Google සමාගම ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ලොවටම පෙන්වයි


යාලුවනේ අපි දන්න දෙයක්නෙ Google Street View කියන්නෙ. දන්නෙ නැති අය දැනගන්නකො ඒකෙන් වෙන්නෙ අපිට පාරෙ ඇවිදන් යනවා වගේ Google Maps හරහා වටපිටාවම බලාගන්න පුලුවන් තාක්ශණයක්. මෙතනින් ඒ සේවාව ලබාගන්න පුළුවන් maps.google.lk 

Google සමාගම දැනට රටවල් 63ක් පමණ මේ සේවාව සඳහා ආවරණය කරලයි තියෙන්නෙ. ඉතින් යලුවනේ තව දින කිහිපයකින් මේ Google Street View එකෙන් බලන්න පුලුවන් රට්වල් අතරට ලංකාවත් එකතු වෙනවා. එතකොට අපිට පුලුවන් වෙනවා අන්තර්ජලය හරහා ලංකාවේ සිතියම Panoramic (හාත්පස පැතිරුණු දර්ශණයක්) විදියට බලන්න. හරියට 3D Game එකක වගේ.


ඉතින් යාලුවනේ මේ වැඩේ කරන්න Google සමාගමෙන් අධිතාක්ශණික කැමරා සවිකරපු මෝටර් රථයක් තමා භාවිතා කරන්නෙ.ඉතින් මේ වාහනේ ලංකාවේ සෑම ප්‍රදේශයක් පසාම ආවරණය කරමින් ලබාගන්නා ඡායාරූප පරිගණක සැකසුම් වලට ලක් කරලා Google Maps වලට එකතු කරනවා. හෙට දින (2014.12.12) සිට Google Street View හරහා මේ සේවාව සපයන්න ඒ මෝටර් රථය ගමන් ආරම්භ කරනවා. ඉතින් ලංකාව වටේම ගිහින් Google සමාගම ලංකාවෙ අසිරිය මුළු ලෝකෙටම ගෙනියනවා.


තවත් දෙයක්නෙ යාලුවනේ Google Maps වලින් මිනිස් මුහුණු වාහන අංක තහඩු එහෙම බොඳ කරන එක, ඉතින් මේ වැඩේදිත් Google සමාගම ඔය ක්‍රමේ පාවිච්චි කරනවා. මේ වගේ සුවිශේශාංග රැසක් සමඟ තමයි ලංකාවෙ සුන්දරත්වය අන්තර්ජාලය හරහා ලෝකයට බෙදාහරින Google Street View හී පියවර ක්‍රියාත්මක වෙන්නෙ. ඉතින් ශ්‍රී ලංකාව ගැන සොයා බලන විදේශිකයන්ට, සංචාරකයන්ට පවා මෙමඟින් මහඟු අත්වැලක් ලැබෙනවා, තමන් සංචාරය කිරීමට නියමිත් ශ්‍රී ලංකාවෙ විවිධ ස්ථාන මෙලෙසින් බලාගැනිමට හැකිවන නිසා.

මේ ගැන දුටු Post එකක්.වැරදියට හිතන්න එපා, හුදෙක් විනෝදයට පමණි. :D

Sources :- offair.nethfm.com

4 Responses to “Google සමාගම ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ලොවටම පෙන්වයි”

Unknown said...
December 11, 2014 at 4:12 PM

මචෝ blog එකට menu එකක් දාන විදිය කියා දියන්කො :-?


Unknown said...
December 11, 2014 at 7:45 PM

Blog එකේ Layout එකට pages widget එක දාලා ඒකෙ External link වලින් මෙනුව හදාගන්න


Unknown said...
August 11, 2015 at 6:52 AM

macho ballnko eketh hati thaama daala naa google ekata


Unknown said...
August 31, 2015 at 8:35 PM

තමා දාලා නැද්ද ලංකාවෙ කිසිම තැනක්?
එහෙනම් එයාලා සම්පූර්ණයෙන්ම scan කරලා ඉනාවා ඇති


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.