Adfly වලට වඩා දෙගුණයක් වැඩියෙන් මුදල් උපයන්න වෙබ් අඩවියක් මෙන්න



සුභ දවසක් යාලුවනේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමති අය වෙනුවෙන් ළිපියක් අරගෙන ආවා ඔන්න. මේ වෙබ් අඩවිය හරහා මුදල් උපයන්න ඔයාලට Facebook, Youtube, Blogger, Twitter වගේ වෙබ් අඩවි වල උදව් ගන්න පුලුවන්. මුලින්ම බලමු කොහොමද මුදල් උපයන්නෙ කියලා,
මේ වෙබ් අඩවියෙන් කරන්නෙ අන්තර්ජාලයෙ තිබෙන එක් එක් වෙබ් අඩවි වල වෙබ් ලිපින, URL ආදිය කෙටි Link එකක් බවට පත් කරනවා. ඒ Link එක හරහා කෙනෙක් එනකොට එයාට තත්පර 5ක Ad එකක් බලන්න වෙනවා. (ඒ කිව්වෙ එයාලගෙ වෙබ් පිටුවක තත්පර 5ක් ඉන්න වෙනවා)

ඒ Link එක කෙනෙක් Click කරොත් ඔයාට 0.001$ ලැබෙනවා.
Click 10ක් ලැබුණොත් 0.01$.
Click 100ක් ලැබුණොත් 0.1$
Click 1000ක් ලැබුණොත් 1$
ඉතින් කොහොමද ඔච්චර Click හොයාගන්නෙ? බ්ලොග් එකක්වත් නැති අපිට කොහොමද අන්තර්ජාලයෙන් මුදල් හම්බෙන්නෙ?
ඇත්තම කිව්වොත් මේක කරන්න Facebook Account එකක් තිබ්බත් ඇති. අන්තර්ජාලයේ තිබෙන යම් වෙබ් අඩවියක Link එකක්, Video එකක Link එකක් අර විදියට කෙටි කරලා ඒ ගැන පොඩි විස්තරයක් එක්ක Facebook එකේ දැම්මොත් ඔයාගෙ යාලුවන්ගෙන් 10 දෙනෙකුගෙන් එක් කෙනෙක් හරි එනවනෙ. යාලුවො 1000ක් ඉන්න account එකක් තියෙන කෙනෙක්ට 0.1$ හොයන්න බැරි වෙන්නෙ නැහැනෙ එහෙනම්. ඇයි එච්චරද පුලුවන් ? නැහැ, Facebook එකේ අනන්තවත් Group තියෙනවා සාමාජිකයො දසදහස්, ලක්ශ ගණන් ඉන්න එව්වා (Ex), ඉතින් එහෙම එකක ඔය Link එක දැම්මොත් 1$ හොයන එක ගේමක් නැහැනෙ, Group දහයක පහලොවක දැම්මත් ඇති 5$ විතර හොයාගන්න. මොකක්හරි වැදගත් ළිපියක්, පුවතක්, චිත්‍රපටයක් වැනි දෙයක Link එකක් කෙටි කරලා දාලා දවසින් Click 1000ක් හොයාගන්න බැරි වෙන්නෙ නැහැනෙ යාලුවනේ. ඉතින් දවසට Link කිහිපය බැගින් දිනපතා මේ වැඩේ කරොත් ගොඩ තමා.
Facebook, Twitter, G+ වගේ site වල ඔය link එක Share කරලා.
බ්ලොග් එහෙම තියෙන අයටනම් කියන්න තියෙන්නෙ නිකන් ඉඳලා සල්ලි හොයනවා කියලා තමා ඒ ගැන පස්සෙ කියන්නම්කො දැන් මෙතනින් ගිහින් Site එකේ Register වෙන්න.

ඊට පස්සෙ වැඩේ පටන් ගන්න, අන්තර්ජාලයේ තිබෙන වැදගත් යමක Link එකක් මෙන්න මෙතනට දාන්න.
දැන් Shorten එබුවම එන Link එක copy කරගෙන Facebook වගේ වෙබ් අඩවියක පළ කරන්න, එතකොට අනිත් අය ඒ Link එක හරහා එනකොට ඔයාට සල්ලි ලැබෙනවා.

උඩින් තියෙන්නෙ පොඩි උදාහරණයක්.

හරි දැන් තියෙන්නෙ හොඳම හරිය. බ්ලොග් වලින් සල්ලි හොයන හැටි, බ්ලොග් ගැන දන්න්නෙ නැති, බ්ලොග් නැති අය මෙතනින් ගිහින් කියලා තියෙන පියවර අනුගමනය කරලා බ්ලොග් එකක් හදාගන්නකො.
Link

හරි ඊ පස්සෙ TOOLS - WEBSITE MONETIZATION කොටසට එන්න
එතනින් ඔයාට පුලුවන් Full Page Script එක ගන්න, මේකෙන් පුලුවන් බ්ලොග් එකේ තියෙන හැම Link එකක්ම කෙටි Link බවට පත් කරන්න. එතකොට එකින් එක කර කර වද වෙන්න ඕනෙ නැහැ.
පලවෙන් රවුම් දෙකෙන් පෙන්වලා තියෙන කොටස් ගැන දන්නෙ නැත්නම් එව්වා වෙනස් නොකර ඉන්න. (එතනින් කරන්නෙ මේක ක්‍රියාත්මක නොවෙන්න ඕනෙ Link දාන එක)

අනිත් එව්වා ඔය විදියට හදාගෙන Generate Script ඔබන්න. ඊට පස්සෙ Copy Script ඔබන්න.

දැන් යන්න බ්ලොග් එකේ layout එකට.
එතනට ගිහින් කැමති තැනකින් Add Gadget ඔබන්න.
දැන් HTML/Javascript ඔබන්න.
එතනට අර Copy කරගත්ත Script එක Paste කරන්න.
දැන් Save ඔබන්න.

එහෙනම් දැන් ඔයාගෙ බ්ලොග් එකට මොන ලෝකෙන් හරි Click  ආවොත් සල්ලි එනවා.මොකද බ්ලොග් එකේ සේරමට Link අර සල්ලි එන විදියට කෙටි කරන නිසා.

මේ වෙබ් අඩවිය හරහා ඔයාලා 5$ උපයාගත්තට පස්සෙ ඒ මුදල් ඔයාලගෙ Paypal ගිණුමට ගන්න පුලුවන් Withdraw කොටසින්.
එතනට ගිහින් Fill in your profile කොටසින් Paypal ගිණුම සහ එහි e-mail එක ලබා දෙන්න.
විස්තර ටික පුරවලා Save කරන්න.
Paypal ගිණුමක් නැති අය මේ විදියට හදාගන්න -- >> Link
මේ වෙබ් අඩවියෙන් Adfly වලට වඩා දෙගුණයක් මුදල් ලැබෙන්න බව ඔයාලටම තේරෙයි යාලුවනේ Adfly එකේ එක Click එකකට 0.0005 එද්දි මේ සයිට් එකෙන් 0.001 දෙනකොට.
අලුත් සයිට් එක
දැක්කනෙ Adfly වලින් Click වලට ගෙව්වට වඩා දෙගුණයක් ඇවිල්ලා තියෙන හැටි. Adfly එකෙන් සල්ලි හොයන්න කැමති අය මෙතනින් එන්න Link , ඒත් ඒක පාඩුයි මේකට වඩා ;) .
මේ වෙබ් අඩවියෙනුත් මුදල් ගෙවන බව ඔප්පු කරන්න මෙන්න Payment Proof
මගෙ පළමු මුදල් ලබාගැනීම.



ඒ වගේමයි මේ තියෙන Referral Link එක හරහා ඔයා කෙනෙක්ව මේ වෙබ් අඩවියෙ Register කෙරුවොත් එයා උපයන මුදලෙන් 20% ලැබෙනවා. පස් දෙනෙක්ව Register කළොත් ඔයා තනියම හොයන ගාන නිකන්ම එනවා.

ඉතින් ඇත්යි තවත් බලන් ඉන්නෙ මෙතනින් ගිහින් Site එකේ Register වෙන්න.

3 Responses to “Adfly වලට වඩා දෙගුණයක් වැඩියෙන් මුදල් උපයන්න වෙබ් අඩවියක් මෙන්න”

Thamara Lakshan said...
July 25, 2015 at 5:56 PM

niyamai.


Unknown said...
July 26, 2015 at 7:26 AM

ස්තූතියි ඔබට


Sanjula Nipun said...
July 27, 2015 at 12:58 AM

Adfly වලට වැඩ මේ සයිට් එක අටෙන්න්ම හොද්දද? :-?


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.