Windows වලටත් Live Wallpapers දාමු



ඉතින් යාලුවනේ ඔයාලත් කැමති ඇතිනෙ Android වලට එනවා වගේ Live Wallpapers වලින් Windows Desktop එකත් ලස්සන කරගන්න. ඔය වැඩේට හරියන Live Wallpapers ටිකක් අරන් ආවා අද ලිපියෙන්.

කැමති එකක් බාගන්නකෝ පහල Link වලින්.
Koi Live Wallpaper For Windows 7 Free Download

පහල Collections නම් Animate කරලා නෑ. ඒත් අඩු RAM එකකින් වැඩ කරන අය Animate නොකරපුවා දාන තරමට තමයි හොඳ.

8:07 AM by Unknown · 0

Ad Click නොකර සල්ලි හොයමු



එහෙනම් කිව්වා වගේම ඉතින් අර කවුරුත් කියන PTC ගැන නම් නෙවේ මේ කියන්නෙ. :) මෙතනදි වෙන්නෙ අපි click කරන්න ඕනෙ Ads අනිත් අය ලවා click කරලා ඒ මුදල් උපයාගන්න එක.

මේකට සරලව කියන්නෙ URL Shrinking කියලා.
ඒත් කොහොමද URL Shrinking කරන්නෙ?
හරිම සරලයි, උදාහරණයක් විදියට ගමු මම බ්ලොග් එකේ තියෙන ලිපියක් ගැන මගෙ යාලුවන්ට දැනගන්න Facebook එකේ Share කරනවා ඒ ලිපියෙ Link එක, හැබැයි Shrink කරලා.එතකොට අනිත් අය ඒ ලිපිය බලන්න එද්දි මට යම් මුදලක් ලැබෙනවා මොකද Link එකක් Shrink කළ විට එමඟින් Original link එක වෙත යාමට නම් එම පුද්ගලයා හට තත්පර 5ක් දක්වා Ad එකක් සහිත Web පිටුවක රැඳී සිටීමට සිදු වන නිසයි. බලන්න මේ Shrink කරපු Link එකට ගිහින් -- http://adf.ly/tqwje ඔව් ඔයාට තත්පර 5ක් එම Ad එක සහිත වෙබ් පිටුවේ රැදී සිට Ad එක Skip කර මෙම බ්ලොග් එකට පැමිණෙන්නට සිදු වුනා.ඉතින් ඒ එක Click එකකට කුඩා මුදලක් මට ලැබෙනවා (සත 6ක් පමණ ලංකාවෙ කෙනෙක්ගෙන් පිටරට අයගෙන් සත 10ක් පමණ).නමුත් මේ ලින්ක් එක හරහා බොහෝ දෙනෙක් ආවොත්? 1000ක් පමණ ආවොත් 0.6$ - 1$ දක්වා මුදලක් උපයාගන්න පුලුවන්.නමුත් පොඩ්ඩක් මහන්සි වෙලා ඔය Link එකට පොඩි හැඳින්වීමක් කරලා Facebook එකේ Share කරානම් ඔය Visit 1000 හොයාගන්න දවසක්වත් යන්නෙ නැහැ. ඒත් ඔය වැඩේට බ්ලොග් පෝස්ට් වල ලින්ක් පමණක් Shrink කළ යුතු නැහැ අන්තර්ජාලයේ ඇති ඕනෑම දෙයක Link එකක් Shrink කර මෙසේ මුදල් උපයන්න පුලුවන් එයට ලැබෙන visit ප්‍රමාණය අනුව.
මේකට සාර්ථක වෙබ් අඩවියක් තමා Adfly කියන්නෙ. අපි බලමු ඇයි ඒ වෙබ් අඩවිය ඔය කියන තරම් සාර්ථක කියලා.

Update ---- Adfly වලට වඩා දෙගුණයක් වැඩියෙන් මුදල් උපයන්න වෙබ් අඩවියක් මෙන්න >>> http://sadeepa01.blogspot.com/2015/07/adfly.html

  • සැබෑවටම මුදල් ගෙවන වෙබ් අඩවියක් වීම.
  • ලොව බොහොමයක් රටවල භාවිතා වන නිසා.
  • ශ්‍රී ලංකාවේ Visit වලට පමණක් නොව අන් කුමන රටකින් ලැබෙන Visit එකකට වුවද සාධාරණ මුදලක් ලබා දීම.
  • පැය 24ම නොකඩවා ක්‍රියාත්මක වීම.
  • මෙමගින් ඔබේ වෙබ් අඩවියට ගෙන්වාගන්න Visitorsලා හට අපහසුවකින් තොරව අවශ්‍ය ලිපිය වෙත ඇතුල් විය හැකි වීම.
  • මෙය මුදල් ගෙවන වෙබ් අඩවියක් බවට සනාථ කරන්න පහල තියෙනවා මෙමඟින් මුදල් ගෙවන බවට පෙන්වා දෙන Payment Proof දෙකක්. මේ මට ලැබුණු මුදල්.
    පළමු මුදල් ලබාගැනීම
    දෙවන මුදල් ලබාගැනීම
    ඉතින් PTC site වල අර දවසට ලැබෙන Ad කිහිපයත් Click කරන්න ඕනෙ අපිමයි.අනික ලැබෙන්නෙත් පොඩි ගානක් නමුත් මෙතනදි තියෙන Ad Click කරන්නෙ අපි නෙවේ අපේ ලින්ක් එක හරහා එන අය, ඒ වගේමයි මෙතන ඔයා Visit 5000ක් ගත්තත් එයාල ඒවාට හරියන්න Ads දෙනවා.
    එහෙනම් ඉතින් මම කියලා දෙන E-money Site එකට ආරම්භයක් අරන් දුන්නා දැන් වැඩ පටන් ගමු. 
    එහෙනම් Register මේ ලින්ක් එකට ගිහින්, Join now ඔබන්න.



    එතනින් ලැබෙන Registration Form එක පුරවන්න.



    දැන් මෙතනට දුන්න ඔයාගෙ E-mail එකට යන්න.



    එතනින් ඔයාට ආපු E-mail එක open කරලා Confirm කරන්න.



    ඔය පෙන්නලා තියෙන Activation Code එක තමා අර පහතින් තියෙන ලින්ක් එකට ගිහින් confiorm දෙන්න තියෙන්නෙ



    දැන් Submit කරන්න.
    Postal Codes හොයාගන්න මෙතනින්         >>> sri-lankan.net
    එහෙනම් වැඩේ හරි. දැන් තියෙනෙ සල්ලි හොයන්න.
    මුලින්ම බලමු URL Shrinking වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියලා,
    Adfly Account එකට log වෙලා උඩ පින්තූරෙ වගේ ඔයාගෙ original ලින්ක් එක Shrink කරලා, ඒක copy කරගෙන අනිත් අයට දෙන්න.






    ඔව් ඔය වගේ යාලුවන්ට ඒ Link එක දුන්නම එයාලා Post බලන්න එද්දි මුදල් එකතු වෙනවා.

    හරි මේකෙ Full page script එක දාලා තවත් මුදල් උපයන්න පුලුවන්,
    Tools>Full page script වල තියෙන දෙවෙනි Code එක දාගන්න ඔයාගෙ බ්ලොග් එකේ <head> tag එකට පහලින්.


    පහල තියෙනෙ දාන්න ඕනෙ Tools>Full page script වල Code එක,


    හරි දැන් ඔයාගේ බ්ලොග් එකේ Template කොටසට යන්න





    ගිහින් Ctrl+F ඔබලා  </head> කියන එක search කරන්න.
    දැන් ඔය Coding එක අර </head> කියන එකට ඉහලින් paste කරන්න.


    දැන් Save Template දීල යන්න ඔයාගෙ බ්ලොග් එකට, බ්ලොග් තියෙන link එකක් කවුරුහරි click කලොත් ඔයාගෙ adfly account එකට මුදලක් එකතු වෙනවා

    තව Tools> Pop ads වලිනුත් සල්ලි හොයන්න පුලුවන් ඒකෙන් code එක බ්ලොග් එකේ layout එකට දාගන්න Html/Javascript gadget එකක් විදියට.

    ඒ වගේම Referrals ලා හරහාත් මුදල් උපයන්න පුලුවන්. Referral කියන එකේ තියෙන ලින්ක් එකෙන් ඔයා තව කෙනෙක්ව Register කරොත් එයා උපයම මුදලෙන් අමතරව 20% ඔයාටත් ලැබෙනවා. Referral ලා 5ක් හොයාගත්තොත් ඔයා තනියම හොයන ගාන ඒ 5 දෙනාගෙන් ලැබෙනවා :) .
    දැන් බලමු මේකෙ මුදල් ලබාගන විදිය,
    මුලින්ම මේ ලිපියෙ තියෙන විදියට Paypal account එකක් හදාගන්න 

    අන්න ඒ හදාගත්තු Paypal Account එකට දාපු E mail address එක ඔයාගෙ Account details වලට දෙන්න.
    එහෙනම් ඉතින් තව මොන කතාද මෙතනින් ගිහින් Register වෙන්න.
    5$ උපයාගත් පසුව මෙම වෙබ් අඩවිය විසින් Paypal - Payza - (Pioneer - 10$) මඟින් මුදල් ගෙවන අතර ඔබට මෙම මුදල් Ebay වැනි අන්තර්ජාල මුදල් ගෙවීම් වලට භාවිතා කළ හැක. ගැටලුව්ක් තියෙනවානම් Comment එකක් දාගෙනම යන්නකෝ. එහෙනම් මම කැපුනා යාලුවනේ.

    10:03 AM by Unknown · 12

    Paypal ගිණුමක් නිවැරදිව සාදාගනිමු



    අද ලිපියෙන් මම අරන් ආවෙ E-money එක්ක කටයුතු කරන අයට වැදගත් දෙයක් ගැන ලිපියක් අන්තර්ජාතිකව ගතහොත් බොහොමයක් e-money Site වල මුදල් ගෙවන්නේ Paypal ගිණුමකට. නමුත් එම මුදල ලබා ගැනීමටනම් Verify කරන ලද Paypal ගිණුමක් තිබිය යුතුය. ලංකාවත් සමඟ මද වශයෙන් ගණුදෙනු කරන Paypal විසින් ලංකාවෙ අයට අවස්ථාව ලබා දීලා තියෙන්නෙ අපේ සල්ලි වෙනත් රටකට යවන්න විතරයි. සල්ලි ගන්න බැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා Malaysiaවල ඉන්න කෙනෙක් විදියට මේ Account එක හදාගන්න.මේ වැඩේ කරන්න Paypal එකෙන් අවසර නැති උනත් අපි වංචාසහගත යමක් නොකරන නිසා එහෙම කළට කමක් නැහැ. කෙසේවෙතත් මෙමඟින් සාදන Account එකට Log වීමට එක් පරිගණකයක් පමණක් භාවිතා කරන්න එහි Paypal Account කිහිපයක් භාවිතා කිරීමෙන් වළකින්න.
    හරි එහෙනම් වඩේට බහිමු.

    මුලින්ම යන්න https://www.paypal.com/ph/cgi-bin/webscr?cmd=_registration-run වෙත.

    එතනදි ඔයාගෙ Country එකට Malaysia ලබා දෙන්න. Premier යන කොටසින් Get Started ඔබන්න.
    මෙතනින් ඉදිරියට ලබා දෙන්න තියෙන්නෙ ඔයාගෙ සැබෑ විස්තර.

    හොඳ Password එකක් ලබා දෙන්න. අකුරු , සංකේත , ඉලක්කම් සහිතව.Re enter කොටසට නැවතත් එම Password එක ලබා දෙන්න.

    මෙහින් First Name වලට ඔයාගෙ ඇත්ත නම ලබා දෙන්න.Middle , Last වලින් එකකට ගෙදරට එන බිලක සඳහන් වන නමක් ලබා දෙන්න. (ගෘහ මූලිකගේ) ඔයාගෙ උපන් දිනයත් දෙන්න.*වැදගත් - Nationality එකට Sri Lanka ලබා දෙන්න.
    ලිපිනයත් නිවැරදිව දෙන්න. ගෙදරට එන බිල් වල සඳහන් වන ආකාරයට. දිස්ත්‍රික්කය, පලාත යන විස්තරද ලබා දෙන්න.ඔබේ නගරයේ Postal Codes මෙතනින් ගන්න. http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
    Phone no. එකට පිටරට No. එකක් දෙන්න, පින්තූරෙ වගේ.වලංගු භාවයක් ඇති එකක්.දැන් ඉති වැඩේ හරි Agree and Create Account ඔබන්න.
    ඊළඟට Go to my Account ඔබන්න.
    දැන් ඔයාගෙ Paypal ගිණුමට Log වෙන්න. ඔයා E-money Site වලට ලබා දෙන්න ඕනේ ඔය හදාගත්ත Paypal එකට දුන්න E-mail එක තමා.
    වැදගත් - Paypal වලින් ලංකාවට මුදල් ලබා ගැනීම
    ඔය Paypal එකට සල්ලිත් එකතු කරගන්න කැමති අය මෙතන clickකරන්න. 

    7:49 AM by Unknown · 6

    Pen එකෙන් Windows හා වෙනත් OS Install කරමු



    අපේ සාම්ප්‍රදායික ක්‍රමයනෙ ඉතින් CD එකකට OS(Operating System - මෙහෙයුම් පද්ධතිය) එකක් දාගෙන ඇවිත් ඒක Install කරන එක, ඒත් ඕකෙ රඟේ බලන්න පුලුවන් Laptop එකක හිමින් දුවන Optical Drive එකකින් Windows දාද්දි. ඒත් Pen එකකින් ඔය වැඩේ කරොත් අපිට අඩු කාලයකින් මේ වැඩේ කරගන්න පුලුවන්.
    හරි මුලින්ම මේ 600 KB පොඩි Software එක බාගන්නකෝ.


    දැන් ඔයාට OS එක Copy කරන්න අවශ්‍ය Pen එක පරිගණකයට සම්බන්ධ කරන්න.
    දැන් අර බාගත්ත Software එක Open කරලා Device කියන කොටසට ඒ Pen එක තෝරලා දෙන්න.
    Create Bootable USB drives

    File System එක FAT32 එක NTFS විදියට වෙනස් කරන්න.
    දැන් ඉහත පිතූරෙ තියෙන Format Option ලබා දීලා ISO Image කියන තැනට ඔයා Install කරන්න යන OS එකේ File එක තෝරලා දෙන්න.
    දැන් Start ඔබන්න එවිට Pen එක Format වෙලා OS එක Copy වෙයි.

    Arch Linux, Archbang, BartPE/pebuilder, CentOS, Damn Small Linux, Fedora, FreeDOS, Gentoo, GParted, gNewSense, Hiren's Boot CD, noppix, KolibriOS, Kubuntu , Linux Mint, OpenSUSE , ReactOS, rEFInd, Slackware, Tails, Trinity Rescue Kit, Ubuntu, Ultimate Boot CD, Windows XP (SP2, SP3), Windows Server 2003 R2, Windows Vista, Windows 7, Windows 8, Windows 8.1 හා තවත් බොහොමයක් මෙහෙයුම් පද්ධති වලට මෙය සහය දක්වයි.

    දැන් ඉතින් CD නැතුව වැඩර් වගේ Pen එකෙන් OS දාන්න පුලුවන්.

    6:58 AM by Unknown · 3

    PDF එක Word/JPG/HTML වලට පෙරලමු



    ගොඩ දෙනෙක්ට ඇති වන අවශ්‍යතවක් තමයි PDF File අපිට පුරුදු Word (.docx) වගේ Format එකකට හරවාගන්න එක. මේ වැඩේට Online Tools කෙතරම් තිබුණත් අපිට එහෙ මෙහෙ රස්තියාදු නොවී Internet නැතුවම මේ වැඩේ කරගන්න පුලුවන් software එකක් තමයි අද අරන් ආවෙ.

    මෙන්න බගන්න Link එක 

    පහල තියෙන්නෙ Screenshot ටිකක්.

    Main interface of UniPDF

    UniPDF settings

    6:27 AM by Unknown · 0

    පට්ටම Game 80 ක Pack එක 30MB විතරයි


    අහද්දිත් පුදුමයි නේද සුපිරිම ගේම් 80ක්ම MB30 කට දෙනවා කිව්වම ඔව් ඇත්ත තමා, යාලුවො ඉල්ලලා තිබ්බා මගෙන් සුපිරි Games ටිකක් ඉතින් එහෙනෙම් ටිකක් නෙවේ ගොඩක්ම තියෙනවා මෙතන :D

    මෙතන තියෙනවා,

    • casino games
    • kids games
    • sports
    • arcade
    • racing
    • action
    • හා තවත් බොහොමයක්
    ඉතින් තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.

    (Skip Ad ඔබා Download කරගන්න)

    3:32 AM by Unknown · 6

    අනන්තය ගැන මොකද හිතන්නෙ?



    මම අද කතාකරන්න හිතුවා ගණිතයට අදාල දෙයක් ගැන. කෙසේ වෙතත් ගණිත කටයුතු වලදී ප්‍රධාන වුවත් අනන්තය යන යෙදුම අපට නුහුරු දෙයක් නොවේ.

    අනන්තය මේ අන්තිම සංඛ්‍යාවද?
    ඇත්තෙන්ම කිව්වොත් මෙය සංඛ්‍යාවක් නම් නෙවේ,කෙසේවෙතත් අප දන්නා සංඛ්‍යා වලට වඩා සිතාගන්න නොහැකි තරම් විශාල සංඛ්‍යාවකි.

    1 බෙදීම 0 = අනන්තයද?
    නැත. කෙසේවෙතත් සාමාන්‍ය ව්‍යවහාරයේදී මෙය අනන්තය ලෙස හඳුන්වයි. (උදා :- Tan90' = අනන්තය ලෙස හැඳින්වීමේදී.) 1 බෙදීම 0 = අනන්තය නම්, 0 x අනන්තය = 1 නමුත් අප පිලිගෙන ඇත්තේ කිසියම් සංඛ්‍යාවක් 0න් ගුණ කළවිට එහි පිළිතුරද 0 විය යුතු යන ලෙසින්ය. එනිසා 1 බෙදීම 0 = අනන්තය යන මතය එකවරම පිළිගත නොහැක.

    අනන්තයට වටිනාකමක් දෙමුද?
    හරි අපි හිතමු දැනට තියෙන විශාලම සංඛ්‍යාව අනන්තය කියලා, වටිනාකමක් දීම සඳහා එය එය සංඛ්‍යාවක් ලෙස ගමු.
    0 සිට අනන්තය දක්වා සංඛ්‍යා අනන්තයක්  තිබේ එය "සියලු සංඛ්‍යා" නම් කුළකයට ගමු.
    0 සිට අනන්තය දක්වා ඔත්තේ සංඛ්‍යා අනන්තයක්  තිබේ එය "ඔත්තේ" නම් කුළකයට ගමු.
    0 සිට අනන්තය දක්වා වර්ග සංඛ්‍යා අනන්තයක්  තිබේ එය "වර්ග" නම් කුළකයට ගමු.
    0 සිට අනන්තය දක්වා වර්ග දහයෙන් බෙදූ විට කිසිවක් ඉතිරි නොවන සංඛ්‍යා අනන්තයක්  තිබේ එය "දහයෙන් බෙදෙන" නම් කුළකයට ගමු.
    0 සිට අනන්තය දක්වා Rational Numbers අනන්තයක්  තිබේ එය "Rational" නම් කුළකයට ගමු.
    0 සිට අනන්තය දක්වා Irrational Numbers අනන්තයක්  තිබේ එය "Irrational" නම් කුළකයට ගමු.

    (මම දන්න විදියට Rational කියන්නෙ පරිමේය සංඛ්‍යා)

    හරි ඉතින් ඔය කුළක සියල්ලෙහිම (අවයව) Elements ගාන සමාන වෙන්න ඕනෙ මොකද මේ හැම වර්ගයකම සංඛ්‍යා නිමක් නැතුව තිබෙන නිසා.

    N E ( සියලු සංඛ්‍යා = ඔත්තේ = වර්ග = දහයෙන් බෙදෙන = Rational = Irrational )

    ඉතින් යාලුවනේ අනන්තයට කිසියම් වටිනාකමක් දෙන එකත් පහසු නැහැ.


    ඔව් ආදරයටත් සමහර අය අනන්තයි කියනවානෙ. ඒක ගැන පස්සෙ කියන්නම් ;) . ආදරයේ අනන්තය ගැන කියද්දි මතක් වෙන් දෙයක් තමා "අනන්තයට යන පාර දිගේ" සින්දුව, අපි හිතුවොත් අනන්තයට යන පාර දුම්රිය මාර්ගයක් කියලා අපි එහි එක් ස්ථානයක සිට බැලූවිට එය එකතු වනවායැයි පෙනුනත් අපි එම ස්ථානයට ලඟාවනවාත් සමගම අපට පෙනෙන්නේ ඒ එකතු වන ලෙස පෙනෙන ස්ථානය තවත් ඉදිරියෙන් ඇති ලෙසයි. ඉතින් මේ විදියට කෙතරම් ඉදිරියට ගියත් එහි නිමක් නැහැ.



    ඒ වගේම උදාහරණයක් තමා Parallel (එක කෙලින්) විදියට යන ආලෝක කිරණ දෙකක්, (ඉහත පිතූරය බලන්න) එකට එකතු වන්නේ අනන්තයේදී යැයි පිළිගත්තා වුවද එය සැබවින්ම එක් වන්නේද? අනන්තය නම් දුර කෙතරම් විශාලද?

    ඉතින් යාලුවනේ කෙසේවෙතත් අනන්තය විශාල සංඛ්‍යාවක් යැයි කියන්න පුලුවන්. :) තවත් ලිපියකින් හමු වෙමු.

    6:51 AM by Unknown · 1

    Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

    මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
    Follow sadeepamax
    ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

    මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
    Powered by Blogger.