Google Data Center ගැන දැනගමු Online බලන්න යමු



Google ආයතනය සතුව ඇති දත්ත ගබඩාව අප සැමට නොමිලේම නැරඹීමට ඔවුන් Online අවස්ථාවක් ලබා දී ඇත.මෙතනින් ගිහින් බලන්න ඒ සියල්ලම - http://www.google.com/about/datacenters/gallery
ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම යන රටවල් වල මෙම Google Data Centers 8ක් පිහිටා ඇත.50000ක් පමණ Servers වලින් සමන්විත වූ එය අප Google සමඟ සිදු කරන සෑම වැඩකටම සේවය සැපයීම සිදු කරයි.ඔයාලා මේ බ්ලොග් එක බලන්නෙත් ඒ Servers වල උදව්වෙන් තමා.මෙම ස්ථානයට සැබෑවටම ඇතුල් වන්න අවස්ථාව ලබගත් අය සිටින්නෙ ඉතා සීමිත ප්‍රමාණයකි.මන්ද, එහි ආරක්ශාව වැනි හේතුන් හා ඒවායෙහි ඇති දත්ත වල පෞද්ගලිකත්වය රැකගැනීමට හා ඊට අනුබද්ධ වෙබ් අඩවිවල වගකීමද Google අයතනය සතුව පැවරී තිබීමයි.
මේවායෙහි භාවිතාවන බලශක්තියෙන් 35% ක්ම Renewable (නැවත නැවත භාවිතා කළ හැකි) වන අතර,මෙය දිනකට වෙබ් පිටු බිලියන 20ක් හැසිරවීමට, වෙබ් සෙවුම් බිලියන 3කට හා මිලියන 425ක් තරම් Gmail users ලා වෙත සේවය කිරීමට යොදා ගැනේ.Google Data Centers පිහිටා ඇති අනෙක් රටවල් ලෙස Berkeley County, South Carolina; Council Bluffs, Iowa; Douglas County, Georgia; Mayes County, Oklahoma; Lenoir, North Carolina; The Dalles, Oregon; Hamina, Finland; and St. Ghislain, Belgium ගත හැක.Quilicura, Chile; Hong Kong, Singapore හා Taiwan හී තවත් Data Centers ඉදි වෙමින් පවතී.

වර්ග අඩි 115,000ක ඉඩක ඇති Servers මඟින් Search හා You tube වැනි සේවාවන් සපයයි.
Douglas නම් රටෙහි ඇති Data Centers වල සේවකයින් හට එහි ගමන් කිරීමට පා පැදි ලබා දී ඇත.
Oregon data center එකෙහි ජලය එහා මෙහා ගෙනයන ජල නල පද්ධතිය පහතින්. එහි නිල් පාටින් ඇත්තේ සිසිල් ජලය ගෙන යන නල හා රතු පටින් ඇත්තේ සිසිල් කිරීම සඳහා උණුසුම් ජලය ගෙන එන නල ය.

Douglas හී Iowa වල ඇති data center එක.

දෘඩ තැටි (Hard Drive) රාක්ක.

නැවත භාවිතයට නොගන්නා දෘඩ තැටි විනාශ කිරීම.

Street View එකෙන් Google Data Centers බලන්න මෙතනින් -- http://www.google.com/about/datacenters/inside/streetview/

Google Data Center වල Videos කිහිපයක් පහතින්




යාලුවො කිව්වා මේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අලුත් ලිපි දාන්න කියලා, පුලුවන් විදියට දාන්නම්. :) මතක ඇතුව Share කරගෙන යන්න Post එක අනිත් අයටත් දැනගන්න.

8:08 AM by Unknown · 0

Quadcopters ගැන දැනගමු


නියමුවන් රහිත අහස් යානා අද වන විට ලංකාවට අලුත් දෙයක් නොවන බව සැබෑවකි.එවැනි මාතෘකාවක් ලෙස Quadcopters ගත හැක. මෙහිදී වැදගත් වන්නේ Quadcopters සඳහා යොදාගෙන ඇති තාක්ශණයයි.

quadrotor helicopter, quadrotor යන නමින්ද මෙය හඳුන්වන අතර සාමාන්‍ය helicopter එකක මෙන් නොව මෙහි Rotors 4 ක් භාවිතා කරයි.
මේ තියෙන්නෙ Rotor එකක්
මෙහි Rotor දෙකක් දක්ශිණාවර්තව කරකැවෙන අතර. අනෙක් Rotor දෙක වාමාර්තව කරකැවේ. 

මෙම එක් එක් Rotor එකෙහි වේගය වෙනස් කිරීම මඟින් Quadcopter එක අවශ්‍ය ආකාරය පාලන කළ හැක.

 (RPM එක හා Torque එක) එනිසා මෙය ඉහලට පහලට හා වෙනත් දිශාවකට පාලනය කළ හැක.
මෙය Drone තාක්ශණය , (අප දන්නා ආකාරයට නියමුවන් රහිත යානා ) සඳහාද භාවිතා කෙරේ.
එමෙන්ම විවිධ සංවේදක / Camera වැනි උපකරණ අන්තර්ගතකොට තනා ඇති/Quadcopters ද ඇත.
තවද මේ ආකරයට තැනූ Quadcopter  එකක් මඟින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පාදක කොට Ariel View නොහොත් කුරුල්ලෙකු දකින ආකාරයට අහසේ සිට රූගත කරන ලද Video එකක් පහතින් ඇත.

Quadcopters තාක්ශණය ඉතා සුන්දර බව පෙන්වන්න තවත් නිදසුන් කුමටද.
පහත් තිබෙන්නේ අඩි 1000ක් උසින් ගමන් කරන Quadcopter එකක සටහන් වූ දර්ශණයි.



http://www.shaafm.lk/remix/ එකේ DJ Sadeepa ගෙ Mix එකක් තියෙනවා අහපු නැති අය අහන්න ;) තවත් ලිපියකින් හමු වෙමු යාලුවනේ.

9:17 AM by Unknown · 10

Intel සහ AMD අතර වෙනස



හරි මම සරල අවස්ථාවකින් පටන් ගන්නම්, අපි පරිගණකය on කිරීමෙන් අනතුරුව processor එක ක්‍රියාත්මක වන නිසා එය යම් උශ්ණත්වයක් ඇති කරනවා. Intel Processor එකක් නම් උපරිම 40' C පමණ උණුසුම් වන අතර AMD Processor ආරම්භයේදී 40' C පමණ වන අතර පසුව එය ඊටත් වඩා වැඩි උශ්ණත්වයකට පත් වේ. එනිසා AMD Processor වෙත උසස් තත්වයේ Cooling System එකක් තිබිය යුතුය.
ඔබ වැය කරන මුදලට සරිලන උසස් කාර්යක්ශමතාවක් ලබාගැනීමට නම් Intel සුදුසු වේ.  MSI GT72 Dominator Pro, Palicomp Hydro-780 / Dell's monster Precision T7610 වැනි උසස් පරිගණක පද්ධති වල අන්තර්ගත් වී ඇත්තේ Intel ය. (Intel Inside) .
නමුත් මේ processor දෙකෙහි වෙනස ඔබට බලපාන්නේ ඔබ එය භාවිතා කරන කාර්ය අනුවයි. පරිගණක ක්‍රීඩා සඳහා , Overclock කිරීම සඳහා Multiple Cores භාවිතා වන පරිගණක වැඩසටහන් සඳහා මැනවින් උචිත ව්න Processor එකක් ලෙස AMD පෙන්වා දිය හැක.
Intel හී Hyper Threading නම් තාක්ශණ්යක් භාවිතා වේ. සරලව කිවහොත් Processor කිහිපයකින් කරන කාර්යක් එක් Processor එකකින් සිදු කිරීමයි. Multi Core යනු මීට සමාන නමුත් සැබැවින්ම එකකට වැඩි Processor ප්‍රමණයක් භාවිතා කරමින් ඉහත කාර්ය ඉටු කිරීමයි. ඉතින් මේ තාක්ශණ දෙකම එකතු කළොත්? ඔව් Intel විසින් එය සිදු කර ඇත. Core i7 Processor එකෙහි Cores 4ක් භාවිතා කරන අතර එය threads 8ක් එකවර ධාවන කිරීමට සමත් වේ.

Intel සහ AMD අතර වෙනස පැහැදිලිව බලන්න පහත videos වලින්.



6:32 AM by Unknown · 2

මුහුණු පොත ගැන ලියවුනු අපූරු ගීතයක්



මේක දන්න අයත් ඇති ඒත් නොදන්න අය ගැනත් හිතලා ඔන්න දැම්මා


වැඩපලේදි වැඩ කෙරුවට පාසලේදි පොත් බැලුවට නිවනක් නෑ ගෙදර යනතුරා

මුහුනු පොතේ පිටු ගනින තුරා...

Request යවනවා කියන්නේ accept කරනවා තමයිනේ...

Pictures upload කරන්නේ tag එක කර වටේ දමන්නේ...

වැඩි විස්තර පසුව time යන්නේ හොඳ සෙල්ලම් එතකොටයි පෙනෙන්නේ...

කපලා කොටලා crop කරලා ගන්නේ කට්ටිය ඉතින් ජරමරේ...

විභාගෙ අතළඟ අත පොත ළඟ හිත ඇය ළඟ කියාලා කොල්ලො chatting Facebook එකේ...

බඩගින්නේ ඉන්න උනත් දින දෙක තුන නෑවෙ නැතත් කෙල්ලො ඉන්නෙ හිතේ කික් එකේ...

කෙල්ලො කොල්ලො සෙට් වෙනවා arrage marriage නැති වෙනවා

කපුවට no place seen එකේ අනේ කපුවත් Facebook එකේ...

හිතේ ඇඳුණු දේවල් හිත යට හිරවුණු දේවල් ගැන අඬ බෙර ගා ලොවට කියනවා...


මුහුණු පොතේ උඩම ලියනවා

කේන්දර නිකන් බලනවා - ග්‍රහපළ හොඳට කියනවා

සුන්දර හීන මවනවා - සුර පුර මට සිහිවෙනවා

නළුවො නිළියො දුසිම් ගණන් ඉන්නේ... - දොස්තරවරු මන්තිරිවරු හම්මේ

බාල මහලු කොයිකවුරුත් පොදුවේ - රඟපු ඇඟුම් අද බෑ අඳුරේ...

ලපී ඩපී මමී ඩැඩී ගහන්නෙ දැන් Barn Buddy - දාම් කැරම් අත වේලෙනවා

සිනා සිසී හොඳට හිටී කැත්ත උදැල්ලට කැමතී - සීයා Farm Willie වවනවා...

රෝද දෙකට උදෙන් නැගී ලියුම් බෙදපු පොඩි මල්ලී - ලියුම් නැතේ කිය අඬනවා

එයා දැන් හන්දිය වටේ පදිනවා...

තමුන්ගෙ වැඩ මිස් කරගෙන මුහුණු පොතේ chat බර බර ඉවර වෙයිද ලබන ආත්මේ

අනේ අනුන්ගෙ කුණු වල රසගුණ තලු මර මර රසවිඳින්න uncle aunty ලත් පෝලිමේ...

නාකි විසේ හෙටත් විසේ සෙට් වෙන්නෙම මූනු පොතේ මොකක්ද මේ නටන විකාරේ....

මළ සමයන් Facebook එකේ

වැඩක් නැද්ද මල්ලි පොතපතේ

කට්ටිය rock කරනවා Facebook එකේ

මමීට help එකක් දෙන්න සුදු දුවේ

මෙයාලා මල් කඩනවා Facebook එකේ....

Muhunu Potha (Face Book) - Shehan & Akila



(පොඩි පොඩි වැරදි ඇති අහන ගමන් type කරේ)

3:55 AM by Unknown · 0

වැඩකට නැති software එකවරම පිටුවහල් කරමු



අපේ අය ඉතින් අර Software එකයි Game එකයි හැම එකම ඉතින් Computer එකේ install කරගන්නවානෙ. එකෙනම් ඉතින් වරදක් නෑ නමුත්, අපට අනවශ්‍ය යැයි සිතෙන මෘදුකංග වෙතොත් ඒවා ඉවත් කිරීම හිසරදයක් වන බව අප දනිමු. ඉතින් ඕකට කට්ට කන්නෙ මොකද ඒ වැඩේ කරලා දෙන Portable භාන්ඩයක් තියෙද්දි. මෙන්න බාගන්න ඒ tool එක. -- The Best Uninstaller to Remove Plug-ins & Apps!
පහල තියෙන්නෙ Screenshot එකක්.

8:31 AM by Unknown · 0

පරිගණකය වේගවත් කරන දොස්තර නොමිලේම අරගන්න



දොස්තර කිව්වට අවුල් ගන්න එපා, ඇත්තටම මේ Software එකෙන් කරන්නෙ කාලයත් එක්ක ඔයාගෙ පරිගණකය මන්දගාමී කරවන හා එහි මතකය අඩුකරවන අනවශ්‍ය Files ඉවත් කර අලුතෙන් ලබාගත් පරිගණකයක් මෙන් වේගවත් කිරීමයි.නමුත් මෙමඟින් ඔබේ පෞද්ගලික Files ( සිංදු, video , Documents වගේ දේවල්) වලට කිසිම හනියක් කරන්නෙ නැහැ. නමුත් විවිද මෘදුකංග මගින් ඇති කරන Files ඉවත් කරන එකනම් සහතිකයි.
මුලින්ම බාගන්නකෝ මේ Software එක ---- Click Here
දැන් ඔයාට පරිගණකයෙන් ඉවත් කළ යුතු අනවශ්‍ය Files තෝරාදෙන්න. පසුව Run Cleaner ඔබන්න.
Registry ගැන දැනුමක් නැත්නම් එහි කිසිවක් Clean කරන්න එපා.

8:24 AM by Unknown · 0

පරිගණකයකින්, Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු



ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා.
මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන Team Viewer Software එක මෙතනින් අරගන්න. --- Team Viewer

දැන් පරිගණක දෙකේම මේ Software එක Open කරන්න. ඔයාට පාලනය කරන්න අවශ්‍ය පරිගණකයේ ඇති Partner ID එක ඔයාගෙ පරිගණකයේ තියෙන Team Viewer එකට ලබා දෙන්න. දැන් Connect to Partner ඔබන්න. මෙහිදී password එකක් ඉල්ලන්නේනම් එයට අනෙක් පරිගණකයේ ඇති password එක ලබා දෙන්න. දැන් ඔබට එම පරිගණකයට සම්භන්ද වී එය පාලනය කළ හැකියි.
මේ වැඩේ Phone එකකින් කරනවානම් ගන්න මේ App එක
TeamViewer

8:11 AM by Unknown · 1

ඕනෙම CD/DVD එකක් Hard එකට Copy කර දෙනු ලැබේ



කස්ටියට තියෙන අවුලක්නෙ ඉතින් CD එක දාලා ඕනෙ වැඩේ කරගෙන ආයෙත් ඒ වැඩේ කරගන්න CD එක හොය හොයා කරදර වෙන එක. ඒ මදිවට ඕක හීරිලාවත් තිනුනොත් මොන දෙයියන්ට කියන්නද.. ඔන්න ඕකට හොඳම විසඳුම තමා ඒවගෙ Backup එකක් PC එකේ තියාගන්න එක. ඉතින් ඔය වැඩේ ලස්සනට කරලා දෙන කෙනෙක් තමා DAEMON Tools කියන්නෙ.
මේ Software එකෙන් ඔයාට පුලුවන් , .iso , .bin , .cue , .mdf , .mdx වගේ Disk Images ගන්නත්.
ඉතින් මෙන්න බාගන්න ලින්ක් එක --- DAEMON Tools 

8:00 AM by Unknown · 0

Game ගහන අයට නැතුවම බැරි Game Booster එක මෙන්න



Game ගහන යාලුවො දන්නවානෙ Game එකක උපරිම Quality එකට ගහන්න නම් එයට සුදුසු පරිසරය ඔබේ පරිගණකය තුළ තිබිය යුතු වන වග. නමුත් පරිගණකය තුළ එවැනි පරිසරයක් ඇති කිරීමට සුදුසු Tool එකක් තෝරාගත යුතුය , එසේ නොවුනහොත් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ වේගයක් හෝ Quality එකක් එම Game එකෙන් ලබාගන්න නොහැකි වෙනවා. ඉතින් මේ වැඩේට ගැලපෙනම භාන්ඩයක් තමා පහත තියෙන Game Booster එක.
ඉතින් යාලුවනේ මෙතනින් බාගන්න Software එක. -- download

7:32 AM by Unknown · 0

ඔබේ පරිගණකයේ සියලුම Specifications සොයාදෙන Tool එකක්






ඔබ භාවිතාකරන පරිගණකයේ ඇති Hardware උපාංග වල සම්පූර්ණ විස්තර පැහැදිලිව බලාගන්න මේ Software එක භාවිතා කරන්න පුලුවන්.

Top 10 Incredibly Useful Windows Programs to Have On Hand

උඩ පිතූරෙ බලන්න.එහි පෙන්වා ඇති ආකාරයට මෙහෙයුම් පද්ධතියේ සිට බාහිර උපාංග දක්වා ඔබ දැනගතයුතු Specifications පෙන්වා දී ඇත. එමෙන්ම temperatures, fan speeds, S.M.A.R.T. status වගේ දේවලුත් බලාගන්න පුලුවන්. ඉතින් අරගෙනම බලන්න Software එක මෙතනින්.

7:19 AM by Unknown · 0

බ්ලොග් එකට හිම වැටෙන්න හදමු



එහෙනම් යාලුවනේ කාලෙකින් බ්ලොග් වැඩ කෑල්ලක් අරන් ආවා. කැමතිද ඔයාගෙ බ්ලොග් එකටත් ලස්සන හිම වැස්සක් දාන්න? එහෙනම් මෙන්න ඉතින් Code එක, මේක ඔයාගෙ බ්ලොග් එකේ Layout එකේ Html/JavaScript එකක් විදියට දාගන්න.ඔය File දෙකෙන් ඔයාට කැමති එකක තියෙන Code එකක් දගන්න. කෙම්තිනම් දෙකම හරි.මෙන්න Code එක ගන්න Link එක --- Snow Effect

7:06 AM by Unknown · 1

සුපිරිම Desktop එකක් හදමුද?



කැමතිද ඔය Film වල තියෙන Hacker කෙනෙක්ගෙ වගේ සුපිරි Desktop එකක් හදාගන්න? කවුද අකමැති
මේ වැඩේ කරගන්න භාවිතා කරන්න පුලුවන් Tool එක තමයි Rainmeter කියන්නෙ.
Rainmeter, desktop customization tool
පහත Video වල තියෙන්නෙ මේ Tool එකෙන් ලස්සන Desktop එකක් හදාගන්න විදිය.

ඉහත Video එකට අදාල Files වෙතොත් Download කරගන්න මෙතනින් Video එකේ page එකට යන්න


ඉහත Video එකට අදාල Files වෙතොත් Download කරගන්න මෙතනින්  Video එකේ page එකට යන්න


ඉහත Video එකට අදාල Files වෙතොත් Download කරගන්න මෙතනින්  Video එකේ page එකට යන්න


ඉහත Video එකට අදාල Files වෙතොත් Download කරගන්න මෙතනින්  Video එකේ page එකට යන්න


ඉහත Video එකට අදාල Files වෙතොත් Download කරගන්න මෙතනින්  Video එකේ page එකට යන්න

ඉහත Video එකට අදාල Files වෙතොත් Download කරගන්න මෙතනින්  Video එකේ page එකට යන්න

8:27 AM by Unknown · 1

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විද්‍යාත්මකව දැනගමු



කස්ටිය අහලත් ඇතිනෙ බර්මියුඩා ත්‍රිකෝණයේදී නැවි , අහස් යානා වගේ දේවල් එහෙම අතුරුදහන් වෙන කතාව. ඒත් ඇයි මෙහෙම වෙන්නෙ? විද්‍යාත්මකව බලමු හේතුව මොකක්ද කියලා.
මේ ස්ථානය තියෙන්නෙ මුහුදෙ. ඔය මුහුදු ජලය යට තියෙනවා Sulphur කියන රසායන ද්‍රව්‍ය. ඉතින් හොඳට ඉර පායද්දි මේ Sulphur ජලයත් සමඟ ප්‍රතික්‍රියා කරනවා, ඊට පස්සෙ මොකද වෙන්නෙ ඔය ප්‍රදේශයේ තියෙන Oxygen ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩුවෙන්න ගන්නවා.
ඉතින් මොකද වෙන්නෙ?
දැන් මේ ප්‍රදේශයෙන් ගමන් කරන නැව් , අහස් යනා වල ගමන් කරන අයට ශ්වසනයට අවශ්‍ය Oxygen ප්‍රමාණය අඩු වෙනවා. නමුත් මේක බලපාන්නෙ එයාලගෙ මොළයට, මොකද අඩු Oxygen ප්‍රමාණයකදි මිනිසෙකුගේ මනස විකාර වෙන්න ගන්නවා. මේ හේතුව නිසා තමයි ගින්නක් ඇති උනාමත් සමහර අය සිහි විකල් වෙන්නෙ. පරිසරයේ ඇති Oxygen ප්‍රමාණය අඩු වන නිසා. එතකොට ඔය වගේ දෙයක් තමා Oxygen අඩු පරිසරයක් නිර්මාණය වන බර්මියුඩා ත්‍රිකෝණයට එන අයටත් වෙන්නෙ. අර අඩු Oxygen පරිසරයේදී ඒ අයගේ සිහිය විකල් වෙනවා. එතකොට ඔය නැව් , අහස් යනා වල ගමන් කරන අය අනතුරට ලක් වෙනවා.
Physics class එකේදි සර් කියපු කතාවක් ඇසුරිනි. තවත් දේවල් කිව්වා පස්සෙ කියන්නම් ;) .

6:26 AM by Unknown · 2

Fb එකේ සේරටම එකවර Message යවන්න මෙන්න භාන්ඩේ


ගොඩක් අය බලන් හිටපු Option කිහිපයක් දැම්මා මේ පාර Version එකට.
මේකෙ වටිනාකම තේරෙන්නෙ ඉතින් ගොඩක් වෙලාවට බ්ලොග් වෙබ් වලට visitorsලා හොයන අයට තමා, කොහොම උනත් නමෙන්ම තේරෙනවානෙ මොකක්ද කියලා.මේකත් මම හදපු software එකක්.ඇත්තටම මේ වගේ software internet එකේ තිබ්බට බොහෝවිට ඒවගෙන් වෙන්නෙ ඔයාලගෙ passwords වෙන කෙනෙක් අතට යන එක නැත්නම් ඔයාගෙ පරිගණකයට key logger එකක් install වෙන එක.ඒ කෙසේ වෙතත් මේකෙනම් ඔය මොකුත් නෑ. කොයි තරම් වටින එකක් උනත් යාලුවන්ට මේක Free දෙන්න හිතුවා.
මෙතනින් බාගන්න Software එක 



  • Software එක අරගෙන Send message කියන එක open කරන්න.
  • දැන් එන window එකේ skip ad ඔබන්න.
  • පහල text box දෙකේ Fb username / password දීලා log වෙන්න.
  • දැන් අවශ්‍ය message එක type කර send ඔබන්න.
  • වැඩ කරනවාද කියලා බලාගන්න ඔයාගේ fb account එකේ messages බලන්න.
Video එක පහතින්


මම තවත් Update කිහිපයක් දැම්මා,

  • Online අයට විතරක් Message යවන්න පුලුවන්.
  • Text File එකක තියෙන Friend ID වලින් ඒ අයට විතරක් Message යවන්න පුලුවන්.

ඔය පින්තූරෙ විදියට Message එක ලැබෙන්න ඕනෙ අයගෙ ID ටික දාලා Software එකට Browse කරන්න.

Fb එකේ සේරටම එකවර Message යවන්න තමා තියෙන්නෙ දැන්.
අවවාදයයි ! මෙය අනිත් අයට හිංසාවක් වෙන විදියට පාවිච්චි කරන්න එපා.එහෙම (Spam) කරොත් fb එකෙන් බ්ලොක් වෙයි.

5:25 AM by Unknown · 2

Windows වලටත් Live Wallpapers දාමු



ඉතින් යාලුවනේ ඔයාලත් කැමති ඇතිනෙ Android වලට එනවා වගේ Live Wallpapers වලින් Windows Desktop එකත් ලස්සන කරගන්න. ඔය වැඩේට හරියන Live Wallpapers ටිකක් අරන් ආවා අද ලිපියෙන්.

කැමති එකක් බාගන්නකෝ පහල Link වලින්.
Koi Live Wallpaper For Windows 7 Free Download

පහල Collections නම් Animate කරලා නෑ. ඒත් අඩු RAM එකකින් වැඩ කරන අය Animate නොකරපුවා දාන තරමට තමයි හොඳ.

8:07 AM by Unknown · 0

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.