Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න


Mobile Phone එකෙන් Call ගන්න අය කරුණාකරලා මේක කියවන්න.
Phone එකකින් Call එකක් ගන්නවා කියන්නෙ අපේ ජංගම දුරකථනය හරහා අපේ හඬ තවත් දුරකථනයක් වෙත ගෙන යාමත් එහි විරුද්ධ ක්‍රියවත් සිදු කිරීමයි. ඉතින් මේ වැඩේ වෙන්නෙ වයර් රහිතව. ඒ නිසා විද්‍යුත් චුම්භක තරංග නිපදවෙනවා මේ උපාංගයෙන්. එව්වා හැතැප්ම ගණනක් දුරට ගමන් කරනවා, ඒ කිව්වෙ අපේ අතේ තියෙන phone එකේ ඉඳන් signal tower එකට යනකන්ම. පොඩි දුරක් නෙවේ ඉතින් යන්නෙ එව්වා. ඉතින් මේ තරංග වල සංඛ්‍යාතය (යම් කාල ඒකකයක් තුළ නිපදවන දෝලන ගණන, දන්නැත්නම් අමතක කරන්න.) 900/1,800/1,900 MHz යන අගයන් ගන්නවා දුරකථන මාදිලිය අනුව. ඒ කියන්නෙ අපේ ගෙවල් වල තියෙන Microwave Oven එකේ තියෙන කෑම එක රත් කරන්න ගන්න සංඛ්‍යාතයට (2,000 MHz) පොඩ්ඩක් අඩු අගයක්. ඉතින් මේ oven එකේ නිපදවෙන තරංගයෙ බලපෑම නම් 12 cm විතර දුරකට විහිදෙන්නෙ. ඒත් phone එක? අර හැතැප්ම ගානක් ඈති තියෙන ටවර් එකට යවන තරංගය?? අපේ අය නම් ඒක කන ඇතුලෙමනෙ තියාගන්නෙ. :/ හ්ම් ඒත් phone එකෙන් කන රත් කරවන්න තරම් උශ්ණත්වයක් ඇති වෙන්න නම් මිනිත්තු කිහිපයක් යනවා, ලොකු ලොකු call ගන්න උදවිය දන්නවනෙ. එහෙම වෙන්නෙ ඉතින් phone එකෙන් නිපදවෙන්නෙත් අර oven එකෙන් නිපදවෙනවා වගේ තරංගයක් නිසා. ඉතින් oven එකෙන් වගේ කන රත් උනාට මොකද වෙන්නෙ? මොළයේ තියෙන සෙයිල විනාශ වෙන්න ඉඩ තියෙනවා, ගොඩක්ම පිළිකා ඇති වෙන්නත් ඉඩ තියෙනවා, මේ අධි සංඛ්‍යාත තරංග වල බලපෑමෙන්. oven එකේ තරම් බලවත් තරංග නිපදවෙන්නේ නැති වුවත් වැඩි කාලයක් ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා oven එකේ බලපෑම phone එකෙනුත් වෙන්න පුලුවන්. ඉතින් මේ බලපෑම අවම කරගන්නෙ කොහොමද?
ඔයා call එකක් ගන්නවානම් අනෙක් පුද්ගලයා එය answer කරන තුරු කන ලඟින් phone එක තබාගන්න එපා. display එකේ පෙන්වනවනෙ answer කරාම. මොකද call එකක් ගත්තම පලවෙනි තත්පර 14 ඇතුළත පිටවන තරංග බලවත් වැඩි වීමේ ඉඩකඩක් තියෙනවා.
ඒ වගේමයි අපේ පණ්ඩිත මහත්ම මහත්මීන්ගෙ වැඩක් තියෙනවා , phone එකෙන් call එකක් ගත්තම අර ලොකු speaker එක තියෙන පැත්ත (phone එකේ පිටුපස, බැටරිය තියෙන්නෙ) කනට තියාගන්නවා, හැබැයි ඉතින් call එකකදි (loudspeaker දාලා නැතිනම්) කොහොමත් ඒ speaker එක වැඩ කරන්නෙ නැහැ display එකට උඩින් පොඩි speaker එකක් තියෙනවා ඒ වෙලාවට වැඩ කරන්න, ඒ පැත්ත අපේ කන ගාවින් තියාගන් ඕනෙ.
ඒකට හේතු දෙකක් තියෙනවා,
එකක් තමයි, phone එකේ call එක අතරතුර වැඩ කරන speaker එක පිටතට හිටියොත් අනිත් අයටත් call එක ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක නම් කමක් නෑ කියමුකො ඒත් භයානකම දේ phone එකෙන් හැතැප්ම ගානකට signal යවන අර signal antenna එක තමන්ගෙ කනට වදින එක, මොකද ඒක තියෙන්නෙත් අර ලොකු speaker එක තියෙන පැත්තෙමයි. ඉතින් පිළිකා ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඇත්තම කිව්වොත් හැතැප්ම ගානක් දුරට යවන්න තියෙන තරංග අපේ මොළය හරහා මේ  ගමන් කරොත් මොනවා වෙයිද?
හැබැයි ඔය මොන කරදරයක්වත් නැහැ Hands-free භාවිතා කලොත් නම්. හැබැයි call ගද්දි වගේම සින්දු අහ්ද්දි volume එක ඕනෑවට වඩා දාගන්න එපා. අවුරුදු 5ක් විතර යද්දි කන් ඇහෙන එකත් නැති වෙයි.
ඒ වගේමයි phone එක දකුණු කනට තබාගන්නේ නැතුව වම් කනට තබාගන්න, මන්ද යත් හිස තුළ අඑති සංවේදි අවයව බහුතරයක් දකුණු පස පිහිටා ඇති බැවිනි.
ඒ වගේමයි නින්දට යාමේදී phone එක කොට්ටය යටින් තබාගැනීමෙන් වළකින්න.
මේ ළිපිය ලියන්න හිතුනෙ අද කාලෙගොඩක් අය ජංගම දුරකථනයකින් නිවැරදිව call එකක්වත් ගන්න දන්නැති හැටි හැබැහින්ම මා දුටු නිසයි. ඇත්තම කිව්වොත් සමහරු phone එකේ mic එක කියලා හිතාගෙන display එකට උඩින් තියෙන speaker එකට කතා කරලා අර පිටිපස්සෙ තියෙන (call එකේදි වැඩ නොකරන) ලොකු speaker එක කනට තියාගන්නවා. අනේ කාට කියන්නද මෙව්වා. එදා අනගාරික ධර්මපාල තුමා අපිට අවවාදෙකුත් දුන්නනෙ සුද්දා මේ රටට ඇවිත් උගෙ දේවල් මෙහෙ පැළ කරලා අපිව විනාශ කරයි ඒකෙන් පරෙස්සම් වෙයල්ලා කියලා. ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න යාලුවේ.

10 Responses to “Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න”

Kistlak Rajapaksha (Kisalka) said...
October 16, 2015 at 7:01 AM

Hoda Lipiyak !! :D


MPP Gunasinghe said...
October 16, 2015 at 8:29 PM

බොහොම වැදගත් ලිපියක් සදීප


Thamara Lakshan said...
October 17, 2015 at 12:20 AM

මම නම් වැඩිය Call ගන්නෙ නෑ.


BloGayan@99 said...
October 17, 2015 at 7:11 PM

sahathika aththa thama godak thanks.............!!!


Unknown said...
November 7, 2015 at 10:02 PM

math ohoma thama kare aye katranne na thanx kiyala dunnata......


Unknown said...
November 8, 2015 at 4:38 AM

comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි


Unknown said...
December 27, 2015 at 5:33 AM

නියමයි බ්‍රෝ


Unknown said...
May 9, 2016 at 11:34 AM

R.i.p


Unknown said...
November 14, 2017 at 2:56 AM

නියම වැඩක්


Rakesh said...
November 20, 2017 at 7:59 AM

HD Wallpapers For iphone 6 1080p- http://www.techtoforum.com/2017/11/iphone-6s-wallpaper.html


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.