තනි බැටරියෙන් LED දැල්වීම



ආ කස්ටිය හිතන් හිටියෙ LED එකක් වැඩ කරන්න නම් Battery 2ක්වත් ඕනෙ කියන එකනෙ ඒත් මේ ලිපියෙන් කියන්නෙ බැහැලා තියෙන 1.5V බැටරියකින් වුවත් LED දල්වන ක්‍රමය. ඇත්ටම යාලුවනේ බැටරිය කියන්නෙ වියලි කෝශ කිහිපයක් එකතු වෙලා හැදුන එකකට.ඉතින් අපි සාමාන්‍යෙන් බැටරියක් කියන්නෙ වියලි කෝශ‍යකට.
ඔය උඩ තියෙන්නෙ වියලි කෝශයක්, ඔව්වා කිහිපයක් එකතු වෙලා තමයි බැටරියක් හැදෙන්නෙ.
හරි දැන් ඒ කතාවෙන් වැඩක් නෑ ඔය කියන එක් වියලි කෝශයකින් කොහොමද අර LED එකක් දල්වන්නෙ? ඒකට අඩුමගානෙ 2V වත් ඕනනෙ, ඒත් තනි වියලිකෝශයකින් ලැබෙන්නෙ 1.5v විතරනෙ?
ඔව් ඒත් මේ කරන්න යන trick එකෙන් පුළුවන් 1.5v අරගෙන ඒක 2.5v කරන්න.කොහොමද වැඩේ?
හරි එහෙනම් බලමු වැඩේට මොනද ඕනෙ කියලා.


NPN Transistor එකක් - 2N2222 / C828 / D400 මේවගෙන් කැමති එකක්. මම පලවෙනි එක තෝරගන්නවා වැඩේට ලේසි නිසා.


1k Resistor එකක්


LED එකක්



වියලි කෝශයක් - Pen Torch Battery එකක් වුවත් සුදුසුයි (1.5V)


අඩි 3ක පමණ Coil කම්බියක් (CFL Bulb වල තියෙන Transformer එකේ තියෙන Coil කම්බියත් අවුලක් නෑ)

Coil එක ඔතන්න Ferrite Rod එකක් ( CFL Bulb වල තියෙන එකක් වුවත් සුදුසුයි නැත්නම් යකඩ ඇණයක් ගන්න)
තව මේ ටික අමුනගන්න වයර් කෑල්ලක් , පාස්සනවානම් ඊයම් ටිකකුත් ඕනේ.

හරි අහත ආකාරයට මෙම උපාංග අමුනාගන්න


LED එකේ දිගින් වැඩි අග්‍රය ට්‍රාන්සිස්ටරයේ C අග්‍රයටත් අකෙන් අග්‍රය E කොටසටත් සම්භන්ද කරන්න.
Coil එකත් පොටවල් දෙකක් වෙන වෙනම ඔතන්න ඕනා එකක් වට 20ක් පමණ වන තෙක්. වර්ණ දෙකක Coil භාවිතා කරනවානම් වැඩේ පහසු වෙයි.
වැඩේ හරිනම් වියලි කෝශයට සම්බන්ධ කරලා බලන්න වැඩ කරනවා.
මේ Circuit එකට කියන්නෙ Joule Thief කියලා වැඩ නොකරොත් එක් Coli එකක වියලි කෝශයට හා ට්‍රාන්සිස්ටරයට සම්බන්ධ වන වයර් දෙක මාරු කර බලන්න.
මෙන්න තවත් එකක්.
ඔය කොල පැහැති ධාරිත්‍රකය නැති උනාට අවුලක් නැහැ.
මේ පරිපථය දියුණු කරලා ඔය වියලි කෝශයෙන් CFL Bulb එකක් වුවත් දල්වන්න පුලුවන්.
මෙතනදි භාවිතා කරලා තියෙන්නෙ Camera Flasher එකට 400v සපයන්න භාවිතා කර්න Joule Theif එකක්.
විද්‍යා ප්‍රදර්ශණයක වුවත් ඉදිරිපත් කළ හැකි මේ නිර්මාණය සරළ විදුලි පහණක් ලෙසද භාවිතා කළ හැක.

10:31 PM by Unknown · 6

සල්ලි වෙනුවෙන්ද ජීවත් වෙන්නෙ?



එක්තරා මධ්‍යම පන්තික පවුලක මව පියා සහ කුඩා පුතෙකු විය. මේ දරුවාගේ පියා දවසම වෙහෙසෙන්නේ තම රැකියාවය. එනිසා තම දරුවා ගැන සොය බලන්න වෙලාවක් නැති තරම්ය , වරක් එම දරුවා ඔහෙගෙන් "තාත්තෙ අපි පොඩ්ඩක් සෙල්ලම් කරමුද?" යනුවෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, "අනේ පුතේ ඔයා ඔහොම කිව්වට පැයක් වැඩ පාඩු උනොත් මට රු. 100ක අලාභයක් වෙනවා, පුතා තනියම සෙල්ලම් කරන්න" . ඒත් පියාගෙන් ලැබිය යුතු ආදර සෙනෙහස නොමැති දරුවා එය ලබාගැනීමට උපක්‍රමයක් සොයයි.ඔහුට අදහසක් පහළ විය. තම මව වෙතට ගිය ඔහු, "අම්මෙ මට රු. 50ක් දෙනවද පොඩි වැඩකට..." යනුවෙන් පවසා මවගෙන් රු. 50ක් ඉල්ලා ගත්තේය, මෙලෙසින් ඔහු පියාගෙන්ද රු. 50ක් ඉල්ලා ගත්තේය. ඉතින් මේ දරුවා රු. 100ක් එකතු කරගෙන එය පියා වෙත දිගු කර මෙසේ පැවසීය, "තාත්තේ, තාත්තේ මෙතන රු. 100ක් තියෙනවා, දැන්වත් එනවද මාත් එක්ක පැයක් සෙල්ලම් කරන්න?". මෙය ඇසූ පියාට සියල්ල වැටහුණි, තමා මුදල් පසුපස හඹාගියත් පවුල් ජීවිතයෙන් තමා බලාපොරොත්තු වූ සතුට මුදල් නිසා විනාශකරගෙන ඇත. පුතාගේ ක්‍රියාව නිසා මෙසේ විස්මයට පත්වූ පියා රු.100 මිළ කළ නොහැකි දරු සෙනෙහස වෙනුවෙන් දරුවාගේ අවශ්‍යතාව ඉටු කලේය. දරුවාගේ උපායද සාර්ථක විය. 



මේ ගැන කියවෙන කවියක් තියෙනවා Robert Frost මහත්මා ලියපු, ඔහු පවසන්නේද මෙයයි.

I have wished a bird would fly away,
And not sing by my house all day;

Have clapped my hands at him from the door
When it seemed as if I could bear no more.

The fault must partly have been in me.
The bird was not to blame for his key.

And of course there must be something wrong
In wanting to silence any song.




මෙම කවියා නිවසේ සිටින විට නිවස අසළ ගසක සිටි කුරුල්ලෙකුගේ කෑ ගැසීම දරාගැනීම නොහැකිවන ඔහු එම කුරුල්ලාව පන්නා දමයි, පසුව එසේ කුරුල්ලාව පැන්නීම ගැන පසුතැවිලි වෙනවා.අවසානයේදි ඔහු වරද පිළිගන්නවා. වරද කුමක්වත් නොවේ, එම කවියා සංකේතවත් කරන්නේ මුදල් පසුපස හඹා යන සමාජයයි, කුරුල්ලා යනු ජීවිතේ විඳිය යුතු සුන්දරත්වයයි. නමුත් සමාජය විසින් තමාට මුදල් පිළිබඳ ඇති තණ්හාව නිසා එම ජීවිතේ ඇති සුන්දරත්වය බාධාවක් ලෙස තකා, එය පන්නා දමයි. එනිසා (there must be something wrong) එම වරද නැති කරගත යුතු වේ.
මෙය හුදෙක් ජීවිතය ගැන ඉගෙනගන්නා මාවතේ මා හට අසන්නට ලැබුණු අදහස් බිඳක් ලෝකයා වෙත පැවසීමකි.

7:43 AM by Unknown · 4

ලොව සිසිල්ම ගම්මානය බලන්න යමු



අද ටිකක් වෙනස් ලිපියක් ගේන්න හිතුවා, මේ කියන්න යන්නෙ ලොව අඩුම උශ්ණත්වයක මිනිස් වාසයක් පවතින ගම ගැන. එනම් රුසියාවේ පිහිටි Oymyakon. සිසිලසේ ධ්‍රැවය ලෙසින් හඳුන්වන මෙම ගම්මානයේ උශ්ණතවය ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවී.ජනවාරි මාසයේදී එය -50' C ව තිබුණු අතර එහි අවම උශ්ණත්වය වාර්ථා වූයේ 2013 පෙබරවාරි මාසයේදීය, ඒ -71' C වශයෙනි.උණු තේ කෝප්පයක් විසි කළොත් බිමට වැටෙන්නෙ අයිස් වෙලා තමයි.


දර ගොඩක් ළඟ වකුටු වෙලා ඉන්න බල්ලෙක්.විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු හරියාකාරව නොලැබෙන අවස්ථාවලදී ඒ වෙනුවට භාවිතා කරන්නේ දර මඟිනි.

ඇත්තෙන්ම මේ ගමේ ජීවත් වෙනවා කියන්නෙ පුදුමාකාර අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙන වැඩක්.ඇස් කණ්නාඩි මුහුණටම ගල් වෙලා තියෙන්නෙ, බැටරි වල බලය ඉක්මනින් ක්ශය වෙනවා, උනුසුම් ගරාජයක තබන්නෙ නැත්නම් වාහනය නොකඩවා පණගන්වා තබන්න වෙනවා, ජංගම දුරකථනයක වුවත් බැටරිය ආරක්ශා කර ගැනීම අපහසු දෙයක්.


සිසිලසේ නොකඩවා පණගන්වා තබන වාහන.


ගෙවල් උණුසුම් වෙන්නෙ දර පිළිස්සීමෙන්.


නිවසින් පිටත ඇති වැසිකිළි.

Oymyakon හී වගා කරන කාලය කෙටි බැවින්, එහි සිටින මිනිසුන් මද වශයෙන් එලවළු සහ පළතුරු ආහරයට ගනී. ඔවුන්ගේ ගොවිපළවල් වල ඇති කරන පිනිමුවන්ගේ හා අශ්වයින්ගේ මස් හා කිරි මෙන්ම මාළු මොවුන්ගේ ආහාරයේ ප්‍රධාන තැනක් ගනී. මඳ වශයෙන් එලවළු සහ පළතුරු ආහරයට ගන්නා මොවුන්ට මන්දපෝශණය එතරම් ගැටලුවක් නොවේ.

 
ආහාර සඳහා හිම මත මසුන් අල්ලන අවස්ථාවක්.


Oymyakon හී වැසියන්ට ආහාර සම්පතක් ලෙස මෙම මාළු ගත හැක.















මේ මාළු වෙළෙන්දා වගේ ගොඩ දෙනෙක්ගෙ ජීවිත ගෙවෙන්නෙ ඔය දරාගන්න බැරි සීතලේ තමයි.


ගොවිපළක සිටින පිනිමුවන් රංචුවක්.

මුල් කාලයේදී පිනිමුවන් ඇති කළ අයට වෙන්වූ ගමක් වූ මෙහි දැනට 500ක් පමණ ජීවත් වේ.කෙසේ වෙතත් ඔවුනට ඇත්තේ එක් කඩපිළක් හා ආසන්නව ඇති ඉන්ධන හලකි.


ලී වලින් හදපු ගෙයක්.


Lost Bar - මෙය ලොව හුදෙකලාම Bar එක ලෙසත් හඳුන්වයි.


පහළ තියෙන්නෙ Oymyakon වලට යද්දි හමුවෙන ඉන්ධනහල.







පිනිමුව හම් වලින් හදපු බූට් පාවහන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය අතර යුරෝ 300ක් පමණ වටිනාකමක් දරයි.


Lena ගංගාවේ ජලයෙන් අයිස් වතුරෙ ගිලෙන පුද්ගලයෙක්. ඔවුන් මෙසේ Orthodox Epiphany සමරයි.


Oymyakon ගම්මානය අස්ථි ශීත කරන ශීත සෘතුවලින් සමන්විත වුවත්, මෙහි වටපිටාව ග්‍රීශ්මයේදි මෙය සංචාරක ආකර්ශණය ඇති කරන්නක් වේ.

පින්තූර :- Alex Saurel , Amos Chapple , Reuters.

7:05 AM by Unknown · 2

Photoshop වලින් Hair Color කරමු



එහෙනම් යාලුවනේ කාලෙකට පස්සෙ Photoshop Tutorial එකක් අරන් ආවා, කස්ටිය කැමතිත් ඇතිනෙ මේ වගේ වැඩ වලට.දැනගත්තට වැඩි වෙන්නෙ නැති නිසා කරලම බලමු වැඩේ.
මුලින්ම වැඩේට සෙට් වෙන Photo එක Photoshop වලින් open කරගන්න.
දැන් අලුත් Layer එකක් හදාගන්න

ඊළඟට Brush Tool එකෙන් හිසකෙස් සහිත කොටස සුදු පාටින් Brush කරන්න.පහත පින්තූරය බලන්න.



දැන් Layer එකට Soft Light Filter එක දෙන්න.


හරි එහෙනම් Ctrl+U ඔබලා Colorize එකට tick එකක් දාන්න.


Hue , Saturation , Lightness ඉහත ආකාරය සකසා ඔබට සුදුසු ආකාරයට එය සීරුමාරු කර Hair Color කරගන්න. :)

වැඩියෙන් පාට වෙලා තියෙන කොටස් Eraser Tool එකෙන් මකාගන්න.


1:47 AM by Unknown · 0

Processor එක පරිගණක මතකය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද?



පරිගණක මතකය කිව්වම ගොඩ දෙනෙකුට මතක් වෙන්නෙ පරිගණක දෘඩ තැටිය නොහොත් Hard Disk Drive එක, ඔව් ඒකත් එක්තරා මතකයක්. නමුත් පරිගණයකේ ප්‍රධාන මතකය වෙන්නෙ Hard එක නම් නෙවේ, RAM (Random Access Memory) එක. ඔයාලා දන්නවත් ඇති RAM එකේ මතක ධාරිතාව වැඩි උනාම පරිගණකය වේගවත් වෙන කතාව. ඔව් ඒක ඇත්ත, නමුත් පරිගණක වේගය බලන්නෙ Processor එකෙන්නෙ? හරි ඔය ගැටලුවට පිළිතුරක් ලැබෙයි මේ ලිපිය කියෙව්වම. යාලුවනේ Processor එක කියන්නෙ තත්පරයත් මිලියනයකට බෙදාගෙන පරිගණක වැඩසටහන් පාලනය කරන උපාංගයක්.

CPU කියන්නෙත් Processor එකට, මේ කොටසින් තමා පරිගණකයේ සියලුම උපාංග පාලනය වෙන්නෙ. ගොඩක් අය CPU කියලා කියන්නෙ System Unit එක, ඒක වැරදියි.මොකද ඔය System Unit එක ඇතුලෙ තමයි CPU, Motherboard, Hard Disk Drive, CD-ROM Drive එහෙම තියෙන්නෙ. හරි මේ වගේ වේගෙකින් වැඩ කරන උපාංගයකට අවශ්‍ය දත්ත ලබා ගැනීමට සිදුවන්නේ HDD (Hard Disk Drive) එකෙන්. ඒත් HDD එක ඔය CPU(Processor) එක තරම් වේගවත් නැහැ. එහෙනම් කොහොමද HDD එකේ තියෙන දේවල් CPU එකට එන්නෙ? මෙහෙමයි, CPU එකයි HDD එකයි අතරට දානවා RAM කියන අතරමැදියව.

RAM එක කියන්නෙ HDD එකටත් වඩා වේගයෙන් දත්ත හුවමාරු කරන්න උදව් වෙන කෙනෙක්. ඉතින් RAM එක කරන්නෙ CPU එකට නිතර නිතර අවශ්‍ය වන දත්ත තාවකාලිකව ගබඩා කරගෙන ඉන්නවා අවශ්ය වෙනකොට දෙන්න. නැත්නම් CPU එකට කරදරයි HDD එකෙන් මන්දගමීව දත්ත ලබාගන්න. හරි අපි පොඩි උදාහරණයක් ගමු, හිතන්න අපි Media Player එකෙන් MP3 එකක් අහන්න යනවා කියලා කියලා, ඉතින් අපි අවශ්‍ය MP3 එක Play කරන්න කියලා විධානයක් ලබා දෙනවා පරිගණකයට, ඉතින් CPU එකෙන් Signal එකක් දෙනවා HDD එකට මුලින්ම Player එක RAM එකට අරගන්න, ඊළඟට MP3 එකත් RAM එකට ගන්න කියලා.මොකද උනේ? අර Player එකයි MP3 එකයි තාවකාලිකව RAM එකට Copy උනා, ඒක නිසා CPU එක දැන් පහසුවෙන් MP3 එක Play කරනවා.

තවත් කතාවක්, යාලුවො දන්නවානෙ අපි Word Document එකක් එක්ක වැඩ කර කර ඉද්දි ඒක Save නොකර පරිගණයක Off කරොත් අර Word Document ආපහු ගන්න බැරි වෙනවා, ඇයි ඒ? මොකද අපි එටෙක් වෙලා වැඩ කරපු Word Document එක තාවකාලිකව ගබඩා වෙලා තිබ්බෙ RAM එකේ, හරි අපි ඒක Save කරා නම්? එතකොට වෙන්නෙ RAM එකේ තිබ්බ Word Document එක HDD එකටත් Copy වෙන එක. Hard එකේ තියෙන දේවල් පරිගණකය Off කරත් ගබඩා වෙලා තියෙනවා ඒත් RAM එක තාවකාලික මතකයක් නිසා එයා දත්ත ගබඩා කාර්ගෙන ඉන්නෙ On වෙලා ඉන්නකන් විතරයි.

ඇත්තටම HDD එකේ දත්ත CPU එකට ගන්න RAM එකේ වේගයත් ප්‍රමාණවත්ද? එය යම් අවස්ථා වලදි මදි වෙනවා, ඉතින් මෙකට CPU එක ඇතුලෙත් පොඩි තාවකලික මතකයක් තියෙනවා :) , ඒකට කියන්නෙ Cache Memory කියලා, එතකොට RAM එකෙන් එන දත්ත Cache එක හරහා තමයි CPU එකට එන්නෙ.Cache එක RAM එක වඩා වේගවත් වගේම CPU එක දත්ත සැකසුම් කරන වේගයටත් සමීපයි, මේකෙත් කොටස් දෙකක් තියෙනවා L1 (32KB පමණ දත්ත ගබඩා කරගන්නවා), L2 (1MB පමණ) මේ දෙක තියෙන්නෙ CPU එක ඇතුලෙමයි. Cache එක තියෙන්නෙ CPU එකට නිතර නිතරම අවශ්‍ය වෙන දේවල් ගබඩා කරගන්න, නැත්නම් ඉතින් ආයෙ RAM එකේ හොය හොයා රස්තියාදු වෙන්නෙ වෙනවානෙ.

මේක එදිනෙදා ජීවිතයට අනුව ගන්නවානම්, අපි පන්තියෙදි නිතර නිතර අවශ්‍ය වෙන පෑන් පැන්සල් ලඟින්ම තියාගන්නවා, Cache එකේ වගේ, ඒ කාල පරිච්චේදයෙදි අවශ්‍ය නොවෙන පොත් ටික ‍පොත් මේසෙ වෙනම තියාගන්නවා RAM එකේදි වගේ.අනෙක් පොත් ආ දී දේවල් බෑග් එකේ තියන්වා නිකන් HDD එකේ වගේ අවශ්‍ය උනාම ආයෙත් ලබාගන්නවා ඉහත ආකාරයට.

ඉතින් යාලුවනේ HDD එකේ තියෙන දත්ත CPU එකත් එක්ක ගනුදෙනු කරද්දි අවශ්‍ය වන RAM කියන ප්‍රධාන මතයේ ධාරිතාව වැඩි වෙන තරමට පරිගණකය දත්ත සැකසුම් කරන වේගයත් වැඩි වෙනවා, ඒ කියන්නෙ අඩු වෙලාවකදි වැඩි දත්ත ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරනවා. එතකොට මොකක්ද අර CPU වල Speed එක බලන GHz කතාව?

GHz කියන්නෙ Gega Hertz

1GHz = 1000MHz
1MHz = 1000KHz
1KHz = 1000Hz

1Hz එකක් කියන්නෙ තත්පරයකට Hertz එකක් බැගිනි. Hertz වලින් මනින්නෙ පරිගණකයේ Clock Speed (තත්පරයකට ඇති කරන චක්‍ර ගණන) එක.මේ චක්‍ර අනුව තමා පරිගණකයේ උපදෙස් අනුව දත්ත සැකසුම් කරන්නෙ මේකට තමයි CPU වල Speed එක කියන්නෙ. ඉතින් ලබා දෙන උපදෙස් අනුව වැඩ කරන්න ප්‍රමාණවත් වන දත්ත ඉතා කෙටි කාලයකින් ලැබෙනවා නම් පරිගණය වේගයෙන් වැඩ කරනවා. වැඩි RAM ධාරිතාවක් තියෙද්දි නිතර නිතර HDD එකට නොයා RAM එකට අවශ්‍ය දත්ත වැඩි ප්‍රමාණයක් ගබඩා කරගන්න පුලුවන්. යාලුවන්ගෙන් වැඩිය ප්‍රතිචර නැති නිසා ඉතින් ලිපියක්වත් ලියන්න හිතෙන්නෙ නෑ. ;)

10:03 PM by Unknown · 7

දත්ත සහ තොරතුරු සන්නිවේදනය



දත්ත සහ තොරතුරු සන්නිවේදනය කියන්නෙ 21වන සියවසේ ප්‍රබළ ලෙස ලෝකයාට බලපමක් ඇති කළ දෙයකි.මොකක්ද මේ දත්ත සහ 

තොරතුරු සන්නිවේදනය යනු?

දත්ත හෝ තොරතුරු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේශණය(Transmit) කිරීමයි.

දත්ත සහ තොරතුරු සන්නිවේදනයට අවශ්‍ය මුලිකාංග(Basic Components) මොනවාද?

  • දත්ත ප්‍රභවය/දත්ත යවන්නා (Source / Sender)
  • දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය (Data Communication Medium)
  • දත්ත ග්‍රාහකයා/දත්ත ලබා ගන්නා (Receiver / Sink)

දත්ත ප්‍රභවය/දත්ත යවන්නා (Source / Sender)

මෙතනදි කතාකරන්නෙ සම්ප්‍රේශණය කළ යුතු දත්ත නිපදවන්නා හෝ එය නිපදවන ස්ථානයයි.
උදා :- ඔබ යමෙකුට දුරකථන ඇමතුමක් ගන්නේනම් එහි දත්ත යවන්නා ඔබය.

දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය (Data Communication Medium)

දත්ත යවන්නාගේ සිට එය ලබාගන්නා තෙක් භාවිතා වන මාධ්‍ය දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වේ.
ඉහත උදාහරණයට අනුව එම දුරකථන මාර්ගය මෙයට අදාල වේ.

දත්ත ග්‍රාහකයා/දත්ත ලබා ගන්නා (Receiver / Sink)

එලෙසින් සම්ප්‍රේශ්ණය වූ දත්ත ලබාගන්නා දත්ත ග්‍රාහකයා වේ.
ඉහත උදාහරණයට අනුව එම දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයා ග්‍රාහකයා වනු ඇත.

දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් (Data Communication Medias)

දත්ත හුවමාරු කිරීමට අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාධ්‍යයන් ප්‍රධාන කොටස් දෙකකි.
  1. නියමු මාධ්‍ය (Guided Media) : දත්ත සම්ප්‍රේශණය සඳහා භාවිතා කරන්නේ භෞතික මාධ්‍යන්ය.
  1. නියමු නොවන මාධ්‍ය (Unguided Media) : මෙය විකිරණ මාධ්‍ය (Radiated Media) ලෙසද හඳුන්වන අතර, මෙහිදි භාවිතා වන්නේ භෞතික නොවන මාධ්‍යන්ය.
නියමු මාධ්‍ය (Guided Media) 

නියමු මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ වයරයන් ය. උදා :

  • Twisted Pair (සමාවෘත කම්බි යුගල)


මෙය බහුලව භාවිතා වන්නේ දුරකථන රැහැන් සඳහාය.

  • Co-Axial Cable (සමාක්ශ යොත්)


තඹ කම්බියක් සහිත වයරය සිහින් තඹ කම්බි දැලකින් ආවරණය කර මෙය සකසා ඇත. රූපවාහින් යන්ත්‍රවල ඇන්ටෙනා වයරය ලෙස භාවිතා වන්නේ මෙම වයරයයි.

  • Fiber Optics (ප්‍රකාශ තන්තු)
අද වන විට ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක් වන ප්‍රකාශ තන්තු ඉතා වේගවත් ලෙස දත්ත සන්නිවේදනය කරනු ලබයි. මෙය අන් මාධ්‍යන්ට වඩා සාපේක්ශව මිළ අධිකය.

නියමු නොවන (රැහැන් රහිත) මාධ්‍ය

මෙහිදී කිසිඳු භෞතික මධ්‍යක් භාවිතා නොකරන අතර, විද්‍යුත්චුම්භක තරංග හරහා දත්ත සම්ප්‍රේශණය වේ. මේ ගැන වැඩිදුර විස්තර මෙම ලිපියෙන් ලබාගන්න. Remote Control වැඩ කරන්නේ කෙසේද.
  • ගුවන් විදුලි තරංග (Radio Waves)


එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු ලබන FM ගුවන් විදුලි ක්‍රියා කරන්නේද නියමු නොවන මාධ්‍යක් හරහා සම්ප්‍රේශණය වන ගුවන් විදුලි නාලිකා මඟිනි.
  • අධෝරක්ත කිරණ (Infrared Rays)

රැහැන් රහිත තාක්ශණයේ ඉතා සරළ අවස්ථාවක් වන මෙය පියවි ඇසට නොපෙනෙන ආලෝක කිරණ භාවිතා කරයි.මෙයට කදිම නිදසුන වන්නේ රූපවාහිනී යන්ත්‍ර සඳහා භාවිතා කරන Infrared Remote ය.
  • ක්ශුද්‍ර තරංග (Microwaves)

ඉතා වැඩි දුරකට දත්ත සම්ප්‍රේශණය කිරීමට ක්ශුද්‍ර තරංග භාවිතා වේ.

ඒ හැරුණුකොට Bluetooth , Wi-Fi, Wi-Max පෙන්වාදිය හැක.

5:10 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.