සමාන්තර ලෝක vs මාන


1D = 1 Dimension මාන එකයි [දිග] 2D = 2 Dimensions දිවිමාන [දිග,පලළ] 3D = 3 Dimensions ත්‍රිමාණ [දිග,පලළ,උස] <- අපිට පේනවා ත්‍රිමාණ 4D = 4 Dimensions සිව්මාන [දිග,පලළ,උස,කාලය] <- මෙය දකින්න බැහැ තවම අපිට, විද්‍යාවෙන් තමයි 4D ගැන දැනගන්න ලැබෙන්නෙ. 1D ගැන කිව්වොත් මෙව්වට දිගක් විතරයි තියෙන්නෙ, හිතාගන්නකො සරළ රේඛාවක්, හැබැයි ගණකමක්වත් නෑ දිගක් විතරයි තියෙන්නෙ, එහෙමෙ දෙයකට පලළක් තේරෙන්නෙ නැහැ. එතකොට 2D කියන්නෙ නිකන් කඩදාසියක් වගේ නමුත් ඒකට දිගක් පලළක් විතරයි තියෙන්නෙ ගණකමක් නැහැ. එතකොට 3D තමයි අපි ඉන්න භෞතික ලෝකය දිග,පලළ,උස සහිත වස්තූන් සහිත. 4D ගැන විද්‍යාවෙදි විවිධ අරුත්ගැන්වීම් කරනවා. 1D වල ඉන්න කෙනෙක්ට 2D බලන්න බැහැ, එයා සමහරවිට හිතාගෙන ඇති පලළක් ගැන ඒත් එයාට තේරෙන්නෙ නැහැ පලළ කියන්නෙ මොකක්ද කියලා ඒ නිසා 2D වල ඉන්න කෙනෙක්ටත් එහෙමයි එයාට 3D ගැන අදහසක් තිබ්බත් හිතාගනන් බැහැ ඒක කොහොමද කියලා මොකද 2D වල ඉන්න කෙනාට උස ගැන අවබෝධයක් නැහැ. එතකොට 3D වල ඉන්න අපිටත් 4D ගැන අදහසක් ගනන් අමාරුයි, විද්‍යාවෙදි කිව්ව කාලය කියන 4වන මානය විදියට ගන්නෙ කාලය, (ඒත් බං මන් කොච්චරනම් කිව්වද කාලය කියලා එකක් නැහැ කියලා) අපිට කාලය කියන්නෙ අදහසක් විතරයි අනික ඒක කෙනාගෙ හැටියට සාපේක්ශයි. ඉතින් 4D ගැන අපිට හිතාගන්නත් අමරුයි. අපේ විශ්වය ගැන බැලුවොත් ඒක? 2D නම් වෙන්න බැහැ කියලා හිතෙයි හරි 3D ද? ඔව් ඉතින් ග්‍රහලෝක එහෙම ත්‍රිමාණයිනෙ :/ ඒත ඒක 4D වෙන්න බැරිද? කවුද දන්නෙ ඒක 5d..?...6D..?? තවත් ඇති, ඉතින් අපිට සමාන්තර ලෝක තියෙන්න පුලුවන් නේද එව්වත් තියෙන්නෙ ඔය වෙන වෙන මාන අතරෙ, අපි කතාවෙන හොල්මන් අවතාර එහෙනම් ඔය එක මානෙක ඇති, දිව්‍ය ලෝක එහෙම මේ විශ්වයේ ඇති තවත් මානයක ඇති... පිස්සු හැදෙනවා නෙහ්?

2 Responses to “සමාන්තර ලෝක vs මාන”

Thamara Lakshan said...
May 18, 2015 at 6:03 AM

:) කාලෙකට පස්සෙ.


Unknown said...
May 21, 2015 at 3:57 AM

අනිවා


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.