ඔබ කැමති පුවත් සේවයක සිරස්තල දැන් Desktop Gadget එකකින්ම



ඔන්න යලුවනේ කලෙකට පස්සෙ මගෙ Software එකක් අරන් ආවා. ඔයාලට දැන් එහෙ මෙහෙ රස්තියාදු නොවී කැමති පුවත් සේවයකට අදාල සිරස්තල මෙම Desktop Gadget එක හරහා ලබාගන්න පුලුවන්. මෙන්න බාගන්න Link එක.  http://www43.zippyshare.com/v/59307690/file.html
Right Click කරල Add Feed වලින් කැමති පුවත් සේවයේ RSS link එක ලබා දෙන්න.

පරිගණකය on වන විටම මෙය ක්‍රියාත්මක වන්න Start with Windows Enable යන්න ඔබන්න. එවිට Start>All Programs>Startup Folder එකට මෙය Copy වේ. ඔයාලගෙ අදහස් තියෙනවන්ම් කියල යන්න.

11:34 PM by Unknown · 0

Facebook එකෙන් එන කරදරකාරී E-mail නවත්වමු



අපි සාමාන්‍යෙන් Facebook එකට දෙන්නෙ අපේ පෞද්ගලික E-mail ලිපිනය වන බව සැබවකි. එහි ගැටලුවක් නැත මන්ද Facebook වෙබ් අඩවිය ජාත්‍යන්තරව පිළිගැනීමක් ඇති එකක් බැවිනි. ඒ කෙසේ වෙතත් අපි e-mail එකේ inbox එක බැලුවොත් එතන 99% විතර තියෙන්නෙ Facebook එකෙන් එවපු e-mails. මේ නිසා අපට වැදගත් e-mail එකක් පැමිණියද Facebook e-mail අස්සෙ එය සොයාගැනීම පිදුරු ගොඩේ ඉඳිකටුව සේවීමක් වෙනවා. හරි දැන් තියෙන්නෙ මේකට වැට බඳින්න.
මුලින්ම යන්න Facebook එකේ Settings වලට.
දැන් යන්න Notification Se tings වලට.
එතන e-mail කොටසෙ,

 'Only notifications about your account, security and privacy' ලෙස තෝරන්න.
දැන් Close ඔබන්න. මෙතනින් ඉදිරියට වැදගත්ම දෙයකට ඇරෙන්නෙ වෙනදා වගේ e-mail එකට වදයක් වෙන්නෙ නෑ Facebook එක.

8:33 AM by Unknown · 0

Android phone එක Octapad එකක් කරමු



කවුද අකමැති Octapad එකකින් වැඩ දාන්න. ඒත් ඔව්වා ගන්න කොහෙද සල්ලි. ඒත් අද මම ගෙනාව ඔච්චර වටින Octapad එකක් නොමිලේ. මෙතනින් අරගන්න භාන්ඩෙ. --->> DrumHead
පහල තියෙන්නෙ Screen Shot ටිකක්.


දැන් තියෙන්නෙ වැඩර් වගේ Octapad එකෙන් සෙල්ලම් දාන්න.

2:46 AM by Unknown · 0

Pen එකට සෙට් වෙන Portable App 294ක් 20MB වලට.



Pen Drive එකක් කියන්නෙ අතේ ගෙනියන Portable එකක්. ඉතින් ඕකට දාගන්න අඩු MB ගානක Portable Apps ටිකක් තියෙනවානම් යන යන තැන බය නැතුව Install නොකර එවලෙම භාවිතා කරන්න පුලුවන් Apps ගොන්නක් තියාගන්න පුලුවන්. ඔය වැඩේ කරලා දෙන Software කෑල්ලක් තමා LiberKey කියන්නෙ. මෙතනදි ඔයාට කැමති Apps ටික තෝරලා පෙන් එකේ Install කරගන්න පුලුවන්. මෙතනින් අරගන්න software එක. download

Download size:4.45 MB
Installed size:19.5 MB
OS: XP/2003/Vista/2008/Win7/8 - 32/64 bits

7:55 AM by Unknown · 2

Paint වලට නොදෙවෙනි Paint.NET



Paint භාවිතා නොකරපු නෙකෙන් නැති තරම්, ඒත් අද අරන් ආවෙ Paint වලට වඩා හොඳ Paint Software එකක්. උඩ පින්තූරෙ දැක්කම පේනවානෙ කොච්චර වැඩ කොටසක් මෙයා කරල දෙනවද කියලා. Photoshop වලදි එන layers පවා මෙතනදි ලබා දීලා තියෙනවා. විවිධ Efects ලබා දී ඔබේ ඡායාරූප හැඩ වැඩ කරගන්න මෙතනින් ගන්න Paint.NET

7:41 AM by Unknown · 0

Software ටික කලට වේලාවට Update කරලා තියාගන්න



මේක Windows වලට එන Tool එකක්. ඔයාලා පාවිච්චි කරන Software නිවැරදිව යවත්කාලීනව තියාගනන්වනම් ඒවා වේගවත්ව හා කාර්යක්ශමව ක්‍රියාත්මක වන එක ගැන කවුරුත් දන්නවානෙ.

 ඒ විතරද අලුත් Options , ලස්සන Interface විශේෂයෙන්ම ඒ වන විට තිබුණ Version එකේ Bugs (අඩුපාඩු) පවා ඉවත් කරලා තමයි Update එකක් දෙන්නෙ. නමුත් සාමාන්‍යෙන් අපි භාවිතා කරන පරිගණකයක software කොච්චරනම් තියෙනවාද, ඔය එක  එක හොය හොය Upadate කරන එක කරදරය්ක් කියලා කාටත් තේරෙනවානෙ. ඉතින් ඇයි කරදර වෙන්නෙ ඕකට පට්ටම Tool එකක් තියෙද්දි. මෙන්න බාගන්න link එක. 

7:32 AM by Unknown · 0

Type නොකර Camera එකෙන් Google Search කරමු



ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්, දැන් අපිට Voice හෝ Type නොකර Camera එකෙන්ම Google Search කරන්න පුලුවන් මේ App එකෙන්.
මෙතනින් ගන්න App එක -- Download
හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා,app එක install කරලා ඒක Open කරන්න.
 දැන් එන Camera එකෙන් පැහැදිලිව Photo එකක් ගන්න. මම අරගත්තා වගේ Logo එකක් හරි.

දැන් ඔයාට බලාගන්න පුලුවන් ඒ Photo එකට අදාල Results.
ඔතින් අදාල Result එක Select කරන්න.
කොහොමද වැඩේ Google එකෙන් ලස්සනට ඒක Search කරලා දුන්නා, අපි මොනවත් Type කරේ නැහැ.
තවත් එකක් බලමු.

අපි නමක් දන්නෙ නැති දෙයක් උනත් ඒකෙ Photo එකක් හරහා Google Search කරන්න පුලුවන්. තවත් දෙයක් , මෙතනදි මම Print කරපු දෙයක Photo එකක් Search කළා උනත් ඔයාට Camera එකෙන් තව ගොඩක් දේවල් Search කරන්න පුලුවන්. ඒ වගේම ඔයාට Gallery එකේ photos වුවත් Search කරන්න පුලුවන් පහල Option button එක ඔබලා. තවත් ලිපියකින් හමු වෙමු. :)

8:20 PM by Unknown · 1

Google Data Center ගැන දැනගමු Online බලන්න යමු



Google ආයතනය සතුව ඇති දත්ත ගබඩාව අප සැමට නොමිලේම නැරඹීමට ඔවුන් Online අවස්ථාවක් ලබා දී ඇත.මෙතනින් ගිහින් බලන්න ඒ සියල්ලම - http://www.google.com/about/datacenters/gallery
ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම යන රටවල් වල මෙම Google Data Centers 8ක් පිහිටා ඇත.50000ක් පමණ Servers වලින් සමන්විත වූ එය අප Google සමඟ සිදු කරන සෑම වැඩකටම සේවය සැපයීම සිදු කරයි.ඔයාලා මේ බ්ලොග් එක බලන්නෙත් ඒ Servers වල උදව්වෙන් තමා.මෙම ස්ථානයට සැබෑවටම ඇතුල් වන්න අවස්ථාව ලබගත් අය සිටින්නෙ ඉතා සීමිත ප්‍රමාණයකි.මන්ද, එහි ආරක්ශාව වැනි හේතුන් හා ඒවායෙහි ඇති දත්ත වල පෞද්ගලිකත්වය රැකගැනීමට හා ඊට අනුබද්ධ වෙබ් අඩවිවල වගකීමද Google අයතනය සතුව පැවරී තිබීමයි.
මේවායෙහි භාවිතාවන බලශක්තියෙන් 35% ක්ම Renewable (නැවත නැවත භාවිතා කළ හැකි) වන අතර,මෙය දිනකට වෙබ් පිටු බිලියන 20ක් හැසිරවීමට, වෙබ් සෙවුම් බිලියන 3කට හා මිලියන 425ක් තරම් Gmail users ලා වෙත සේවය කිරීමට යොදා ගැනේ.Google Data Centers පිහිටා ඇති අනෙක් රටවල් ලෙස Berkeley County, South Carolina; Council Bluffs, Iowa; Douglas County, Georgia; Mayes County, Oklahoma; Lenoir, North Carolina; The Dalles, Oregon; Hamina, Finland; and St. Ghislain, Belgium ගත හැක.Quilicura, Chile; Hong Kong, Singapore හා Taiwan හී තවත් Data Centers ඉදි වෙමින් පවතී.

වර්ග අඩි 115,000ක ඉඩක ඇති Servers මඟින් Search හා You tube වැනි සේවාවන් සපයයි.
Douglas නම් රටෙහි ඇති Data Centers වල සේවකයින් හට එහි ගමන් කිරීමට පා පැදි ලබා දී ඇත.
Oregon data center එකෙහි ජලය එහා මෙහා ගෙනයන ජල නල පද්ධතිය පහතින්. එහි නිල් පාටින් ඇත්තේ සිසිල් ජලය ගෙන යන නල හා රතු පටින් ඇත්තේ සිසිල් කිරීම සඳහා උණුසුම් ජලය ගෙන එන නල ය.

Douglas හී Iowa වල ඇති data center එක.

දෘඩ තැටි (Hard Drive) රාක්ක.

නැවත භාවිතයට නොගන්නා දෘඩ තැටි විනාශ කිරීම.

Street View එකෙන් Google Data Centers බලන්න මෙතනින් -- http://www.google.com/about/datacenters/inside/streetview/

Google Data Center වල Videos කිහිපයක් පහතින්




යාලුවො කිව්වා මේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අලුත් ලිපි දාන්න කියලා, පුලුවන් විදියට දාන්නම්. :) මතක ඇතුව Share කරගෙන යන්න Post එක අනිත් අයටත් දැනගන්න.

8:08 AM by Unknown · 0

Quadcopters ගැන දැනගමු


නියමුවන් රහිත අහස් යානා අද වන විට ලංකාවට අලුත් දෙයක් නොවන බව සැබෑවකි.එවැනි මාතෘකාවක් ලෙස Quadcopters ගත හැක. මෙහිදී වැදගත් වන්නේ Quadcopters සඳහා යොදාගෙන ඇති තාක්ශණයයි.

quadrotor helicopter, quadrotor යන නමින්ද මෙය හඳුන්වන අතර සාමාන්‍ය helicopter එකක මෙන් නොව මෙහි Rotors 4 ක් භාවිතා කරයි.
මේ තියෙන්නෙ Rotor එකක්
මෙහි Rotor දෙකක් දක්ශිණාවර්තව කරකැවෙන අතර. අනෙක් Rotor දෙක වාමාර්තව කරකැවේ. 

මෙම එක් එක් Rotor එකෙහි වේගය වෙනස් කිරීම මඟින් Quadcopter එක අවශ්‍ය ආකාරය පාලන කළ හැක.

 (RPM එක හා Torque එක) එනිසා මෙය ඉහලට පහලට හා වෙනත් දිශාවකට පාලනය කළ හැක.
මෙය Drone තාක්ශණය , (අප දන්නා ආකාරයට නියමුවන් රහිත යානා ) සඳහාද භාවිතා කෙරේ.
එමෙන්ම විවිධ සංවේදක / Camera වැනි උපකරණ අන්තර්ගතකොට තනා ඇති/Quadcopters ද ඇත.
තවද මේ ආකරයට තැනූ Quadcopter  එකක් මඟින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පාදක කොට Ariel View නොහොත් කුරුල්ලෙකු දකින ආකාරයට අහසේ සිට රූගත කරන ලද Video එකක් පහතින් ඇත.

Quadcopters තාක්ශණය ඉතා සුන්දර බව පෙන්වන්න තවත් නිදසුන් කුමටද.
පහත් තිබෙන්නේ අඩි 1000ක් උසින් ගමන් කරන Quadcopter එකක සටහන් වූ දර්ශණයි.



http://www.shaafm.lk/remix/ එකේ DJ Sadeepa ගෙ Mix එකක් තියෙනවා අහපු නැති අය අහන්න ;) තවත් ලිපියකින් හමු වෙමු යාලුවනේ.

9:17 AM by Unknown · 10

Intel සහ AMD අතර වෙනස



හරි මම සරල අවස්ථාවකින් පටන් ගන්නම්, අපි පරිගණකය on කිරීමෙන් අනතුරුව processor එක ක්‍රියාත්මක වන නිසා එය යම් උශ්ණත්වයක් ඇති කරනවා. Intel Processor එකක් නම් උපරිම 40' C පමණ උණුසුම් වන අතර AMD Processor ආරම්භයේදී 40' C පමණ වන අතර පසුව එය ඊටත් වඩා වැඩි උශ්ණත්වයකට පත් වේ. එනිසා AMD Processor වෙත උසස් තත්වයේ Cooling System එකක් තිබිය යුතුය.
ඔබ වැය කරන මුදලට සරිලන උසස් කාර්යක්ශමතාවක් ලබාගැනීමට නම් Intel සුදුසු වේ.  MSI GT72 Dominator Pro, Palicomp Hydro-780 / Dell's monster Precision T7610 වැනි උසස් පරිගණක පද්ධති වල අන්තර්ගත් වී ඇත්තේ Intel ය. (Intel Inside) .
නමුත් මේ processor දෙකෙහි වෙනස ඔබට බලපාන්නේ ඔබ එය භාවිතා කරන කාර්ය අනුවයි. පරිගණක ක්‍රීඩා සඳහා , Overclock කිරීම සඳහා Multiple Cores භාවිතා වන පරිගණක වැඩසටහන් සඳහා මැනවින් උචිත ව්න Processor එකක් ලෙස AMD පෙන්වා දිය හැක.
Intel හී Hyper Threading නම් තාක්ශණ්යක් භාවිතා වේ. සරලව කිවහොත් Processor කිහිපයකින් කරන කාර්යක් එක් Processor එකකින් සිදු කිරීමයි. Multi Core යනු මීට සමාන නමුත් සැබැවින්ම එකකට වැඩි Processor ප්‍රමණයක් භාවිතා කරමින් ඉහත කාර්ය ඉටු කිරීමයි. ඉතින් මේ තාක්ශණ දෙකම එකතු කළොත්? ඔව් Intel විසින් එය සිදු කර ඇත. Core i7 Processor එකෙහි Cores 4ක් භාවිතා කරන අතර එය threads 8ක් එකවර ධාවන කිරීමට සමත් වේ.

Intel සහ AMD අතර වෙනස පැහැදිලිව බලන්න පහත videos වලින්.



6:32 AM by Unknown · 2

මුහුණු පොත ගැන ලියවුනු අපූරු ගීතයක්



මේක දන්න අයත් ඇති ඒත් නොදන්න අය ගැනත් හිතලා ඔන්න දැම්මා


වැඩපලේදි වැඩ කෙරුවට පාසලේදි පොත් බැලුවට නිවනක් නෑ ගෙදර යනතුරා

මුහුනු පොතේ පිටු ගනින තුරා...

Request යවනවා කියන්නේ accept කරනවා තමයිනේ...

Pictures upload කරන්නේ tag එක කර වටේ දමන්නේ...

වැඩි විස්තර පසුව time යන්නේ හොඳ සෙල්ලම් එතකොටයි පෙනෙන්නේ...

කපලා කොටලා crop කරලා ගන්නේ කට්ටිය ඉතින් ජරමරේ...

විභාගෙ අතළඟ අත පොත ළඟ හිත ඇය ළඟ කියාලා කොල්ලො chatting Facebook එකේ...

බඩගින්නේ ඉන්න උනත් දින දෙක තුන නෑවෙ නැතත් කෙල්ලො ඉන්නෙ හිතේ කික් එකේ...

කෙල්ලො කොල්ලො සෙට් වෙනවා arrage marriage නැති වෙනවා

කපුවට no place seen එකේ අනේ කපුවත් Facebook එකේ...

හිතේ ඇඳුණු දේවල් හිත යට හිරවුණු දේවල් ගැන අඬ බෙර ගා ලොවට කියනවා...


මුහුණු පොතේ උඩම ලියනවා

කේන්දර නිකන් බලනවා - ග්‍රහපළ හොඳට කියනවා

සුන්දර හීන මවනවා - සුර පුර මට සිහිවෙනවා

නළුවො නිළියො දුසිම් ගණන් ඉන්නේ... - දොස්තරවරු මන්තිරිවරු හම්මේ

බාල මහලු කොයිකවුරුත් පොදුවේ - රඟපු ඇඟුම් අද බෑ අඳුරේ...

ලපී ඩපී මමී ඩැඩී ගහන්නෙ දැන් Barn Buddy - දාම් කැරම් අත වේලෙනවා

සිනා සිසී හොඳට හිටී කැත්ත උදැල්ලට කැමතී - සීයා Farm Willie වවනවා...

රෝද දෙකට උදෙන් නැගී ලියුම් බෙදපු පොඩි මල්ලී - ලියුම් නැතේ කිය අඬනවා

එයා දැන් හන්දිය වටේ පදිනවා...

තමුන්ගෙ වැඩ මිස් කරගෙන මුහුණු පොතේ chat බර බර ඉවර වෙයිද ලබන ආත්මේ

අනේ අනුන්ගෙ කුණු වල රසගුණ තලු මර මර රසවිඳින්න uncle aunty ලත් පෝලිමේ...

නාකි විසේ හෙටත් විසේ සෙට් වෙන්නෙම මූනු පොතේ මොකක්ද මේ නටන විකාරේ....

මළ සමයන් Facebook එකේ

වැඩක් නැද්ද මල්ලි පොතපතේ

කට්ටිය rock කරනවා Facebook එකේ

මමීට help එකක් දෙන්න සුදු දුවේ

මෙයාලා මල් කඩනවා Facebook එකේ....

Muhunu Potha (Face Book) - Shehan & Akila



(පොඩි පොඩි වැරදි ඇති අහන ගමන් type කරේ)

3:55 AM by Unknown · 0

වැඩකට නැති software එකවරම පිටුවහල් කරමු



අපේ අය ඉතින් අර Software එකයි Game එකයි හැම එකම ඉතින් Computer එකේ install කරගන්නවානෙ. එකෙනම් ඉතින් වරදක් නෑ නමුත්, අපට අනවශ්‍ය යැයි සිතෙන මෘදුකංග වෙතොත් ඒවා ඉවත් කිරීම හිසරදයක් වන බව අප දනිමු. ඉතින් ඕකට කට්ට කන්නෙ මොකද ඒ වැඩේ කරලා දෙන Portable භාන්ඩයක් තියෙද්දි. මෙන්න බාගන්න ඒ tool එක. -- The Best Uninstaller to Remove Plug-ins & Apps!
පහල තියෙන්නෙ Screenshot එකක්.

8:31 AM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.