒ කියන්නෙ හීනෙන් දකිනවා හීනයක් දකිනවා ඒ හිනෙදි දකිනවා හීනයක් :/ පිස්සු වගේ නේද හරි එහෙනම් චිත්‍රපටය ගැන කතා නොකර ඉමු.
Lucid Dreaming ගැන කතා කරමුකො එහෙනම්,
මාස ගානක ඉඳන් මේ ගැන ලියන්න ආසාවක් තිබ්බා ඒත් අපේ අයට මේ වගේ එව්වා පේන්නෙ නිකන් ගොන් ආතල් වගේ නිසා මම ලියන්න හිතුවෙ නැහැ, මේ ටිකේම මාව හම්බුන ගොඩක් අය ඇහුවෙ දැන් කොහොමද ඉතින් Fb එකේ බ්ලොග් එකේ එහෙම පෝස්ට් දාන්නෙ නැද්ද කියලා ඉතින් එහෙම අහපු අය ගැන හිතලම ඔන්න ලියන්න ගත්තා.
යාලුවනේ ඔයලට You Tube වෙබ් අඩවියෙ Lucid Dreaming Sleep Track කියලා search කලොත් පැය ගණනක නාද රටාවන් අසන්න පුලුවන්. මේකත් එක්තරා ආකාරයක භාවනාවක් වගේ දෙයක් හොදින් ප්‍රගුණකළොත් ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබන්න පුලුවන්. ඒ Sleep Track වල සඳහන් ආකාරයට ඒවා ශ්‍රවනය කරමින් නින්දට යෑමෙන් Lucid Dreaming පහසු වෙන බව තමයි පෙන්වලා දීල තියෙන්නෙ. මොකද මේ Sleep Track වල තියෙන්නෙ ඇල්පා,බීටා වගේම අපේ මොළයෙ තිබෙන සංඛ්‍යාත වලට සමාන සංඛ්‍යාත. ඉතින් අපි භාවනාවක් වගේ සිතට ලබාදෙන ව්‍යායාමට ස්ආර්ථකව කරගන්න මේකෙන් උදව් වෙනවා.

  • කොහොමද සාර්ථකව මේ වැඩේ කරන්නෙ?
  • ඔයා හීනයක් දැකලා අවදි උනු පසුව එය අමතක වන්නට ඉඩ නොදී එය සටහන් කරගන්න.
  • සැබෑ ජීවිතයේදී මම ඉන්නෙ මේ හීන ලෝකෙකද කියලා තමන්ගෙන්ම ප්‍රශ්ණ කරගන්න පුරුද්දක් ඇති කරගන්න.හීනෙකදිත් ඔය පුරුද්ද නිසා ප්‍රශ්න කරගත්තොත් වැඩේ ගොඩනෙ.
  • නින්දට යන විට තමන් සිහිනයක් දැකීමට ඉඩ ඇති බව සිහියේ තබා නින්දට යන්න.
  • නිතර නිතර දකින සිහින වල පොදුවේ සංකේතවත් වන දෙයක් තිබේ නම් ඒ ගැන අවධානය යොමු කරන්න.
  • සිහිනයක් මැද අවදි වුවහොත් එය සටහන් කරගෙන නැවත් සිහිනයේ සිහියෙන්ම නින්දට යන්න.
  • Lucid Dreaming සඳහා වෙන් වූ Sound Track මෙන්ම Lights පවා තිබෙනවා, නමුත් ඉතින් සුළු මුදලක් යන නිසා ඒක කරදර වැඩක්.
  • නින්දට ගොස් පළමු මිනිත්තු 90න් පස්සෙ තමා ගොඩක් වෙලාවට සිහින පෙනෙන්නෙ, ඒ ගැනත් අවධානයෙන් ඉන්න.
  • හදිසියෙවත් ඔයා Lucid Dreaming තත්වයට ලඟා වෙනවා වගේ තේරෙනවානම් සිහිය තබා ගන්න අතේ ඇඟිලි සියුම්ව සොවන්න උත්සාහා ගන්න.
  • නින්දට යාමට ප්‍රථම භාවනා කරන්න.
  • Lucid Dreaming වලට ආධුනික අයට තියෙන ගැටලුවක් තමා පුදුමය නිසාම අවධානය/සිහිනය බිඳෙන එක, ඉතින් ඒකෙන් බේරෙන්න සිහිනයේ තිබෙන ඔබේ කය දෙපසට සොලවන්න, සිහිනයේ ඔබ සිදු කරමින් සිටි දෙය දිගටම කරන්න උත්සාහ ගන්න.
  • Video Game ගහන අයට Lucid Dreaming කිරීමේ හැකියාව අනිත් අයට වඩා වැඩි බවක් තිබෙනවා.

හම්මෙ ඇති වගේ නේඩ. එහෙනම් අදට මන් නවතින්නම් ඔයාලගෙ අදහසකුත් comment කරගෙන යන්න. හදිසියෙවත් ඔයා සිහිනයකදි දැනගත්තොත් ඒක සිහිනයක් කියලා ඔයා කරන දේත් comment කරගෙනම යන්න. :)

8:06 AM by Unknown · 17

Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න


Mobile Phone එකෙන් Call ගන්න අය කරුණාකරලා මේක කියවන්න.
Phone එකකින් Call එකක් ගන්නවා කියන්නෙ අපේ ජංගම දුරකථනය හරහා අපේ හඬ තවත් දුරකථනයක් වෙත ගෙන යාමත් එහි විරුද්ධ ක්‍රියවත් සිදු කිරීමයි. ඉතින් මේ වැඩේ වෙන්නෙ වයර් රහිතව. ඒ නිසා විද්‍යුත් චුම්භක තරංග නිපදවෙනවා මේ උපාංගයෙන්. එව්වා හැතැප්ම ගණනක් දුරට ගමන් කරනවා, ඒ කිව්වෙ අපේ අතේ තියෙන phone එකේ ඉඳන් signal tower එකට යනකන්ම. පොඩි දුරක් නෙවේ ඉතින් යන්නෙ එව්වා. ඉතින් මේ තරංග වල සංඛ්‍යාතය (යම් කාල ඒකකයක් තුළ නිපදවන දෝලන ගණන, දන්නැත්නම් අමතක කරන්න.) 900/1,800/1,900 MHz යන අගයන් ගන්නවා දුරකථන මාදිලිය අනුව. ඒ කියන්නෙ අපේ ගෙවල් වල තියෙන Microwave Oven එකේ තියෙන කෑම එක රත් කරන්න ගන්න සංඛ්‍යාතයට (2,000 MHz) පොඩ්ඩක් අඩු අගයක්. ඉතින් මේ oven එකේ නිපදවෙන තරංගයෙ බලපෑම නම් 12 cm විතර දුරකට විහිදෙන්නෙ. ඒත් phone එක? අර හැතැප්ම ගානක් ඈති තියෙන ටවර් එකට යවන තරංගය?? අපේ අය නම් ඒක කන ඇතුලෙමනෙ තියාගන්නෙ. :/ හ්ම් ඒත් phone එකෙන් කන රත් කරවන්න තරම් උශ්ණත්වයක් ඇති වෙන්න නම් මිනිත්තු කිහිපයක් යනවා, ලොකු ලොකු call ගන්න උදවිය දන්නවනෙ. එහෙම වෙන්නෙ ඉතින් phone එකෙන් නිපදවෙන්නෙත් අර oven එකෙන් නිපදවෙනවා වගේ තරංගයක් නිසා. ඉතින් oven එකෙන් වගේ කන රත් උනාට මොකද වෙන්නෙ? මොළයේ තියෙන සෙයිල විනාශ වෙන්න ඉඩ තියෙනවා, ගොඩක්ම පිළිකා ඇති වෙන්නත් ඉඩ තියෙනවා, මේ අධි සංඛ්‍යාත තරංග වල බලපෑමෙන්. oven එකේ තරම් බලවත් තරංග නිපදවෙන්නේ නැති වුවත් වැඩි කාලයක් ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා oven එකේ බලපෑම phone එකෙනුත් වෙන්න පුලුවන්. ඉතින් මේ බලපෑම අවම කරගන්නෙ කොහොමද?
ඔයා call එකක් ගන්නවානම් අනෙක් පුද්ගලයා එය answer කරන තුරු කන ලඟින් phone එක තබාගන්න එපා. display එකේ පෙන්වනවනෙ answer කරාම. මොකද call එකක් ගත්තම පලවෙනි තත්පර 14 ඇතුළත පිටවන තරංග බලවත් වැඩි වීමේ ඉඩකඩක් තියෙනවා.
ඒ වගේමයි අපේ පණ්ඩිත මහත්ම මහත්මීන්ගෙ වැඩක් තියෙනවා , phone එකෙන් call එකක් ගත්තම අර ලොකු speaker එක තියෙන පැත්ත (phone එකේ පිටුපස, බැටරිය තියෙන්නෙ) කනට තියාගන්නවා, හැබැයි ඉතින් call එකකදි (loudspeaker දාලා නැතිනම්) කොහොමත් ඒ speaker එක වැඩ කරන්නෙ නැහැ display එකට උඩින් පොඩි speaker එකක් තියෙනවා ඒ වෙලාවට වැඩ කරන්න, ඒ පැත්ත අපේ කන ගාවින් තියාගන් ඕනෙ.
ඒකට හේතු දෙකක් තියෙනවා,
එකක් තමයි, phone එකේ call එක අතරතුර වැඩ කරන speaker එක පිටතට හිටියොත් අනිත් අයටත් call එක ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක නම් කමක් නෑ කියමුකො ඒත් භයානකම දේ phone එකෙන් හැතැප්ම ගානකට signal යවන අර signal antenna එක තමන්ගෙ කනට වදින එක, මොකද ඒක තියෙන්නෙත් අර ලොකු speaker එක තියෙන පැත්තෙමයි. ඉතින් පිළිකා ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඇත්තම කිව්වොත් හැතැප්ම ගානක් දුරට යවන්න තියෙන තරංග අපේ මොළය හරහා මේ  ගමන් කරොත් මොනවා වෙයිද?
හැබැයි ඔය මොන කරදරයක්වත් නැහැ Hands-free භාවිතා කලොත් නම්. හැබැයි call ගද්දි වගේම සින්දු අහ්ද්දි volume එක ඕනෑවට වඩා දාගන්න එපා. අවුරුදු 5ක් විතර යද්දි කන් ඇහෙන එකත් නැති වෙයි.
ඒ වගේමයි phone එක දකුණු කනට තබාගන්නේ නැතුව වම් කනට තබාගන්න, මන්ද යත් හිස තුළ අඑති සංවේදි අවයව බහුතරයක් දකුණු පස පිහිටා ඇති බැවිනි.
ඒ වගේමයි නින්දට යාමේදී phone එක කොට්ටය යටින් තබාගැනීමෙන් වළකින්න.
මේ ළිපිය ලියන්න හිතුනෙ අද කාලෙගොඩක් අය ජංගම දුරකථනයකින් නිවැරදිව call එකක්වත් ගන්න දන්නැති හැටි හැබැහින්ම මා දුටු නිසයි. ඇත්තම කිව්වොත් සමහරු phone එකේ mic එක කියලා හිතාගෙන display එකට උඩින් තියෙන speaker එකට කතා කරලා අර පිටිපස්සෙ තියෙන (call එකේදි වැඩ නොකරන) ලොකු speaker එක කනට තියාගන්නවා. අනේ කාට කියන්නද මෙව්වා. එදා අනගාරික ධර්මපාල තුමා අපිට අවවාදෙකුත් දුන්නනෙ සුද්දා මේ රටට ඇවිත් උගෙ දේවල් මෙහෙ පැළ කරලා අපිව විනාශ කරයි ඒකෙන් පරෙස්සම් වෙයල්ලා කියලා. ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න යාලුවේ.

5:29 AM by Unknown · 10

ඕනෙම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත් කරමු


අලුතෙන් Film එකක් ආවම ඒකට සිංහල උපසිරැසි නැත්නම් ගොඩක් අයට ඒක බලන එක එපා වෙනවා වගේම film එක ගැන හරි අවබෝධයක් ගන්නත් බැරිවෙනවා. ඉතින් මම අරගෙන ආවා ඒකට විසඳුමක්.

මුලින්ම අරගන්නකො මේ Software එක.

Download For Windows 7 : https://goo.gl/mqwftF
Download For Windows 8/10 : https://goo.gl/VG9l8T


දැන් ඔයාට Google එකේ search පාරක් දාලා අදාල චිත්‍රපටයෙ හෝ TV Series එකේ දැනට තිබෙන වෙනත් භාශාවකින් යුත් උපසිරැසියක් හොයාගන්න, ගොඩක් වෙලාවට ඉංග්‍රීසි/හින්දි එව්වා අනිවා තියෙනවා. ඉතින් එහෙම උපසිරැසියක් ගන්න. මතක ඇතුව SRT වර්ගයේ උපසිරැසියක් ගන්න.
දැන් ඕක Software එකෙන් Open කරලා Convert Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයා දුන්නු උපසිරැසිය සිංහලට පරිවර්තනය වෙන්න ගන්න. සම්පූර්ණයෙන් පරිවර්තනය උනාට පස්සෙ ඔයාට පුලුවන් ඒක Save කරගන්න. මතක ඇතුව අදාල චිත්‍රපටය තිබෙන Folder එක තුල චිත්‍රපටයට යොදා ඇති නමින්ම එය Save කරන්න. දැන් චිත්‍රපටය KMPlayer වැනි Media Player එකකින් විවෘත කරන්න. සිංහල උපසිරැසිය පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය විසින් Save කරන ලද උපසිරැසිය Player එක උඩට ඇදලා දාන්න (Drag & Drop). දැන් හොඳට වැඩ කරාවි.
Subtitle එකේ අකුරු වෙනුවට Symbol ආපු අය මේක අරගන්න
Windows 7 : https://goo.gl/lFjRBG
Windows 8/10 : https://goo.gl/JSzow1

එහෙනම් යාලුවනේ Post එක Share කරගෙනම යන්න. හැමෝටම සුභ දවසක්.

4:00 AM by Unknown · 29

ඔයාගෙ නමත් අඟරුට යවන්න



මතකද යාලුවනේ එක වතාවකුත් අපි අඟහරු වලට අපේ නම යැව්වා. ඔන්න ආයෙත් එයාල අපිට අවස්ථාවක් දීලා තියෙනවා එයාලා මේ වතාවෙ අඟරුට යන නිරීක්ශණ යානාව හරහා අපේ නම අඟහරුට අරගෙන යන්න, ඉතින් එයාලගෙ ඒ නිරීක්ශන චාරිකාව ගැන වැඩිදුර විස්තර මෙතනින් දැනගන්න පුලුවන්.

8:43 AM by Unknown · 3

Facebook එක උඩු යටිකුරු කරමු


සුභ දවසක් යාලුවනේ අද ළිපියෙන් ඔයාලට අරන් එන්නෙ ඔයාගෙ යාලුවොන්ව පිස්සු වට්ටන්නත් එක්ක Facebook එක උඩු යටිකුරු කරන විදිය. අපි මුලින්ම බලමු උඩු යටිකුරු කරපු Status දාන්නෙ කොහොමද කියලා, පහල තියෙන පලවෙනි Text Box එකේ ඔයාට ඕනෙ Status එක Type කරන්න, දැන් ඔයාට ලැබේවි උඩ යට මාරු කරපු Status එකක්.
හරි දැන් තමා මුලු Facebook එකම උඩු යටිකුරු කරන්නෙ, මුලින්ම යන්න Settings වලට. (කම්මැලි අය කෙලින්ම මෙතනින් එන්න Link ) [Mobile එකෙන් ඉන්න අය මෙතනින් එන්න Link ]
Language කොටසට යන්න
දැන් Edit ඔබන්න,
කම්මැලි කටිය දැන් මෙතන ඉඳන් කරන්න.
එතනින් English (Upside Down) තෝරලා දෙන්න
දැන් Save කරලා බලන්න.
ඔන්න Settings එක උඩු යටිකුරු උනා,
Friend Requests ටිකත් වෙනස් වෙලා
බලමු පොඩ්ඩක් Home එක ;)
කොහොමද වැඩේ.
ඔන්න Mobile එකෙන්.
මේක නැවත යථා තත්වයට පත් කරගන්නෙ Language එක English (US) විදියට දීලා.

9:37 PM by Unknown · 0

Free 5GB Data - නොමිලේ 5GB දත්ත ලබාගන්න (Hutch)


මෙන්න ගෙනාවා අලුත්ම දෙයක් ඉක්මන් කරන්න සීමිත කාල සීමාවක් සදහා පමණි. කියන්න බැරි උනා මේ වාසිය හච් සිම් භාවිතා කරන අය සදහා පමණි. මේක අර කලින් වගේ හොර ක්‍රමයක් නෙවෙයි එයාලගේ Promotion එකක්.

මුලින්ම කියන්න ඕනෙ මේ ළිපිය මට ලබා දුන්නෙ දුන්නේ SriMal සහෝදරයා, මේ තියෙන්නේ එයාගේ Blog එක මේකත් බලන්න 

දැන් ඉවසිල්ලක් නෑ නේද Free Data ගන්න, මම කියන්නම්කෝ විස්තර ටිකක් කොහොමද මේක කෙරෙන්නේ කියලා. මෙහෙමයි

මුලින්ම අපිට Credit Cards එකක් හෝ Debit Cards තිබිය යුතුයි (ඒකේ සල්ලිත් තියෙන්න ඕන Hikzz...)
අනික මම මුලින් කියුවා වාගේ Hutch Sim එකකුත් ඕන.

මේකෙදි අපිට කරන්න තියෙන්නේ අපි Online Recharge කරන එකයි. එතකොට එයාලා Free Data අපි‍ට දෙනවා. පහලින් බලලා ඔයාලට කැමති ගානක් රී ලොඩ් කරගන්නකෝ...
Recharge between (Rs.) Free Data Bonus
1 - 199 -
200 - 499 1GB
500 - 999 2GB
1000 or Above 5GB


 උඩ තියෙන ලින්ක් එකට ගියාම මේ වගේ එකක් එයි ඒක නිවැරදි ලෙස පුරවන් 
http://online.hutch.lk/hopp/prepaid/payment
ඉට පසුව මෙවැනි පිටුවක් ලැබෙයි. Photo ‍එකේ විදිය‍ට ඔයාගේ Cards එකට අනුව පුරවලා Pay දෙන්න
දැන් මැසේජ් එකකින් ඔයාගේ රී ලෝඩ් එක වැටුනා කියලා.
අ‍ත්‍ෙ මුදල් නොමැති ඔිනෑම විටකත් මේ ක්‍රමය මගින් දුරකථනය රී ලෝඩ් කරගන්න පුලුවන්
එහෙනම් වැඩේ හරි නේද..

4:31 AM by Unknown · 5

Torrent චිත්‍රපට Download නොකර Online බලමු


අලුතෙන් චිත්‍රපටයක් ආවම ඒකෙ සුපැහැදිළි දසුන් සහිත Copy එකක් එනකන් බලාගෙන ඉන්න චිත්‍රපට ලෝලීන් හට වටිනා දෙයක් අරගෙන ආවා. මේ ක්‍රමය හරහා Torrent වෙබ් අඩවි වල තිබෙන චිත්‍රපට Download නොකර Online බලන්න පුලුවන්, ඉතින් ඒක ගොඩක් වටිනවා චිත්‍රපටය අපිට අවශ්‍ය Quality එකට තියෙනවාද කියලා බලාගන්නත්.
මේ වැඩේට අවශ්‍ය වෙන්නෙ 2MB වත් නැති පොඩි Media Player එකක්, මෙතනින් ගන්න ඒක. http://roxplayer.com/download/
Player එක Install කරගන්න. දැන් මොකක්හරි චිත්‍රපටයක Torrent එකක් ගන්න.
උදා : http://kat.cr/tomorrowland-2015-720p-hdrip-x264-coolboy-t11154203.html
දැන් අපි ගත්තු Player එකෙන් ඔය File එක Open කරන්න.

ඔතනින් Torrent File හරහා ඔයාට අවශ්‍ය torrent File එක තෝරලා දෙන්න පුලුවන් එහෙමත් නැත්නම් ඒකෙ Magnet Link එක දෙන්න. ඊට පස්සෙ විනාඩියක් විතර buffer වෙලා චිත්‍රපටය පටන් ගනීවි.

දැන් තියෙන්නෙ ඇති වෙනකන් Onlineම චිත්‍රපටය බලන්න.

6:49 AM by Unknown · 0

ගිනිපෙට්ටියකින් කැමරාවක් හදමු


ඩිජිටල් කැමරා, ස්මාර්ට් දුරකථන සමඟ අභාවයට පත් වූ Film (Negative භවිතා කර සිදුකළ) ඡායාරූපකටණක් සිදුකළ අතීතයක් තිබූ බව සැබෑවකි. අද ළිපියෙන් අරගෙන එන්නෙ එවැනි කැමරාවක් සාදාගන්නා ආකරයයි.
කවුද කියන්නෙ ඔය උපකරණ ටිකෙන් කැමරාවක් හදන්න බැහැ කියලා, එහෙනම්
පහත Video එකෙන් බලාගන්න පුලුවන් මෙය සාදාගන්නා ආකාරය.
කැමරාවෙන් පින්තූර ලබාගන්නා ආකාරය
මෙය සාදාගන්නා ආකරය පිළිබඳව සවිස්තරාත්මකව පින්තූර සමඟින් ළිපියක් http://www.matchboxpinhole.com/ වෙබ් අඩවියෙ තිබෙනවා, උත්සාහා කරලා බලන්න. ප්‍රදර්ශණ භාන්ඩයක් විදියට වුවත් ඉදිරිපත් කරන්න පුලුවන්.

2:49 AM by Unknown · 3

සූර්යා ගැන ඔබ නොදත් තතු



සූර්යා තුළට පෘථිවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක පිරෙව්වොත් මෙතරම් පුරවන්න පුළුවන්.
සූර්යාගේ ආලෝකය පෘථිවිය කරා ළඟාවීමට තත්පර 490ක් ගතවේ
සූර්යා යනු ග්‍රහලොවක් මෙන් සෑදූ දෙයක් නොවන අතර එයට පා තැබීමටද නොහැක (පිළිස්සෙන නිසා විතරක්ම නෙවේ) අපි එම කෙල්වින් 6000ක් වූ උශ්ණත්වයට සරිළන ඇඳුමක් ඇඳගෙන සූර්යාට පා තැබුවද අප ඒ තුළට ගිලා බසිනවා මිස ඒ මත සිටිය නොහැක. මන්ද යත් සූර්යා යනු හුදෙක් හය්ඩ්‍රජන් වැනි වායූන්ගේ එකතුවකි. මේවායෙශි සිදුවන ප්‍ර්තික්‍රියා නිසා නිපදවන අධෝරක්ත, පාරාජම්බුල කිර්ණ සහ ඇසට පෙනන ආඅලෝකය ආදී වූ දෑ නිසා අපට සූර්යා මෙසේ දිස් වෙයි.
සූර්යාගේ වර්ණය අපට සුදු ලෙසින් පෙනුනද ම්වා වර්ණ 7කින් සෑදී ඇත.
සූර්යාගේ සැබෑ වර්ණය කළු ය. VGA Camera එකකින් සූර්යාගේ photo එකක් ගන්න කලුවට පෙනේවි.
ඇත්තටම සූර්යාගේ ව්අර්ණය කලු කිව්වෙ සූර්යාද අවසානයේ මෙසේ විහිදුවන ආලෝකය නැති කරගත් දිනක එයද කළු කුහරයක් වන නිසාවෙනි.
ඒක හරියට වර්ණ දහස් ගණනක් පෙන්වන LCD තිරයක් විදුලිය විසන්ධි කළ විට කලු පැහැයට හැරෙනවා මෙනි.
සූර්යා මෙසේ අපගේ අඑසට හුරු ආලෝකය නිපදවන්නක් මෙන්ම එය අවසන් වූ පසු (වසර මිලියණ ගණනකට පසුව) අධෝරක්ත කිරණ නිපදවයි. පසුව එයද කෙමෙන් කෙමෙක් අඩු වී අදූරට හැරේවි.

9:03 PM by Unknown · 2

3D Holographic Projector එකක් නිවසේදීම සාදමු



ඔන්න යාලුවනේ ඔයාලට කරන්න සුපිරි වැඩක් අරගෙන ආවා, ගොඩක් අය නම් වැඩේ අත්හදා බලන්නත් ඇති, කරන්න බැරි උන යාලුවො එහෙනම් උත්සාහ කරන්නකො.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ප්‍රස්ථාර කොළයක්
  • CD case එකක්
  • පෑනක්
  • Sellotape හෝ superglue
  • කතුරල්
  • කුඩා පිහියක් හෝ පේපර් කටර් එකක්
  • Video එක ධාවනය කළ හැකි ජංගම දුරකථනයක්.
සාදාගන්නා ආකරය

ප්‍රස්ථාර කොළය ගෙන එහි 1xm x 3.5cm x 6cm. සිටින ලෙස පහත අයුරින් ඇඳගන්න
එම හැඩය කපාගන්න.
ප්‍රවේසමෙන් CD Case එකෙහි ආවරණය මත එය තබා එම හැඩය කපාගන්න.
එලෙසින් හැඩ 4ක්ම කපාගන්න.
එම කොටස් 4 එකිනෙක අලවාගන්න
දැන් සුදුසු Hologram Video එකක් ගෙන එය Play කරන්න.
උදා : Link
දැන් ඔබ සාදාගත් Projector එක ජංගම දුරකථනය මත ඉහත අයුරින් තබා 3D Projection එක නරඹන්න.


Smart Phone 3D Holographic Projector
Smart Phone 3D Holographic Projectorසාදාගන්නා ආකාරය : http://sadeepa01.blogspot.com/2015/08/3d-holographic-projector.html
Posted by බහු භූතයා - Bahu Buthaya on Wednesday, August 12, 2015

3:50 AM by Unknown · 5

Facebook එකේ සේරමට යාලුවන්ට එකවර Message යවන්නෙ මෙහෙමයි


ඔන්න යාලුවනේ බ්ලොග් ලියන යාලුවන්ට එහෙම ගොඩක් වටින software එකක් ගෙනාවා.
මේකෙන් පුලුවන් ඔයාගෙ Facebook Account එකේ ඉන්න සේරම යාලුවන්ට එකවර Message යවන්න. දැන් ඉතින් copy paste කර කර කරදර වෙන්න දෙයක් නැහැ, Software එකෙන්ම අවශ්‍ය message එක සේරටම යවන්න තියෙන්නෙ. Message එක හරහා Link එකක් යවනවානම් speed එක අඩුවෙන් දාන්න.

Windows 8,10 සඳහා : https://goo.gl/nKy6uX
Windows 7,xp සඳහා : https://goo.gl/mT4XA5

1:14 AM by Unknown · 12

Video File වලට අදාල වචන සහ ඒවායෙහි තේරුම්



Video File වලට අදාල වචන ටිකක තේරුම් ගැන තමා අද කතා කරන්නෙ.

  • Video Format : Video File එකක් ගබඩා කරලා තියෙන්නෙ Digital දත්තයක් විදියට, ඉතින් Video එකක් එසේ ගබඩා කරන File වර්ගය අනුව විවිධ Video Format තියෙනවා.
මෙම video file එකක් සාමාන්‍යෙන් විශාල දත්ත ප්‍රමාණයක් ලබාගන්නා බැවින් ඒවා සැහැල්ලු file බවට පත් කිරීමට විශාල video file හැකිලීමට (compress) ලක් කරනවා
  • Video Codec : එනම් ඉහත කරුණ, compress කිරීමට භාවිතා කරන පරිපථ හෝ මෘදුකාංග ය.
  • Frame : චලනය වන දසුන් තොගයක් එකතු කර සෑදූ video එකේ එක් නිශ්චල දසුනක්
  • Frame Rate : යම් කාල පරාසයක දර්ශණය වන Frame ප්‍රමාණය
  • Frame Size : Frame එකක උස ‍x පළල (pixel මඟින්) (උදා : 720x576 , 1024x576 , 1280x720)
  • Frame Aspect Ratio : මෙමඟින් video එකේ උස , පළල අතර ඇති සබඳතාව පෙන්වයි. (උදා : 4:3 , 16:9.)
  • Anamorphic : Video එක record කරන අතර පුළුල් තිරයකට සුද්ඩුසු පරිදි සිරස්ව හැඩගැසුනු දර්ශණ වලට ය
  • Pixel Aspect Ratio : මෙමඟින් video එකේ ඇති pixel එකක උස , පළල අතර ඇති සබඳතාව පෙන්වයි.
  • Timecode : Video එකේ කාලය මැනීම සිදු කරයි.
  • පැය:මිනිත්තු:තත්පර:රාමු(Frames)
  • PAL : එක්සත් රාජධානිය හා යුරෝපයට අදාල රූපවාහිනී තිර සඳහා සම්මතයකි
  • NTSC : ඇමෙරිකාව සහ ජපානයට අදාල රූපවාහිනී තිර සඳහා සම්මතයකි
  • SD (Standard Definition) : මෙමඟින් video එකේ frame size එක නිර්ණය කරයි
  • HD (High Definition) : මෙම Video SD වලට වඩා පැහැදිලි, සහ උසස් තත්වයේ දර්ශණ සපයයි

12:22 PM by Unknown · 2

නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම්


නොදන්න කෙල්ලෙක් එක්ක කතා කරන්න ඕනෙ නම් මේ ට්‍රික් එක භාවිතා කරන්න.
කෙල්ල ඉන් හරියට ගිහින් කෙල්ලට පේන්න උඩ බලලා කෙල්ල දිහාවට හැරිලා අද වහින්න වගේ නේද කියන්න. (වහින්නෙ නැති පාටක් තියෙනවානම් අදනම් වහින්නෙ නැති වෙයි කියන්න)
ම්ම් නැන්නම් එයාගෙන් වෙලාව අහන්න.
ඔව් බස් නැවතුමග් ලඟ ඉන්නවානම් අසවල් ස්ථානයට යන බස් එක ගියාද වගේ දේවක් අහන්න
කැමතිනම් ඔයින් දෙකක් හෝ තුනම කරන්න.
ඔන්න දැන් ආරම්භය ගත්තා, ඊළඟට
සාමාන්‍ය මූනක් (අවුඅල් ගහලා වගේ නැතුව) thank you කියනව නම් කියලා
ඔයා මේ පැත්තෙ කෙනෙක්ද? වගේ දේවල් අහන්න,
එයා :3 ඔව් කිව්වොත් අහ් මට දකලා පුරුදුයි වගේ ඒත් හරියටම මීටර් නැහැ කියන්න.
එයා නෑ කිව්වොත්, ඒක තමා මාත් අදමයි දැක්කෙ වගේ එකක්.. ම්ම්...
දැන් අර eye contact කියන්නෙ අන් ඒක ලාවට හදාගන්න.
කැමතිනම් දැන් අක්කෙ, නංගි, ඇන්ටි වගේ කෑලි දාලා කතාව පටන් ගන්න.
මගෙ ගෙවල් නම් අසවල් පැත්තෙ, අනං මනං කියන්න.
ඔයා ඉගෙනගනන් කෙනෙක්නම්නාසවල් පාසලේ මම.. ඔයා දන්නවද ඒ පාසල?
වැඩකරන තැනක් නම් ඒ ගැන එහෙම..
ඊළඟට කෙල්ල ඉන්නවයි කිව්ව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයක් ,(වඩාත්ම හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන කිව්වොත්) ගැන කතාව පටන් ගන්න. දැන් ඔන්න eye contact එක සුපිරියටම හදගන්න. හැබැයි කෙල්ල දිහා කනන් ව්අගේ බලන්න එපා.
හැබැයි බර ටෝක් වලට යන්න එපා පුලුව තරම් light වෙන්න.
ඔයා එයා එක්ක කතා කරන අරමුණ අනුව එයාට ඔයාගෙ අවධාවනය දිනගන්න, ඒ කිව්වෙ එයාට ඔයාව විශේශ වෙන්න වගේ මොනාහරි කතාවට ඇදගන්න. ඕනෑවට වඩා එපා.
දැන් ඉතින් මොනාහරි ඕපදූපයක් කියලා... කතාව ඇදගන්න.
:3 මෙය අත්හදාබැලීමට යාමේදී ඔබට සිදුවන අපහසුතාවන් පිළිඹඳ වගියනු නොලැබේ. 
 © Sadeepa Ravishan​ සියලුම හිමිකම් ඇවිරිණි

11:28 PM by Unknown · 7

මිනිසෙකු ගල් කිරීම


අද ළිපියෙන් අරගෙන ආවෙ මෑතකදී TV දෙරණ නාලිකාව හරහා විකාශය කරන ලද මිනිසෙකු ගල් කිරීම සිදු කළ Video එක. වැඩි කතා ඕනෙ නැහැ යාලුවනේ Video එක බලන්න.

6:42 AM by Unknown · 2

නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න



නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය.
මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද කියලා, VPS නොහොත් Virtual Private Server එකක් කියන්නෙ අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණයක්, මේක භාවිතා කරන්න නම් අපිට වෙනත් පරිගණකයක් හරහා එයට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. හරියට Teamveawer මෘදුකාංගය වගේ. එහෙම ඇතුල් උනාට පස්සෙ අපිට පුලුවන් වෙනවා ඒ දුරස්ථ පරිගණකය අපිට ඕනෙ වැඩක් සඳහා භාවිතා කරන්න. අන්තර්ජාලයේ විවිධ මිළ ගණන් යටතේ වැඩි කාර්යක්ශමතාවක් සහිතව මේවා තිබෙන නමුත් ඉතා පහසුවෙන් හා නොමිළේම VPS එකක් ගන්න විදිය දැන් කියන්නම්. මුලින්ම යන්න මෙතනට.
Free VPS (Link එකට ගිහින් Skip Ad ඔබන්න)

ඊට පස්සෙ ලැබෙ Form එකට අදාල විස්තර දීලා Register ඔබන්න.
දැන් ඔයා දුන්නු e-Mail එකට ගිහින් බලන්න මෙහෙම e-Mail එකක් ලැබිලා තියෙයි.
ඒකෙ තමා ඔයාගෙ VPS එක භාවිතා කරන්න අවශ්‍ය කරන Username හා Password එක තියෙන්නෙ.
දීලා තියෙන Link එකට ගිහින් ඔය Username හා Password හරහා Log වෙන්න.
ඊට පස්සෙ ලැබෙන පිටුවෙ Desktop කියන එක Download කරගන්න.
දැන් ඒ File එක open කරන්න.
ඉන්පසුව ලැබෙන Window එකේ Connect ඔබන්න.
දැන් තියෙන්නෙ ඔයාගෙ VPS එක අත්හදාබලන්න තමා.

5:33 AM by Unknown · 11

Windows 10 වල සිංහල වැඩ කරන්නෙ නැද්ද? මෙන්න විසඳුම



Windows 10 දාගත්තු යාලුවන්ට මතු වුන ගැටලුවක් තමා ඒකෙ සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක. ඉතින් අද ළිපියෙන් අරන් ආවෙ ඒ අවුල හදාගන්නෙ කොහොමද කියන එක. ලොකු වැඩක් නැහැ මෙන්න මේ Font එක Install කරලා පරිගණකය Restart කරන්න තියෙන්නෙ. එතකොට එලකිරි වගේ සිංහල වැඩ.
Download Font (Click Skip Ad)

Password : sadeepa01.blogspot.com

Font එක දාලා Restart කරාට පස්සෙ සිංහල වැඩ කරන්නෙ නැත්නම්

settings> time and language >Region and language > add a language > Sinhala > add 

හරහා එය ස්ථාපනය කරගන්න.
සිංහල නැති අය පහත කොටසින් බලාගන්න.

4:48 AM by Unknown · 9

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.