ලංකාවෙත් ගිණි කන්දක්



ලංකාවෙ කෙනෙක් විදියට මේක දැනගෙන ඉන්න එකත් වටිනවානේ. ලංකාවෙ මැණික් වගේ දේවල් ඇති වුනේ කොහොමද? කවුරුහරි අරන් ආවා? හනුමා එද්දි වැටුනා? නෑ එහෙනම්? රාවණාගෙ දඬුමොණරෙන් වැටුනා? එහෙනම් ඒකෙ හිල් තියෙන්නැති. ඔය කතා වැඩක් නැහැ මෙක කියවලා බලන්නකො ඇත්ත සිද්ධිය දැනගන්න. ලංකාවෙ තිබිලා තියෙනවා ගිණි කන්දක්... (හපෝ කියන බොරු).. නෑ නෑ ඉතින් ටික කාලෙකට කලින් ඒ කිව්වෙ අවුරුදු මිලියන 15කට විතර කලින්. මේක තිබ්බ තැන කිව්වොත්? තිබ්බෙ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ, අන්න ඒ නිසයි ඔතන ජලය එකතුවෙන තෙත් සහිත ප්‍රදේශයක් වෙලා තියෙන්නෙ, ඒ කියන්නෙ ගිණි කන්ද නිසා ඇතිවුණ විශාල හියුමස් වළක්. වතුර එකතු වුනාම හොඳට ගබඩා වෙනවනෙ. මේ ගිණිකන්ද පිපිරෙද්දි පිටවෙච්ච ලාවා තමයි පාශාණ බවට පත් වෙලා ලංකාවෙ පස්, පාශාණ, ඛණිජ එහෙම හැදුනෙ. ඔය විදියට තමා මැණික් එහෙම හැදුනෙ. මැණිකක් නිර්මාණය වෙන්න නම් වසර මිළියන ගණනක් බලන් ඉන්න වෙනවා.. ඉතින් ඒ දවස් වල හැදුන එව්වා තමයි අපේ අය දැන් පතල් හාරලා අරගන්නෙ. ඒ කියන්නෙ ඔය ගිණි කන්දෙන් විසිවුණ ලාවා.. 
ඉත්න් ඔය ගිණි කන්දෙන් විසිවුන විශාලා ලාවා ගුලියක් නිසා තමයි කලින් ලිපියෙදි කිව්ව සීගිරිය හැදිලා තියෙන්නෙත්. අනික සමකයට ආසන්නයෙන් තියෙන රටක් විදියට ලංකාවෙ මෙහෙම වතුර තියෙන එකත් පුදුමයි, අපි වගේම සමකය අසල තියෙන ඉතියෝපියාව, සෝමාලියාව වගගේ රටවල් එකක් බලද්දි අපේ රටේ මෙහෙම වතුර තියෙන්නෙ? අර විදියට හැදුන ලාවා තට්ටුව නිසා පොළොවෙ එකතු වෙන්න ගත්තු ජලය නිසා. මෙය අහපු කතාවක් ඇසුරිණි. මම කියන්නෙ නැහැ මේක 100% ඇත්ත කියලා, පිළිගන්න පුලුවන් කතාවකට තියෙන්නෙ මෙක. මීට වඩා හොඳ එකක් තියෙනවානම් කියන්න ;) Google Images එකේ search කරන්න :- formation of gems

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීනා වාදනය කරාලුනෙ, ඒක නිසා තමයි නීරෝ Burning ROM (අර CD එහෙම Write කොරන භාන්ඩෙ බං) එකේ Icon එකෙත් රෝමය ගිනි ගන්නෙ. CD එකක් Write වෙද්දි කියන්නෙ Burn වෙනවා කියලානෙ, රෝමෙත් ඉතින් Burn වුනා. උඹ කියයි දැන් "රෝමය ගිනි ගනිනිද්දි වතුර ගැහුවා කියලා" 

3 Responses to “ලංකාවෙත් ගිණි කන්දක්”

Lochana Srijaya said...
May 16, 2015 at 10:45 PM

හම්... හම්..... ඇත්ත නේද?


DiscoveryCM said...
May 17, 2015 at 7:21 AM

වෙන්න පුළුවං සහො..අලුතින් එකක් හැදෙන්නත් යනවලු...


LAHIRU#LAHIRU said...
March 22, 2016 at 12:50 AM

rathnapureth manik thiyenne a ginikanda nisada?


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.