හන්තාන ලිනක්ස් - ලංකාවෙ හදපු Operating System එක


Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම් කරගනිමින් Fedora සමමිශ්‍රණය කොට තනා ඇති අතර මෙය Desktop හා Laptops සදහ උචිත වේ.
 මෙය Live CD එකක් ලෙස ඔබ වෙතට පැමිණෙන නිසා Install නොකර සජීවීව Boot කර ඒ සමඟ වැඩ කළ හැක. එමඟින් මේ සමඟ ලැබෙන සියලුම වැඩසටහන් භාවිතා කිරීමට පුලුවන.
ඔබට පහසු අතුරුමුහුණතක්ද සමඟින් ලැබෙන මෙම හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එදිනෙදා අවශ්‍ය වන වැඩසටහන් බොහොමයක් අන්තර්ගතකොට ඔබ වෙත ලැබේ. 
මෙය නොමිළේ බෙදාහරින බැවින් ඔබට කැමති ආකරයෙන් මෙය පිටපත් කර භාවිතා කළ හැක.
Hanthana Linux මෙතනින් Download කරගන්න - http://www.hanthana.org/index.php

මේ සමඟ ඔබට නොමිළේ ලැබෙන මෘදුකාංග - http://www.hanthana.org/si/features.php


8:32 PM by Unknown · 1

සත්ව ලෝකයේ ඔබ නොදත් පුදුමාකාර තතු



මිනිසුන් වන අපට මුණ ගැසෙන සතුන් බොහොමයි,නමුත් මේ ලිපිය කියෙව්වාට පසු ඔබ ඔවුන් ගැන නොදත් කරුණු බොහොමයක් දැන ගනීවි.

  • ගෙමැස්සා (මැස්සා)
දින 14ක් තම් වූ මැස්සන්ගේ ජීවන කාලයේදී ඔවුන්ගේ සංගීතමය හැකියාවන් අඩපණ කරගන්නේ නැත, මොවුන් නිතරම F තනුව ගායනය කරති.

  • පැස්බරා
අශ්වයින්ටත් වඩා වේගයෙන් දිවීමේ හැකියාවක් ඇති පැස්බරාවන්ගේ පිරිමි සතුන්ට සිංහනාද කළ හැකිය.

  • වවුලා
පියඹීමේ හැකියාවක් ඇති එකම ශීරපායින් වන්නේ වවුලන්ය.

  • කැන්ගරුවා
කැන්ගරුවන් තම වල්ගය භාවිතා කොට ශරීරයේ සමබරතාවය රැකගනී. එහෙයින් ඔබ කැන්ගරුවෙකුගේ වලිගය උඩට එසවූවොත් ඌට පැන පැන යාමට නොහැකිවේ.

  • මකුළුවා
හරිත ප්‍රදේශවල අක්කරයකට මකුළුවන් 50,000ක් පමණ ප්‍රතිශතයක් ජීවත් වන බව ඔබ දන්නවාද?

  • කොටියා
කොටියන්ගේ ලොම් වල මෙන්ම සමෙහිද ඉරි ඇති අතර එකම ආකාරයේ ඉරි කොටින් දෙදෙනෙකුට පිහිටන්නේද නැත.

  • කිඹුලා
කිඹුලෙකුගේ ග්‍රහණයෙන් මිදී උගේ හකු තුළට නොයන්න නම්, හැකි ඉක්මනින් මහපට ඇඟිල්ලෙන් උගේ ඇසට ඇණිය යුතු වේ.

  • මැක්කා
මැක්කන්ට තමන්ගේ උස මෙන් 200ක් ගුණයක් උඩට පැනිය හැක.මෙය මිනිසෙකු විසින් New York හී Empire State ගොඩනැගිල්ලට පැනීමට සමාන වේ.

  • බළලා
රාත්‍රියේදී වුවත් ඇස් පෙනීම තිබෙන බළලුන්ට සියඹලා ගසකින් කොළයක් වැටෙන ආකාරයද පෙනේ.

  • අලියා
සැතපුම් 3ක් ඈතින් තිබෙන ජලයටද ඉව ඇති අතර ඔසප් සිදුවන ශීරපායින් වර්ග තුනෙන් එකෙකි, අනෙක් දෙවර්ගය නම් humpback තල්මසුන් සහ කාන්තාවන්ය.

  • කෝලා
කෝලා වලසුන්ගේ එකම ආහරය යුකැලිප්ටස් (eucalyptus) කොළ පමණි.

  • බීවර්
බීවර්ලගෙ දත් වර්ධනය නොනැවතී සිදුවන නිසා ඔවුන්ගේ දත් නියමිත ප්‍රමණයකට පවත්වගැනීමට විවිද ද්‍රව්‍ය සපා කති.මොවුන් මෙසේ පවත්වාගන්නේ නැත්නම් අවසානයේ එම දත් මොළය දක්වාද වර්ධනය විය හැක.

  • කූඹි
කූඹින්ගේ නැගිටීමක් වෙතොත් ප්‍රවේශම්වන්න! මෙලොව සිටින එක් මිනිසෙකුට කූඹින් මිලියනයක් බැගින් සිටිති.මෙම නම්‍යශීලී සතුන් නිදාගැනීමක් සිදු නොකර්න අතර මොවුන්ට පෙනහලුද පිහිටා නැත.

  • බෙල්ලා
බෙල්ලන්ට ලිංගිකව එක්වීමට අවශ්‍ය පරිදි ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරගත හැක.

  • සමනලයා
සමනලුන්ට අක්ශි කාච 1000 බැගින් සමන්විත ඇස් යුගලක් ඇති අතර මොවුන්ට මෙමඟින් දැකිය හැක්කේ රතු, කොළ සහ කහ වර්ණ පමණි.

  • ගොළුබෙල්ලා
මෙය අත්හදාබැලීමෙන් වළකින්න.ගොළුබෙල්ලන්ට ඇසක් අහිමි වුවහොත් නැවතත් ඇසක් වර්ධනය වේ.

  • කැස්බෑවා
කැස්බෑවන්ගේ ස්ත්‍රී පුරුශ භාවය ඔවුන්ගේ හඬ අනුව දැනගත් හැක. පිරිමි සතුන් සියුම් හඬක් (grunt) නිකුත් කරන අතර ගැහැණු සතුන් තියුණු (hiss) හඬක් නිකුත් කරයි.
  • ජිරාෆ්
ජිරාෆ්ට vocal cords පිහිටා නැති නිසා හඬක් නිකුත් කළ නොහැක. අඳුරු නිල් වර්ණයකින් යුත් දිවක් පිහිටා ඇත.
  • ලේනා
නැවත ගසක් යටට යන ඔබ මේ ගැනත් සිතන්න, මිළියන් ගණනක් ගස් පැළවී තිබෙන්නේ ලේන්නුන් විසින් පොළව යට සඟවා අමතක වූ ඇට වර්ග නිසාය.
  • Humpback තල්මසා
මිහිපිට සිටින විශාලතම හඬක් නිපද්වන සත්වයා Humpback තල්මසාය.
  • බල්ලා
මිනිසුන්ගේ ඇඟිලි සළකුන මෙන් එකිනෙකාට වෙනස් නාස සළකුණක් ඇති බල්ලාට තියුණු කන් ඇසීමක් ඇත.
  • මුහුදු අශ්වයා
සෙමින්ම ගමන් කරන මාළුවා වන මුහුදු අශ්වයගේ මෙඑගය පැයට මීටර් 1.5කි.
  • ඌරා
මොවුන් එකිනෙක අතර වේගයෙන් සන්නිවේදනය කරති.විවිධ අවස්ථාවලදී ඌරන් විසින් භාවිතා කරන හඬවල් 20ක් පමණ හදුනාගෙන ඇත.
  • පැණි කුරුල්ලා
ආපස්සට පියෑබීමෙ හැකියාවක්ද ඇති පැණි කුරුල්ලා තත්පරයකට 80 වතාවක් පමන තටු සළති.

2:56 AM by Unknown · 65

Telephone Line එකෙන් නොමිළේ විදුලිය ගමු



කස්ටිය ගෙදර තියෙන Telephone Line එක තියන් ඉන්නෙ ගෙදරට current එක ගන්න නෙවෙයිද? අයියෝ,දන්නැද්ද ඔය Line එකෙන් Current එකක් එනවා කියලා, ඉතින් ඒකෙන් වැඩක් ගමුද? බලන්නකො පහල Video එක වැඩේ තේරෙයි.


මෙතනදි කරලා තියෙන්නෙ 60-70v පමණ එන Telephone Wire එකේ AC line එක Bridge Rectifier එකක් හරහා සරළ ධාරා (DC) බවට හරවා 12V පමණ වන ලෙස Regulate කිරීමකි.
මෙය අත්හදාබැලිමට යාමෙන් ඔබට සිදුවන අපහසුතා ගැන වගකියන්නේ නැත.

8:40 AM by Unknown · 3

ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ




අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය කරලා දෙයි.


8:26 PM by Unknown · 4

Google සමාගම ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ලොවටම පෙන්වයි


යාලුවනේ අපි දන්න දෙයක්නෙ Google Street View කියන්නෙ. දන්නෙ නැති අය දැනගන්නකො ඒකෙන් වෙන්නෙ අපිට පාරෙ ඇවිදන් යනවා වගේ Google Maps හරහා වටපිටාවම බලාගන්න පුලුවන් තාක්ශණයක්. මෙතනින් ඒ සේවාව ලබාගන්න පුළුවන් maps.google.lk 

Google සමාගම දැනට රටවල් 63ක් පමණ මේ සේවාව සඳහා ආවරණය කරලයි තියෙන්නෙ. ඉතින් යලුවනේ තව දින කිහිපයකින් මේ Google Street View එකෙන් බලන්න පුලුවන් රට්වල් අතරට ලංකාවත් එකතු වෙනවා. එතකොට අපිට පුලුවන් වෙනවා අන්තර්ජලය හරහා ලංකාවේ සිතියම Panoramic (හාත්පස පැතිරුණු දර්ශණයක්) විදියට බලන්න. හරියට 3D Game එකක වගේ.


ඉතින් යාලුවනේ මේ වැඩේ කරන්න Google සමාගමෙන් අධිතාක්ශණික කැමරා සවිකරපු මෝටර් රථයක් තමා භාවිතා කරන්නෙ.ඉතින් මේ වාහනේ ලංකාවේ සෑම ප්‍රදේශයක් පසාම ආවරණය කරමින් ලබාගන්නා ඡායාරූප පරිගණක සැකසුම් වලට ලක් කරලා Google Maps වලට එකතු කරනවා. හෙට දින (2014.12.12) සිට Google Street View හරහා මේ සේවාව සපයන්න ඒ මෝටර් රථය ගමන් ආරම්භ කරනවා. ඉතින් ලංකාව වටේම ගිහින් Google සමාගම ලංකාවෙ අසිරිය මුළු ලෝකෙටම ගෙනියනවා.


තවත් දෙයක්නෙ යාලුවනේ Google Maps වලින් මිනිස් මුහුණු වාහන අංක තහඩු එහෙම බොඳ කරන එක, ඉතින් මේ වැඩේදිත් Google සමාගම ඔය ක්‍රමේ පාවිච්චි කරනවා. මේ වගේ සුවිශේශාංග රැසක් සමඟ තමයි ලංකාවෙ සුන්දරත්වය අන්තර්ජාලය හරහා ලෝකයට බෙදාහරින Google Street View හී පියවර ක්‍රියාත්මක වෙන්නෙ. ඉතින් ශ්‍රී ලංකාව ගැන සොයා බලන විදේශිකයන්ට, සංචාරකයන්ට පවා මෙමඟින් මහඟු අත්වැලක් ලැබෙනවා, තමන් සංචාරය කිරීමට නියමිත් ශ්‍රී ලංකාවෙ විවිධ ස්ථාන මෙලෙසින් බලාගැනිමට හැකිවන නිසා.

මේ ගැන දුටු Post එකක්.වැරදියට හිතන්න එපා, හුදෙක් විනෝදයට පමණි. :D

Sources :- offair.nethfm.com

8:06 AM by Unknown · 4

Data කපාගන්නෙ නැතුව TV බලමුද? PC / Phone / Tab සඳහා



මුලින්ම කියන්න ඕනෙ යාලුවනේ මේ වැඩේ කරන්න නම් Dialog Sim එකක් තියෙන්නෙ ඕනේ.

9:07 AM by Unknown · 26

Sony Play station එකත් Hack වෙයි



සඳුදා දිනයේදී අවහිරව පැවතුණු Sony online PlayStation store එකට එල්ල කළ සය්බර් ප්‍රහාරයේ වගකීම Hacker කණ්ඩායමක් විසින් භාරගෙන ඇති බව වාර්ථා වේ. ඔවුන්ගේ වෙබ් අවියට පැමිණෙන අයට "Page Not Found, It's not you. It's the internet's fault" (වෙබ් පිටුවට පිවිසිය නොහැක,මෙය ඔබේ ගැටලුවන් නොවේ, අන්තර්ජාලයෙ ලෙසින් පෙන්වයි.

Lizard Squad මෙසේ එම ඇණහිටීමට වගකීම භාරගෙන ඇති බව ඔවුන්ගේ Twitter Status මඟින් දන්වා ඇත. "PSN Login #offline #LizardSquad"

Sony ආයතනයට සිදුවූ ඇණහිටීම් අතුරින් මෑතකදී සිදුවූ ඇණහිටීම මෙය ලෙසයි සඳහන් කරන්නේ.

ජපානයේ firm's Hollywood film studios' ඒකාබද්ධ ජාලයද ඉකුත් මසයේදී මෙලෙසින්ම සයිබර් ප්‍රහරයකට ලක්ව ඇත. එනිසා නිකුත් කර නොතිබූ චිත්‍රපට අන්තර්ජාලයට මුදාහැරීමක් සිදුවී තිබිණි.එමෙන්ම නළුවන්ගේ වැටුප් වැනි රහසිගත තොරතුරුද මෙනිසා එළි වී ඇත.

Sony Entertainment ජාලයට සම්බන්ධ වන පරිශීලයන්හට සිදුවූ අපහසුතාවය ගැන ඔවුන් සොයාබලන බව සිට Twitter ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ මෙළෙසිනි.
"Thanks for your patience as we investigate" (අප විමර්ශණය කරන තුරු ඉවසා සිටින ඔබට ස්තූතියි)

9:16 PM by Unknown · 0

ඔබ අනිවාර්යෙන් කියවිය යුතු ලිපියක්


බෞද්ධයන් වන අප මිනිස් භවයක වටිනාකම දන්නෙමු. මෙසේ මිනිස් භවයක් ලබන්නට නම් අප කෙතරම් පුන්‍යකර්ම කළ යුතුද, මේ ඉපදිලා ඉන්නෙත් පෙර භවයක අපි කරපු පුන්‍යකර්මයක බලයෙන්. අපි තුන්වේලටම කන්න පින් කරලා තියෙනවා.(එහෙම නැති අයත් ඉන්නවා), අතපය හතර හොඳට තියෙනවා, ඇස් කන් දුර්වළතා නැහැ. නමුත් අවාසනාට මිනිස් භවයක් ලබාගන්න පින් කරපු අයට මේ දේවලුත් නැති වෙලා තියෙනවා. ඒ විතරද බයක් නැතුව පාරෙ බැහැලා යන්න පුලුවන් රටක ඉපදිලා ඉන්නවා.මම තව විස්තර කියන්නෙ නැහැ කෙලින්ම මාතෘකාවට යන්නම්,
පොඩ්ඩක් හිතලා බලන්න ඔය ලැබුණ මිනිස් භවයෙදිත් ඔයාලා මොක්ද කරන්නෙ කියලා, අඩුමගානෙ පන්සිල් පද 5වත් ආරක්ශා කරනවද? දවසට බොරු කීයක් නම් කියනවාද? හරි පොඩි බොරුඉවක් උනත් බොරුවක්, අලියෙක් මැරුවත් එකයි මිනිහෙක් මැරුවත් එකයි මදුරුවෙක් මැරුවතෙ කයි, පව පවමයි. හිතේ දුක නිවෙන්න කියලා බිව්වහම හරිද? දුක කියන්නෙ පාසල් දරුවන් පවා මේ වැඩේට ගොදුරු වෙලා ඉන්න එක, යාලුවනේ බුදුදහමෙන් මෙහෙම වැට බඳින්නෙ කිසි අමාරුවකට නෙවේ, සමාජයේ මෙන්ම මිනිසාගේද ලෝකයේමද යහපැවැත්ම නිසා. සැබෑ ආගමක් දර්ශණයක් නම් කිසිම වෙලාවක කියන්නෙ නැහැ අහවල් කෙනාට ගහන්න අහවල් කෙනාව මරන්න කියලා.සොරකම් කරලා ගන්න දෙයක් පවතින්නෙත් නෑ ඒක වටින්නෙත් නෑ, අඩුමගානෙ මේකෙ (Blog of Sadeepa) crack එකක්වත් දන්නෙ නැහැ. මම බුදුදහම මූලික කරන් කියන දෙයක් නෙවේ මම බෞද්ධයෙක් නිසා පැහැදිලි කරන්න තියෙන පහසුවට තෝරගත්තෙ.
මම හිතුවා අද මේ වැඩේට බරපතලම ගොදුරු වෙන තරුණ හා ළමා පරපුර ගැන කතාකරන්න.
සොබාදහමට අනුව ගත්තොත් වයස අවු. 15ක් පමණ වන විට ආදර හැඟීමක් එන එක වැරදියි කියන්න බැහැ. නමුත් වත්මන් සමාජ ක්‍රමයට අනුව එය වැරදි දෙයක් ලෙසයි සළකන්නෙ, මොකද වැඩිහිටියන්ගෙ මතයක් තියෙනවා ඔය දේ නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි කියලා.
 හරි දෙමාපියන්ට හොරෙන් හරි මෙහෙම යාලු වෙන අය මොකද කරන්නෙ? ආදරය කරනවා. ඔව් දවසට කීයක් නාස්ති කරනවාද? sms එකකට යන සත 10 ඒවා කීයක් දවසට එකතු වෙනවාද? දවසට් පැය කීයක් call ගන්නවාද? සතියට Card කීයක් දානවද? අන්තිමට මොකක්ද ලැබුනේ? පන්ති යනවා කියලා කොච්චර නම් රවුම් ගහනවාද? ඔය නාස්ති කරන්නෙ කාගෙ සල්ලිද? අම්මා තාත්තා මහන්සි වෙලා හරිහම්බ කරන මුදලත් දරුවාට දෙන්නෙ දරුවගෙ අනාගතේ ගැන හිතලා. ඒත් ඒ දරුවා අනාගතයට හරි පාරෙ ගමන් කරන්නෙ නැතුව අනාගතේදි කරන්න තියෙන දේවල් කලින්ම කරොත් මොකද වෙන්නෙ?
සමනලයා ඉපදෙන්නෙ සමනලයා විදියටම නෙවේ, ඌත් විවිධ අවස්ථා පහු කරගෙන තමයි එන්නෙ ඔය සමනලයා දළඹු අවස්ථාවෙන්ම පියාඹන්න හැදුවොත් මොකද වෙන්නෙ? අන්තිමට අර සමනලයා වෙන අදහසත් අතෑරගන්න තමයි.
අම්මා අහනවා පුතේ ඇයි ඔච්චර සල්ලි ඉල්ලන්නෙ කියලා, දරුවා නැති සුරංගනාලෝක මවනවා. ඔතනින්ම කැඩෙනවා බොරු නොකියනවා කියන සිල් පදය. ඒ දෙන සල්ලි මදි වෙනවා ඇයි කෙල්ලගෙ උපන්දිනේට තෑග්ගක් අරන් දෙන්න, මොකද කරන්නෙ උස්සනවා සල්ලි. තවත් සිල් පදයක් කැඩුනා. කෙල්ල පස්සෙන් කොහෙවත් යන කොල්ලෙක් එනවා, ඉතින් මොකුත් නෑ ඒ කොල්ලට ගහනවා ආයෙ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නැතුව යන්න. 
ඔය වැඩේ ඔතනින් නතර වෙනවනම් එකක්, ඒත් අද ලංකාවෙ ළමා මව්වරු කී දෙනෙක් ඉන්නවා කිඅයලද හිතෙන්නෙ.මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ, ඇත්තටම ශෝකජනය දෙයක් ඒක.මෙතනදි තවත් සිල් පදයක් කැඩෙනවා.හරි සිල් පද 4ක්ම කැඩුවා, ඒත් මදි නේද?
අද පත්තරයක් ගත්තොත් ඒකෙ පොල්ගෙඩි අකුරෙන් මෙහෙම තියෙනවා, Facebook එකෙන් හමු වූ පෙම්වතාට බිලි වූ පාසල් දැරිය. කට්ටිය අර කොල්ලට නැති වෙන්න බනිනවා.හරි කොල්ලත් වැරදි වෙන්න පුළුවන් , කෙල්ලත් වැරදි වෙන්න පුලුවන් අපි ඔතන හිතපු නැති පැත්තක් තිබුණා. ඇයි ඔය කෙල්ලට කොහෙවත් යන කොල්ලෙක්ව ඔය තරම් ලොකු උනේ? කෙල්ලට ලැබෙන ආදරේ අඩුවක් වෙලාද? ඔව් යාලුවනේ ඒක තමයි වෙලා තියෙන්නෙ , ඒ දරුවගෙ දෙමාපියන් දවසම මහන්සිවෙන්නෙ සල්ලි වෙනුවෙන්, දුවට ඉගෙනගන්න නම් ඒකත් ස්අල්ලි වලින් කාරන්නෙ, කන්නද බඔන්නද සේරම සල්ලි වලින් කරලා දෙනවා උසස්ම විදියට, ඒත් අර කියන ආදරේ සල්ලි වලට දෙන්න බෑ, ඒනිසා ඔය කෙල්ල ඔක්ද කරන්නෙ? තමා බලපොරොත්තු වන ආදරය හොයාගන්න යනවා වෙනම ලෝකෙකට, ඒ වෙන කොහෙවත් නෙවේ Facebook එකට. 
ඔතන කොල්ලගෙ මායමට කෙල්ල පිස්සු වැටෙනවා, කෙල්ලට මුලු ලෝකෙම අර කොල්ලා, අපි මොනවා කිව්වත් ටික කාලෙකින් දෙන්නට දෙන්නා තරම් වටින කෙනෙක් තවත් නැතුව යනවා. අන්න කෙල්ල හොයපු ආදරේ ලැබුණා, දැන් කොල්ලා? කොල්ලටත් මාර චාන්ස් එක කෙල්ලව නටවන්න. එතනදි තමා ඔය කොල්ලත් වැරදි වැඩකට යොමු වෙන්නෙ. කොල්ලා කෙල්ලට මොන දේ කරන්න කිව්වත් කෙල්ල කරනවා.(කරන්න වෙනවා එය බලාපොරොර්ත්තු වෙන ආදරය ලබාගන්න) අනේ පව් ඉතින් දෙන්නම නැති කරදරේක වැටිකයි ඕක නිම වෙන්නෙ. අන්තිමට පත්තරෙයි TV එකෙයි හැම තැනම කිව්වට පස්සෙ මෙයාලව සමාජෙනුත් කොන් වෙනවා. සමහර විට ඕක ජීවිතෙනුත් පලිගන්න දෙයක් වෙනවා. අන්තිමට කොහෙවත් තියෙන වෙබ් අඩවියකට ඔය වරද පටවනවා. ඔව් වැරැද්ද ඒක පාවිච්චි කරපු කෙනාගෙ තමයි, ඒත් එයා ඒක වැරදි විදියට පාවික්ච්හි කරපු හේතුවකුත් තිබ්බනෙ.සිරා සිරා කියල කරන love වලින් කීයෙන් කීයක්ද හරියන්නෙ? 
ඕකත් ඉවර වෙනවා එදාට? කොල්ලා කුඩුවෙන්න බොනවා ඇයි? දුකට , හේතුව කෙල්ල දාලා ගිය එක.අපොයි අන්තිම සිල් පදෙත් කැඩුවා.
මොක්ද මේ කරපු වැඩේ? අම්මලා තාත්තලා දුක් මහන්සිවෙලා හදාගත්ත දරුවා අතපය කපාගන්නවා, ජීවිතෙත් නැති කරගන්නවා, එයා ඒ පලි ගන්නෙ කාගෙන්ද? අර මහා පුන්‍යකර්මයක් කරලා ලබාගත්ත මිනිස් භවයම නැති කරගත්තා.
තන්හාව
දවසක් දෙමාපියන් තමන්ගෙ දරුවට දයාද වශයෙන් ඉඩම් බෙදලා දෙනවා, අනේ ඔතනින් එක පුතෙකුට පොඩි ඉඩම් කෑල්ලක් ලැබෙනවා,
පුතා අහනවා, 
"අම්මේ ඔයාලා මට මොනවද දුන්නෙ?" කියලා. මචන්ලා අම්ම කෙනෙක් දරුවට දුන්න දේවල් වචනෙන්වත් අකුරෙන්වත් කියන්න බැහැ.ඒත් වස්තු තන්හාවෙදි අම්මා තාත්තා මතක නැතුව යන අය ඒ අඳුරු ලෝකෙම ජීවත් වෙනවා, එයාලට අනාගතයක් නැහැ.
මෙහෙම දෙයක් කියන්න උනාට සමාවෙන්න යාලුවේ.දෙවරක් සිතන්න, ලැබුණු ජීවිතයෙන් උපරිම ඵල නෙලාගන්න.ලස්සන මල් තියෙනවා තමා ඒත් එව්වගෙ ලස්සන දකින්න විඳින්න එපා වෙනකන් බලන්න, ඒත් එව්වා කඩන්න යන්න එපා.මට හිතුන දේවල් කිව්වෙ ,බණ දේශණාවලදි අහපු උදාහරණ දෙක තුනකුත් දැම්මා.ලිපිය කියෙව්වට පස්සෙ හිතුන දේ අනිවා Comment එකක් දාලා යන්න.

7:58 AM by Unknown · 3

Iron එකේ තියෙන කලු පැල්ලම් ඉවත් කරමු



ගෙදර තියෙන Iron එකේ යට කොටස බැලුවොත් ඔබට දැකගන්න පුලුවන් යම් පැල්ලම් සැදී තිබෙන ආකාරය.නමුත් දැන් ඒ ගැන වද වෙන්න්න දෙයක් නෑ, හැබැයි මේක කරන්න ඕනෙ වෙන්නෙ පැනඩෝල් පෙත්තකුයි රෙදි කැබැල්ලකුයි විතරයි. හැබැයි අත පුච්චගනෙ නැතුව පරෙස්සමින් කරන්න ඕනා වැඩේ. බලන්න පහත Video එක.

11:43 PM by Unknown · 5

තනි බැටරියෙන් LED දැල්වීම



ආ කස්ටිය හිතන් හිටියෙ LED එකක් වැඩ කරන්න නම් Battery 2ක්වත් ඕනෙ කියන එකනෙ ඒත් මේ ලිපියෙන් කියන්නෙ බැහැලා තියෙන 1.5V බැටරියකින් වුවත් LED දල්වන ක්‍රමය. ඇත්ටම යාලුවනේ බැටරිය කියන්නෙ වියලි කෝශ කිහිපයක් එකතු වෙලා හැදුන එකකට.ඉතින් අපි සාමාන්‍යෙන් බැටරියක් කියන්නෙ වියලි කෝශ‍යකට.
ඔය උඩ තියෙන්නෙ වියලි කෝශයක්, ඔව්වා කිහිපයක් එකතු වෙලා තමයි බැටරියක් හැදෙන්නෙ.
හරි දැන් ඒ කතාවෙන් වැඩක් නෑ ඔය කියන එක් වියලි කෝශයකින් කොහොමද අර LED එකක් දල්වන්නෙ? ඒකට අඩුමගානෙ 2V වත් ඕනනෙ, ඒත් තනි වියලිකෝශයකින් ලැබෙන්නෙ 1.5v විතරනෙ?
ඔව් ඒත් මේ කරන්න යන trick එකෙන් පුළුවන් 1.5v අරගෙන ඒක 2.5v කරන්න.කොහොමද වැඩේ?
හරි එහෙනම් බලමු වැඩේට මොනද ඕනෙ කියලා.


NPN Transistor එකක් - 2N2222 / C828 / D400 මේවගෙන් කැමති එකක්. මම පලවෙනි එක තෝරගන්නවා වැඩේට ලේසි නිසා.


1k Resistor එකක්


LED එකක්



වියලි කෝශයක් - Pen Torch Battery එකක් වුවත් සුදුසුයි (1.5V)


අඩි 3ක පමණ Coil කම්බියක් (CFL Bulb වල තියෙන Transformer එකේ තියෙන Coil කම්බියත් අවුලක් නෑ)

Coil එක ඔතන්න Ferrite Rod එකක් ( CFL Bulb වල තියෙන එකක් වුවත් සුදුසුයි නැත්නම් යකඩ ඇණයක් ගන්න)
තව මේ ටික අමුනගන්න වයර් කෑල්ලක් , පාස්සනවානම් ඊයම් ටිකකුත් ඕනේ.

හරි අහත ආකාරයට මෙම උපාංග අමුනාගන්න


LED එකේ දිගින් වැඩි අග්‍රය ට්‍රාන්සිස්ටරයේ C අග්‍රයටත් අකෙන් අග්‍රය E කොටසටත් සම්භන්ද කරන්න.
Coil එකත් පොටවල් දෙකක් වෙන වෙනම ඔතන්න ඕනා එකක් වට 20ක් පමණ වන තෙක්. වර්ණ දෙකක Coil භාවිතා කරනවානම් වැඩේ පහසු වෙයි.
වැඩේ හරිනම් වියලි කෝශයට සම්බන්ධ කරලා බලන්න වැඩ කරනවා.
මේ Circuit එකට කියන්නෙ Joule Thief කියලා වැඩ නොකරොත් එක් Coli එකක වියලි කෝශයට හා ට්‍රාන්සිස්ටරයට සම්බන්ධ වන වයර් දෙක මාරු කර බලන්න.
මෙන්න තවත් එකක්.
ඔය කොල පැහැති ධාරිත්‍රකය නැති උනාට අවුලක් නැහැ.
මේ පරිපථය දියුණු කරලා ඔය වියලි කෝශයෙන් CFL Bulb එකක් වුවත් දල්වන්න පුලුවන්.
මෙතනදි භාවිතා කරලා තියෙන්නෙ Camera Flasher එකට 400v සපයන්න භාවිතා කර්න Joule Theif එකක්.
විද්‍යා ප්‍රදර්ශණයක වුවත් ඉදිරිපත් කළ හැකි මේ නිර්මාණය සරළ විදුලි පහණක් ලෙසද භාවිතා කළ හැක.

10:31 PM by Unknown · 6

සල්ලි වෙනුවෙන්ද ජීවත් වෙන්නෙ?



එක්තරා මධ්‍යම පන්තික පවුලක මව පියා සහ කුඩා පුතෙකු විය. මේ දරුවාගේ පියා දවසම වෙහෙසෙන්නේ තම රැකියාවය. එනිසා තම දරුවා ගැන සොය බලන්න වෙලාවක් නැති තරම්ය , වරක් එම දරුවා ඔහෙගෙන් "තාත්තෙ අපි පොඩ්ඩක් සෙල්ලම් කරමුද?" යනුවෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, "අනේ පුතේ ඔයා ඔහොම කිව්වට පැයක් වැඩ පාඩු උනොත් මට රු. 100ක අලාභයක් වෙනවා, පුතා තනියම සෙල්ලම් කරන්න" . ඒත් පියාගෙන් ලැබිය යුතු ආදර සෙනෙහස නොමැති දරුවා එය ලබාගැනීමට උපක්‍රමයක් සොයයි.ඔහුට අදහසක් පහළ විය. තම මව වෙතට ගිය ඔහු, "අම්මෙ මට රු. 50ක් දෙනවද පොඩි වැඩකට..." යනුවෙන් පවසා මවගෙන් රු. 50ක් ඉල්ලා ගත්තේය, මෙලෙසින් ඔහු පියාගෙන්ද රු. 50ක් ඉල්ලා ගත්තේය. ඉතින් මේ දරුවා රු. 100ක් එකතු කරගෙන එය පියා වෙත දිගු කර මෙසේ පැවසීය, "තාත්තේ, තාත්තේ මෙතන රු. 100ක් තියෙනවා, දැන්වත් එනවද මාත් එක්ක පැයක් සෙල්ලම් කරන්න?". මෙය ඇසූ පියාට සියල්ල වැටහුණි, තමා මුදල් පසුපස හඹාගියත් පවුල් ජීවිතයෙන් තමා බලාපොරොත්තු වූ සතුට මුදල් නිසා විනාශකරගෙන ඇත. පුතාගේ ක්‍රියාව නිසා මෙසේ විස්මයට පත්වූ පියා රු.100 මිළ කළ නොහැකි දරු සෙනෙහස වෙනුවෙන් දරුවාගේ අවශ්‍යතාව ඉටු කලේය. දරුවාගේ උපායද සාර්ථක විය. 



මේ ගැන කියවෙන කවියක් තියෙනවා Robert Frost මහත්මා ලියපු, ඔහු පවසන්නේද මෙයයි.

I have wished a bird would fly away,
And not sing by my house all day;

Have clapped my hands at him from the door
When it seemed as if I could bear no more.

The fault must partly have been in me.
The bird was not to blame for his key.

And of course there must be something wrong
In wanting to silence any song.




මෙම කවියා නිවසේ සිටින විට නිවස අසළ ගසක සිටි කුරුල්ලෙකුගේ කෑ ගැසීම දරාගැනීම නොහැකිවන ඔහු එම කුරුල්ලාව පන්නා දමයි, පසුව එසේ කුරුල්ලාව පැන්නීම ගැන පසුතැවිලි වෙනවා.අවසානයේදි ඔහු වරද පිළිගන්නවා. වරද කුමක්වත් නොවේ, එම කවියා සංකේතවත් කරන්නේ මුදල් පසුපස හඹා යන සමාජයයි, කුරුල්ලා යනු ජීවිතේ විඳිය යුතු සුන්දරත්වයයි. නමුත් සමාජය විසින් තමාට මුදල් පිළිබඳ ඇති තණ්හාව නිසා එම ජීවිතේ ඇති සුන්දරත්වය බාධාවක් ලෙස තකා, එය පන්නා දමයි. එනිසා (there must be something wrong) එම වරද නැති කරගත යුතු වේ.
මෙය හුදෙක් ජීවිතය ගැන ඉගෙනගන්නා මාවතේ මා හට අසන්නට ලැබුණු අදහස් බිඳක් ලෝකයා වෙත පැවසීමකි.

7:43 AM by Unknown · 4

ලොව සිසිල්ම ගම්මානය බලන්න යමු



අද ටිකක් වෙනස් ලිපියක් ගේන්න හිතුවා, මේ කියන්න යන්නෙ ලොව අඩුම උශ්ණත්වයක මිනිස් වාසයක් පවතින ගම ගැන. එනම් රුසියාවේ පිහිටි Oymyakon. සිසිලසේ ධ්‍රැවය ලෙසින් හඳුන්වන මෙම ගම්මානයේ උශ්ණතවය ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවී.ජනවාරි මාසයේදී එය -50' C ව තිබුණු අතර එහි අවම උශ්ණත්වය වාර්ථා වූයේ 2013 පෙබරවාරි මාසයේදීය, ඒ -71' C වශයෙනි.උණු තේ කෝප්පයක් විසි කළොත් බිමට වැටෙන්නෙ අයිස් වෙලා තමයි.


දර ගොඩක් ළඟ වකුටු වෙලා ඉන්න බල්ලෙක්.විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හරියාකාරව නොලැබෙන අවස්ථාවලදී ඒ වෙනුවට භාවිතා කරන්නේ දර මඟිනි.

ඇත්තෙන්ම මේ ගමේ ජීවත් වෙනවා කියන්නෙ පුදුමාකාර අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙන වැඩක්.ඇස් කණ්නාඩි මුහුණටම ගල් වෙලා තියෙන්නෙ, බැටරි වල බලය ඉක්මනින් ක්ශය වෙනවා, උනුසුම් ගරාජයක තබන්නෙ නැත්නම් වාහනය නොකඩවා පණගන්වා තබන්න වෙනවා, ජංගම දුරකථනයක වුවත් බැටරිය ආරක්ශා කර ගැනීම අපහසු දෙයක්.


සිසිලසේ නොකඩවා පණගන්වා තබන වාහන.


ගෙවල් උණුසුම් වෙන්නෙ දර පිළිස්සීමෙන්.


නිවසින් පිටත ඇති වැසිකිළි.

Oymyakon හී වගා කරන කාලය කෙටි බැවින්, එහි සිටින මිනිසුන් මද වශයෙන් එලවළු සහ පළතුරු ආහරයට ගනී. ඔවුන්ගේ ගොවිපළවල් වල ඇති කරන පිනිමුවන්ගේ හා අශ්වයින්ගේ මස් හා කිරි මෙන්ම මාළු මොවුන්ගේ ආහාරයේ ප්‍රධාන තැනක් ගනී. මඳ වශයෙන් එලවළු සහ පළතුරු ආහරයට ගන්නා මොවුන්ට මන්දපෝශණය එතරම් ගැටලුවක් නොවේ.

 
ආහාර සඳහා හිම මත මසුන් අල්ලන අවස්ථාවක්.


Oymyakon හී වැසියන්ට ආහාර සම්පතක් ලෙස මෙම මාළු ගත හැක.















මේ මාළු වෙළෙන්දා වගේ ගොඩ දෙනෙක්ගෙ ජීවිත ගෙවෙන්නෙ ඔය දරාගන්න බැරි සීතලේ තමයි.


ගොවිපළක සිටින පිනිමුවන් රංචුවක්.

මුල් කාලයේදී පිනිමුවන් ඇති කළ අයට වෙන්වූ ගමක් වූ මෙහි දැනට 500ක් පමණ ජීවත් වේ.කෙසේ වෙතත් ඔවුනට ඇත්තේ එක් කඩපිළක් හා ආසන්නව ඇති ඉන්ධන හලකි.


ලී වලින් හදපු ගෙයක්.


Lost Bar - මෙය ලොව හුදෙකලාම Bar එක ලෙසත් හඳුන්වයි.


පහළ තියෙන්නෙ Oymyakon වලට යද්දි හමුවෙන ඉන්ධනහල.







පිනිමුව හම් වලින් හදපු බූට් පාවහන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය අතර යුරෝ 300ක් පමණ වටිනාකමක් දරයි.


Lena ගංගාවේ ජලයෙන් අයිස් වතුරෙ ගිලෙන පුද්ගලයෙක්. ඔවුන් මෙසේ Orthodox Epiphany සමරයි.


Oymyakon ගම්මානය අස්ථි ශීත කරන ශීත සෘතුවලින් සමන්විත වුවත්, මෙහි වටපිටාව ග්‍රීශ්මයේදි මෙය සංචාරක ආකර්ශණය ඇති කරන්නක් වේ.

පින්තූර :- Alex Saurel , Amos Chapple , Reuters.

7:05 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.