4017 LED Knight Rider පරිපථය



Add caption






මෙම පරිපථයේ ,555 දෝලකයක්(oscillator) ලෙස යොදාගෙන තිබෙනවා.එයට සම්බන්ද කර ඇති විචල‍‍‍‍‍‍ය්‍ය ප්‍රතිරෝදකය මගින් LED නිවෙන දැල්වෙන වේගය සීරුමාරු කල හැකි වෙනවා.මෙහි ප්‍රතිදාන 10ක් ඇති අතර සෑම පින් එකකින්ම 20ma පමන දාරාවක් ලබාගත හැකියි.පරිපථයට LED සවිකිරීමේදී දාරා පාලක ප්‍රතිරෝදක සම්බන්ද කල යුතුය.මෙහිදී 220Ωප්‍රතිරෝදකයක් යොදාගෙන ඇත.පහල තියෙන්නෙ 4017 IC එකේ වයර් සම්භන්ද කල යුතු ආකාරය දැක්වෙන රූපයකි.

අවශ‍ය්‍ය උපාංග

R1 22kΩ
R2 220Ω
VR1 50kΩ PRESET
C1 1µF 16V
C2 0.01µF (103)
C3 10µF 16V
D1 – D10 1N4148
D11 – D16 LED
IC1 NE555
IC2 CD4017






මෙම පරිපථය ක්‍රියාකරන ආකාරය මෙම වීඩියෝ එකෙන් බලන්න.
 LED වලින් හදපු තවත් එකක්..........

4:16 AM by Unknown · 0

You Tube Video ලේසියෙන්ම Download කරමු!!...



 ඔයාලා හැමෝම වගේ ‍යූටියුබ් එකේ වීඩියෝ බලලා ඇත් කියල හිතනවා. ඒත් ඒවා download කරන්නෙ කොහොමද කියල තමා අද මං ඔයාලට කියන්නෙ. මේ ක්‍රමයෙන් බාගන්න වීඩියෝ එකේ ලින්ක් එක කොපි කර කර ඉන්න ඕනෙ නෑ.වීඩියො එක තියෙන තැනින්ම ගන්න පුලුවන්.

කතා ඇති දැන් බලමුකො කොහොමද කරන්නෙ කියලා.මුලින්ම Add-on කියන සයිට් එකට යන්න.ඊලඟට Free Download කියන එක ක්ලික් කරන්න.

දැං ඒ file එක ඩව්න්ලෝඩ් කරගන්න.


ඉන් පසුව රූපයේ දැක්වෙන පරිදි එය install කරගන්න.
කොමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා..

3:09 AM by Unknown · 2

IP Hide කරමු 100%ක් සාර්ථකයි


hss-logo

                ඔයාලට හුගක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමා සමහර සයිට් වලට යන්න හදද්දි ඒවට ලංකාවෙ අයට යන්න දෙන්නැති එක.ඒ විතරක්ද mediafire වලින් මොකක් හරි download කරන්න යනකොට ඒක refresh වෙනව මිසක් download වෙන්නෙ නෑ.ඉතින් මේකට එකම විසදුම තමා IP Hide කිරීම.මේ http://whatismyipaddress.com/ සයිට් එකට ගිහාම පෙන්නයි ඔයාගෙ IP address එකයි ලගම තියෙන GPS Location එකයි තව විස්තරයි.ඒවා සේරම ඇත්ත.මං දැන් කියන්නෙ ඒක වෙන රටකින් log වෙන විදියට හදාගෙන මේ ප්‍රශ්නෙ නැති කරගන්න.

                      මුලින්ම මේ Hotspot Shield කියන සොෆ්ට්වෙයා එක බාගන්නකෝ මෙතනින් http://hotspotshield.com/ ඊලගට සුපුරුදු විදියට ඒක install කරගන්නකෝ.දැං Start Menu\Programs\Hotspot Shield\Hotspot Shield Launch එක run කරන්න.


             

                 දැං IP hide කරල තියෙන්නෙ.එක හරිද කියල බලන්න  http://whatismyipaddress.com/ වලට ගිහින් බලන්න.ඔබට සුභ දවසක්.

7:31 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.