මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම



සුභ දවසක් යාලුවනේ අද ඔයාලට කියලා දෙන්න යන්නෙ පරිගණකයක් නිවැරදිව Defragment කරන්නෙ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න පුලුවන් මෘදුකාංග අන්තර්ජාලය හරහා වුවත් ලබාගන්න පුලුවන්, කෙසේවෙතත් Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක වල ලැබෙන Utility මෘදුකාංගයක් විදියට Disk Defragmenter එක භාවිතා කරන්න පුලුවන්. Defragment කරනවා කියලා අපි කරන්නෙ අපේ පරිගණකයෙ තිබෙන දත්ත ගබඩාව නොහොත් Hard Disk Drive එකේ ගබඩා වෙලා තියෙන ගොණු පිළිවෙළකට අසුරන එක, එතකොට පරිගණකයට අවශ්‍ය ගොණු ඉතා පහසුවෙන් සොයාගෙන වේගෙන් වැඩ කරන්න පුලුවන්, හරියට අවුල් වෙලා තියෙන කාමරයක් අස් කරනවා වගේ වැඩක්. පිටතින් අපිට ලස්සනට Folder සහ File පිළිවෙලින් තිබ්බත් ඇත්තටම Hard එකේ ඔව්වා ගබබා වෙන්නෙ එක එක තැන් වල, ඉතින් අපි Defragment කරාට පස්සෙ තමයි එව්වා අදාල තැනට යන්නෙ. ඒ වගේමයි Defragment කිරීම නිසා පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ ඉඩකඩ අලුතෙන් එන ගොණු සමඟ පවතින ගොණු අසුරන්න හැඩගැසෙනවා.
හරි එහෙනම් පටන් ගමු වැඩේ. අපිට මේ ක්‍රමයෙන් පරිගණකයේ තිබෙන Hard Disk Drive එකේ Partition වෙන වෙනම Defragment කරගන්න පුලුවන්.

මුලින්ම යන්න Computer වලට.
අදාල Partition එක මත Right Click කර Properties වෙත යන්න.
එහි Tools නම් කොටසෙ තිබෙන Optimize and Defragment Drive හී Optimize වෙත යන්න.
දැන් එම Partition එක Click කර Analyze ඔබන්න, එය සම්පූර්ණ වූ පසු Optimize ඔබන්න.
ක්‍රියාවලිය සම්පූර්ණ වන තෙක් පරිගණකය Defragment වන්නට ඉඩ හරින්න.
පහතින් තියෙන්නෙ යාලුවනේ මේ වැඩේ කරගන්න පුලුවන් හොඳම මෘදුකාංග 4ක්
Defraggler (Free)
MyDefrag (Free)

3 Responses to “මන්දගාමී පරිගණ වේගවත් කරන සූත්තරේ නොහොත් Defragment කිරීම”

Thamara Lakshan said...
August 2, 2015 at 9:05 PM

අහල තිබ්බට තවම කරල නෑ.කරා කියල එච්චර වැඩක් නෑ කියල හිතුන. පස්සෙ වෙලාවක කරල බලන්නම්.:)


C0d3_X said...
August 2, 2015 at 10:25 PM

:d :d :d


Achira Amasha said...
October 15, 2019 at 3:17 AM

meka karahama okkoma file delete wenawada


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.