C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ?


බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ Programming කරන්න පහසුම භාෂාව VB කියලා.එහි වරදක් නෑ නමුත් මේවනවිට මා යම්තාක්දුරට ඉගෙන ඇති භාෂාව වන C# සමගින් ඔබවෙත මෙම Tutorials ලබාදෙමි.C# යනු VB වලට සමීප භාශාවකි.
මේ  වැඩේ කරන්න ඕනේ කරන C# 2010 Express මෘදුකාංගය බාගත කිරීමට අවශ්‍ය ලින්කුව > Visual Studio 2010 Express Download
එහෙනම new project දීලා වැඩේ පටන් ගමුකෝ.
- C# Lesson Series by Sadeepa -
මෙහිදී ලැබෙන window එකෙන් project එකට නමක් දීලා OK කරන්න.
දැන් තියෙන්නෙ design පැත්ත. C# වලින් හදන පලවෙනි software tutorial එක නිසා මම සරල අතුරුමුහුණතක් සාදන්නම්.
මෙයට අවශ්‍යවෙන්නෙ,
  1. Text Box එකක්
  2. Browser එකක්
  3. Button 3ක්
තමා.එහෙනම් ඔය දේවල් ලබා ගන්න Toolbox එකෙන්.
පහත ආකාරයට එම Controls ලබා ගැනීමට ඒ controls මත double click කර ලබා ගන්න.පසුව ඒවා තමාට කැමති ආකාරයට form එක මත පිහිටුවන්න.
හරි දැන් Button වලට නම් දාමු.
මේකට අපිට අවශ්‍ය වෙනවා properties window එක.ඒක ලබා ගන්න Ctrl+W ඔබන්න.
ඔයාට නම වෙනස් කරන්න ඕනෙ button එක click කරලා (Double click නෙවේ) properties window එකේ text කොටසට යන්න.
ඉතින් ඔය විදියට අනෙක් button 2ටත් text ලබා දෙන්න, Forward සහ Back ලෙස.
ඔයාලා කැමති විදියට මේ controls ලස්සන කරගන්න ඔය properties window එකෙන්.
ඔතන උඩම තියෙනවා name කියලා property එකක් ,ඒකෙන් කියන්නෙ text property එක නෙවේ, එතනදි ලබා දෙන නම තමා මෙහි කේතය නොහොත් Code එකට බලපාන්නෙ.ඔයා කැමතිනම් ඒවාටත් btnGo , btnBack වගේ නම් ලබා දෙන්න, එතකොට code එක බලන කෙනාට ඒක තේරුම්ගන්න පහසු වෙනවා.
හරි දැන් Design කොට ඉවරයි.එහෙනම් coding එකත් පටන් ගමු. මුලින් මන් කිව්වෙනෙ button වගේ controls double click කරන්න එපා කියලා ඒ මොකද එහෙම කරොත් යන්නෙ ඒ control එකට අදාල කේතය ලියන තැනට.හරි දැන් බය නැතුව double click කරන්න Go button එක.
private void button1_Click(object sender, EventArgs e)
        {

        }
ඔහොම තැනකට ආවනම් වඩේ ගොඩ.
අපි ඔය වරන් දෙක මැද්දෙ තමා ලියන්නෙ මේ buton එක click කරාම මොකද වෙන්න ඕනෙ කියලා.ඉතින් මෙතනදි වෙන්න ඕනෙ අර textbox එකට දෙන web සියිට් එක browser එකෙන් පෙන්නන එකනෙ.එහෙනම් ලියමු Coding එක.
private void button1_Click(object sender, EventArgs e)
        {
            this.webBrowser1.Navigate(textBox1.Text);
        }
ඔය වරන් දෙක මැද්දෙ තියෙන කොටස තමා ඒ button එකට තියෙන්නෙ.
ඉතුරු button දෙකෙන් කරන්නෙ browser එක ආපස්සට හා ඉදිරියට අරගෙන යන එකනෙ, එහෙනම් ඒ දෙකටත් coding දාමු.
මේ තියෙන්නෙ back button එකට.
private void button2_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoBack();
        }
මේ තියෙන්නෙ forward button එකට.
private void button3_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoForward();
        }
වැඩේ හරිනම් උඩ තියෙන debug button එක ඔබලා browser එක වැඩද බලන්න.
ඉතින් යාලුවනේ පහල පින්තූරෙ තියෙන godzila browser එකේදිත් මම පාවිච්චි කලේ මෙවනි සරල coding තමා.ඉදිරියේදී ඒවා ගැනත් කතාකරනවා පලවෙනි tutorial එක නිසා සරල software එකක් හදන්න කියලා දුන්නා.Comments එහෙම ලැබෙන විදිය බලලා ඉදිරි ලිපිත් අරන් එන්නම්කො.



C# Lesson 4 - Naming Controls මෙන්න සම්පූර්ණ ලිපිය :: http://goo.gl/Bkp71y
C# Lesson 3 - Message box භාවිතා කිරීම :: http://goo.gl/0s5sth
C# Lesson - 2 IF condition භාවිතා කිරීම :: http://goo.gl/4O67WZ
C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ? :: http://goo.gl/VG8YHx
Software හදනවානම් මෙන්න Visual Studio 2010 Express ::http://goo.gl/yd8TAY
C# Lesson Series by http://sadeepa01.blogspot.com/

2 Responses to “C# Lesson - 1 වෙබ් Browser එකක් හදමුද ?”

Unknown said...
August 16, 2015 at 1:01 AM

:D Elz Mcn :D


anura senarath said...
September 16, 2016 at 11:41 AM

ස්තූතියි


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.