ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා



මේක පොඩි කතාවක්, දවසක් මහ දවාලේ කලුගල් කඩමින් සිටි පද්ගලයෙකු දැඩි හිරු රශ්මිය සමඟින් කලු ගලට තම කුලුගෙඩියෙන් බැට දෙමින් මෙසේ සිතන්නට විය,"මම ගොඩක් මහන්සිවෙලා කලුගල් කැඩුවත් මටත් වඩා මේ ඉර තමයි ශක්තිමත්, එයාගෙන් එන එලියට මගෙ වැඩේවත් කරගන්න බැහැ, අනේ මට ඔය ඉර වෙන්න තිබුනනම් මම තමයි ලෝකෙ බලවත්ම කෙනා.."
ඔහු එසේ සිතත්ම එකවර ඔහු ඉර බවට පත් විය, සිතූ පරිදිම දැඩි හිරු රශ්මිය විහිදුවා පොලොව මත සිටින අයට තම බලය පෙන්වන්නට ගත්තා. නමුත් ඒ සුලු මොහොතකට පමණි. එක් වරම තමාගේ ආලෝකයට බාදා කරමින් වලාකුලක් පැමිණ තම ආලෝකය පොලොවට වැටෙන්නට නොදී ආවරණය කළා. ඒ නිසා කම්පා වූ හෙතෙම, "ඉර වෙලා හිටියත් මට බැරි වුනා වලාකුලෙන් බේරෙන්නෙ, අනේ මටත් වලාකුලක් වෙන්න තිබ්බනම්.." පෙර පරිදිම මොහු සිතූ ලෙසින් එක් වරම ඔහුව වලාකුලක් බවට පත් විය. ආකශය පුරා තම වලාවන් පුරවා හිරුට නොදෙවෙනි වී තමා ලොව බලවත්ම කෙනා බව පෙන්වන්නට විය, නුමුදු එයද සුලු මොහොතකට පමණි. වලාකුලු සියල්ලක්ම දිය කර හරිමින් පොලොවට වැටෙන ජලය ලෙස ඔහුට වර්ශාවට පරාජය වන්නට සිදුවුණා. මෙනිසා නැවතත් ඔහුට ප්‍රාර්ථනාවක් කරන්න සිදුවුනා... ඔව් වැස්සක් වෙන්නෙ. සිතූ පරිදිම ලොව බලවත්ම තැන වර්ශාව කරගත් ඔහු වලාකුලු, ගම්, නියම් ගම්, නගර ආදී සියල්ලක්ම වැස්සෙන් නහවා විශාල බලයක් පෙන්වීය. නමුත්... ඔහු මෙවරද පරාජය විය, මන්ද යත් කුමක් විනාශ වුවත් කලු ගල පමණක් වැස්සෙන් බේරිණි.. මක් කරන්නද යැයි සිතූ හෙතෙම ක්ශණයකින් කලුගලක් බවට පත් වීය.. මෙවර අන් සියල්ලක් හටම නොදෙවෙනිව ශක්තිමත්, බලවත් ලෙස තමා ලෝකයේ බලවත් තැන ගත්තේය.. එම ප්‍රයක්නයද සුන් කර දමමින් ඊටත් වඩා බලවන්තයෙන් පැමිණ කලුගලද විනාද කරන්නට විය.. ඒ කලු ගල් කඩන මිනිසෙකි, තමාට කුලු ගෙඩියෙන් පහර කෑමට සිදුවීමත්, කලු ගල් කඩන මිනිසාට දෙවෙනි වීමට සිදුවීමත් ගැන ශෝක වූ හෙතෙම මෙසේ ප්‍රාර්ථනා කළේය, "ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා, අනේ මාව නැවතත් කලු ගල් කඩන මිනිසෙක් බවට පත් කරන්න..." ඔහු නැවත හිටි තත්වයටම පත් විය, සුපුරුදු පරිදි කලු ගල් කඩන්නට විය.. ලෝකයේ බලවත් හා ශක්තිමත්ම තැන ගන්නට සිතනවාට වඩා තමාට ලැබී ඇති තැන ගැන සෑහීමට අගනා බව මෙයින් ඔබට කියා දෙමි, කුඩා කල කියවූ කතන්දරයක් ඇසුරිණි.

4 Responses to “ලෝකෙ බලවත්ම පුද්ගලයා තමයි කලුගල් කඩන මිනිසා”

Unknown said...
March 19, 2015 at 10:24 PM

මේක අාදායම් මාර්ගයක්වත් වෙලාද???? අපි ඔබට කඩේ යන පිරිසක් වෙන්නවත් යනවාද????


Unknown said...
March 22, 2015 at 8:20 AM

එලස්, මොකද බං කඩේ යන කතාව?


Thamara Lakshan said...
March 22, 2015 at 7:49 PM

අනේ මං Transformer වෙයන්.
(බැරි වෙලා වත් උනොත් මං උඹල සේරම මරනව) :d


Unknown said...
March 28, 2015 at 9:10 PM

:-) කිව්වා වගේ කරොත් විනාසයි


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.