My little Radio station




11:30 PM by Unknown · 1

හොල්මන් යනු


හරි මම කියන්න බුදු දහම හා අනෙක් සාදක අනුව හොල්මන් කියන්නෙ කවුද කියලා,තව මං පත්තර,බණ දේශනා වලින් එකතු කරගත්තු තොරතුරුත් කියන්නම්කො..
හොල්මන් කියන්නෙ මැරුන අය තමා.
හැබැයි මැරුන කෙනා ඇයි තමන්ගෙ ගෙදර අයට එහෙම කරදර කරන්නෙ?
*ඒ එයාලා මැරුනාම මනස වෙනස් වෙනවා කියමුකෝ

කෙනෙක් මැරුනාම එයාට පින් බලාපොරොත්තුවෙන් තමා ගෙදර අයට කරදර කරන්නෙ පිං ඉල්ලලා.
කරදර කරනවා!!ඇයි ඒ?
මොකද එයා ජීවත් වෙලා ඉන්න කාලේ ආසාවෙන් උන්න පවුලෙ,මිතුරු උන, දේපලක් හෝ වාහනයක් හෝ දෙයක් මැරුනම දාල යන්න බැරි තන්හාව නිසා ඒ කර්මයට(ක්රියාවට) මරනින් පසු ප්රේතයෙක් වෙලා උපදිනවා.
ප්රේතයො?කවුද ඒ?
අන්න එයාල තමා ඔය කියන හොල්මන්.
ඉතින් කියමුකො ඇයි එයා කරදර කරන්නෙ?
ප්රේතයො කියන්නෙ පෙරේතයොම තමා මොකද එයාලට කල ගෙඩි වගේ බඩවල් තියෙනවා,හැබැය් කෑමක් ගන්න බැහෙ මොකද එයාලගෙ කට ඉඳිකටුවට නූල දාල තරම් පුංචි සිදුරක් ගානට තියෙන නිසා,හරියට අර ලොකු බඩ පුරාවාගන්න බැරුව එයාලා බඩගින්නෙ විදවනවා තමන්ගේ තන්හාව.ඉතින් මෙයාලට ඒකෙන් ගැලවෙන්න එක විදියයි තියෙන්නෙ,ඒ පිං ලබාගෙන.ආ තව එකක් මං අහලා ත්යෙන විදියට පිං කරන්න පුලුවන් මිනිසුනට විතරඉ.ඉතින් මේ මැරුන කෙනත් තමන් ජීවත් උන කාලගෙ උන්න අයගෙන් ඉන් ඉල්ලනවා,අනේ එයාල පින් දෙන්නැත්නම් මේ ප්රේතයා අනිත් අයට කරදර කරනවා,ලෙඩ කරනවා..
ඉතින් ඒකනෙ කියන්නෙ ඔය ප්රේත දෝශ වලින් ගැලවෙන්න මලගිය අයට පින් දෙන්න කියලා…
ප්රේතයො කියන්නෙ ඔය කියන හොල්මන් නොහොත් මැරිලා අපිව බය කරනව කියන අය.
ඉතින් අය ෆොටෝ වලට එහෙම අහුවෙන්නෙ(අනේ ඔය ඇත්තම නිනිස්සු වගේ ඉන්නෙ නම් බොරු ඒවගේ) විරූපී අය එයාලා තමා බඩගින්නේ දුක් විදීන හොල්මන් නොහොත් ප්රේතයෝ..
*තව එකක් මේ ටිකේ ඔය ෆේස්බුක් එකත් ගාවගෙන මැරුන අය,ඒ වගේ තව කෙනෙක් ගැන තරහින් නරක චේතනාවෙන් අවසාන මොහොතෙ මැරෙන අය මීට වඩා දුක් විදිනවා…සමහරවිට ඉර එලියවත් නොලැබෙන අපාවල..තිරිසන් අපාය(තිරිසන් කියන්නෙ සත්තු)නොහොත් සත්තු ඉන්න අපාය ඒ කීවෙ සත්තු ඉන්න අපේ ලෝකයට තමා ඉර එලිය ලැබෙන එකම අපාය.
තව දේවල් ඉස්සරහට කියන්නම්…හබැයි මේක කෙටුවට ප්රතිචාර ලැබුනොත්.(සොරි හොදේ අනවශ්ය දේවලුත් කීවට)මේවා කියන්නෙ බන දේශනා,ලිපි බොහොමයක මේ දෙය විවිද ලෙසින් ඔප්පු කර තිබුන නිසා..

7:28 AM by Unknown · 3

SLT එකේ Data ඉවර උනාම අධි වේගයෙන් Facebook යමු


 
SLT එකේ Data ඉවර උනාම එයාලා slow කරන නිසා,මේ ජිල්මාට් එකෙන් අධි වේගයෙන් Facebook යමු.
පහල ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ කොහොමද speed කියලා........ https://m.facebook.com

3:09 AM by Unknown · 0

LED VU meter usig AN6884 chip


 
මේ තියෙන්නෙ යාලුවනේ LED යොදා කරපු නිර්මාණයක්.මේකෙ පරිපථ සටහන තමයි පහල තියෙන්නෙ,
මේ තියෙන්නෙ Flyback Transformer එකක්.මේවා තියෙන්නෙ CRT TV වල,ඒවාගෙ අධි වෝල්ටීයතාවක් භාවිතා වන අවස්ථාවක් තමා පින්තූරෙ තියෙන්නෙ.

1:25 AM by Unknown · 1

මෙන්න English Medium මල්ලිලා නංගිලට හොඳ අවස්ථාවක්...


අලෝ මෙන්න මගෙන් 6 , 7 , 8 වසරවල English Medium කරන මල්ලිලා නංගිලට ගොඩක් වැදගත් Presentation ටිකක්,හැමෝම අතරෙ බෙදාගන්න හොදට ඉගෙනගන්න
  • Health
  • Geography
විතරයි තාම තියෙන්නෙ... ඒත් අරගෙනම බලන්නකෝ.....පහල තියෙනවා link ටික....
Grade 6, 7, 8, - Health , Geography Presentations Free download from Sadeepa Music Zone click the links in below to download.


6 - Goegraphy - Lesson - 1.ppsx
4,225 KB
01-10-2014

6 - Goegraphy - Lesson - 2.ppsx
2,566 KB
01-10-2014

6 - Goegraphy - Lesson - 3.ppsx
87 KB
01-10-2014

6 - Goegraphy - Lesson - 4.ppsx
96 KB
01-10-2014

7 - Health - Lesson - 1.ppsx
372 KB
01-10-2014

7 - Health - Lesson - 2.ppsx
106 KB
01-10-2014

7 - Health - Lesson - 3.ppsx
108 KB
01-10-2014

7 - Health - Lesson - 4.ppsx
126 KB
01-10-2014

8 - Goegraphy - Lesson - 1.ppsx
6,320 KB
01-10-2014

8 - Goegraphy - Lesson - 2.ppsx
5,228 KB
01-11-2014

8 - Health - Lesson - 1.ppsx
134 KB
01-11-2014

8 - Health - Lesson - 2.ppsx
67 KB
01-11-2014

8 - Health - Lesson - 3.ppsx
173 KB
01-11-2014


Passord- www.sadeepa01.blogspot.com

6:01 AM by Unknown · 1

මොකක්ද මේ Facebook Hacking කියන්නේ..



         2004 - 02 - 04 උපත ලද මෙම Facebook සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෲ වනුයේ මාක් ශුකබර්ග් .හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තම මිතුරන් සමඟ විනෝද වීමට මොහු විසින් මුලින්ම මෙය තනා ඇති අතර,පසුව එම විශ්වවිද්‍යාලයේ අති විශාල සිසුන් ප්‍රමාණයක් අතර මෙය කෙටි කලක් තුළම ජනප්‍රිය විය. සමඟම පිටත ලෝකයට විවෘත වූ ෆේස්බුක් සමාජ ජාලය,අපගේ මව්බිම වන ශ්‍රී ලංකාවටද ලැබුනේ එය අන්තර්ජාල පහසුකම ඇති ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි වූ වෙබ් අඩවියක් නිසාවෙන්ය.නමුත් මෙයද හොඳට මෙන්ම නරකටද පාවිච්ච් කරන උදවියකගෙ වැඩක් තිබේ.සරලවම කියනවනම් මෙම සමාජ ජාල වෙබ් අඩවියේ සිටින සාමාජිකයන්ගේ ගිණුම් හැක් කිරීම නොහොත් අනවසරයෙන් අනුන්ගේ ගිනුම් වලට පිවිසීමයි.
            ඉතින් මේ හැක් කරනව කියලා වෙන කෙනෙකුගේ ගිණුමක මුරපදය(Password) එක උස්සලා නොයෙක් වාසි ගන්න අය අපේ රටෙත් නැතුවා නොවේ,මොහොතක් හිතන්න ඔබගේ ෆේස්බුක් ගිණුමත් කිසිවෙකු හෝ හැක් කර එහි ඔබේ නමින් වැරදි යමක් දැමුවහොත් එයින් ඔබ කෙතරම් අපහසුතාවයට පත් වේද කියා.ඒ නිසා එවැනි දෙයක් තමන්ට නොවෙන්න වගබලාගැනීමට නම්,මේ හැකර්ස්ලාගෙ උපක්‍රම දැනගත යුතුයි.ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න බොහෝ විට භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත පරිදිය.
Ø  Keylogging
Ø  Phishing
Ø  Realtime hacking
ක්‍රම වලින් එයලා හැක් කරන්නේ මෙහෙමයි..
Keylogging
                මේක බොහෝ රහසිගතව පාස්වර්ඩ් පමණක් නොවේ ටයිප් කරන සෑම දෙයක්ම පාසා සොරකම් කරන ක්‍රමයක්.මෙහිදී වනුයේ හැකර් හැක් කරන්න බලාපොරොත්තුවන කෙනා ෆේස්බුක් ලොග් වන පරිගණකයේ “Keylogger” නම් ටූල් එකක් install කිරීමෙන්ය.මෙය ඔහුට කෙලින්ම කිරීමට නොහැකිනම් ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාගෙ පරිගණකයට මේ Keylogger රහසිගතව යවනු ඇත.උදාහරණයක් ලෙස,ඔහු මෙය  සොෆ්ට්වෙයා එකක් ලෙස හෝ වෙනත් ෆයිල් එකක වේශයෙන් අවශ්‍ය කෙනාට E-mail හෝ වෙනත් අයුරකින් ලබා දෙයි.පසුව එම හැකර් මොහුව රවටා මෙම ටූල් එක, මොහු නොදෙනුවත්වම install කරගනී.මෙම Keylogger එක තිබෙන පරිගණකයේ එය තිබෙන බවක් නොපෙන්වා ඒ පරිගණකයේ කරන කියන සියලුම වැඩ හැකර්ගෙ අතට යවනවාඑලෙසින් ඔය අතරතුර මොහුගේ Facebook Password එකද නොදැනුවත්වම හැකර්ගෙ අතට ගොස්  මොහුගේ ගිණුම හැක් වෙනවා.Internet café තුළ ඇති පරිගණක වලද මෙම Keyloggers තිබිය හැක.
Phishing
          මෙය Fishing වැනි වැඩකි,මන්ද හැකර් මෙහිදී කරනුයේ අවශ්‍ය කෙනාට ඇමක් දී එම Facebook Account එක හැකර් විසින් බිලී බා ගැනීමකි.හැකර් කරනුයේ ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාව රවටා ගැනීමයි.ඔහු ලින්ක් එකක් එවා හැක් කරන්න අවශ්‍ය කෙනා බලන්න කැමති ලෙසට.උදාහරණයක් ලෙස ඔහුට ලොකු මුදලක් එම ලින්ක් එකට ගියහොත් හිමි වන බව පැවසීමක් වැනි මුලාකිරීමක් ගත හැක.ඒ අයුරින් එම ලින්ක් එකට ගිය විට Facebook එකෙන් ඔහුට ලොග් වීමට පවසනවා එම ලින්ක් එකට යෑමට නම්.නමුත් එහි Facebook login page එක වගේ පෙන්වන්නේ හැකර් හදපු බොරු සයිට් එකය.ඉතීන් අපේ යාලුවෝ ඔවුන්ගෙ පාස්වර්ඩ් එක හැකර් දෙනවා නොදැනුවත්වම.
Realtime hacking

මෙය ඇත්තෙන්ම අඟේ ඉදන් කන කනවා වගේ වැඩක් ය. මන්ද,මෙහිදිත් කරනුයේ ලොකු රැවටීමකි.හැකර් කරනුයේ ෆේස්බුක්හී Fake (හොර) account එකක් සදාගෙන හැක් කරන්න අවශ්‍ය කෙනාට ලොකු මුලාකිරීමක් (බයිට් එකක්) කරනවා.සමහරවිට හැකර් ගැහැනු නමකින් පැමින, හැක් කරන කෙනා සමඟ හොදින් මිතුරු වී,සමහර විට පෙම්වතියක් ලෙසින් හෝ විශ්වාසය දිනාගත හැකි කුමන ක්‍රමයකින් හෝ මිතුරු වී හැක් කරන්න අවශ්‍ය කෙනාගෙන්ම Password එක ඉල්ල ගන්නවා.
ඉතින් ඔය විවිධ ක්‍රම මඟින් හැක් කරන අයගෙන් ප්‍රවේසම් වීමටනම් අපම මදක් වැඩිදුර සැලකිල්ලකින් යුතුව මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කළ යුතුයි.කවුරුන් දුන්නද, ලින්ක් එක විශ්වාස නැත්නම් නොයා සිටීම ආරක්ශා සහිතය.අන්තර්ජාලයෙන් භාගත කරන සැම දෙයක්ම open කරන්න පෙර සැලකිලිමත් වන්න.තවද අවම වශයෙන් මසකට දෙවතාවක්වත් ඔබේ මුරපදය (password) එක වෙනස් කරන්න.වෙනත් පරිගණක මඟින් Facebook ගිණුමට log වුවහොත් මතක ඇතුව log out වන්න.යාලුවන්වත් හැකර්ලගේ අතට අසු නොවෙන්න මේ ගැන ඔවුනටත් කියා දෙන්න.
Sadeepa Ravishan

10:45 PM by Unknown · 4

ෆේස්බුක් හොර Profile පහසුවෙන් සොයගන්න.....


මෙන්න මන් හුග කාලෙක ඉදන් ෆේස්බුක් එකේ කෙල්ලන්ගෙ හොර අල්ලන්න භාවිතා කරපු ක්‍රමයක්,
මේකයි සීන් එක ඔය කෙල්ලො එයාලගෙ කියලා පින්තූර දගෙන කොල්ලන්ව අමාරුවෙ දාන්න යන වෙලාවල් තියෙනවානේ,වැඩේ කියන්නෙ කොල්ලොත් කෙල්ලන්ගෙ පිංතූර දාගෙන කෙල්ලන්ගේ නමින් කරන කෙරුවාව හින්දා මේක ඔයාලටත් නොකියම බෑ කියලා හිතුන
ආයෙ වෙන කෙනෙක්ගෙ එකක් අරන් වලි දාගන්න ඕනි නෑනෙ ඔන්න මගෙ එකම ගත්තා...



  

වැඩේ හරි හියානම් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ,ඔන්න කෙල්ලන්ගෙ ෆොටෝ වලට මන්  මුකුත් කීව ඒම නෙවේ හොදේ,ෆොටෝ එකක් දාන්න,ඒත් ඔයාගෙ නෙවේනම් කියන්න මේ කොල්ලො රවට්ටන්නේ නැතුව.

9:24 AM by Unknown · 5

විදුලිය පිරිමසන LED යොදාගත් පහන් කූඩුව


 
  මෙතනදි මම Phone charger එකක් බල සැපයුම විදියට පාවිච්චි කරලා,පාට මාරුවන වර්ණවත් LED බල්බ් කිහිපයක් සමාන්තරගත විදියට අමුනල ගත්තා....



 සම්පූර්නම පේන්නැත්තේ කැමරාවෙන් නිසා....

6:51 AM by Unknown · 1

වස විස නැතිව මදුරු කරදරයෙන් මිදෙමු...


වස විස නැතිව මදුරු කරදරයෙන් මිදෙමු...
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවේ..
 

7:25 AM by Unknown · 0

නොමිලේ Facebook යමු :) Facebook For Free...


ආ යාලුවනේ මෙන්න ඔයාලට අලුත් ආරංචියක්, ඔයාලත් ෆේස්බුක් යනවා වෙන්න ඕනි සාමාන්යෙන්,ඒකට ඉතින් අන්තර්ජාල සේවාදායකයාට සල්ලි ගෙන්වන්න වෙනවානේ... මේක හොර විදියට නෙවේ හරි විදියට සල්ලි කපාගන්නැතුව ෆේස්බුක් යන්න ක්‍රමයක්..මහලොකු දෙයක් නෑ.. 0.facebook.com/ එකට යන්න..ඔයාලත් බලන්න ඒකට සල්ලි යනවද කියලා...

10:22 PM by Unknown · 5

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.