ඔක්සිජන් නිපදවීමට හැකි ලොව ප්‍රථම කෘතිම ශාක පත්‍රය


සොබාදහමෙන් කෘතිම පරිසරයට පියවර තබන මිනිසා, කෘතිම පරිසරයෙන් සොබාදහම නිපදවන්නට ගත් උත්සාහයක් ගැනයි අද ලිපිය.

Julian Melchiorri නම් විද්‍යාත්මියෙක් විසින් යම් ගැටලුවකට පිළියමක් ලෙස ගත් මෙම උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ගැටලුව කුමක්ද යන්න ලිපිය අවසානයේ විස්තර වේ.

සිල්ක් ප්‍රෝටීන මඟින් තැනූ ප්‍රභාසන්ස්ලේශණයට අවශ්‍ය වන හරිතලව මෙම පත්‍රයේ අන්තර්ගත කොට ඇත.
මේවා අඩු ශක්තියක් පරිබෝජනය කරන අතර, අඩු බරකින් යුත්, සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මක ඒවාය.
Melchiorri මහතා පැවසූ ආකාරයට මේවා මහා පරිමාණයෙන් වුවද භාවිතා කිරීමට යෝග්‍ය වේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමන් පවසා සිටියේ, ගොඩනැගිලි තැනීමේදී ඒවාට වාතාස්‍රර සපයීමටද මෙය කදිම වන බවයි. පිටතින් ලබාගන්නා වාතය ඔක්සිජන් ලෙස පිරිපහදු කොට අභ්‍යන්තරයට ලබාගැනීම මෙහි අරමුණයි. වැදගත්ම කරුණ නම්, මෙය නිපදවීමේ මූලික හේතුවක් ලෙස සඳහන්ව තිබූයේ අභ්‍යවකාද කටයුතු වලදී ඔක්සිජන් ලබාගෙනීමට පහසු ක්‍රමයක් ලෙස කෘතිම ඔක්සිජන් නිපදවන යමක් අවශ්‍ය වීමයි. එනිසා සාම්ප්‍රදායික කාල සීමාවක් දක්වා පමණක් පවතින ඔක්සිජන් ටැංකි භාවිතය වෙනුවට අනාගතයේ කෘතීම ශාක පත්‍ර භාවිතා වන ලකුණු හොඳින්ම පැහැදිලිය.

2 Responses to “ඔක්සිජන් නිපදවීමට හැකි ලොව ප්‍රථම කෘතිම ශාක පත්‍රය”

DiscoveryCM said...
March 13, 2015 at 9:52 AM

ග්‍රහලෝකව වල ජනාවාස පිහිටුවන්ඩත් ප්‍රයෝජනවත් වේවි මේක...මරු


විභීෂණ II said...
March 14, 2015 at 8:47 AM

අදමයි මෙහෙම වැඩක් දැක්කේ.

නියමයි ..
තැනක් යූ අපිත් එක්ක බෙදා ගත්ත ට.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.