සැබෑවටම Facebook සහ Facebook Hacking යනු කුමක්ද?



Facebook භාවිතාකරන අයගෙන් බහුතරයක්ම දන්නෙ නැහැ Facebook සහ Facebook Hacking යනු කුමක්ද? කියලා.
වෙබ් අඩවියක ස්වරූපයෙන් අප වෙත එන Database එකක්, ඒකෙ අපි තමයි Clients ලා. අපි කරන්නෙ මේකෙ Admin වරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් සාදා තිබෙන Database එකට දත්ත අඑතුලු කිරීම.
කොහොමද ඒක වෙන්නෙ?
උදාහරණයක් විදියට අපි Facebook එකට status එකක් දැම්මා කියමුකො, අන්න එතනදි වෙන්නෙ ඔය කියන Database එකට අලුත් දත්තයක් එකතුවෙන එක. එයාලගෙ Sever නම් පරිගණක හරහා තමයි අපිට අන්තර්ජාලය හරහා මේ Facebook එකේ කරන් වැඩ ටික කරගන්නෙ. කොටින්ම කියනවානම් අපේ profile එක කියන්නෙත් ඔය Database එකේ ඉතා පුංචි ඉඩක්, ඒකෙ තියෙන විස්තර ටික පෙර්ලා අරගෙන වෙබ් පිටුවකට අමුණලා තමයි අපිට පරිගණක තිරයෙන් දැකගන්න පුලුවන් වෙන්නෙ. අපි chat කරන දේවල් පවා Save වෙලා තියෙන්නෙ එයාලගෙ Database වල.
මොකෙක්හරි ඉතින් ඔය Database එකකට රින්ගුවොත් ඔව්වගෙ තියෙන දෙවල් පන්නගන්න පුලුවන්. හැබැයි අපි හිතන තරම් ලේසි නැහැ ඒ වැඩේ, බැරිවෙලා හරි කිසියම් කෙනෙක් Facebook ආයතනයෙ තිබෙන Sever පරිගණක වලට හොරෙන් අඑතුලුවුනොත් එයාගෙ දක්ශතව අනුව එයාට විශාල දත්ත ප්‍රමානයක් සොරකම් කරන්න පුලුවන් වෙනවා. බරපතලම විදියට එයා ඒ වැඩේ කළොත් Facebook එකට කෙලවලම දාන්න පුලුවන්. ගතවන සෑම මොහොතක් පාසාම කිසිවෙකු විසින් හෝ මෙම වෙබ් අඩවියට අනවරයෙන් ඇතුලුවෙන්න උත්සාහා දරනවා වෙන්න පුලුවන්, මම කිව්වෙ අපි වගේ Client කෙනෙක් විදියට නෙවේ, ටිකක් ඉහල Admin කෙනෙක්ට ලැබෙන බලතල සහිතව හැබැයි අනවසරයෙන්. ඉතින් ඒක වැරදි දෙයක්, මෙහෙම කරන එකට තමයි කියන්නෙ Facebook Hack කරනවා කියලා, නැතුව Password උස්සන එකට නෙවේ. ඉතින් එක එක අය Facebook Hack කරන්න ගිය අවස්ථාවල ප්‍රථිඵල විදියට තමයි මෑතකදි Facebook වෙබ් අඩවිය ක්‍රියා විරහිත වුනේ පැයකට අධික කාලයක්. Facebook Account එකක් Hack කරන එක වෙනම කතාවක්. ඒක කරනෙ ගොඩක් වෙලාවට Account එකේ අයිතිකාරයව ගොනාට අන්දලා. මේ බ්ලොග් එකේ එකේ Hacking කොටසෙ මේ ගැන ඇති තරම් තොරතුරු තියෙනවා. සුභ දවසක් යාලුවනේ ඔයාලට. යමක් ඉගෙනගන්න ඇති කියල හිතනවා.

හරි හරි ඉතින් මෙව්වා දන්න උනුත් ඇති ඒත් ඉතින් නොදන්න උන් ගැන හිතලා පුලුවන් තරම් සරලව කිව්වෙ හොඳේ.

1 Responses to “සැබෑවටම Facebook සහ Facebook Hacking යනු කුමක්ද?”

kavindu sadaminda said...
December 23, 2017 at 6:31 AM

ela


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.