Showing posts with label Totorials. Show all posts
Showing posts with label Totorials. Show all posts

නොමිළේ VPS පරිගණකයක් ලබාගන්න



නිකන් දෙනවානම් ඉතින් තව මොන කතාද, අද ළිපියෙන් ඔයාලට අරගෙන එන්නෙ VPS පරිගණකයක් නොමිළේ ලබාගන්න විදිය.
මුලින්ම බලමු VPS එකක් කියන්නෙ මොකක්ද කියලා, VPS නොහොත් Virtual Private Server එකක් කියන්නෙ අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණයක්, මේක භාවිතා කරන්න නම් අපිට වෙනත් පරිගණකයක් හරහා එයට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. හරියට Teamveawer මෘදුකාංගය වගේ. එහෙම ඇතුල් උනාට පස්සෙ අපිට පුලුවන් වෙනවා ඒ දුරස්ථ පරිගණකය අපිට ඕනෙ වැඩක් සඳහා භාවිතා කරන්න. අන්තර්ජාලයේ විවිධ මිළ ගණන් යටතේ වැඩි කාර්යක්ශමතාවක් සහිතව මේවා තිබෙන නමුත් ඉතා පහසුවෙන් හා නොමිළේම VPS එකක් ගන්න විදිය දැන් කියන්නම්. මුලින්ම යන්න මෙතනට.
Free VPS (Link එකට ගිහින් Skip Ad ඔබන්න)

ඊට පස්සෙ ලැබෙ Form එකට අදාල විස්තර දීලා Register ඔබන්න.
දැන් ඔයා දුන්නු e-Mail එකට ගිහින් බලන්න මෙහෙම e-Mail එකක් ලැබිලා තියෙයි.
ඒකෙ තමා ඔයාගෙ VPS එක භාවිතා කරන්න අවශ්‍ය කරන Username හා Password එක තියෙන්නෙ.
දීලා තියෙන Link එකට ගිහින් ඔය Username හා Password හරහා Log වෙන්න.
ඊට පස්සෙ ලැබෙන පිටුවෙ Desktop කියන එක Download කරගන්න.
දැන් ඒ File එක open කරන්න.
ඉන්පසුව ලැබෙන Window එකේ Connect ඔබන්න.
දැන් තියෙන්නෙ ඔයාගෙ VPS එක අත්හදාබලන්න තමා.

5:33 AM by Sadeepa Ravishan · 11

මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම



සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ අපේ පරිගණකයෙ තිබෙන දත්ත ගබඩාව නොහොත් Hard Disk Drive එකේ ගබඩා වෙලා තියෙන ගොණු පිළිවෙළකට අසුරන එක, එතකොට පරිගණකයට අවශ්‍ය ගොණු ඉතා පහසුවෙන් සොයාගෙන වේගෙන් වැඩ කරන්න පුලුවන්, හරියට අවුල් වෙලා තියෙන කාමරයක් අස් කරනවා වගේ වැඩක්. පිටතින් අපිට ලස්සනට Folder සහ File පිළිවෙලින් තිබ්බත් ඇත්තටම Hard එකේ ඔව්වා ගබබා වෙන්නෙ එක එක තැන් වල, ඉතින් අපි Defragment කරාට පස්සෙ තමයි එව්වා අදාල තැනට යන්නෙ. ඒ වගේමයි Defragment කිරීම නිසා පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ ඉඩකඩ අලුතෙන් එන ගොණු සමඟ පවතින ගොණු අසුරන්න හැඩගැසෙනවා.
හරි එහෙනම් පටන් ගමු වැඩේ. අපිට මේ ක්‍රමයෙන් පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ Partition වෙන වෙනම Defragment කරගන්න පුලුවන්.

මුලින්ම යන්න Computer වලට.
අදාල Partition එක මත Right Click කර Properties වෙත යන්න.
එහි Tools නම් කොටසෙ තිබෙන Optimize and Defragment Drive හී Optimize වෙත යන්න.
දැන් එම Partition එක Click කර Analyze ඔබන්න, එය සම්පූර්ණ වූ පසු Optimize ඔබන්න.
ක්‍රියාවලිය සම්පූර්ණ වන තෙක් පරිගණකය Defragment වන්නට ඉඩ හරින්න.
පහතින් තියෙන්නෙ යාලුවනේ මේ වැඩේ කරගන්න පුලුවන් හොඳම මෘදුකාංග 4ක්
Defraggler (Free)
MyDefrag (Free)

8:26 PM by Sadeepa Ravishan · 2

Photoshop වලින් Hair Color කරමු



එහෙනම් යාලුවනේ කාලෙකට පස්සෙ Photoshop Tutorial එකක් අරන් ආවා, කස්ටිය කැමතිත් ඇතිනෙ මේ වගේ වැඩ වලට.දැනගත්තට වැඩි වෙන්නෙ නැති නිසා කරලම බලමු වැඩේ.
මුලින්ම වැඩේට සෙට් වෙන Photo එක Photoshop වලින් open කරගන්න.
දැන් අලුත් Layer එකක් හදාගන්න

ඊළඟට Brush Tool එකෙන් හිසකෙස් සහිත කොටස සුදු පාටින් Brush කරන්න.පහත පින්තූරය බලන්න.



දැන් Layer එකට Soft Light Filter එක දෙන්න.


හරි එහෙනම් Ctrl+U ඔබලා Colorize එකට tick එකක් දාන්න.


Hue , Saturation , Lightness ඉහත ආකාරය සකසා ඔබට සුදුසු ආකාරයට එය සීරුමාරු කර Hair Color කරගන්න. :)

වැඩියෙන් පාට වෙලා තියෙන කොටස් Eraser Tool එකෙන් මකාගන්න.


1:47 AM by Sadeepa Ravishan · 0

තේරෙන සිංහලෙන් JAVA ඉගෙනගන මෙන්න pdf පාඩම් සියල්ලම



එහෙනම් යාලුවනේ කලින් ලිපියකදි මම C# පාඩම් සියල්ලම අරන් ආවා.ඉතින් අද අරන් ආවෙ ජනප්‍රිය පරිගණක භාශාවක් වන JAVA ගැන Tutorials ටිකක්. (ටිකක් කිව්වට ගොඩක් )

මෙතන මම පාඩම් මාලා 2ල් දාලා තියෙනවා 2ම අරගන්න. ඔයාට හොඳ එක ඉගෙනගන්නකෝ. මෙන්න බාගන්න links 2.

පලමු පාඩම් මාලාව ( IT දනුම බෙදාගමු Java සිංහල Tutorials)

දෙවන පාඩම් මාලාව ( http://nico-creations.blogspot.com වෙතිනි )

C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් Download PDF

link එකට ගිහින් උඩ දකුණු කෙලවරේ skip ad ඔබන්න.

6:24 AM by Sadeepa Ravishan · 2

Media Player එකක් හදමු



එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ඔයාලටත් Software එකක් හදන්න අවස්ථාවක්. තමන්ගෙම කියලා Media Player එකක් හදන්න කවුද අකමැති ;) .
එහෙනම් මුලින්ම New project ගිහින්, Toolbar එක උඩ right කරලා පහත පිතූර 2 විදියට Media player item එක ගන්නකෝ.

ඒ අරගත්ත Media player එක Form එකට දගන්නකෝ


දැන් තියෙන්නෙ Open file dialog එකකුයි Button එකකුයි දාන්න.
දැන් form එක මේ වගේ තියෙනවානම් හරි.
Button එක කැමති තැනකින් දාගන්න.
එහෙනම් අන්තිමට තියෙන්නෙ Code එක දාන්න.
Button එක double click කරලා දෙන්නකො මේ Code එක.

 openFileDialog1.Filter = "(mp3,wav,mp4,mov,wmv,mpg)|*.mp3;*.wav;*.mp4;*.mov;*.wmv;*.mpg|all files|*.*";
            if (openFileDialog1.ShowDialog() == DialogResult.OK)

                axWindowsMediaPlayer1.URL = openFileDialog1.FileName;


දැන් උඩ Debug button එක ඔබලා බලන්න ඔයාගෙ Player එක් වැඩද කියලා. :)

5:44 AM by Sadeepa Ravishan · 4

C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් Download PDF




එහෙනම් යාලුවනේ ඔක්කොම ලිපි ටික දැන්ම අරගන්න, 
C# පාඩම් සියල්ලම තේරෙන සිංහලෙන් >>> 

ඉහත සියලුම ලිපිවල අයිතිය www.networkdisa.blogspot.com වෙත හිමි වේ.(එම ලිපි පිළිබඳ මා කිසිඳු වගකීමක් දරන්නේ නැත)
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
link එකට ගිහින් page එකේ උඩ දකුණු කෙළවරේ Skip ad ඔබන්න.

7:57 AM by Sadeepa Ravishan · 5

C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ?


බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි.
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
එහෙනම new project දීලා වැඩේ පටන් ගමුකෝ.
- C# Lesson Series by Sadeepa -
මෙහිදී ලැබෙන window එකෙන් project එකට නමක් දීලා OK කරන්න.
දැන් තියෙන්නෙ design පැත්ත. C# වලින් හදන පලවෙනි software tutorial එක නිසා මම සරල අතුරුමුහුණතක් සාදන්නම්.
මෙයට අවශ්‍යවෙන්නෙ,
  1. Text Box එකක්
  2. Browser එකක්
  3. Button 3ක්
තමා.එහෙනම් ඔය දේවල් ලබා ගන්න Toolbox එකෙන්.
පහත ආකාරයට එම Controls ලබා ගැනීමට ඒ controls මත double click කර ලබා ගන්න.පසුව ඒවා තමාට කැමති ආකාරයට form එක මත පිහිටුවන්න.
හරි දැන් Button වලට නම් දාමු.
මේකට අපිට අවශ්‍ය වෙනවා properties window එක.ඒක ලබා ගන්න Ctrl+W ඔබන්න.
ඔයාට නම වෙනස් කරන්න ඕනෙ button එක click කරලා (Double click නෙවේ) properties window එකේ text කොටසට යන්න.
ඉතින් ඔය විදියට අනෙක් button 2ටත් text ලබා දෙන්න, Forward සහ Back ලෙස.
ඔයාලා කැමති විදියට මේ controls ලස්සන කරගන්න ඔය properties window එකෙන්.
ඔතන උඩම තියෙනවා name කියලා property එකක් ,ඒකෙන් කියන්නෙ text property එක නෙවේ, එතනදි ලබා දෙන නම තමා මෙහි කේතය නොහොත් Code එකට බලපාන්නෙ.ඔයා කැමතිනම් ඒවාටත් btnGo , btnBack වගේ නම් ලබා දෙන්න, එතකොට code එක බලන කෙනාට ඒක තේරුම්ගන්න පහසු වෙනවා.
හරි දැන් Design කොට ඉවරයි.එහෙනම් coding එකත් පටන් ගමු. මුලින් මන් කිව්වෙනෙ button වගේ controls double click කරන්න එපා කියලා ඒ මොකද එහෙම කරොත් යන්නෙ ඒ control එකට අදාල කේතය ලියන තැනට.හරි දැන් බය නැතුව double click කරන්න Go button එක.
private void button1_Click(object sender, EventArgs e)
        {

        }
ඔහොම තැනකට ආවනම් වඩේ ගොඩ.
අපි ඔය වරන් දෙක මැද්දෙ තමා ලියන්නෙ මේ buton එක click කරාම මොකද වෙන්න ඕනෙ කියලා.ඉතින් මෙතනදි වෙන්න ඕනෙ අර textbox එකට දෙන web සියිට් එක browser එකෙන් පෙන්නන එකනෙ.එහෙනම් ලියමු Coding එක.
private void button1_Click(object sender, EventArgs e)
        {
            this.webBrowser1.Navigate(textBox1.Text);
        }
ඔය වරන් දෙක මැද්දෙ තියෙන කොටස තමා ඒ button එකට තියෙන්නෙ.
ඉතුරු button දෙකෙන් කරන්නෙ browser එක ආපස්සට හා ඉදිරියට අරගෙන යන එකනෙ, එහෙනම් ඒ දෙකටත් coding දාමු.
මේ තියෙන්නෙ back button එකට.
private void button2_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoBack();
        }
මේ තියෙන්නෙ forward button එකට.
private void button3_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoForward();
        }
වැඩේ හරිනම් උඩ තියෙන debug button එක ඔබලා browser එක වැඩද බලන්න.
ඉතින් යාලුවනේ පහල පින්තූරෙ තියෙන godzila browser එකේදිත් මම පාවිච්චි කලේ මෙවනි සරල coding තමා.ඉදිරියේදී ඒවා ගැනත් කතාකරනවා පලවෙනි tutorial එක නිසා සරල software එකක් හදන්න කියලා දුන්නා.Comments එහෙම ලැබෙන විදිය බලලා ඉදිරි ලිපිත් අරන් එන්නම්කො.


10:46 AM by Sadeepa Ravishan · 3

Photoshop වලින් කපන කොටන වැඩ කරන්න Laso Tool එක භාවිතා කරමු



ඔන්න යාලුවනේ අදත් අරන් ආව Photoshop Tutorial එකක්.Photoshop වලින් කිසියම් photo එකක අපට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීමට මෙම Selection යන ක්‍රමය භාවිතා කළ හැක.ඉතින් Video එකෙන්ම බලාගන්නකො කරන විදිය.

 මම Laso Tool එකට භාවිතා කර ඇති Settings වෙනස් ආකාරයෙන් භාවිතා කර ඔබගේ නිර්මාණ සිදු කරන්න



.Selectionනැක සෑදූ පසු ඔබට අවශ්‍ය වනුයේ Selection එක පමණක්නම් Ctrl+Shift+I ඔබන්න, පසුව Delete ඔබන්න.තවත් Tutorials ඉදිරියට.

3:10 AM by Sadeepa Ravishan · 0

පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..




කොහොමද ඉතින් යාලුවනේ මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.

මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.
 
 මේ තියෙන්නෙ Vibration motor වගයක්.
එහෙනම් ෆෝන් එක ගලවලම වැඩේ පටන් ගමු.
 Remove vibra assembly with white rubber cover.

මුලින්ම Vibration motor එක ගලවන්න.
Use soldering iron to connect two wires to printed circuit board

දැන් ඒ මෝටර් එකේ වයර් circuit එකට සම්බන්ද වෙන තැන් වලට වයර් දෙකක් පාස්සන්න.
Drill small hole for wires to phone.

ඒ වයර් පිටට ගන්න සිදුරක් සාදාගන්න.
Put wires to hole and assemble phone.

දැන් ඒ වයර් පිටට අරන් ෆෝන් එකේ පියන වහන්න.
Make hollow to back cover for wires.

දැන් පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.

ඔය කලු රතු වයර් තමා ෆෝන් එකෙන් පිටට ගත්තෙ ඒවගෙ + - මාරු උනාට අවුලක් නෑ.හැබැයි රිලේ එකේ (ඔය නිල් පාට ගැජට් එකේ.පහල තියෙන්නෙ රිලේ එකක කනෙක්ශන් තියෙන විදිය) 1 2 ට අමුනාගන්න. 3 4 තමා දැන් ස්විච් එකක් විදියට වැඩ කරන්නෙ.
 
දැන් මේ වයර් අමුන ගත්ත ෆෝන් එකට කෝල් එකක් අරන් බලන්න.
රිලේ එකෙන් ටික් ගාල සද්දයක් ඇහෙයි.
ඒ කියන්නෙ අර 3 4 කොල නිල් වයර් වල ස්විච් එක සම්භන්ද උනා.

මෙන්න මේ විදියට රිලේ එකට LED එකක් සම්භන්ද කරල බලන්න. දැන් කෝල් එකක් දීල බලන්නකො. LED එක on වෙයි. (මන් 1k resistor එකක් ගත්තෙ 9v battery එකක් ගත්ත නිසා). 2v විතර තිබුනොත් LED එකකට හොදා.

ඒත් ඔයාල මේකෙ හොදම හරියට ආවේ නහැනෙ.... අපිට දැන් ලෝකෙ කොහෙ හිටියත් මේ පොඩි circuit එක on කරන්න පුලුවන්. මේ බ්ලොග් එක හොදට කියෙව්ව අයටනම් පුලුවන්. ඒක නරක විදියට පාවිච්චි කරයි කියල හිතලා මන් මෙතන කියන්නෑ.

ඔයාල ගෙදර ලයිට් එකක් ON/OOF කරන්න.වාහනේ Ignition ස්විච් එකට සෙට් කරහෙන කෝල් එකකින් පනගන්වන්න වගේ වැඩ..

ඉතින් ඔයාලත් මේ වගෙ නව නිර්මාන හදල ලංකාවට වැඩදායි දෙයක් කරන්න. Sadeepa Music Zone බ්ලොග් එකේ මම සදීප.
වැඩේ කොහොමද කියල comment එකකුත් දාලම යන්න..ඔයාලට සුභ දවසක්.

7:28 PM by Sadeepa Ravishan · 16

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.