Transmitter පරිපථ


FM Transmitter පරිපථ තැනීමට කැමැත්තක් දක්වන අයට මා විසින් අත්හදා බලා ඇති පරිපථ අනුව මෙම ලිපියෙන් ලබා දී ඇත්තේ එවැනි පරිපථ කිහිපයකි...
www.talkingelectronics.com වෙබ් අඩවියට අනුව ඔවුන් අන්තර්ජාලයේ ඇති Transmitter පරිපථ සොයා ඒවායේ ඇති දෝශ මගහැර මෙම FM Transmitter පරිපථ නිර්මාණය කර ඇත...

1 - සරලම Transmitter පරිපථය...

මෙය ඉතා සරල එකක් වන අතර...තරංග විකාශය වන FM පරාසය සකසා ගැනීමට මෙම සියුම් කොයිලය සීරුමාරු කළ හැක.
*මීට පෙර Transmitter පරිපථ අත්හදා බලා නොමැති අය,පරිපථය නිවැරදිව සකසා Transmitter පරිපථයය බලය සැපයූ පසු FM ගුවන්විදුලි යන්ත්‍රයක් ඒ අසලට ගෙන එහි tuner එක කරකවමින් (Digital එකක්නම් සුපුරුදු ලෙසම tune කරමින්) කිසිදු හඩක් නොඇසෙන තරංග පරාසයක් (channel එකක්) පැමිනෙන තිරු tune කරන්න.එවිට කිසිදු හඩක් නොඇසෙන තරංග පරාසයක් ලැබේනම් පරිපථය ක්‍රියාත්මක වන අතරරැසේ නොමැතිනම් පරිපථයේ ඇති කොයිලය සීරුමාරු කරමින් ගුවන්විදුලි යන්ත්‍රයද සුසර (tune ) කර බලන්න.
ඉහත පරිපථය මාගේ ජංගම දුරකථනයෙහි ගුවන් විදුලිය සමග හොදින් ක්‍රියාත්මක වුණි.බැලූබැල්මට මෙහි ශබ්ද තරංග ලබා ගැනීමට Microphone එකක් නොමැති අතර ඒ වෙනුවට සියුම් කොයිලයක් භාවිතා කර ඇත...
2 - මදක් දියුණු කර තැනූ පරිපථය.
මෙයද සරල ට්‍රාන්සිස්ටරයක් යොදා තනා ඇටි අතර පළමු පරිපථයට වඩා වැඩි ආවරණ කලාපයක් හා සංවේදී බවක් ලබා දේ..
පරිපථ සටහනට අනුව තරංග පරාසය සැකසීමට 10-40p ට්‍රිමරයක් යොදා ඇත.කොයිලය සඳහා 6mm විශ්කම්භය ඇති බටයක 0.5m ප්‍රමාණයේ වයරයක් වට 8ක් ඔතා සකසා ගන්න.





මෙලෙසින් ඉතා කුඩා ඉඩක මෙම පරිපථය තනාගත හැක..ඔබේ හැකියාව අනුව ඉතා අඩු මුදලකින් වැඩි ප්‍රථිඵල අත්කර ගැනීමට මෙමගින් පුලුවනි.

2 Responses to “Transmitter පරිපථ”

Unknown said...
March 11, 2017 at 7:08 AM

mewwa polici yana wada sahoo


Unknown said...
March 11, 2017 at 7:09 AM

awlak naa math audio input ekak ganna puluwan tharame ekak haduwa


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.