ඔක්සිජන් නිපදවීමට හැකි ලොව ප්‍රථම කෘතිම ශාක පත්‍රය


සොබාදහමෙන් කෘතිම පරිසරයට පියවර තබන මිනිසා, කෘතිම පරිසරයෙන් සොබාදහම නිපදවන්නට ගත් උත්සාහයක් ගැනයි අද ලිපිය.

Julian Melchiorri නම් විද්‍යාත්මියෙක් විසින් යම් ගැටලුවකට පිළියමක් ලෙස ගත් මෙම උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ගැටලුව කුමක්ද යන්න ලිපිය අවසානයේ විස්තර වේ.

සිල්ක් ප්‍රෝටීන මඟින් තැනූ ප්‍රභාසන්ස්ලේශණයට අවශ්‍ය වන හරිතලව මෙම පත්‍රයේ අන්තර්ගත කොට ඇත.
මේවා අඩු ශක්තියක් පරිබෝජනය කරන අතර, අඩු බරකින් යුත්, සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මක ඒවාය.
Melchiorri මහතා පැවසූ ආකාරයට මේවා මහා පරිමාණයෙන් වුවද භාවිතා කිරීමට යෝග්‍ය වේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් පවසා සිටියේ, ගොඩනැගිලි තැනීමේදී ඒවාට වාතාස්‍රර සපයීමටද මෙය කදිම වන බවයි. පිටතින් ලබාගන්නා වාතය ඔක්සිජන් ලෙස පිරිපහදු කොට අභ්‍යන්තරයට ලබාගැනීම මෙහි අරමුණයි. වැදගත්ම කරුණ නම්, මෙය නිපදවීමේ මූලික හේතුවක් ලෙස සඳහන්ව තිබූයේ අභ්‍යවකාද කටයුතු වලදී ඔක්සිජන් ලබාගෙනීමට පහසු ක්‍රමයක් ලෙස කෘතිම ඔක්සිජන් නිපදවන යමක් අවශ්‍ය වීමයි. එනිසා සාම්ප්‍රදායික කාල සීමාවක් දක්වා පමණක් පවතින ඔක්සිජන් ටැංකි භාවිතය වෙනුවට අනාගතයේ කෘතීම ශාක පත්‍ර භාවිතා වන ලකුණු හොඳින්ම පැහැදිලිය.

7:12 AM by Unknown · 2

අත් කාචයක් භාවිතා කර Projector එකක් හදමු



මෙන්න යාලුවනේ ඔයාලගෙ විනෝදාස්වාදය දෙගුණ තෙගුණ කරවන වැඩක්. මේ ලිපිය බැලුවට පස්සෙ නම් අනිවා හදන්න හිතෙයි භාන්ඩේ. ගෙදර තියෙන දේවල් වලින් හදන්න පුලුවන් නිසා එහෙ මෙහෙ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ, වසර කිහිපයකට පෙර මවිසින් සාර්ථකව අත්හදාබලපු නිර්මාණයක් නිසා සාර්ථකත්වය ගැන අවුල්වෙන්න දෙයක් නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය


  • Cardboard පෙට්ටියක්
  • පැන්සලක්
  • Paper Clip එකක්
  • Paper Cutter එකක් හෝ ඊට සමාන දෙයක්
  • ගම් ටේප්
  • Phone එකක් (Display තියෙන එකක් හොඳේ) :D

මුලින්ම පෙට්ටියෙ ඉදිරිපසින් අත් කාචය තියලා ඒකෙ රවුමෙ ප්‍රමාණය පැන්සලෙන් සළකුණු කරගන්න.
Paper Cutter එකෙන් ඒ රවුම කපන්න.
එය තුළට අත් කාචය රඳවලා ගම් ටේප් යොදා අලවාගන්න.
අවශ්‍යනම් පෙට්ටියෙ පිටුපසින් සිදුරක් සාදා Charger එකේ වයරයත් සවිකරගන්න.
Phone එක රඳවාගන්න මේ විදියට Paper Clip එක නවාගන්න.
Phone එකේ Display එක Landscape වෙන්න හරවාගන්න. (Video player භාවිතා කරනවානම් මේ පියවර එමඟින්ම වෙනවානෙ)
Brightness එක උපරිම දාලා Phone එක රඳවන්න හදපු PaperClip එක භාවිතා කර මෙලෙසින් කාචයට Screen එක පෙනෙන සේ තබන්න.


ගානට Focus වෙනකන් Phone එක ඉදිරියට හා පසුපසට ගන්න.
Projector එකේ වැඩ අහවරයි, දැන් තියෙන්නෙ Film එකක් හරි දාලා බලන්න.
ගොඩක් Views ලැබුණොත් උසස් තත්වයේ Projector එකක් ඉතා අඩු මුදලකින් තනාගන්න විදිය ගැන ලිපියක්. ;) පින්තූර අන්තර්ජාලය ඇසුරිණි. එහෙනම් ඉතින් Share කරගෙනම යන්න යාලුවන්ටත් මේ වැඩේ දැනගන්න.

5:09 AM by Unknown · 7

මේක ඇතුලෙ තියෙන මිලියනපතියාගේ නිවස ඔබ මවිත කරාවි



ඔන්න යාලුවනේ කලින් පෙන්නුවටත් වඩා සුපිරි වැඩක්, Atlas Survival Shelters විසින් නිර්මාණය කළ මෙම බංකරය (භූගත නිවස). හැබැයි ඉතින් දන්නෙ නැති කෙනෙක්ටනම් කොහොමත් කියන්න බැහැ මෙතන තියෙන්නෙ බංකරයක් කියලා. කතා ඇති මෙන්න Plan එක ගෙදර, වැරදුනා බංකර් ගෙදර.

මෙහි විශේශත්වයන් නම්, නිවසේ ඇතුලුවීමේ දොරටු එකක් හා හදිසි අවස්ථාවකදී පිටවීම සඳහා අමතර දොරටුවක් තිබීම.

ඔන්න Atlas කණ්ඩායම අදාල උපකරණත් අරගෙන ගෙදර හදන්න එනවා.

දැන් තියෙන්නෙ කලින්ම හදාගත්තු බංකර් කුටිය පොළොවෙ වළලන්න.


දැන් තියෙන්නෙ මේක මිනිස් වාසයට සුදුසු වෙන්න පිරිසිදු කරලා, අවශ්‍ය ගෘහභාන්ඩ එහෙම තියන්න.
කොහොමද වැඩේ??
මේ පොළොව යට හොඳේ


ගෘහ මූලිකයාගේ කාමරය හා දරුවන්ගේ කාමර දෙපසින් පිහිටුවා තිබේ.


රෙදිසේදීමේ උපකරණ හා නාන කාමර වලින්ද මෙය ස්අමන්විතයි.


අවශ්‍ය ආකාරයට භාවිතා කරන්න මේසයක්.



අමතරව ඇති ඉඩ ප්‍රමාණයේ තිබෙන්නේ විදුලිය ගබඩාකර ඇති බැටරි කිහිපයකි.
මෙන්න තවත් යටට ගිහින්.


රසායන අවි ප්‍රහාරයක අවස්ථාවක් මතු වුවහොත් එයට මුහුණ දීමට තිබෙන වායු පෙරණය.


මේ ගෙදරටත් ලස්සන මුළුතැන්ගෙයක් තියෙනවා නේද?


කුටීරයේ ඉඩ දෙගුණ වන ලෙස සාදාගත් සැලසුම.




බාහිරව සවිකරලා තිබෙන මෙම කැමරාව හරහා පිටත සිදුවන දෑ ගැන සොයාබැලිය හැකියි.



ඉතින් හොඳම තැන තමයි මේ ඇතුල්වීමේ දොරටුව.
මෙන්න Video එක.

8:14 AM by Unknown · 0

නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?


ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ  නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි. 
pacman emoticon
----------------------------
දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම් ඉල්ලයි කියලා) අඩුමගානේ පෙළපොතක්වත් ඉල්ලගන්න බැරුව දුක් මහන්සිවුන අය හිටියෙ. සල්ලි එහෙම හොඳට තිබ්බ පවුල් වල වැඩමල් අයියලා අක්කලාගෙන් ඉල්ලගත්තු පොත් තමා අරන් ගියෙ. ගෙදර ආවට පස්සෙ පන්ති තිබ්බෙ නැහැ, පැයක් දෙකක් පොත් ටික බැලුවා ඊට පසෙ ළමයි ගෙදරත් නැහැ, ගෙවල්වලින් අවුලක් දාන්නෙත් නැහැ.. හවස්වරුවම සෙල්ලම් කරලා ආයෙ ගෙදර එනවා ළමයි. ආයෙ පට්ට ආතල් එකක් අරන් තියෙන්නෙ. සමාජ ජාල තිබ්බා, හැබැයි එව්වගෙ chat කරේ එකිනෙකා හමුවෙලා මුහුනට මුහුණ බලාගෙන කතා කරලා, multiplayer games තිබ්බෙ නැහැ හැබැයි එකතුවෙලා කරපු සෙල්ලම් තමා ඒ කාලෙ තිබ්බ multiplayer games... උඹලටත් තේරෙනවනෙ තත්වෙ. හරි හරි බං කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා ඔය ආතල් එක ලාවට හරි ගත්තු සැට් එකේ අවසාන පුරුක තමා අපි, අලුත් පරපුර ගැන කියන්න ඕනෙ නැහැ.. Digital සිරගෙවල් වල virual ආතල් හොයන පරපුරක් අනාගතේදි එයි. කොටින්ම කියනවානම් බිත්තියකට ඇණයක් ගහගන්න හැටි Youtube එකේ search කරලා ඒකට දෙනන් ඕනා බලය (force) එක Google එකෙන් search කරලා කෝණ සමබර කරලා ඇණේ ගහගනියි. මම අංශු මාත්‍රයකින්වත් කියන්නෙ නැහැ දියුණු තාක්ශණය භාවිතා කරන එක වැරදියි කියලා, ඒත් ඉතින් ඕනෙම දෙයක සීමාවක් තියෙන්නත් එපායෑ... හැමදාම Fried Rice කන එකාට ඒක ගාන්ක් නැති වුනාට ඕකේ රස උපරිමේටම විඳින්නෙ ඉඳලා හිටලා කන එකා නෙවැ.

5:38 AM by Unknown · 2

Batapola / Geeco TV Antena අපිම හදාගමු



සුපිරියට TV බලන්න රු. 1500/- ක් පමණ වන බටපොලා ඇන්ටනාව රු. 250/- ක පමණ මුදලක සාදාගැනීමට හැකිනම් එය කෙතරම් වටිනවාද? එහෙනම් අද ලිපියෙන් ඒ වටිනා පරිපථය ඔබවෙත ලබා දෙමි. පරිපථ සටහන අන්තර්ජාලය ඇසුරිණි.

මේ තියෙන්නෙ බල සැපයුම් පරිපථය, TV එක අසලින් තබන කොටසේ ඇත්තේ මෙයයි. 220v to 12v Step Down පරිණාමකයක් භාවිතා කර අඑත. මෙහි කොයිලය 26 swg කම්බියකින් 3mm විශ්කම්භය සහිත වට 20ක එකකි.
එතකොට to Booster යන කොටසට සම්භන්ද වන ඇන්ටෙනා වයරය (76 ohm 5c වර්ගයේ එකක්) පහත පරිපථයට සම්බන්ධ වේ. මෙය තිබෙන්නේ ඇන්ටනාව අසලය.
මෙහි කොයිල් තුන 3mm විශ්කම්භය සහිතව වට 6 බැගින් සාදාගන්න. මෙයට විදුලිය ලැබෙන්නේ පළමු පරිපථය හරහාය.
Batapola ඇන්ටෙනාවේ තිබෙන පාට මාරුවන LED වෙළඳපොලෙන් ලබාගතහැක. එම LED එක 1K Resistor එකක් හරහා ඇන්ටෙනා වයරයට අමුනාගන්න. මෙමඟින් TV Signal සදහා අමතර වාසියක් ලැබෙන්නේ නැත, එය හුදෙක් අලංකාරයට පමණි.
UHF/VHF/FM ඇන්ටෙනාවක් සාදාගන්නා ආකරය පහතින් තිබේ. 

(මෙය ගුණතිලක මහතාගේ විශ්මිත ඉලෙක්ට්‍රොණික පරිපථ අංක 3 පොතෙන් ලබාගන්නා ලදි)
මෙම ඇන්ටෙනාවේ අංක 1,2 යන එලිමන්ට් සඳහා අඟල් 1/4 හෝ ඊට මදක් වැඩි විශ්කම්භය සහිත ඇලුමීනියම් බටවලින් අඩි හතරක් දිග කැබලි දෙකක් ගෙන පිතූරයේ තිබෙන ආකාරයට ඩයපෝල් කප් එකට සවිකරගන්න. මෙම බට දෙක ඉහළ කෙලවරවල් දෙක අතර පරතර අඟල් 50ක් විය යුතු අතර එය ඒ ආකාරයෙන්ම තබාගත යුතුය. එලිමන්ට් 3 හා 4 සඳහාද ඉහත විශ්කම්භය ඇති අඑලුමීනියම් බට වලින් අඩි 4ක කැබලි දෙකක් ගෙන කප් එකට සවි කරගන්න.

Lakshan Sanjaya යාලුවා හදපු බටපොලා ඇන්ටෙනාවෙ පිංතූර කිහිපයක් පහතින් තියෙනවා. එහි ඩයපෝල් එකෙහි දිග 1m පමණය.

11:01 PM by Unknown · 7

මිනිසුන්ට ලැබුණු ලොව අමානුශිකම දඬුවම්


මේ ලිපිය බැලුවට පස්සෙ හිතෙයි එදිනෙදා අපි දකින දඬුවම් මොනවද කියලා. ලිපිය ලියන එකේ අරමුණ නම්, අප විසින් සිදු කරන වැරදිවලටත් මෙලෙසින් දඬුවම් ලැබුණොත් එය කෙතරම් වේදනාකාරීද යන්න සිතා වරදින් ගැලවීමට ඔබවත් යොමු කිරීමයි. සංවේදි අය නම් බලන්නෙ නැති තරමට හොඳයි.
1 - Scaphism
මෙය අතීතයේදි සිදුවූ දඬුවම් ක්‍රමයක් වන අතර පුද්ගලයා නිරුවත්ව ගසකට බැඳ තබයි. පසුව ඔවුන්ට බලෙන්ම කිරි, හා මීපැණි පොවන අතර ඔවුනට පාචනය, අතීසාරය සැදෙන තුරුම එය සිදු කරයි. පසුව ඔවුන්ගේ ශරීරයම මී පැණි වලින් වසන අතර එනිසා කෘමීන් ඒ වෙත ඇදෙයි. 
පුද්ගලායාගේ අසූචි එකතුවීමට පටන් ගත් පසු කෘමීන් ඒවා ආහාරයට ගෙන පුද්ගලායාගේ සම මත වර්ධනය වේ. මෙසේ කුණුවෙමින් පවතින ශරීරය මිය යෑමට සති දෙකක පමණ කාලයක් ගත වේ. නිරාහාරව, ජලය පානය කිරීම නොමැතිව වේලී බියෙන් අමු අමුවේ කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විඳියි.

2 - Republican Marriage
මෙය ප්‍රංශයේ සිදුවූවක් වන අතර, පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැටගසා ගඟට විසිකිරීම සිදු කරයි.

3 - සිමෙන්ති සපත්තු
ඉහත දඬුවමව සමාන වන මෙහිදී පුද්ගලයාට සිමෙන්ති සපත්තු දෙකක් පළඳා ගඟට විසි කරයි. මෙය ඇමෙරිකානු මාෆියාවෙහි සිදුවූවකි.

4 - ලෑල්ලෙන් පැනීම
ඔව් මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්‍රමයක්, නමුත් මෙය මුහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නකි. මුහුදට වටුණු පුද්ගලාගේ අවසන් ඉරණම මෝරුන්ට ආහාරයක් වීමයි.

5 - Bestiarii
මෘගයන් සමඟ සටනට යවන සිරකරුවන්ට ජීවිතය නැතිවන තුරුම සටනේ යෙදීමට සිදු වේ. නිරුවත්ව ආයුධ නොමැතිව කෙරෙන මෙය ඉතා අමාණුශික සටනකි.

6 - උඩට එලා මැරීම
මෙය සාම්ප්‍රදායික එල්ලා මැරීමට ව්අඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලායා ඉහලට ඔසවා මැරීමයි. ඇමෙරිකාවෙන් ආරම්භ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය.

7 - කියතෙන් කැපීම (ඉරීම)
මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදු වූවකි. උඩුයටිකුරු ලෙස ගැටගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතෙන් ඉරා දමයි. උඩුයටිකුරුව තබන නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොළයට රුධිරය ලැබෙන නිසා පුද්ගලයාට සිහිය පවතී.

8 - සම ගැලවීම
මෙහිදී සිදුවන්නේ ප්‍රසිද්ධ ස්ථානයක පුද්ගලයයෙකුගේ සම ඉවත් කිරීමයි.

9 - රුධිර රාජාලියා (Blood Eagle)

මෙහිදී සිදුවන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා ඔහුගේ පෙණහලු ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි.

10 - The Gridiron
පිලිස්සෙන ගල් අඟුරු ඇඳක් උඩ තැබූ පුද්ගලයාව අධික තාපය නිසා විශාල වේලාවක් දුක් විඳ මරණයට පත් කිරීමයි.

11 - තැලීම

යුරෝපයේ හා ඇමෙරිකාවේ සිදු වූ මෙය, වරදකරුවන්ගෙන් කටෞත්තර ගැනීමට භාවිතා විය. වරදකරු ප්‍රතික්ශේප කරන සෑම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරවයි.

11 - Breaking Wheel


Catherine Wheel යනුවෙන්ද හඳුන්වන මෙම රෝදයට ගැටගසන පුද්ගලයාගේ අස්ථි බිඳෙන තුරු පහර දෙයි.

12 - Spanish Tickler
මේවායෙන් සූරා දමන වරදකරුගේ හම ගැලවී අධික වේදනාවෙන් මරණයට පත් වේ.

13 - පුලුස්සා මැරීම
ප්‍රසිද්ධියේ ගැටගසා පුලුස්සන පුද්ගලයා පිලිස්සී මැරීමට පෙර කාබන් මොනොක්සයිඩ් ශරීරගත වී මරණයට පත් වේ.

14 - උණ බට
සෙමෙන් සිදුවන වේදනාකාරී දඬුවමක් වන මෙය ආසියාවේ සිදුවිය. උණ ගසක ගැටගසා තබන වරදකරුව දිනකට අඩියක් පමණ දික් වන උණ බට ශරීරය තුලට ඇතුල්වීම සිදු වේ.

15 - Ling Chi (සෙමෙන් කැපීම)
වරදකරුගේ ශරීරය සෙමෙන් පෙතිගසන අතර එම පුද්ගලයාව වැඩි කලක් ජීවත්ව සිටින ආකාරයෙන් මෙය ක්‍රමාණුකූලව සිදු කරයි.

16 - කොලොම්බියානු ටයි පටිය
ටයි එකෙන් ගැටගහලා  මරණ එක හොඳයි කියලා හිතෙන්න නැති නේද? ඒත් මෙතන වෙන්නෙ එහෙම දෙයක් නෙවේ. කොලොම්බියාවේ සිදුවූ මෙම දඬුවම මඟින් වරදකරුගේ උගුර පලා දිව එලියට ගනී. එහිදී ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට ඉතිරි කර තබයි.

17 - කුරුසයේ ඇණ ගැසීම
මෙය රෝමයේ සිදු වූවකි. සෙමෙන් , වේදනාවෙන් නින්දා පමුණුවන ලෙස සිදුවන මෙම දඬුවම ලබන පුද්ගලයාට මරණය දක්වා තම කුරුසය දරා සිටීමට සිදු වේ.

18 - එල්ලා, ඇදගෙන ගොස්, කපා දැමීම.
එංගලන්තයේ සිදු වූ මෙම දඬුවම කොටස් තුනකින් සිදු විය.
පළමුව වරදකරුව ලී රාමුවක ගැටගසා දඬුවම දෙන ස්ථානයට ඇදගෙන යයි. පසුව මරණාසන්න වන තුරු එල්ලා තබයි. පසුව පුද්ගලයාගේ උදරය කපා බඩවල් පිටතට ගනී. අවසානයේ එම පුද්ග්ලයාගේ හිස ගසා දමා ශරීරය හතරට කපා දමයි. එම කොටස් ප්‍රසිද්ධ ස්ථානවල දමයි.

ඔබත් වරදක් කළොත් යම් දිනක මෙවැනි දඬුවමක් මෙලොවදී හෝ එලොවදී ඔබටත් උරුම වීමට ඉඩ ඇත. එනිසා තමන් කරන්නේ කුමක්ද යන්න දෙවරක් සිතා බලන්න.

9:38 PM by Unknown · 6

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.