පරිගණක තාක්ශණයේ අනාගතය මගේ ඇසින් - අනාගතයට ගිය මම



ලස්සනයි නේද උඩ පින්තූරෙ තියෙන Computer එක :) ඒත් ඉතින් මේක තියන්න ටිකක් ලොකු කාමරයක් ඕනෙ.
ඔය තියෙනෙ දැනට ලොව වේගවත්ම පරිගණක ගණයට අයත්වන TITAN සුපිරි පරිගණකය මෙයට තට්පරයකදී ගණිතකර්ම ට්‍රිලියන 27,000ක් සිදුකළ හැක.සැබැවින්ම ප්‍රමණයට සාපේක්ශව සාමාන්‍ය Desktop පරිගණකයකට වඩා වේගවත්, ඔබ දන්නවාද Blue Gene සුපිරිපරිගණකයේ Processors 250,000 භාවිතාවන බව?
හරි වර්තමානය බැලුවා, ඒත් පොඩ්ඩක් අතී තයක් කතාකරමුද?
මේ මොකක්ද කියලා ගොඩක් අය දන්නවා, ඔව් ඔය තියෙන්නෙ ලොව පළමු පරපුරේ පරිගණකයක් වන Eniac පරිගණකයයි. ඇත්තටම ඒ කාලේ ගණිතමය කටයුතු වලට භාවිතාකරපු උපකරණත් එක්ක සසඳලා බලද්දි කාමරයක් පිරෙන්න තිබ්බ සුපිරි පරිගණකයක් වගේ තමා මේක, හැබැයි ඒ දවස්වල.(1946)
ඒ කොහොම උනත් අද අඩුම ගානට තියෙන Chinese phone එකෙන් කරගන්නවා ඔයිට වඩා ලොකු වැඩ ගොඩක්. මේ පරිගණකවල  Processor එකක් වෙනුවට තිබ්බෙ  Vacuum Tubes 250,000 ක එකතුවක්. ඒත් කවුරුහරි ඔය පරිගණකය හදපු දවසෙ කිව්වානම් 2014 වෙද්දි ඔය පරිගණකයෙන් කරගන්න වැඩ ටික කරගන්න උපකරණ අතේ තබාගන්න තරාට කුඩා වන අතර ඉතා අඩු මුදලකට ඒවා වෙළඳපොලට එන බවත්, කවුරු විශ්වාස කරයිද?
පොඩ්ඩක් බලන්න පලවෙනි පින්තූරෙත් තියෙන්නෙ පරිගණකයක් 2014 වෙද්දි ලොව සුපිරිම ගණයට අයත් , දෙවෙනි පින්තූරෙත් තියෙන්නෙ පරිගණකයක් 1946 වෙද්දි ලොව සුපිරිම ගණයට අයත් වෙලා තිබුණ.
ඉතින් මම කියන්න යන්නෙ වෙන මොකුත් නෙවේ අද 1GHz processors (මීට වඩා වැඩි වේගයන් ඇත) අතේ තියන Phone එකටත් ඇවිත් තියෙනවා ඒත් තව වසර 40ක්පමණ යන්නත් කලින්  Processors 250,000ක වේගයක් සහිත ජංගම දුරකථන සාමාන්‍ය ජතතාව අතරට එනු නොඅනුමානයි. 
හැබැයි ඒ කාලෙ වෙද්දි Phone කියලා දෙයක් නැති වෙයි ,
 මොකද අද භාවිතාවන "Desktop පරිගණකය , Smart phone එක වැනි උපකරණ කිහිපයක් වෙනුවට එක් උපකරණයක්" ජනතාව අතරට ඒමයි.
ඒ විතරද Storage Devices මේ සියල්ලටම පෙර භාවිතයෙන් හීන වෙනවා මන්ද Cloud Storage සැම දෙනා අතරටම යන නිසා, 5G තාක්ශණයත් නොබෝ දිනකඉන් පැමිණෙන නිසා Pen එකක් දීලා Data හුවමාරු නොකර Cloud ක්‍රමයට අනිත් අය එක්ක දත්ත හුවමාරු කරගන්න පහසු වෙනවා මන්ද යත් තත්පරයකට Tera bit ගණනක වේගයෙන් එම කටයුතු සිදු වන නිසා.එනිසා අතේ ගෙනයන Storage Devices කරදරයක් වන මට්ටමට පැමිනේ.

ඇතටම Storage ගැන කතාකරද්දි මට මතකයි මම පෙර පාසල් යන් වයසෙදි අපේ ගෙදරට ගෙනාපු Pentium 2 Computer එක, ඒකෙ Hard Disk එකේ මතක ධාරිතාව 8GB විතරයි තිබ්බෙ, ඒත් අද 8TB Hard එකක් කියන්නෙ සුළු දෙයකනෙ ඉතින් තව වසර 40 ක් යන්නට පෙර 8TB යනු අර මම කිව්ව ජංගම දුරකථන වෙනුවට එන උපකරණයේ තාවකලික මතකයක් වේ. (RAM සමහරවිට Cache එක :/ )



මීට වසර 40ට පමණ පෙර කිසිවෙකු හෝ කීවානම් අත්ලේ තබාගන්න උපකරණයක් හරහා එකම වෙලාවේදි ලොව දෙකෙළවර සිටින ද්දෙනෙකුට මුහුණට මුහුණ බලා කතාකරන්න පුලුවන් කියලා එය හුදෙක් විහිලුවක් වන්නට තිබුණා.


ඉතින් මෙතනදි කියන්න යන්නෙ, ඔව් වසර 40කින් නෑ 50කින් හ්ම් කීයකින් හරි ග්‍රහලෝක දෙකක සිටින පුද්ගලයින්ට අර මම කිව්ව උපකරණය හරහා එක් ක්ශණයකින් එම ග්‍රහලෝක දෙක හරහා ගමන් කරන්න හැකියාව ලැබෙනවා, ඒ කෙසේවෙතත් සඳහන් කළ යුතුයි Hologram / Virtual Reality වැනි දෑ තවත් දියණු වී සැබෑ ලෝකය ඒවාගෙන් පරාජය කරන බව. පේනවානෙ දැන් පරිගණක තාක්ශණයේන් ආපු සමජ ජාල ;) .එතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා බලවත් වෙනවා.


මීට දින කිහිපයකට පෙර මා හට ආරංචි වූ දෙයක් නම්, කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක් විසින් සිදුකළ පරීක්ශණයක් මගින් මිනිස් මොළයට දත්ත ඇතුලත් කළ Chip එකක් ආධාරයෙන් මොළයට උපදෙස් ලබා දීමට හැකි වූ බව. කෙසේ වෙතත් මේ ගැන සෙවීමට මා උනන්දු නොවූයෙමි.




එමෙන්ම කෲතිමව මිනිස් ජීවීන් බිහිකිරීමට , අවශ්‍ය තාක්ශණයක් වෙතොත් එමඟින් මා පිය දෙපළක් නොමැතිව කෘතිම දරුවන් නිපදවන ක්‍රමයක් බිහිවන අතර ඔවුන්ගෙන් යම් වැඩක් ගන්නට අවශ්‍යනම් එම උපදෙස් මාලාව කෘතීමව ඔවුන්ගේ මනසට ඇතුලත් කළ හැකි වනු නොඅනුමානය.













අපොයි මම පරිගණක තාක්ශණයන් පිට පනිනවා, නෑ කොහොම උනත් දැන් හැම ක්ශේත්‍රයක්ම පරිගණක තාක්ශණය විසින් අත්පත්කරගෙන තියෙන නිසා අනගතය ගැන කියන්න ඕනෙ නැහැනෙ.
අදට කෙටුවා ඇති වගේ මේ ලිපියට අලුතෙන් යමක් එක් කළොත් Updated කියල දාන්නම්.
 තරහවෙන්න එපා බං මම කාගෙවත් නම් ගම් මතක් තියාගන්න උනන්දුවක් නැති කෙනෙක් , ඉතින් වරක් අනාවැකි කියන පුද්ගලයෙකුගෙන් ඇහුවලු ඔබට 3න් වන ලෝක යුද්ධය ගැන මොකද කියන්න තියෙන්නෙ කියලා, ඔහුගේ පිළිතුර මෙසේය,
" මට 3න් වන ලෝක යුද්ධය ගැන නම් කියන්න හැකියාවක් නෑ , නමුත් මට විශ්වාසයි හතරවන ලෝක යුද්ධය වෙන්නෙ ආයුද වලින් නෙවේ පොලු මුගුරු වලින් " තේරෙනවානෙ කියපු දේ, මිනිසා හුදෙක් විනාශයට ලඟාවනවා යන වග අපකවුරුත් දන්නා කරුණකි.
මන් දන්නවා මොන දේ කිව්වත් විහිලුවකට ගන්න පිරිසකුත් ඉන්නවා කියලා, ඉතින් මම කියන්නෙ නෑ කාටවත් මෙව්වා විශ්වාස කරන්න කියලා :) .අන්තිමටම මම කියන්න කැමතියි මම කිව්ව දේවල් බොරු වෙන්නත් පුලුවන් , මොකද කිසිම විද්‍යාත්මක පසුබිමක්වත් නැතුව කිව්ව නිසා.අනාගතයට ගිය මම සදීප. ;)

6 Responses to “පරිගණක තාක්ශණයේ අනාගතය මගේ ඇසින් - අනාගතයට ගිය මම”

C0d3_X said...
August 13, 2015 at 9:17 AM

good luck bro


Anonymous Administer said...
August 13, 2015 at 6:32 PM

TFS Bro


Unknown said...
August 16, 2015 at 1:35 AM

Good Luck Bro


Unknown said...
August 16, 2015 at 1:35 AM

Good Luck Bro


Unknown said...
August 16, 2015 at 1:35 AM

Good Luck Bro


Unknown said...
August 31, 2015 at 8:33 PM

ස්තූතියි හැමෝටම


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.