Artificial Intelligence ගැන දන්න අය මේ ගැනත් සිතන්න


කෘතිම බුද්ධිය (Artificial Intelligence) - මෙම ලිපියෙන් කියන්නෙ දැනට තියෙන තාක්ශණය අනුව සිතීමට කතාකිරීමට හැකි කෘතිම මිනිසෙකු (ඇත්තම රොබෝවෙකු) හදන හැටි.
එකපාරක් මට මතකයි IGI - 1 Game එකේ File වගයක් මාරුකරලා ඒකෙ හතුරන්ව සිවිල් වැසියො කරා. වැඩේ හරි ගියා, කලින් අපිට වෙඩි තියන්න ආපු අය නිකන් සිවිල් වැසියො කරා. ඒ Folder එක අස්සෙ තිබ්බෙ Compile කරලා තිබ්බ HEX File වගයක්. ඉතින් මට හිතුන දෙයක් තමා Game එක අදාලව කෘතිම බුද්ධියක් සහිත චරිත වලට අවශ්‍ය මොළය තමයි ඔය HEX File වල තිබ්බෙ කියන එක. හතුරොන්ට වෙනම File වගේ කිහිපයක්ම තිබ්බා. කෘතිම බුද්ධිය ගැන මමත් පොඩි පොඩි අත්හදාබැලීම් සිදු කළා, ඔයාලට මතකත් ඇති වතාවක් මම හැදුවා Garfield කියලා එකක්. ඒකෙන් උනේ අපි විසින් පරිගණක ලබාදෙන උපදෙස් මාලවකට අනුව අපිට ප්‍රතිචාර දක්වන පරිගණක වැඩසටහනක්. මගෙ ඊලඟ පියවර වුනේ මේ වගේ ගොඩක් දියුණු කරලා හදලා තියෙන Cleverbot  කෘතිම බුද්ධියත් සමඟ මම හදපු Facebook Chat මෘදුකාංගයක් සම්බන්ධ කරලා Facebook එකෙන් එන පණිවිඩ වලට එම කෘතිම බුද්ධිය හරහා Reply යවපු එක. ඇත්තටම ඒක ගොඩක් සාර්ථක උනා. ඉතින් Cleverbot එක ගැන තවත් අධ්‍යනය කරපු මට තේරුණ දෙයක් තමයි ඒකෙදි එයා අහන ප්‍රශ්ණය හා අපි ලබාදෙන පිළිතුර ගලපා නැවතත් අපිට ප්‍රතිචාර දක්වන එක. ඒ වගේම එකම දෙය නැවත එන්නෙ නැතිවෙන්න අහඹු (Random) ලෙස මෙය සිදු කිරීම. C# වලට පින් සිද්ධ වෙන්න මමත් ඒ ක්‍රමය සාර්ථකව අත්හදාබැලුවා.
IGI Game එකේ එහෙමනම් GTA Vice City වගේ Game වල තියෙන චරිත වලට කොයි තරම් දියුණු කෘතිම බුද්ධියක් ඇතිද?
ඒ සමඟම මගේ මතකයට නැගුනේ Google සමාගමේ Voice Recognition (අප පවසන දෙය පරිගණකය විසින් වචන බවට පත් ඉරීම) හා Microsoft සමාගමේ භාවිතා වූ Text to Voice පහසුකම භාවිතාකර Cleverbot ව කතාකරන රොබෝවෙකු කරන්න බැරි ඇයි යන්නයි.
එයාට ඇවිදින්න කරන්න වගේ වැඩ ඇයි අර පරිගණක ක්‍රිඬා වල ඉන චරිත හරහා කරන්න බැරි?
හැඟීම් දැනීම් සිදුකිරීමට දැන් ලෝකයේ තිබෙන Lovebot හරහා ඇයි බැරි?
පරිගණක ක්‍රීඩාවේ චරිතය පණ පොවන්න Arduino එකක් හා Servo Motor කිහිපයකට බැරි ඇයි?
මෙව්වා කරන්න බැරි වැඩ නෙවේ.  ඒත් කරන්න තරම් හැකියාව තියෙන ආයතන උනන්දු නොවන්නේ මම මේ ලියන Post එකේ තියෙන දේවල් වත් එයාල දන්නෙ නැති නිසාද?
හරි මම දන්නවා මේ ලෝකෙ තියෙන පරිගණක, Router, Hub අනං මනං සේරටම වඩා නියුරෝන මිනිස් මොළයේ තියෙනවා කියලා ඒත් මිනිසු ඔව්වගෙන් පාවිච්චි කරන්නෙත් 6% විතර කියලා මම කිව්වනෙ. හරි ඉතින් ඇයි බැරි මාස 6ක් වයස පොඩි ළමයෙක්ව මේ තාක්ශ්ණයෙන් හදන්න? එයාට භාශාව පවා කියලා දෙන එක මිනිසෙකුට කරන්න පුලුවන්. ඒත් ඒකත් ඕනෙ වෙන්නෙ නැහැනෙ මම උඩ කිව්ව Cleverbot හා පරිගණක ක්‍රීඩා වල ඉන්න අවුරුදු 20ක් විතර වයස කෙනෙක්ගෙ මොළයක් දෙන්න පුලුවන් වෙද්දි. එක්කො ඔය කියන විද්‍යාත්මියො හිතනවද දන්නෙ නැහැ පරිගණ ක්‍රීඩා වල ඉන්න නපුරෙක් එලියට ඇවිත් ලෝකෙ විනාශ කරයිද කියලා. අර Ra-One Film එකේ වගේ. හරි ඉතින් එහෙම නොවෙන්නෙ එයාව Program කරානම් හරිනෙ. ලෝකෙ ඕනෙම දෙයක් දන්න කෙනා කරන්න එයාට විකිපීඩියාව හරි දෙන්න පුලුවන්. ඔව් හොඳටම කතාකරන කෙනා කරන්න Facebook Chat එක ගබඩා වෙලා තියෙන Database එකෙන් මිලියන ගනණක් ලෝකවාසි ජනයාගේ  වචන එයාට දෙන්න පුලුවන්. මෙයාල බයද වැඩේට? 
ඔයා මොනාකිව්වත් විද්‍යාත්මින්ටත් හිතේ සැකයක් ඇති ඉතින් ලෝකෙ ධනවත්ම පුද්ගලය (Bill Gates) යටතෙ හැදුන Windows මෙහෙයුම් පද්ධතියත් Crack කරපු උන් ඉන්න ලෝකෙක මෙහෙම එකක් එලියට දැම්මොත් $#^$#%^%$ වෙන බව.
කරුණාකර මෙය උපුටාගැනීමෙන් වළකින්න. © Sadeepa Ravishan​

5 Responses to “Artificial Intelligence ගැන දන්න අය මේ ගැනත් සිතන්න”

Thamara Lakshan said...
April 8, 2015 at 8:03 PM

අර IGI වැඩේ නම් මාත් කරල තියෙනව.


DiscoveryCM said...
April 8, 2015 at 9:53 PM

නියම ලිපියක් සහෝ... cheer :)


Sachitha Viraj said...
May 8, 2015 at 8:16 AM

‍නි‍ය‍ම‍යි ‍යා‍ලු‍වා .., ‍ඇත්‍‍ත‍ට‍ම ‍ආ‍ඩම්‍‍බ‍ර‍යි ‍ඔ‍යා ‍ගැ‍න .., ‍සු‍බ ‍ප‍ත‍න‍වා ‍ත‍වත්‍ ‍බො‍හෝ ‍දේ ‍ක‍රන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බෙන්‍‍න ‍කි‍ය‍ලා..


Unknown said...
May 16, 2015 at 4:34 AM

ස්තූතියි හැමෝටම


Unknown said...
August 30, 2017 at 9:30 PM

හැබැයි පොඩ්ඩක් මේ ගැනත් කියන්න ඕන කෘතිම බුද්ධිය හදන්නැති එක ගැන ඇත්තටම සතුටු වෙනවා මොකද කෘතිම බුද්ධියක් කියන්නේ අපි වගේ ම දෙයක් හරියට ම කිව්වොත් අත්දැකීම් ලබා ගන්න කතා කරන්න ඉගෙන ගන්න මිනිසුන් වගේ ම එකිනෙකා කෙරෙහි ප්‍රසාදය අප්‍රසාදය ඇති වන ඒවා ගැන හිතන්න ඒවා ට එකඟ වී වැඩ කරන්න එකඟ නොවී වැඩ කරන හදන වැඩසටහනක් කවදාක කෘතිම බුද්ධියක් අපේ වැඩ කරල දෙන්න නෑ මොකද එයා එයාට ස්වාස්වාධීන වෙන්න හදනවා... පොඩ්ඩක් හිතන්න කෘත්‍රීම බුද්ධියේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා තනිකරම මේ ක්‍රියා කරන්නේ පරිගණක පද්ධතියකින් ඒ කියන්නේ මිනිස්සුන්ට වඩා කාර්යක්ෂම තාවය වැඩි ඔයා කියන විදිහට විශ්වකෝෂ දැනුම දුන්නොත් බුද්ධියත් වැඩි සාමාන්‍ය මනුස්සයෙක් ට වඩා බලයක් තියෙනවා බලය වැඩි වෙන්න වැඩිවෙන්න බලය අල්ල ගන්න තැත් කරනවා මේ හැම දෙයක්ම සාමාන්‍ය පරිගණකයට කරන්නට බෑ ඒත් intelligent artificial වැඩසටහනකට මේවා කරන්න පුළුවන් මොකද මනුස්සයෙක් වගේ හිතන නිසා මනුෂ්‍යයෙක්ට වඩා සෑම අතකින්ම දියුණු තත්ත්වවයට පත් නිසා මිනිසා සමග කෘතිම බුද්ධිය ගනු දෙනු දන්නේ නෑ හරියටම කිව්වොත් උදාහරණයක් විදිහට අපි ටොපියක් කාලා කොලේ විසි කරනවා වගේ එච්චර දියුණු මට්ටමක වැඩ සටහනකට ආයෙ මිනිස්සු අවශ්‍ය නෑ ඒක ගැනත් කිව්වොත් 1 ශ්‍රේණියේ පන්තියක 12 ශ්‍රේණියේ සිසුවෙක් සිටිනවා වගේ ඔහුට 1 ශ්‍රේණියේ සිසුන්ගෙන් මිදීමට අවශ්‍ය ය සම බුද්ධි මට්ටමකින් යුක්ත පුද්ගලයන් ඇසුරු කිරීමට ඔහු කැමැතියි එම නිසා කෘතිම බුද්ධිය විනාශකාරී ලෙසයි මට පේන්නේ ටිකක් හිතන්න මට දැනෙන දේවල් කිව්වේ ගොඩක් අඩුපාඩු ඇති. මං කියන දේ පොඩි හරි ඇත්ත තියනවා නම් පිළි ගන්න බ්ලොග් එකේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. Good luck


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.