Single Core සහ Multi Core Processor ගැන දැනගනිමු



එහෙනම් යාලුවනේ අද අරන් ආවෙ ගොඩ දෙනෙක් දන්නෙ නැති දෙයක් ගැන ලිපියක්.

ඔයාලා පාවිච්චි කරන processor එක Single Core ද? නැත්නම් Multi Core ද?

හරි දන්නෙ නැත්නම් මේ ලිපිය කියවලම බලන්න.

Single Core සහ Multi Core Processor වල වෙනස කුමක්ද?

ඇත්තටම මේ Single Core processor විදියට ආවෙ Dual Core වගේ processor වලට කලින් ආව Processor. Core කියන්නෙ මදයට, Processor වල එක Core එකක් ආපු එව්වට උදාහරණ විදියට, Pentium 2,Pentium 3,Pentium 4 හා ඊට කලින් ආපුවා ගන්න පුලුවන්. මේවා තියෙන්නෙ තනි Processor විදියට.

Pentium 4 යනු Single Core Processor එකකි

Clarkdale die map
නමුත් Multi Core Processor වල වෙන්නෙ එක Processor එකක් ඇතුලෙ තවත් Processor එකක් හෝ ඊට වැඩි ප්‍රමාණකයක් භාවිතා වීමයි.ඉහත පින්තූරය බලන්න. ඉතින් අපි කවුරුත් දන්න Multi Core processor එකක් තමා Dual Core නොහොත් මද දෙක :D මේ Processor එක ඇතුලෙ Processor දෙකක් තියෙනවා , ඔව් Core 2 Duo කියන්නෙත් Dual Core වලට පස්සෙ ආපු Dual Core Series එකක්.
  
මේ තියෙන්නෙ Core 2 Duo Processor එකක්.
ඉතින් එක Processor එක ඇතුලෙ Processor දෙකක් දාලා දුන්නම ඒකත් මදි උනා කස්ටියට, ඉතින් මොකද කරේ මේක තවත් දියුණු කරලා හැදුවා Core i 3 කියලා Processor එකක්. අනේ ඔකත් මදි කිව්වනෙ ඉතින් මොකද කරේ හැදුවා Core i 5 , Core i7 වගේ එව්වත් Processor ගාන වැඩි කරලා.


මොකද ඉතින් අර Processor Speed එක මනින Clock Speed එක වැඩි නොකර Multi processor හදන්න ගත්තෙ?


ප්‍රධාන හේතුවක් උනේ Clock Speed එක වැඩි කරද්දි සන්සන්දනාත්මක වශයෙන් ප්‍රොසෙසරය වැඩි විදුලි පරිභොජනයක් භාවිතා කර අනවශ්‍ය ලෙස රත්වීමත් තේරුමක් නැතිව විදුලිය නාස්ති වීමත්ය. උදාහරණයක් 

ලෙස, E5640 Xeon (4 cores @ 2.66 GHz) Processor එක 95W විදුලි පරිභෝජනයක් ඇති අතර , L5630 (4 Cores @ 2.13 GHz) සඳහා අවශ්‍ය 40W පමණි. 24%ක් වැඩියෙන් Clock Speed එකක් ගන්න 137% වැඩි විදුලියක් මෙමගින් භාවිතා වෙලා තියෙනවා.X5677 Processor එක 3.46 GHz විසින් 60%ක Clock Speed එකක් ලබා දීමට අමතර 225%ක විදුලියක් නාස්ති කරයි.
ඉතින් මේ විදියට Clock Speed වැඩි කරන එක තේරුමක් නැති නිසා අඩු විදුලි පරිභෝජනයක් සහිත , Clock Speed වඩි නොකළ Multi-core Processor ආවා.
Processor ගැන කියනවනම් රස කතා බොහොමයි, ඉදිරියට ඒවා ගැනත් කියන්නම්. යාලුවනටත් දැනගන්න Share කරන්න. බ්ලොග් එකේ Networking ගැනත් ලිපියක් දාන්න බලාපොරොත්තු වෙනවා. Share පාරක් ඩ්හ්ගෙනම යන්න එහෙනම්.

0 Responses to “Single Core සහ Multi Core Processor ගැන දැනගනිමු”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.