Tea Bags වලින් ලබාගතහැකි ඔබ නොදත් ප්‍රයෝජන තොගයක්



මේ ලිපිය බැලුවට පස්සෙ නම් Tea Bag එක කුණු ගොඩට නොදා අනිවා එකෙන් වැඩක් ගනීවි.
අව් පිළිස්සුම් සඳහා ප්‍රතිකාරයක් ලෙස
භාවිතා කරන ලද Tea Bags සිසිල් වූ පසු ඒවා අව්වට පිලිස්සුනු ස්ථානවල තබන්න.

කුෂ්ට හා කෘමි සපාකෑම්



Teabags භාවිතාකර කැසීම් සිදුවීම වළක්වා ගතහැක.


තුවාල සුව කිරීමට


තෙත්වූ tea bag එකක් තුවාලය මත තබා එය වේලීමේ ක්‍රියාවලිය ඉක්මන් කරගත හැක.


කරගැට වලට ප්‍රතිකර්මයක්

දිනකට දෙවතාවක් පමණ උණුසුම් Tea Bag එකක් කරගැටය මත තබන්න. දින කිහිපයකින් එය සුව වේවි.


ඇස් ඉදිමුම අවම කරන්න

Tea Bag එක උණුසුම් වතුර එකක තැබීමෙන් පසුව එය මිනිත්තු 20ක් පමණ ඇස මත තබන්න.

හිසකෙස් මත දිලිසෙන පෙනුමක් ලබාගැනීමට



තේ කෝප්පයකින් හිසකෙස් සේදීම මඟින් හිසකෙස් මත දිදුලන පෙනුමක් ලබාගතහැක. මෙය සිදු කළ හැක්කේ අඳුරු පැහැති හිසකෙස් වලට පමණි.


ස්වාභාවික ඉස්මතු බව

පැහැපත් හිසකෙස් සඳහා ස්වාභාවික ඉස්මතු බවක් ලබාගැනීමට තේ සමඟ කොන්ඩය සෝදන්න.


දුර්ගන්ධය හමන පාද



දිනකට මිනිත්තු 20ක් පමණ තේ වලින් දෙපා සේදීම මඟින් දහඩිය නිකුත් කරන කුහර වසා තද කහට ගතිය ඉවත් කර දුගඳ හමන බැක්ටීරියාද විනාශ කරයි.


මුහුණ සකස් කිරීම (Facial Toner)



මුහුණේ ගැට්ලු සහිත ස්ථාන වටා 
teabag එකක් ඇතිල්ලීමෙන් පසුව එය තුවායකින් පිසදා මෙය සිදු කළ හැක.

දැව භාන්ඩ පිරිසිදු කිරීමට


දැව භාන්ඩ පිරිසිදු කරන රෙදි කැබැල්ල සිසිල් තේ දියරයක් සමඟ තෙමා මෙය සිදු කරන්න.

Grease පිරිසිදු කිරීම



අපිරිසිදු කැඩපත්, පිඟන් වැනි දෑ පිරිසිදු කිරීමට Tea Bags භාවිතා කරන්න.

ශීතකරණයෙන් හමන දුර්ගන්ධය නැති කරන්න.



Tea Bag එකක් ශීතකරණයේ තැබීමෙන් මෙය සිදු කළ හැක.

දිරාපත්වීම වේගවත් කිරීමට



Tea Bag වල දිරාපත්වන තේ යොදා මෙය සිදු කළ හැක.

7:08 AM by Unknown · 1

පියාඹන වේටර්වරුන් විසින් කෑම ගෙනියන අවන්හල් සිංගප්පූරුවෙන්



වේටර්ලවත් ගෙදර යවන තාක්ශණයක් තමයි මේක.
සිංගප්පූරු රජයෙන් එරට සංක්‍රමණ කටයුතු අඩු කිරීමට ගත් තීරණයක් නිසා සිංගප්පූරුව තුළ මිනිස් ශ්‍රමයේ අඩාලතාවක් මතුවෙලා තියෙනවා. මෙනිසා එරට අවන්හල් බොහොමයක් වසා දැමීටටත් සිදුවෙලා තිබෙනවා. මෙම ගැටලුවට පිළියම් සෙවීමට බොහොමයක් අවන්හල් උත්සාහගෙන තිබෙනවා. ඉතින් මේකෙ ප්‍රතිඵලයක් විදියට එක් අවන්හලකින් පුදුම හිතෙන දෙයක් කරලා තියෙනවා. පියාඹන වේටර්වරුන්? ඔව් මොවුන් සැලසුම් කර තිබෙන්නේ Infinium Robotics’ ඩ්‍රෝන තාක්ශණයෙන් මෙම අවන්හල්වල සේවක කටයුතු 2015 අග වන විට ක්‍රියාවට නංවන්නයි.
පරිගණක වැඩසටහන්ක් මත පදනම් වූ පාලන ඒකකයක් සහිත මෙම රොබෝවරු අවන්හල පුරා සවිකර අඑති අදෝරක්ත කිරණ ස්අංවේදක (infrared sensors) භාවිතා කර තමන්ගේ ගමන් පථය සොයාගන්නවා. එක් ඩ්‍රෝනයක් විසින් 2kg බරක් රැගෙන යා හැකි අතර එය බියර් දෙකක් හා වයින් වීදුරු දෙකක් සමඟ පීසා එකක් රැගෙන යාමට සෑහෙන බව සදහන් කර තිබෙනවා.
කෙසේවෙතත් මෙවැනි දෙයක් ක්‍රියාවට නැංවීමට පෙර සලකාබැලිය යුතු ගැටලුද තිබේ, උදාහරණයක් ලෙස මෙම ඩ්‍රෝන ගන් කරන අවස්ථාවල ඒවා පාරිභෝගිකයන් සමග ගැටීමට ඇති හැකියාව.
එනිසා මෙම රොබෝවරුන්ට කැමරා සවි කර එය වලක්වාගැනීමට තීරණය කර තිබේ.
මෙලෙසින් Smart වන අවන්හල් අනාගතයේ ලංකාවෙත් සෑදේවිද? මේවා පාරිභෝගියකින්ට කෙසේ බලපාවිද? එය විස්මයකි.

7:11 AM by Unknown · 1

පරිගණක තාක්ශණයේ දත්ත ගබඩා කිරීම ගල් යුගයේ සිට වර්තමානය දක්වා



දත්ත ගබඩා කිරීම ආරම්භවන්නෙ Smart Phone එකට දාන චිප් එකෙන්වත් මැශිමෙ Hard එකෙන්වත් නෙවේ. මුලින්ම වැඩේට බැස්සෙ ගල් යුගගේ අය. එයාලට තිබ්බා පොඩි Database එකක්, Store වුනේ ගල් ගුහාවල, එයාලා දවසගානෙ කරපු දඩයම් මේ Database එකේ Save කරලා, ගල් වගේ දේවල් වලින් ඔය ගුහාවල බිත්ති හූරලා සත්තුන්ගෙ රූප ඇඳලා. ඉස්සර ඊජිප්තු වැසියො තමන්ගෙ වටිනා දත්ත සටහන් කළේ පිරමීඩ බිත්තිවල රූප ඇඳලා.මෙසපොතේමියන් ශිශ්ථාචාරයෙන් තමයි දත්ත ගබඩා කරන එක මැටි පුවරු වලට ආවෙ.ඒත් ඊජිප්තු වැසියන් ඉතින් පැපිරස් කොළවල ලියන්න ගත්තා. ඉන්දියාවෙ අශෝක රජතුමා අශෝක ස්ථම්භ වල (මතක හැටියට කියන්නෙ ගැටලු ඇති) තමන්ගෙ දත්ත ගබඩා කරා, අද මම මෙහෙම පූජාවක් කරා, අසවල් ප්‍රදේශයට ගියා... එතකොට අලුවිහාර සංගායනාවත් එක්ක තමයි අපිට පුස්කොලපොත්වල දත්ත ගබඩා කරන්න ගත්ත විදිය ගැන අසන්න ලැබෙන්නෙ, දන්නෙ නැති අයටයි කියන්නෙ වලගම්බා රජසමයේ මාතලේ අලුවිහාරෙදි පුස්කොලපොතකට ලියැවෙන්නෙ බුදු දහමෙ වැදගත්ම ග්‍රන්ථය වන තිපිටකය. ඉස්සර සිංහල වෙදමහත්වරු ලියපු වටිනා පුස්කොලපොත්, මේවා මිල කල නොහැකි දත්ත සමුදායන්, ඒත් සුද්දගෙ සල්ලි වෙනුවෙන් අපේ මුතුන් මිත්තො එව්වා රට පටවලා දැන් එයාල අපේ බෙහෙත් හදලා අපිට විකුනනවා.ඉතින් අපේම බෙහෙත් පිටරටින් ගෙන්වනවා ලොකු ලොකු ගනන් වලට. කොහොමින් කොහොමින් හරි ඉතින්, ඔය අතරවාරයේ චීනෙ අය කඩදාසි හදන්න ගන්නවා, එයාලාගෙ දත්ත ගබඩා කිරීමේ තාක්ශණය අදටත් භාවිතා වෙනවා, පොත් පත්තර විදියට. විවිධ අරමුණු තකා විවිධ ක්‍රම භාවිතාකොට දත්ත ගබඩා කිරීම මෙලෙසින් ආරම්භ වෙනවා.

පරිගණකය හදන්න මුල් වෙච්ච හේතු ගැන. ඉස්සර මචන්ලා ඒ කියන්නෙ ගොඩක්ම ඉස්සර මිනිස්සු ගොවිතැන් කළා, හරක් බලාගත්තා, මචන්ලා දැන් ලොකු ලොකු වාහන තියෙනවා වගේ තමයි ඉස්සර හරක් රෑනක අයිතිකාරයෙක් වෙනවා කියන්නෙත්. ඉතින් මේ ගොපල්ලු තමන්ගෙ හරක් පට්ටිය ආරක්ශා කරගන්නවා පණ වගේ, උදේට නිදහස් කරන හරක් ටික ආයෙ ගාලට ගන්නෙ හවස් වෙලා, ඒත් ඉතින් මේ මනුස්සයට ටික දවසකින් තේරෙන්න ගන්නවා සැට් එකේ හරක් එන්න එන්න අඩු වෙනවා කියලා. මොකද කරන්නෙ ඉතින් මෙයා අතේ තියෙන ඇඟිලි ගනන් කරලා හරක් ගාන හදාගන්නවා, හැබැයි ඉලක්කම් කියලා ජාතියක් නම් තිබ්බෙ නෑ. අපොයි ඒත් Data ටික Store කරන්න Memory මදි වෙනවා, ඇයි හත්දෙයියනේ අතේ තියෙන්නෙත් ඇඟිලි 10යි, ඒත් පට්ටියෙම ඉන්නවා අඩුම හරක් 30ක්වත්. මොකද කරන්නෙ? ආ ආවා Idea එකක් කියලා ගොපල්ලා එකතුකරගන්නවා පොඩි කෝටු කෑලි ටිකක්, මෙයා කරන්නෙ උදේ පට්ටිය ලෙහලා යන්න අරිද්දි එක ගොනෙක් පිට වෙද්දි එක කෝටුව ගානෙ ගොඩ ගහගන්නවා. ආයෙ හවසට මුන්ව ගාලට දාද්දි අර කෝට එක එක වෙන ගොඩකට ගහනවා එකාට එක ගානෙ, මෙතනදි එක කෝටුවක් හරි ඉතුරු වුනොත් ගොපල්ලට දැනගන්න ලැබෙනවා හරක් යවපු ගානම ඉන්නවාද නැත්නම් අඩුවෙලාද කියලා. ඔන්න ඔහොමයි වැඩේ පටන් ගන්නෙ.

ඔන්න ඉතින් මිනිස්සු ඉලක්කම් කියන එකත් හොයාගත්තලු, හැබැයි මචන්ලා සංඛ්‍යා හා ගණිතකර්ම අති ගත්තම් ඉන්දියාවෙත් පට්ට මීටර් ඉඳලා තියෙනවා. දශම සංඛ්‍යා , 0 එහෙමත් ආවෙ එයාලගෙන්නෙ ඔය ඉගෙනගන්නෙ වෙයිදික යුගය කියලා එකක්. හ්ම් එව්වා වැඩක් නෑ දැන් ගොපල්ලුන්ට විතරක් නෙවේ ව්‍යාපාර වැඩවලටත් වටිනා කියන ඉලක්කම් හොයාගත්තට පස්සෙ මෙව්වා එකතු කරන්න අඩු කරන්න වගේ වැඩ එක්ක කචල් යන්වා කස්ටියට, මොකද කරන්නෙ ලොව පළමු ගණක යන්ත්‍රය වන ඇබකසය (Abacus) හොයාගන්නවා (කි. පූ. 500 පමණ), පොඩි කාලෙ නම් මේකෙන් ගනන් හදලා ඇති නේද ඔයාලා? කොහොමින් කොහොමින් හරි මෙහෙම තමයි වැඩේ පටන් ගන්නෙ. ඔව් ඊළඟට කියන්න යන්නෙ නේපියර් ගැන තමා. මෙයා ඇත් දළ වල ඉලක්කම් ලියලා පොඩි උපකරණයක් හැදුවා ලගු ගණක වලින් ගනන් හදන්න. ඒක තමයි ඊළඟ පියවර.

මෙතනින් පස්සෙ තමයි අපි කවුරුත් දන්න Charlse Babbage මහතාගෙ පරිගණකය් නිපදවෙන්නෙ. එය වාශප එන්ජිමකින් ක්‍රියාකළ අතර Hard Disk එකක් නොතිබුණ එහි දත්ත ගබඩා වූයේ Punch Cards වලය. ඉන් පසුව චුම්භක පටි (Cassette tapes තියෙන්නෙ ඒවාම තමයි ඒත් ප්‍රමාණයෙන් විශාලයි) භාවිතා වුනා දත්ත ගබඩා කරන්න. ඉතින් මේ  චුම්භක පටි අවසානයේ  චුම්භක තැටි බවට පත් වෙලා තමයි Hard Disk හැදුනේ.

6:45 AM by Unknown · 3

ගොන් විදියට ප්‍රසිද්ධ ස්ථානවල කරපු ප්‍රචාරක දැන්වීම්



මේවා කරපු අයනම් කවදාවත් හිතන්නෙ නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියලා. අනික ප්‍රසිද්ධ ස්ථාන වල? පාරෙ යද්දි හොඳට වටපිට බලගෙන යන අයට මෙහෙම දේවල් දැකගන්න පුලුවන්. බලන්නකො ඉතින්.













































8:42 PM by Unknown · 5

බලල්ලු ඇයි අන්තර්ජාලයේ පාලකයො වෙන්නෙ?



මේ ලිපිය ඉවරවෙනකන්ම බලාගෙන ගිහින් ඔයාම තීරණය කරන්නකො කතාව ඇත්තද කියලා.

බලල්ලු කැමතියි නොහිතපු විදියෙ තැන් ව්අලින් එලියට එන්න



එයාලා සටන්කරුවො




ත්‍රාස්‍ය ගවේශකයො



යමක් අත්පත්කරගන්නත් දන්නවා



මේ වගේ සෙල්ලම් දාන්නත් කැමතියි




මෙව්වත්



වැඩේ අල්ලලා දාන්නත් කැමති නැහැ



හිතන්නෙ පිටත් තියෙන දේ ගැන



ආපස්සට පනින්නත්



එයාලා දන්නවා කොහොමද සන්නිවේදනය කරන්නෙ කියලත්



කොහොමද වැඩ



තමන්ගෙ දක්ශතා පෙන්වන්නත් ග්ඔඩක් කැමතියි



එයාලා හැමදෙයක් ගැනම විමසිල්ලෙන් ඉන්නෙ



හැමදේටම



මෙහෙම හුරතල් වැඩත් කරනවා



මේකත්

ඒ වගේම මේකත්





පේනවනෙ ඉතින්



අපිත් කැමතියි වැඩේට



ආදරෙයි ඇති තරම්



වෙලාවකටනම් හරිම කරදරයක්




හරි ඉතින් කවුරුත් කැමතියිනෙ පූසන්ට



හැම කෙනෙක්ම



පූසත් එකඟ වුනා

8:23 PM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.