පියාඹන වේටර්වරුන් විසින් කෑම ගෙනියන අවන්හල් සිංගප්පූරුවෙන්



වේටර්ලවත් ගෙදර යවන තාක්ශණයක් තමයි මේක.
සිංගප්පූරු රජයෙන් එරට සංක්‍රමණ කටයුතු අඩු කිරීමට ගත් තීරණයක් නිසා සිංගප්පූරුව තුළ මිනිස් ශ්‍රමයේ අඩාලතාවක් මතුවෙලා තියෙනවා. මෙනිසා එරට අවන්හල් බොහොමයක් වසා දැමීටටත් සිදුවෙලා තිබෙනවා. මෙම ගැටලුවට පිළියම් සෙවීමට බොහොමයක් අවන්හල් උත්සාහගෙන තිබෙනවා. ඉතින් මේකෙ ප්‍රතිඵලයක් විදියට එක් අවන්හලකින් පුදුම හිතෙන දෙයක් කරලා තියෙනවා. පියාඹන වේටර්වරුන්? ඔව් මොවුන් සැලසුම් කර තිබෙන්නේ Infinium Robotics’ ඩ්‍රෝන තාක්ශණයෙන් මෙම අවන්හල්වල සේවක කටයුතු 2015 අග වන විට ක්‍රියාවට නංවන්නයි.
පරිගණක වැඩසටහන්ක් මත පදනම් වූ පාලන ඒකකයක් සහිත මෙම රොබෝවරු අවන්හල පුරා සවිකර අඑති අදෝරක්ත කිරණ ස්අංවේදක (infrared sensors) භාවිතා කර තමන්ගේ ගමන් පථය සොයාගන්නවා. එක් ඩ්‍රෝනයක් විසින් 2kg බරක් රැගෙන යා හැකි අතර එය බියර් දෙකක් හා වයින් වීදුරු දෙකක් සමඟ පීසා එකක් රැගෙන යාමට සෑහෙන බව සදහන් කර තිබෙනවා.
කෙසේවෙතත් මෙවැනි දෙයක් ක්‍රියාවට නැංවීමට පෙර සලකාබැලිය යුතු ගැටලුද තිබේ, උදාහරණයක් ලෙස මෙම ඩ්‍රෝන ගන් කරන අවස්ථාවල ඒවා පාරිභෝගිකයන් සමග ගැටීමට ඇති හැකියාව.
එනිසා මෙම රොබෝවරුන්ට කැමරා සවි කර එය වලක්වාගැනීමට තීරණය කර තිබේ.
මෙලෙසින් Smart වන අවන්හල් අනාගතයේ ලංකාවෙත් සෑදේවිද? මේවා පාරිභෝගියකින්ට කෙසේ බලපාවිද? එය විස්මයකි.

1 Responses to “පියාඹන වේටර්වරුන් විසින් කෑම ගෙනියන අවන්හල් සිංගප්පූරුවෙන්”

Thamara Lakshan said...
February 17, 2015 at 7:15 PM

ඕක මුලින්ම හොයාගත්තෙ මම :d


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.