Processor එක පරිගණක මතකය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද?



පරිගණක මතකය කිව්වම ගොඩ දෙනෙකුට මතක් වෙන්නෙ පරිගණක දෘඩ තැටිය නොහොත් Hard Disk Drive එක, ඔව් ඒකත් එක්තරා මතකයක්. නමුත් පරිගණයකේ ප්‍රධාන මතකය වෙන්නෙ Hard එක නම් නෙවේ, RAM (Random Access Memory) එක. ඔයාලා දන්නවත් ඇති RAM එකේ මතක ධාරිතාව වැඩි උනාම පරිගණකය වේගවත් වෙන කතාව. ඔව් ඒක ඇත්ත, නමුත් පරිගණක වේගය බලන්නෙ Processor එකෙන්නෙ? හරි ඔය ගැටලුවට පිළිතුරක් ලැබෙයි මේ ලිපිය කියෙව්වම. යාලුවනේ Processor එක කියන්නෙ තත්පරයත් මිලියනයකට බෙදාගෙන පරිගණක වැඩසටහන් පාලනය කරන උපාංගයක්.

CPU කියන්නෙත් Processor එකට, මේ කොටසින් තමා පරිගණකයේ සියලුම උපාංග පාලනය වෙන්නෙ. ගොඩක් අය CPU කියලා කියන්නෙ System Unit එක, ඒක වැරදියි.මොකද ඔය System Unit එක ඇතුලෙ තමයි CPU, Motherboard, Hard Disk Drive, CD-ROM Drive එහෙම තියෙන්නෙ. හරි මේ වගේ වේගෙකින් වැඩ කරන උපාංගයකට අවශ්‍ය දත්ත ලබා ගැනීමට සිදුවන්නේ HDD (Hard Disk Drive) එකෙන්. ඒත් HDD එක ඔය CPU(Processor) එක තරම් වේගවත් නැහැ. එහෙනම් කොහොමද HDD එකේ තියෙන දේවල් CPU එකට එන්නෙ? මෙහෙමයි, CPU එකයි HDD එකයි අතරට දානවා RAM කියන අතරමැදියව.

RAM එක කියන්නෙ HDD එකටත් වඩා වේගයෙන් දත්ත හුවමාරු කරන්න උදව් වෙන කෙනෙක්. ඉතින් RAM එක කරන්නෙ CPU එකට නිතර නිතර අවශ්‍ය වන දත්ත තාවකාලිකව ගබඩා කරගෙන ඉන්නවා අවශ්ය වෙනකොට දෙන්න. නැත්නම් CPU එකට කරදරයි HDD එකෙන් මන්දගමීව දත්ත ලබාගන්න. හරි අපි පොඩි උදාහරණයක් ගමු, හිතන්න අපි Media Player එකෙන් MP3 එකක් අහන්න යනවා කියලා කියලා, ඉතින් අපි අවශ්‍ය MP3 එක Play කරන්න කියලා විධානයක් ලබා දෙනවා පරිගණකයට, ඉතින් CPU එකෙන් Signal එකක් දෙනවා HDD එකට මුලින්ම Player එක RAM එකට අරගන්න, ඊළඟට MP3 එකත් RAM එකට ගන්න කියලා.මොකද උනේ? අර Player එකයි MP3 එකයි තාවකාලිකව RAM එකට Copy උනා, ඒක නිසා CPU එක දැන් පහසුවෙන් MP3 එක Play කරනවා.

තවත් කතාවක්, යාලුවො දන්නවානෙ අපි Word Document එකක් එක්ක වැඩ කර කර ඉද්දි ඒක Save නොකර පරිගණයක Off කරොත් අර Word Document ආපහු ගන්න බැරි වෙනවා, ඇයි ඒ? මොකද අපි එටෙක් වෙලා වැඩ කරපු Word Document එක තාවකාලිකව ගබඩා වෙලා තිබ්බෙ RAM එකේ, හරි අපි ඒක Save කරා නම්? එතකොට වෙන්නෙ RAM එකේ තිබ්බ Word Document එක HDD එකටත් Copy වෙන එක. Hard එකේ තියෙන දේවල් පරිගණකය Off කරත් ගබඩා වෙලා තියෙනවා ඒත් RAM එක තාවකාලික මතකයක් නිසා එයා දත්ත ගබඩා කාර්ගෙන ඉන්නෙ On වෙලා ඉන්නකන් විතරයි.

ඇත්තටම HDD එකේ දත්ත CPU එකට ගන්න RAM එකේ වේගයත් ප්‍රමාණවත්ද? එය යම් අවස්ථා වලදි මදි වෙනවා, ඉතින් මෙකට CPU එක ඇතුලෙත් පොඩි තාවකලික මතකයක් තියෙනවා :) , ඒකට කියන්නෙ Cache Memory කියලා, එතකොට RAM එකෙන් එන දත්ත Cache එක හරහා තමයි CPU එකට එන්නෙ.Cache එක RAM එක වඩා වේගවත් වගේම CPU එක දත්ත සැකසුම් කරන වේගයටත් සමීපයි, මේකෙත් කොටස් දෙකක් තියෙනවා L1 (32KB පමණ දත්ත ගබඩා කරගන්නවා), L2 (1MB පමණ) මේ දෙක තියෙන්නෙ CPU එක ඇතුලෙමයි. Cache එක තියෙන්නෙ CPU එකට නිතර නිතරම අවශ්‍ය වෙන දේවල් ගබඩා කරගන්න, නැත්නම් ඉතින් ආයෙ RAM එකේ හොය හොයා රස්තියාදු වෙන්නෙ වෙනවානෙ.

මේක එදිනෙදා ජීවිතයට අනුව ගන්නවානම්, අපි පන්තියෙදි නිතර නිතර අවශ්‍ය වෙන පෑන් පැන්සල් ලඟින්ම තියාගන්නවා, Cache එකේ වගේ, ඒ කාල පරිච්චේදයෙදි අවශ්‍ය නොවෙන පොත් ටික ‍පොත් මේසෙ වෙනම තියාගන්නවා RAM එකේදි වගේ.අනෙක් පොත් ආ දී දේවල් බෑග් එකේ තියන්වා නිකන් HDD එකේ වගේ අවශ්‍ය උනාම ආයෙත් ලබාගන්නවා ඉහත ආකාරයට.

ඉතින් යාලුවනේ HDD එකේ තියෙන දත්ත CPU එකත් එක්ක ගනුදෙනු කරද්දි අවශ්‍ය වන RAM කියන ප්‍රධාන මතයේ ධාරිතාව වැඩි වෙන තරමට පරිගණකය දත්ත සැකසුම් කරන වේගයත් වැඩි වෙනවා, ඒ කියන්නෙ අඩු වෙලාවකදි වැඩි දත්ත ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරනවා. එතකොට මොකක්ද අර CPU වල Speed එක බලන GHz කතාව?

GHz කියන්නෙ Gega Hertz

1GHz = 1000MHz
1MHz = 1000KHz
1KHz = 1000Hz

1Hz එකක් කියන්නෙ තත්පරයකට Hertz එකක් බැගිනි. Hertz වලින් මනින්නෙ පරිගණකයේ Clock Speed (තත්පරයකට ඇති කරන චක්‍ර ගණන) එක.මේ චක්‍ර අනුව තමා පරිගණකයේ උපදෙස් අනුව දත්ත සැකසුම් කරන්නෙ මේකට තමයි CPU වල Speed එක කියන්නෙ. ඉතින් ලබා දෙන උපදෙස් අනුව වැඩ කරන්න ප්‍රමාණවත් වන දත්ත ඉතා කෙටි කාලයකින් ලැබෙනවා නම් පරිගණය වේගයෙන් වැඩ කරනවා. වැඩි RAM ධාරිතාවක් තියෙද්දි නිතර නිතර HDD එකට නොයා RAM එකට අවශ්‍ය දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න පුලුවන්. යාලුවන්ගෙන් වැඩිය ප්‍රතිචර නැති නිසා ඉතින් ලිපියක්වත් ලියන්න හිතෙන්නෙ නෑ. ;)

7 Responses to “Processor එක පරිගණක මතකය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද?”

Unknown said...
December 5, 2014 at 6:12 AM

mehemai machan,l1, l2 , l3, l4 venakam cash memory dan computers vala use karanava. l4 nam gaming thamai.


Unknown said...
December 5, 2014 at 9:51 AM

:-) THANKS


Unknown said...
December 6, 2014 at 12:28 AM

ඔව් Intel i3 වගේ Processor එක්ක තමයි l2 එකත් CPU එක ඇතුලට ආවෙ, එතකන් Servers වල වගේ තමයි ඔය ක්‍රමේ තිබ්බෙ, දැන් කොහොමත් Cache එක දියුණුයි.


Unknown said...
December 6, 2014 at 12:29 AM

:) එල එල


Unknown said...
December 6, 2014 at 1:04 AM

machan oya post 1 ta thava deyak visthara kranna oone. eeka thamai oya cash memory 1 size 1 machine 1 gaana thiiranaya krana praadhaaana saaadakayak kiyala. ehema venna cash memory 1 hdanna ganna muuladrauvaya higa veema.


Unknown said...
December 6, 2014 at 4:25 AM

යා යා මාත් මේ හිත හිත ලිව්වෙ බං ඕවා මතක් උනේ නෑ,එලස්


FGS/PGDIT/2020/022 G.M.R.D.Kumari said...
September 24, 2018 at 12:07 AM

පැහැදිලි අදහස් ලබා දීම පිළිබද තුති. දිගටම ලියන්න. ජය පතමි


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.