Showing posts with label Electronics. Show all posts
Showing posts with label Electronics. Show all posts

අඩු මුදලකින් 20 W Sub-Woofer Amp එකක් හදමු


හ්ම් ඔන්න Electronic ලිපියක් අරන් ආවා එහෙනම්,,
කලින් ලිපියකදි අරන් ආව Amplifier එකට වඩා අද අරන් ආපු එක වැඩි ප්‍රතිදාන බලයක් ලබා දෙනවා.
මෙන්න Circuit Diagram එක.

මෙය සාර්ථකව ක්‍රියාත්මක වීමට අවම වශයෙන් 12V 1.5A DC බල සැමයුමක් තිබිය යුතුය.
මෙන්න ජව සැපයුම් පරිපථය.(power supply)
මෙය පරිගණකයක Power Supply එකකින් වුවද බලගැන්විය හැක.
දැන් තියෙන්නෙ අවශ්‍ය උපකරණ ටික අරගෙන හදන්න තමා. Resistor Color Code බලාගන්න Android app එකකුත් හොයාගත්තා.
මෙන්න App එක, Click here
මෙහි TDA 2005 IC එක රු. 100/- ක් පමණ වන අතර, ඉතිරි උපාංග (Resistor, Caps) සඳහා රු. 50/- ක් පමණ වේ.
Dot board එක රු. 60/- යි.
(power supply සඳහා යන වියදම හැර)
Sub woofer Speaker රු. 350 / 650 / 1800 අතර මිල ගණන් යටතේ ඇත.
රු. 7000ක් දීලා Subwoofer එකක් ගන්න අකමැති අයට මේ ක්‍රමය ගොඩක් හොඳයි.
Subwoofer Amp එකක් තනාගැනීමට මෙය උචිතය.

7:40 AM by Unknown · 8

Transmitter පරිපථ


FM Transmitter පරිපථ තැනීමට කැමැත්තක් දක්වන අයට මා විසින් අත්හදා බලා ඇති පරිපථ අනුව මෙම ලිපියෙන් ලබා දී ඇත්තේ එවැනි පරිපථ කිහිපයකි...
www.talkingelectronics.com වෙබ් අඩවියට අනුව ඔවුන් අන්තර්ජාලයේ ඇති Transmitter පරිපථ සොයා ඒවායේ ඇති දෝශ මගහැර මෙම FM Transmitter පරිපථ නිර්මාණය කර ඇත...

1 - සරලම Transmitter පරිපථය...

මෙය ඉතා සරල එකක් වන අතර...තරංග විකාශය වන FM පරාසය සකසා ගැනීමට මෙම සියුම් කොයිලය සීරුමාරු කළ හැක.
*මීට පෙර Transmitter පරිපථ අත්හදා බලා නොමැති අය,පරිපථය නිවැරදිව සකසා Transmitter පරිපථයය බලය සැපයූ පසු FM ගුවන්විදුලි යන්ත්‍රයක් ඒ අසලට ගෙන එහි tuner එක කරකවමින් (Digital එකක්නම් සුපුරුදු ලෙසම tune කරමින්) කිසිදු හඩක් නොඇසෙන තරංග පරාසයක් (channel එකක්) පැමිනෙන තිරු tune කරන්න.එවිට කිසිදු හඩක් නොඇසෙන තරංග පරාසයක් ලැබේනම් පරිපථය ක්‍රියාත්මක වන අතරරැසේ නොමැතිනම් පරිපථයේ ඇති කොයිලය සීරුමාරු කරමින් ගුවන්විදුලි යන්ත්‍රයද සුසර (tune ) කර බලන්න.
ඉහත පරිපථය මාගේ ජංගම දුරකථනයෙහි ගුවන් විදුලිය සමග හොදින් ක්‍රියාත්මක වුණි.බැලූබැල්මට මෙහි ශබ්ද තරංග ලබා ගැනීමට Microphone එකක් නොමැති අතර ඒ වෙනුවට සියුම් කොයිලයක් භාවිතා කර ඇත...
2 - මදක් දියුණු කර තැනූ පරිපථය.
මෙයද සරල ට්‍රාන්සිස්ටරයක් යොදා තනා ඇටි අතර පළමු පරිපථයට වඩා වැඩි ආවරණ කලාපයක් හා සංවේදී බවක් ලබා දේ..
පරිපථ සටහනට අනුව තරංග පරාසය සැකසීමට 10-40p ට්‍රිමරයක් යොදා ඇත.කොයිලය සඳහා 6mm විශ්කම්භය ඇති බටයක 0.5m ප්‍රමාණයේ වයරයක් වට 8ක් ඔතා සකසා ගන්න.





මෙලෙසින් ඉතා කුඩා ඉඩක මෙම පරිපථය තනාගත හැක..ඔබේ හැකියාව අනුව ඉතා අඩු මුදලකින් වැඩි ප්‍රථිඵල අත්කර ගැනීමට මෙමගින් පුලුවනි.

9:08 AM by Unknown · 2

අහක දාන Battery එකෙන් Phone Charger එකක් හැදුවොත් නරකද?


Smart Phone වල Battery එක පරෙස්සම් කරගන්න ආස අය ඉන්නවනම් කරල බලන්න....මෙතන කරල තියෙන්නෙ USB Cable එකක +,- වයර් වලට Rechargeable battery එකක් අමුනපු එක..අමතරව Diode එකක් LED එකක් තියෙනවා වයර් මාරු උනොත් Phone එක බේරගන්නයි Charge වෙනව කියලා පෙන්නන්නයි.........
කැමති තැනකට අරන් යන්න Phone Battery එක Charge කරගන්න.......
මෙතන අරන් තියෙන්නෙ CDMA Telephone එකක Battery එකක්..4.5V හැබැයි 5V තියෙනවන්ම් තමා ගොඩක් හොද...Ampere ගාන වැඩි Battery එකක්නම් වැඩි වාර ගානක් Phone charge කරන්න පුලුවන්..
කරන්න ගිහින් අරකයි මේකයි උනා කීවොත් මම නෑ..Diagram එක දැම්මෙ නැත්තෙත් ඒකයි :D

6:09 AM by Unknown · 4

පරණ TV එකෙන් පිච්චුන CFL ඔක්කොම දල්වන්න...


අවවාදයයි!!! මෙහි Flyback Transformer එකක් මගින් අධි වෝල්ටීයතාවක් උපදවා බල්බ දල්වන බැවින් විදුලි සැර වැදීමට ඉඩ ඇත.එනිසා අත්හදා බැලීමෙන් වලකින්න..

මෙහිදී පිලිස්සුනු CFL බල්බ වලට අවශ්‍ය අධි වෝල්ටීයතාව CRT Tv එකක Flyback නම් Transformer එකකින් ලබා එම බල්බ දල්වා ඇත.මෙම ක්‍රමය මගින් Tube Light පවා දැල්විය හැක.Flybackහී ඇති විශාල විදුලිය නිසයි CRT රූපවාහිනී අලුත්වැඩියාව අනතුරුදායක යැයි කියන්නෙ..CRT කියන්නෙ LCD,LED TV වලට කලින් ආපු TV...



කොමෙන්ටුවක් දාලම යන්න...........

5:45 AM by Unknown · 5

My little Radio station




11:30 PM by Unknown · 1

LED VU meter usig AN6884 chip


 
මේ තියෙන්නෙ යාලුවනේ LED යොදා කරපු නිර්මාණයක්.මේකෙ පරිපථ සටහන තමයි පහල තියෙන්නෙ,
මේ තියෙන්නෙ Flyback Transformer එකක්.මේවා තියෙන්නෙ CRT TV වල,ඒවාගෙ අධි වෝල්ටීයතාවක් භාවිතා වන අවස්ථාවක් තමා පින්තූරෙ තියෙන්නෙ.

1:25 AM by Unknown · 1

විදුලිය පිරිමසන LED යොදාගත් පහන් කූඩුව


 
  මෙතනදි මම Phone charger එකක් බල සැපයුම විදියට පාවිච්චි කරලා,පාට මාරුවන වර්ණවත් LED බල්බ් කිහිපයක් සමාන්තරගත විදියට අමුනල ගත්තා....



 සම්පූර්නම පේන්නැත්තේ කැමරාවෙන් නිසා....

6:51 AM by Unknown · 1

පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..




කොහොමද ඉතින් යාලුවනේ මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.

මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.
 
 මේ තියෙන්නෙ Vibration motor වගයක්.
එහෙනම් ෆෝන් එක ගලවලම වැඩේ පටන් ගමු.
 Remove vibra assembly with white rubber cover.

මුලින්ම Vibration motor එක ගලවන්න.
Use soldering iron to connect two wires to printed circuit board

දැන් ඒ මෝටර් එකේ වයර් circuit එකට සම්බන්ද වෙන තැන් වලට වයර් දෙකක් පාස්සන්න.
Drill small hole for wires to phone.

ඒ වයර් පිටට ගන්න සිදුරක් සාදාගන්න.
Put wires to hole and assemble phone.

දැන් ඒ වයර් පිටට අරන් ෆෝන් එකේ පියන වහන්න.
Make hollow to back cover for wires.

දැන් පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.

ඔය කලු රතු වයර් තමා ෆෝන් එකෙන් පිටට ගත්තෙ ඒවගෙ + - මාරු උනාට අවුලක් නෑ.හැබැයි රිලේ එකේ (ඔය නිල් පාට ගැජට් එකේ.පහල තියෙන්නෙ රිලේ එකක කනෙක්ශන් තියෙන විදිය) 1 2 ට අමුනාගන්න. 3 4 තමා දැන් ස්විච් එකක් විදියට වැඩ කරන්නෙ.
 
දැන් මේ වයර් අමුන ගත්ත ෆෝන් එකට කෝල් එකක් අරන් බලන්න.
රිලේ එකෙන් ටික් ගාල සද්දයක් ඇහෙයි.
ඒ කියන්නෙ අර 3 4 කොල නිල් වයර් වල ස්විච් එක සම්භන්ද උනා.

මෙන්න මේ විදියට රිලේ එකට LED එකක් සම්භන්ද කරල බලන්න. දැන් කෝල් එකක් දීල බලන්නකො. LED එක on වෙයි. (මන් 1k resistor එකක් ගත්තෙ 9v battery එකක් ගත්ත නිසා). 2v විතර තිබුනොත් LED එකකට හොදා.

ඒත් ඔයාල මේකෙ හොදම හරියට ආවේ නහැනෙ.... අපිට දැන් ලෝකෙ කොහෙ හිටියත් මේ පොඩි circuit එක on කරන්න පුලුවන්. මේ බ්ලොග් එක හොදට කියෙව්ව අයටනම් පුලුවන්. ඒක නරක විදියට පාවිච්චි කරයි කියල හිතලා මන් මෙතන කියන්නෑ.

ඔයාල ගෙදර ලයිට් එකක් ON/OOF කරන්න.වාහනේ Ignition ස්විච් එකට සෙට් කරහෙන කෝල් එකකින් පනගන්වන්න වගේ වැඩ..

ඉතින් ඔයාලත් මේ වගෙ නව නිර්මාන හදල ලංකාවට වැඩදායි දෙයක් කරන්න. Sadeepa Music Zone බ්ලොග් එකේ මම සදීප.
වැඩේ කොහොමද කියල comment එකකුත් දාලම යන්න..ඔයාලට සුභ දවසක්.

7:28 PM by Unknown · 17

විදුලි බිල මනිමු!..


7:35 AM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.