Showing posts with label ලෝකය. Show all posts
Showing posts with label ලෝකය. Show all posts

ජපානයෙන් එලිදක්වන සුබෝපබෝගී දුම්රිය


මෙහම සුබෝපබෝගී දුම්රියක යන්න අකමැති කෙනෙක් නැති තරම්, කතාව ඇත්තක්ද කියලා බලන්නකෝ ඉතින්, මෙය 2017දී දියත් කිරීමට නියමිත වන අතර Ken Okuyama නම් Ferrari නිර්මාණකරු විසින් JR නැගෙනහිර දුම්රිය ගමන් සමඟ එක් වී සිදු කරයි.
මෙහි කැපී පෙනන ලක්ශනයක් වන්නේ වීදුරු බිත්ති වලින් සමන්විත වීමයි. එමෙන්ම මෙහි ගමන් කළ හැක්කේද මගීන් 34කට පමණි. කෙසේවෙතත් ඔවුන් හට වෙන් වූ දුම්රිය මැදිරි 10ක් වන අතර දුම්රිය ගමන් අතරතුර දෙපස නැරඹීමට හැකි වන ලෙස ඒවා තනා ඇත. එමෙන්ම ඔවුන් හට සෝෆා වැනි ආසනද පිරිණැමේ.
මෙහි නිර්මාණකරුගේ අදහස වන්නේ මෙහි ගමන් කිරීම කාලය හා අවකාශ තුල සැරිසැරීමක් බවයි. මෙය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 3ක පමණ මුදලක් වැයවන බවද වාර්ථා වේ.

6:39 AM by Unknown · 1

ලොව ආරක්ශිතම ටැක්සි එක රුසියාවෙන්


ලංකාවෙ බහුලවම දකින්න ලැබෙන්නෙ 3-Wheel ටැක්සි වුනත් මෙහෙම එකක්නම් තාම දැකලා නැතුව ඇති කවුරුවත්. බයවෙන්න එපා යුද්ධ ටැංකියක්මත් නෙවෙයි මේක, ඒත්...
St. Petersburg ප්‍රදේශයේ සැරිසරන අයට වාසනාව ලැබිලා තියෙනවා ලොව ආරක්ශිතම ටැක්සියෙ හයර් එකක් යන්න.ඔයාලා ඒ පැත්තට ගිය වෙලාවක මේ වාහනේ තමන් ලඟට ආවොත් එහෙම බයවෙන්න එපා හොඳේ, BRDM-2 නමින් හඳුන්වන මෙම යුධ ප්‍රහාරක කුලී රථයට ගොඩ වෙලාම බලන්න. එවලෙම ටැක්සියෙ රියදුරු මහත්තයා අහයි කොහාටද මල්ලි යන්නෙ කියලා.මොකද ඉතින් මේකත් ඉතින් ටැක්සියක්නෙ.
මේ වාහනේ ප්‍රථමයෙන් ලෝකයට එන්නෙ සෝවියට් රුසියාවෙ යුධ කටයුතු වෙනුවෙන් තැනූවක් ලෙසයි. කෙසේහෝ එය දැන් නම් මගී ප්‍රවාහන ටැක්සියක් විදියට තමයි භාවිතා වෙන්නෙ. ඉතින් මේ වාහනේ යුධමය මතුපිට මෙන්ම turret අවියත් දැකගන්න පුළුවන්.
1963 - 1989 දක්වා වන කාල වකවානුවේදී නිපදවූ මෙහි විශේශ්ත්වය වන්නේ ඕනෑම භූමි මට්ටමකට ඔරොත්තු දෙමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.මෙය 14.5mm Vladimirov  Heavy machinegun එකකින්  හා a 7.62mm Kalashnikov’s tank machinegun එකකින් සමන්විත වේ. කොහොම කොහොමහරි ඉතින් මේක පාරට දාන්නත් අයිතිකාර මහත්මයාට බලදාරින්ගෙන් අවසර ගන්න එකත් බර වැඩක් වෙලා තියෙනවා. වාසනවට ඔහුට එම අවසරය ලැබී තිබෙනවා. නමුත්, මෙහි වේශාංතරණ පෙනුම වෙනස් කොට කුඩා පාරවල් වල ගමන් නොකර භාවිතා කිරීමට සිදු වී තිබෙනවා.
යුධ ටැකියක් ටැක්සියක් විදියට ගන්න ?
ඔව් හැබැයි දැනට තිබෙන ටැක්සි වලට වඩා වාසිසහගත දේවල් රැසක්ද සමඟින් තමයි එන්නෙ.St. Petersburg හී ‘white nights’ පවතවන අවස්ථාවලදී නෙවා ගඟ තරණය කොට තම රාජකාරිය කිරීමට මෙහි රියදුරු මහතා වගබලාගෙන ඇත.
පිටින් පෙනුම වෙනස් කරත් ඇතුල නම් තිබ්බා වගේම තියෙනවා. මේකෙ රවුමක් යන්න නම් 100$ පමණ ගෙවන්න වෙනවා. ගාන කීය වුනත් මේ වැඩේ නැගලම යනවා සංචාරකයින් හා විවාහ යුවල් වෙනුවෙන් ලබාදෙන හයර් වෙනුවෙන්. බලන්නකො Video එක මෙතනින්.

4:33 AM by Unknown · 1

වීනස් ග්‍රහලොව වෙත නාසා එකෙන් යවන HAVOC අහස් යානාව


යාලුවො දැනටත් දන්න දෙයක්නෙ අඟහරු වලටත් මිනිස් බැල්ම යොමු වෙලා තිබෙන බව.ඉතින් අඟහරුට CURIOSITY රෝවර් එකක් යැව්වා වගේම අපි වාසය කරන පෘථිවියෙ අසල්වාසියා වන වීනස් වලටත් භාන්ඩයක් යවන්නයි යන්නෙ, වෙන මොකක්වත් නෙවේ HAVOC කියන අහස් නැව. ඉතින් මේ සැලසුම වෙනුවෙන් නාසා ආයතනය කැපවෙලා තිබෙන බවයි වාර්ථා වෙන්නෙ.
නාසා හී Langley facility පර්යේශක කණ්ඩායම විසින් වීනස් ග්‍රහයා පිළිබධ පර්යේශණ කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇති එක් ආකාරයක් ලෙස High Altitude Venus Operational Concept (HAVOC) සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ යානාව තනියම නම් නෙවේ යන්නෙ, මාසයක් වැනි කාලයක් පුරාවට අභ්‍යවකාශගාමින් දෙදෙනෙකු විසින් වීනස් ග්‍රහයා වටා බ්‍රමණය වෙමින් විශාල මෙහෙයුමකටයි යන්නෙ. කෙසේ වෙතත් මෙම ග්‍රහයා වටා ඇති උණුසුම් මතුපිටෙහි තිබෙන ඊයම් පවා දියකරවන වායුගෝලයේ තිබෙන සල්පර් අම්ලය නිසා මෙයට බාදා පැමිණියහැකි බව වාර්තා වේ. තවද මෙහි භූමියේ තිබෙන වායු පීඩනයත් දරාගත නොහැකි තරම් ය.
ඉතින් මේ HAVOC අහස් යානාව කොහොමද ඔය අභියෝගයට මුහුණ දෙන්නෙ?
වායුවෙන් පිරවූ මෙම වාහනය ඒ සියල්ලටම පිළිතුරු සපයයි. මන්ද යත් එය ගොඩබෑමට හා නැවතත් රැගෙන ඒමට යන වියදම හා තාක්ශණික ගැටලු නැති වීමයි. HAVOC සිද්ධාන්තයට පණ පොවන අභ්‍යවකාශගාමින් හට වායු පිරවූ පාවෙන අහස් යානාව තුළ ජීවය පවත්වාගත හැකි බවත් ඒ සමඟ පර්යේශණ කටයුතුද කළ හැකි බව වාර්තා වේ. එමෙන්ම මෙය හීලියම් වායුව පිරවූ දැවැන්ත බැලුමකි. ඉන්ජිනේරුවන් බලාපොරොත්තු වන ආකාරයට මෙය වීනස් වායුගෝලයේ 50km මතුපිටක පවත්වාගැනීමට හැකි වේ.
ඉතින් මේ වැඩේට එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අභිමතාර්ථය වෙන්නෙ වීනස් ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට පෙර එය සුදුදු ස්ථානයක්දැයි පරීක්ශා කිරීමයි.
ඉතින් යාලුවනේ ඉන්න තැන ඇරුණම තවත් ස්ථාන වෙනුවෙන් ඇස යොමු කරන නාසා ආයතන ගැන හිතන්නෙ මොනවද?

4:08 AM by Unknown · 0

ලොව වැඩිම කාලයක් දල්වා තැබූ බල්බය - නොකඩවා වසර 113ක්


යාලුවනේ ඔයාලා Light එකක් දැම්මොත් කොච්චර වෙලාවක් දල්වලා තියනවඩෙහ ඒක? දවසක්? සති කිහිපයක්? මාස කිහිපයක්? වසරක්? හැබැයි ඉතින් එහෙම කරන්නත් ඒක පිලිස්සෙන්නෙ නැතුව තියෙන්න ඕනනෙ. ඒත් කැලිෆෝනියාවෙ Livermore වල ගිනි නිවන මධ්‍යස්ථානයක තියෙන මේ බල්බය 1901 සිට ශතවර්ශයකටත් වඩා නොකඩවා දල්වලා තියෙනවා.
මෙය දැල්වූ දිනය ගැන නිවරදිව වාර්තා වෙලා නැතත්, මෙහි උපන්දිනය නම් සැමරෙන්නෙ ජුනි මස 18වෙනිදට. ඒ දවස තමයි ඉතින් මේක නොකඩවා දල්වන එකක් බවට සැක කරන්නෙ. ගෙවුනු වසර 113දී මෙම බල්බයට දෙපාරක්ම අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා විදුලි ඇණහිටීම් හේතුවෙන්. වරක් එය වෙනත් ගිනි නිවන මධ්‍යස්ථානයකට රැගනයන්න සිද්ධවෙලා තියෙනවා 1976දී හා 2013දී. වසර 38කට ඉහතදී කරපු මේ හුමාරුවත් ඉතා සූක්ශම විදියට කරලා තියෙන්නෙ, අඩුමගානෙ බල්බ් එක ගලවන්නෙවත් නැතුව, ඒක අමුණපු වයර් ටිකත් එක්කම ගිනි නිවන රථයකින් තමා ගෙනිහින් තියෙන්නෙ. වැඩේට ගිහින් තියෙන්නෙත් මිනිත්තු 22ක් පමණ කාලයක්.
මෙම තාපදීප්ත බල්බය හදලා තියෙන්නෙත් අතින්මයි, ඒ වගේම මේකෙ ෆිලමන්ට් (සූත්‍රිකාව)එකත් හදලා තියෙන්නෙ කාබන් වලින්.සාමාන්‍ය බල්බයක තිබෙන ෆිලමන්ටනෙකට වඩා අට ගුණයක් පමණ විශාල එකක් තිබීමත් විශේශතවයක්.මේක අර්ධ සන්නායකයක් නිසා තාපය වැඩිවෙද්දි සන්නයනය කරන විදුලියත් වැඩි වෙනවා, ඉතින් ඔය වගේ කතන්දර ටිකක් මේ සූත්‍රිකාව පිටිපස්සෙ හැංගිලා තියෙනවා.
කොහොම කොහොමහරි ඉතින් මේ වැඩේ නිසා ශතකයක් පුරාවට විද්‍යාත්මීන්ටවත් හිතාගන්න බැරිවෙන විදියෙ වැඩක් කරන්න මේ බල්බය සමත් වෙලා තියෙනවා.ඒ විතරක්ද ජීනියස් ලෝක වාර්තාවක් තියන්නත් මේකට හැකිවෙලා තියෙනවා.එමෙන්ම මෙය තිබෙන ස්ථානයේ බල්බයේ ආරක්ශාවට ඒ වෙතටම නාහිගතකරපු (Focus) කැමාරවක්ද සවි කරලා තියෙනවා.තවත් කියනවානම් මේකටම කියලා UPS එකකුත් තියෙනවා.

ෆිලමට් ආපු කාලෙන් පස්සෙ දැන් LED යුගයකට ඇවිල්ලා තියෙනවා, පහල තියෙන්නෙ මං LED එක්ක දාපු සෙල්ලම් දෙකක්, තව තියෙනවා මගෙ Channel එකේ.


1:42 AM by Unknown · 1

ලැබුවා වූ නව වසර ලොකයේ විවිධ රටවල් සැමරූ ආකාරය බලමු



එහෙනම් යාලුවනේ අලුත් අවුරුද්දෙ පලවෙනි Post එක පටන් ගනිමින් ඔයාලට ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! . එහෙනම් වැඩි කතා මොකද මෙන්න බලන්න.
Video එක වගේම මෙන්න පින්තුර ගොන්නකුත් බලන්නකෝ http://www.buzzfeed.com/franciswhittaker/the-world-begins-to-welcome-2015#.fdnZ318BmQ

11:17 PM by Unknown · 4

Google Earth හී සටහන් වූ විස්මයජනක දේවල් 50ක්


මැරෙන්න කලින් අනිවා බලන්න ඕනෙ Google Earth හී සටහන් වූ විස්මයජනක දේවල් 50ක් මෙවර ලිපියෙන්.

10:06 PM by Unknown · 7

ලොව වේගවත්ම මගී ප්‍රවාහන දුම්රිය ජපානයෙන්



ඔන්න යාලුවනේ ජපානෙ අයට අවස්ථාව ලැබිලා තියෙනවා ලොව වේගවත්ම, විශාලතම හා දිගම දුම්රියෙ ගමන් කරන්න. මේ දුම්රියට භාවිතා කරලා තියෙන්නෙ රේල් පීලි උඩ දුවන යකඩ රෝද නම් නෙවේ, Maglev නම් සිද්ධාන්තයයි. එනම්, රේඛීය මෝටර් විසින් තල්ලු කරන චුම්භක විකර්ෂණයෙන් එසවී පවතින දුම්රියකි. මෙහිදී දුම්රිය හා මාර්ගය අතර ගැටීමක් සිදු නොවන අතර මාර්ගයට උඩින් පාවෙලා තමයි ගමන් කරන්නෙ, ඉතින් ඝර්ෂණයක් ඇති නොවෙන නිසා දුම්රිය තමාට ලබාගත හැකි උපරිම වේගය ලබාගන්නවා. ඉතින් විසිවන සියවසේ මැද බාගයේ පටන් තමයි මේ Maglev ක්‍රමයට දුම්රිය නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නෙ. 1968 දී Brookhaven නම් ජාතික විද්‍යාගාරයේදී James Powell කියලා පර්යේශකයෙක් විසින් තමයි මේ චුම්භක විකර්ෂණයෙනය දුම්රිය සෑදීමේ අදහස එලිදක්වලා තියෙන්නෙ. Maglev සිද්ධාන්තය නිසා පැරණි රෝදය සහ ඇක්සල් එක වෙනුවට චුම්භක විකර්ෂණයෙනය මඟින් එසවූ දුම්රිය ලොවට දායාද වෙනවා.
මෙලෙසිස් එසවීම් හා තල්ලු කිරීම සඳහා චුම්භක ආකර්ශණ හා විකර්ශන බලය මේ පද්ධතිය හරහා තමයි ලැබෙන්නෙ.
දශකයකට පෙර සිට ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කළ Maglev දුම්රිය දැනටත් භාවිතා වේ. Yamanashi Maglev පර්යේශණයේදී අලුත්ම Maglev දුම්රිය පරික්ෂා කර ඇත.
මෑතකදී අපට හමුවන Maglev දුම්රිය වෙන්නෙ ජපානයේ LO මාදිලියෙ පැයට කිලෝ මීටර් 500ක වේගයක් ගන්න දුම්රියයි. එහි ප්‍රථම ධාවනයේදී එය සැතපුම් 26.6ක ගමන් පථයක ගමන් කර ඇති අතර එය සැතපුම් 3 පසු කරන විටඅ තම උපරිම වේගය ලබා ගත්තේය.
ඉතින් මේ මංගල ගමනෙ හිමිකරුවන් නම් පවසන්නෙ මේ අධි තාක්ශණික LO දුම්රිය තම උපරිම වේගයෙන් ගමන් කරන විට කිසිදු කැළඹිලි ස්වභාවයක් හෝ ශබ්දයක් නම් ඇතිවූයේ නැති බවයි. ඒ කෙසේවෙතත් දුම්රිය ගමන දුටු පිටස්තර අයටනම් ඒක වෙනම අත්දැකීමක් වෙලා තිබ්බෙ.
මේ දුම්රිය තමන් ලඟින් ගමන් කරන විට ඇති වූ සුළං පහරට තිගැස්සුණු වාර්තාකරුවෙක් පවසා සිටියේ ඒ අව්ස්ථාවේ කන් අඩි පුපුරන තරම් ශබ්දයක් ඇති වූ බවයි.
ඉතින් මෙවැනි ගැටලු නිසා මේ LO දුම්රිය ජනගහනය අධික ප්‍රදේශ වල ගමන් කිරීමේදී ඇතිවන කැළඹිලි ස්වභාවය ගැනත් මෙහි අයිතිකරුවන්ට සැලකිලිමත් වෙන්න සිදු වෙනවා.
අනාගතයේදී ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි රටවල් වලටත් Maglev දුම්රිය පැමිණෙන්නට ඉඩ ඇති අතර එවිට උසස්,වේගවත් ප්‍රවාහණයක් එම රටවල් වලටද දායාද වේ.

8:46 PM by Unknown · 2

ලොව විශාලතම ඩීසල් එන්ජිම බලන්න යමු



ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.
එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම.
පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. 80080KW පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා.
මෙය සිලින්ඩර් 14 එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක්ම 7500KW ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම  RTA96C එන්ජිමට සමාන වුවත් සාප්‍රදායික කැමිදණ්ඩ, ද්‍රව ඔදයනය සහ පොම්ප වෙනුවට, අලුත් තත්වයේ state-of-the-art rail තක්ශණයෙන් නිපදවා ඇත. එන්ජිමේ වේගය 22-102 rpm පමණ වේ.
170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ශමතාව අති බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි.
නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ශණයේ විස්මය ද්න්වන නිර්මාණයකි.මෙම ඕනෑම ප්‍රමාණයක නැවක් බලගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ.
චීනයේ සිට ඇමෙරිකාවට භාන්ඩ ප්‍රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එව්වා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ද වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක්  හෝ ඊට වැඩි දිගකින් යුත් නැවි ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්වබල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ.

8:57 AM by Unknown · 0

මේ ගුවන් යානයෙන් ලෝකෙ ඕනෙම තැනකට යන්න පැය 4යි


බ්‍රිතාන්‍ය ගුවන් අභ්‍යවකාශ සමාගමක් වන Reaction Engines Limited මේ දිනවල කාර්යබහුලව නිශ්පාදනය කරන්නේ එකවර මඟීන් 300ක් පමණ ලොව කුමන ස්ථානයකට හෝ පැය 4ක් වැනි කලයකින් ගෙනයාමට හැකි ගුවන් යානයක් නිපදවීමටය.මෙහි අන්තර්ගත එන්ජින්වලට අභ්‍යවකාශයේ වුවත් ගමන් කිරීමේ හැකියාවක් තිබේ.
දැනට ඇති නවීනතම තාක්ශණය වන Precooler (පෙර සිසිල් කිරීම) යොදාගත් ප්‍රතික්‍රියා එන්ජින් දෙකක් සහිතව එන මේ ගුවන් යානය තම Sabra එන්ජිමට එන වාතය තත්පර 0.01ක් වැනි කාලයකදී Celsius අංශක 1,000 ටත් වඩා අඩු කර එන්ජිම සිසිල් කරයි. මෙනිසා එම ගුවන්යානා එන්ජිම උසස් ක්‍රියාකාරීතවකින් සමන්විත වේ. මෙම Sabra එන්ජිම සමඟ පරීක්ශණ කටයුතු කරමින් සිටින් නිසා ඉහත සඳහන් ආකායෙන් කාර්යබහුල වී ඇත.
2019 මාර්තු 5 වනදා ප්‍රථම වතාවට ගුවන්ගත කිරීමට නියමිත මෙම ගුවන් යානය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක් වේගයෙන් ගමන් කරයි.

Skylon ලෙසින් නම් කර ඇති මෙම ගුවන් යානය මීටර් 82ක දුරින් යුක්ත වන අතර රොකට්ටුවක් මෙන් ගමන් කිරීමට ගුවන් යානයට මෙය උචිත වේ. කෙසේවෙතත් මෙය ගුවන්ගතකිරීම හා ගොඩබෑම සාමාන්‍ය ගුවන්යානයක් මෙන් සුදුකරයි. මෙම ආකෘතියක මිළ ඩොලර් බිලියන 1.1 ක් ලෙස සඳහන් වේ.
මෙම ගුවන් යානය සමඟ අභ්‍යවකාශයටද ගමන් කිරීමට හැකි වන අතර මෙහි ජනෙල් වෙනුවට ඇත්තේ පරිගණක තිරය. මෙනිසා පිටස්තර කැමරාවලින් ලබාගන්නා දර්ශණ සමඟ සම්පූර්ණ අභ්‍යන්තර තිර ආවරණයක් දැකගත හැක.
එසේනම් නුදුරු අනාගතයේ ගුවන් යානයකින් අභ්‍යවකාශගතවීමත් පැය 4න් ලොවවටා යාමත් ජනතාවට දායාදවේවි.

9:01 PM by Unknown · 0

සත්ව ලෝකයේ ඔබ නොදත් පුදුමාකාර තතු



මිනිසුන් වන අපට මුණ ගැසෙන සතුන් බොහොමයි,නමුත් මේ ලිපිය කියෙව්වාට පසු ඔබ ඔවුන් ගැන නොදත් කරුණු බොහොමයක් දැන ගනීවි.

  • ගෙමැස්සා (මැස්සා)
දින 14ක් තම් වූ මැස්සන්ගේ ජීවන කාලයේදී ඔවුන්ගේ සංගීතමය හැකියාවන් අඩපණ කරගන්නේ නැත, මොවුන් නිතරම F තනුව ගායනය කරති.

  • පැස්බරා
අශ්වයින්ටත් වඩා වේගයෙන් දිවීමේ හැකියාවක් ඇති පැස්බරාවන්ගේ පිරිමි සතුන්ට සිංහනාද කළ හැකිය.

  • වවුලා
පියඹීමේ හැකියාවක් ඇති එකම ශීරපායින් වන්නේ වවුලන්ය.

  • කැන්ගරුවා
කැන්ගරුවන් තම වල්ගය භාවිතා කොට ශරීරයේ සමබරතාවය රැකගනී. එහෙයින් ඔබ කැන්ගරුවෙකුගේ වලිගය උඩට එසවූවොත් ඌට පැන පැන යාමට නොහැකිවේ.

  • මකුළුවා
හරිත ප්‍රදේශවල අක්කරයකට මකුළුවන් 50,000ක් පමණ ප්‍රතිශතයක් ජීවත් වන බව ඔබ දන්නවාද?

  • කොටියා
කොටියන්ගේ ලොම් වල මෙන්ම සමෙහිද ඉරි ඇති අතර එකම ආකාරයේ ඉරි කොටින් දෙදෙනෙකුට පිහිටන්නේද නැත.

  • කිඹුලා
කිඹුලෙකුගේ ග්‍රහණයෙන් මිදී උගේ හකු තුළට නොයන්න නම්, හැකි ඉක්මනින් මහපට ඇඟිල්ලෙන් උගේ ඇසට ඇණිය යුතු වේ.

  • මැක්කා
මැක්කන්ට තමන්ගේ උස මෙන් 200ක් ගුණයක් උඩට පැනිය හැක.මෙය මිනිසෙකු විසින් New York හී Empire State ගොඩනැගිල්ලට පැනීමට සමාන වේ.

  • බළලා
රාත්‍රියේදී වුවත් ඇස් පෙනීම තිබෙන බළලුන්ට සියඹලා ගසකින් කොළයක් වැටෙන ආකාරයද පෙනේ.

  • අලියා
සැතපුම් 3ක් ඈතින් තිබෙන ජලයටද ඉව ඇති අතර ඔසප් සිදුවන ශීරපායින් වර්ග තුනෙන් එකෙකි, අනෙක් දෙවර්ගය නම් humpback තල්මසුන් සහ කාන්තාවන්ය.

  • කෝලා
කෝලා වලසුන්ගේ එකම ආහරය යුකැලිප්ටස් (eucalyptus) කොළ පමණි.

  • බීවර්
බීවර්ලගෙ දත් වර්ධනය නොනැවතී සිදුවන නිසා ඔවුන්ගේ දත් නියමිත ප්‍රමණයකට පවත්වගැනීමට විවිද ද්‍රව්‍ය සපා කති.මොවුන් මෙසේ පවත්වාගන්නේ නැත්නම් අවසානයේ එම දත් මොළය දක්වාද වර්ධනය විය හැක.

  • කූඹි
කූඹින්ගේ නැගිටීමක් වෙතොත් ප්‍රවේශම්වන්න! මෙලොව සිටින එක් මිනිසෙකුට කූඹින් මිලියනයක් බැගින් සිටිති.මෙම නම්‍යශීලී සතුන් නිදාගැනීමක් සිදු නොකර්න අතර මොවුන්ට පෙනහලුද පිහිටා නැත.

  • බෙල්ලා
බෙල්ලන්ට ලිංගිකව එක්වීමට අවශ්‍ය පරිදි ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගත හැක.

  • සමනලයා
සමනලුන්ට අක්ශි කාච 1000 බැගින් සමන්විත ඇස් යුගලක් ඇති අතර මොවුන්ට මෙමඟින් දැකිය හැක්කේ රතු, කොළ සහ කහ වර්ණ පමණි.

  • ගොළුබෙල්ලා
මෙය අත්හදාබැලීමෙන් වළකින්න.ගොළුබෙල්ලන්ට ඇසක් අහිමි වුවහොත් නැවතත් ඇසක් වර්ධනය වේ.

  • කැස්බෑවා
කැස්බෑවන්ගේ ස්ත්‍රී පුරුශ භාවය ඔවුන්ගේ හඬ අනුව දැනගත් හැක. පිරිමි සතුන් සියුම් හඬක් (grunt) නිකුත් කරන අතර ගැහැණු සතුන් තියුණු (hiss) හඬක් නිකුත් කරයි.
  • ජිරාෆ්
ජිරාෆ්ට vocal cords පිහිටා නැති නිසා හඬක් නිකුත් කළ නොහැක. අඳුරු නිල් වර්ණයකින් යුත් දිවක් පිහිටා ඇත.
  • ලේනා
නැවත ගසක් යටට යන ඔබ මේ ගැනත් සිතන්න, මිළියන් ගණනක් ගස් පැළවී තිබෙන්නේ ලේන්නුන් විසින් පොළව යට සඟවා අමතක වූ ඇට වර්ග නිසාය.
  • Humpback තල්මසා
මිහිපිට සිටින විශාලතම හඬක් නිපද්වන සත්වයා Humpback තල්මසාය.
  • බල්ලා
මිනිසුන්ගේ ඇඟිලි සළකුන මෙන් එකිනෙකාට වෙනස් නාස සළකුණක් ඇති බල්ලාට තියුණු කන් ඇසීමක් ඇත.
  • මුහුදු අශ්වයා
සෙමින්ම ගමන් කරන මාළුවා වන මුහුදු අශ්වයගේ මෙඑගය පැයට මීටර් 1.5කි.
  • ඌරා
මොවුන් එකිනෙක අතර වේගයෙන් සන්නිවේදනය කරති.විවිධ අවස්ථාවලදී ඌරන් විසින් භාවිතා කරන හඬවල් 20ක් පමණ හදුනාගෙන ඇත.
  • පැණි කුරුල්ලා
ආපස්සට පියෑබීමෙ හැකියාවක්ද ඇති පැණි කුරුල්ලා තත්පරයකට 80 වතාවක් පමන තටු සළති.

2:56 AM by Unknown · 65

Google සමාගම ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ලොවටම පෙන්වයි


යාලුවනේ අපි දන්න දෙයක්නෙ Google Street View කියන්නෙ. දන්නෙ නැති අය දැනගන්නකො ඒකෙන් වෙන්නෙ අපිට පාරෙ ඇවිදන් යනවා වගේ Google Maps හරහා වටපිටාවම බලාගන්න පුලුවන් තාක්ශණයක්. මෙතනින් ඒ සේවාව ලබාගන්න පුළුවන් maps.google.lk 

Google සමාගම දැනට රටවල් 63ක් පමණ මේ සේවාව සඳහා ආවරණය කරලයි තියෙන්නෙ. ඉතින් යලුවනේ තව දින කිහිපයකින් මේ Google Street View එකෙන් බලන්න පුලුවන් රට්වල් අතරට ලංකාවත් එකතු වෙනවා. එතකොට අපිට පුලුවන් වෙනවා අන්තර්ජලය හරහා ලංකාවේ සිතියම Panoramic (හාත්පස පැතිරුණු දර්ශණයක්) විදියට බලන්න. හරියට 3D Game එකක වගේ.


ඉතින් යාලුවනේ මේ වැඩේ කරන්න Google සමාගමෙන් අධිතාක්ශණික කැමරා සවිකරපු මෝටර් රථයක් තමා භාවිතා කරන්නෙ.ඉතින් මේ වාහනේ ලංකාවේ සෑම ප්‍රදේශයක් පසාම ආවරණය කරමින් ලබාගන්නා ඡායාරූප පරිගණක සැකසුම් වලට ලක් කරලා Google Maps වලට එකතු කරනවා. හෙට දින (2014.12.12) සිට Google Street View හරහා මේ සේවාව සපයන්න ඒ මෝටර් රථය ගමන් ආරම්භ කරනවා. ඉතින් ලංකාව වටේම ගිහින් Google සමාගම ලංකාවෙ අසිරිය මුළු ලෝකෙටම ගෙනියනවා.


තවත් දෙයක්නෙ යාලුවනේ Google Maps වලින් මිනිස් මුහුණු වාහන අංක තහඩු එහෙම බොඳ කරන එක, ඉතින් මේ වැඩේදිත් Google සමාගම ඔය ක්‍රමේ පාවිච්චි කරනවා. මේ වගේ සුවිශේශාංග රැසක් සමඟ තමයි ලංකාවෙ සුන්දරත්වය අන්තර්ජාලය හරහා ලෝකයට බෙදාහරින Google Street View හී පියවර ක්‍රියාත්මක වෙන්නෙ. ඉතින් ශ්‍රී ලංකාව ගැන සොයා බලන විදේශිකයන්ට, සංචාරකයන්ට පවා මෙමඟින් මහඟු අත්වැලක් ලැබෙනවා, තමන් සංචාරය කිරීමට නියමිත් ශ්‍රී ලංකාවෙ විවිධ ස්ථාන මෙලෙසින් බලාගැනිමට හැකිවන නිසා.

මේ ගැන දුටු Post එකක්.වැරදියට හිතන්න එපා, හුදෙක් විනෝදයට පමණි. :D

Sources :- offair.nethfm.com

8:06 AM by Unknown · 4

ලොව සිසිල්ම ගම්මානය බලන්න යමු



අද ටිකක් වෙනස් ලිපියක් ගේන්න හිතුවා, මේ කියන්න යන්නෙ ලොව අඩුම උශ්ණත්වයක මිනිස් වාසයක් පවතින ගම ගැන. එනම් රුසියාවේ පිහිටි Oymyakon. සිසිලසේ ධ්‍රැවය ලෙසින් හඳුන්වන මෙම ගම්මානයේ උශ්ණතවය ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවී.ජනවාරි මාසයේදී එය -50' C ව තිබුණු අතර එහි අවම උශ්ණත්වය වාර්ථා වූයේ 2013 පෙබරවාරි මාසයේදීය, ඒ -71' C වශයෙනි.උණු තේ කෝප්පයක් විසි කළොත් බිමට වැටෙන්නෙ අයිස් වෙලා තමයි.


දර ගොඩක් ළඟ වකුටු වෙලා ඉන්න බල්ලෙක්.විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හරියාකාරව නොලැබෙන අවස්ථාවලදී ඒ වෙනුවට භාවිතා කරන්නේ දර මඟිනි.

ඇත්තෙන්ම මේ ගමේ ජීවත් වෙනවා කියන්නෙ පුදුමාකාර අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙන වැඩක්.ඇස් කණ්නාඩි මුහුණටම ගල් වෙලා තියෙන්නෙ, බැටරි වල බලය ඉක්මනින් ක්ශය වෙනවා, උනුසුම් ගරාජයක තබන්නෙ නැත්නම් වාහනය නොකඩවා පණගන්වා තබන්න වෙනවා, ජංගම දුරකථනයක වුවත් බැටරිය ආරක්ශා කර ගැනීම අපහසු දෙයක්.


සිසිලසේ නොකඩවා පණගන්වා තබන වාහන.


ගෙවල් උණුසුම් වෙන්නෙ දර පිළිස්සීමෙන්.


නිවසින් පිටත ඇති වැසිකිළි.

Oymyakon හී වගා කරන කාලය කෙටි බැවින්, එහි සිටින මිනිසුන් මද වශයෙන් එලවළු සහ පළතුරු ආහරයට ගනී. ඔවුන්ගේ ගොවිපළවල් වල ඇති කරන පිනිමුවන්ගේ හා අශ්වයින්ගේ මස් හා කිරි මෙන්ම මාළු මොවුන්ගේ ආහාරයේ ප්‍රධාන තැනක් ගනී. මඳ වශයෙන් එලවළු සහ පළතුරු ආහරයට ගන්නා මොවුන්ට මන්දපෝශණය එතරම් ගැටලුවක් නොවේ.

 
ආහාර සඳහා හිම මත මසුන් අල්ලන අවස්ථාවක්.


Oymyakon හී වැසියන්ට ආහාර සම්පතක් ලෙස මෙම මාළු ගත හැක.















මේ මාළු වෙළෙන්දා වගේ ගොඩ දෙනෙක්ගෙ ජීවිත ගෙවෙන්නෙ ඔය දරාගන්න බැරි සීතලේ තමයි.


ගොවිපළක සිටින පිනිමුවන් රංචුවක්.

මුල් කාලයේදී පිනිමුවන් ඇති කළ අයට වෙන්වූ ගමක් වූ මෙහි දැනට 500ක් පමණ ජීවත් වේ.කෙසේ වෙතත් ඔවුනට ඇත්තේ එක් කඩපිළක් හා ආසන්නව ඇති ඉන්ධන හලකි.


ලී වලින් හදපු ගෙයක්.


Lost Bar - මෙය ලොව හුදෙකලාම Bar එක ලෙසත් හඳුන්වයි.


පහළ තියෙන්නෙ Oymyakon වලට යද්දි හමුවෙන ඉන්ධනහල.







පිනිමුව හම් වලින් හදපු බූට් පාවහන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය අතර යුරෝ 300ක් පමණ වටිනාකමක් දරයි.


Lena ගංගාවේ ජලයෙන් අයිස් වතුරෙ ගිලෙන පුද්ගලයෙක්. ඔවුන් මෙසේ Orthodox Epiphany සමරයි.


Oymyakon ගම්මානය අස්ථි ශීත කරන ශීත සෘතුවලින් සමන්විත වුවත්, මෙහි වටපිටාව ග්‍රීශ්මයේදි මෙය සංචාරක ආකර්ශණය ඇති කරන්නක් වේ.

පින්තූර :- Alex Saurel , Amos Chapple , Reuters.

7:05 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.